සිය ගැටළුව සඳහා මෙතෙක් සාකච්ඡාවක් ලැබී නොමැති බැවින් තවදුරටත් වර්ජනය ක‍්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.

ඔවුන් පැවසුවේ අද (09) දිනයේ මේ දක්වා කිසිදු දුම්රියක් කොළඹ කොටුව වෙත ළඟා වී හෝ කොළඹ කොටුවෙන් පිටත්වී හෝ නොමැති බවයි.

සිය ගමන් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා පැමිණි මගීන් බොහෝ දෙනෙකුට අද උදෑසන ද විවිධ දුෂ්කරතාවලට මුහුණදීමට සිදු වුණා. ඒ, බස් රථ යොදවා තිබුණද ඒවා මගීන්ගෙන් පිරී පැවතීම හේතුවෙන්. දෛනිකව දුම්රියෙන් ගමන්ගන්නා මගීන් මෙම වර්ජනය පිළිබඳ දැඩි කලකිරීමකට පත්ව සිටිනවා.

ඊයේ (08) පස්වරු 03.00 සිට මෙම වර්ජනයට එක්ව සිටින්නේ දුම්රිය ස්ථානාධිපතිවරුන්, පාලකවරුන්, රියදුරන් සහ නියාමකවරුන්. ඒ, අනුමත වැටුප් විෂමතා නිවැරදි කිරීමේ අමාත්‍ය මණ්ඩල පති‍්‍රකාව අත්හිටුවීමට විරෝධය පළ කරමින්. 

ගැටළුව විසඳීම සඳහා ජනාධිපතිවරයා මැදිහත් වනු ඇතැයි අපේක්ෂා කරන බවයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ පවසයි.

උසස් පෙළ විභාග අයදුම්කරුවන්ගේ පහසුව සඳහා අද පස්වරුවේ යම් තීරණයක් ගැනීමට සූදානම් බවද ඔහු සඳහන් කළේ ය. 

දුම්රිය වර්ජනය හේතුවෙන් විශ‍්‍රාම ගොස් සිටින දුම්රිය රියදුරන් යළි සේවයට කැඳවිමටයි ප‍්‍රවාහන අමාත්‍යංශය තීරණය කර ඇත්තේ. අද පෙරවරු 06.00 වනවිට සේවයට වාර්තා කරන ලෙස ඔවුන්ට ඊයේ (08) දැනුම් දීමක් කෙරුණා. එහෙත් නෙත් නිවුස් කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ එවැනි කිසිවෙකුත් රාජකාරීවලට වාර්තා කර දුම්රිය ස්ථානවලට පැමිණ නොමැති බවයි.

එමෙන්ම දුම්රිය ස්ථානවල කිසිදු කටයුත්තක් මේ වනවිට සිදු නොවන බවයි නෙත් නිවුස් කළ විමසීමකදී දුම්රිය පාලක මැදිරිය ද සඳහන් කළේ. මගී ජනතාවගේ පහසුව සඳහා අද පස්වරුවේ ද විශේෂ බස් රථ සේවා ක‍්‍රියාවට නැංවීමට සැලසුම් කර තිබෙනවා.

අද උදෑසන ද එම බස් රථ සේවා ක‍්‍රියාත්මක වුණා.  අද දිනයේ ධාවන සැලසුම් පිළිබඳ පැහැදිලි කළ ලංකා ගමනාගමන මණ්ඩලයේ ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ආර්. ටී. චන්ද්‍රසිරි පෙන්වා දුන්නේ බස් රථ 500කට ආසන්න ප්‍රමාණයක් අතිරේකව යොදවා ගැනීමට හැකියාව ලැබෙයි යනුවෙනි. මෙම කාර්යය සඳහා රියදුරු සහ කොන්දොස්තරවරුන්ගේ නිවාඩු ද අවලංගු කර ඇති බව පෙන්වා දුන්නා.

දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් මගී ජනතාවට සිදුවන අපහසුතා වැළැක්වීම අරමුණු කර ගනිමින් අද උදෑසන ද විශේෂ බස් රථ සේවා යෙදවීමට යුද හමුදාව සහ නාවික හමුදාව කටයුතු යොදා තිබුණා.

ඒ සඳහා යොදවා තිබූ බස් රථ සංඛ්‍යාව 41ක්. ඉන් 33ක් යුද හමුදාව විසින් යොදවා තිබූ අතර බස් රථ 09ක් යොදවා ඇත්තේ නාවික හමුදාවයි. එම බස් රථ ගම්පහ, ගාල්ල, අනුරාධපුර, මහනුවර, කුරුණෑගල සහ මහව යන ගමනාන්තවල සිට අද උදෑසන යළි කොළඹට පැමිණියා.

දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් සිය ගමන් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මගීන් අද උදෑසන ලංගම සහ පෞද්ගලික බස් රථවල සේවය වැඩි වශයෙන් ලබා ගෙන ඇත.

 


Latest News

අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-08-15 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
තරුණියගේ නාන නිරුවත් දර්ශන ඇතුලත් වීඩියෝවක් තරුණයට යවලා - ඉමෝ වලින් කප්පම් ... තරුණියගේ නාන නිරුවත් දර්ශන ඇතුලත් වීඩියෝවක් තරුණයට යවලා - ඉමෝ වලින් කප්පම් ගන්න හැදු අම්මටයි පුතාටයි වැඩ වරදී  2018-08-15 - විසි දෙහැවිරිදි තරුණියක් නිරුවතින් නාන දර්ශන ඇතුළත් වීඩියෝවක් අන්තර්ජාලයේ... More detail
පාර්ලිමේන්තුවට බැරිවුණු දේ රෝසි කරයි - නාගරික මන්ත්‍රී වැටුප 225%කින් වැඩි කරගනී... පාර්ලිමේන්තුවට බැරිවුණු දේ රෝසි කරයි - නාගරික මන්ත්‍රී වැටුප 225%කින් වැඩි කරගනී 2018-08-15 - කොළඹ මහ නගර සභා මන්ත්‍රීවරුන්ගේ මාසික දීමනාව රුපියල් 20,000 සිට රුපියල් 45,000 ක්‌... More detail
21 දා රෑ 12ට පෙර විසදුම් නැතිනම් යළිත් දුම්රිය වර්ජනයක් 21 දා රෑ 12ට පෙර විසදුම් නැතිනම් යළිත් දුම්රිය වර්ජනයක් 2018-08-15 - සමස්ත රාජ්‍ය සේවාවේම වැටුප් විෂමතා ඉවත් කරන තෙක් සිටීමට හැකියාවක් නොමැති ... More detail
ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන්ට ස්වාධීනවීමට මහින්දගෙන් අනුමැතිය ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන්ට ස්වාධීනවීමට මහින්දගෙන් අනුමැතිය 2018-08-15 - ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට ඉල්ලා සිටියහොත්... More detail
මගහැර ගිය පෙම්වතියට පෙම්වතෙක් දුන් දඬුවම - පැහරගෙන ගොස් දූෂණය කර රන්බඩුත් ක මගහැර ගිය පෙම්වතියට පෙම්වතෙක් දුන් දඬුවම - පැහරගෙන ගොස් දූෂණය කර රන්බඩුත් කොල්ලකාලා 2018-08-15 - වැලිවේරිය පොලිස්‌ වසමේ පදිංචි 18 හැවිරිදි තරුණියක්‌ව පැහැර ගෙන ගොස්‌ අයුතු... More detail
ත්‍රිරෝද රථ රියදුරන්ට මෙන්න විශේෂ නිවේදනයක් ත්‍රිරෝද රථ රියදුරන්ට මෙන්න විශේෂ නිවේදනයක් 2018-08-15 - පොදු සේවා මෝටර් ට්‍රයිසිකල් (ත්‍රීරෝද) පැදවීමට අදාළව විශේෂ නියෝග කිහිපයක් ... More detail
රෑ 11ට 12ට කොල් කරනවා - අපිටත් සලකන්න පුළුවන් සීමාවක් තියෙනවා - රොෂානාගේ වාහන ගන... රෑ 11ට 12ට කොල් කරනවා - අපිටත් සලකන්න පුළුවන් සීමාවක් තියෙනවා - රොෂානාගේ වාහන ගනුදෙනුවේ ඇත්ත හෙළිවෙයි 2018-08-15 - වාහනයක් නැතිව සිටි රොෂානාට රෙන්ට් එකට වාහනයක් අරන් දුන්න අතුල ඉද්දමල්ගොඩට... More detail
ජාතික පිහිනුම් ශූර අකලංක පීරිස්ට ඉන්දුනීසියවේදී උසස් පෙළ විභාගයට පෙනී සිටීමේ... ජාතික පිහිනුම් ශූර අකලංක පීරිස්ට ඉන්දුනීසියවේදී උසස් පෙළ විභාගයට පෙනී සිටීමේ වරම් 2018-08-15 - ජාතික පිහිනුම් ශූරයකු වන ශාන්ත පීතර විදුහලේ අකලංක පීරිස් ශිෂ්‍යයාට මෙවර ජ... More detail
අඩුම ලකුණු සංඛ්‍යාවට දකුණු අප්‍රිකාව ඇද දමමින් ලංකාව ලැබු ජයග්‍ර‍හණයෙන් පසු... අඩුම ලකුණු සංඛ්‍යාවට දකුණු අප්‍රිකාව ඇද දමමින් ලංකාව ලැබු ජයග්‍ර‍හණයෙන් පසු ක්‍රීඩකයන් කියපු කතාව 2018-08-15 - දකුණු අප්‍රිකාව සමග ඊයේ (14) පැවති විස්සයි 20 ක්‍රිකට් තරගයේදි ශ්‍රි ලංකාවට කඩුළු... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-08-15 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
ඇමැතිවරුන්ගේ නම් විකුණමින් ජර්මන් රැකියා පෙන්වා මුදල් ගැරූ සැකකරු අත්අඩං ඇමැතිවරුන්ගේ නම් විකුණමින් ජර්මන් රැකියා පෙන්වා මුදල් ගැරූ සැකකරු අත්අඩංගුවට 2018-08-14 - අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ සේවය කරන බව සහ ආණ්ඩුවේ ප්‍රභල ඇමැතිවරයකුගේ ... More detail
අද 20-20ට හැප්පෙන පිටිය මාලිංගට - කුසල්ට වාසියි අද 20-20ට හැප්පෙන පිටිය මාලිංගට - කුසල්ට වාසියි 2018-08-14 - ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය, කොළඹ - ආර්.... More detail
අජන්ත ප්‍රමුඛ ශ්‍රී ලංකා පිළ ලංකාවට ලෝක කුසලානය ගෙනෙයි අජන්ත ප්‍රමුඛ ශ්‍රී ලංකා පිළ ලංකාවට ලෝක කුසලානය ගෙනෙයි 2018-08-14 - එංගලන්තයේ පැවැති "ලාස්ට් මෑන් චාන්ස්" පන්දුවාර විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් ... More detail
හලාවත වාහන 4ක් එකිනෙක ගැටී සිදුවූ අනතුර හලාවත වාහන 4ක් එකිනෙක ගැටී සිදුවූ අනතුර 2018-08-14 - හලාවත - පුත්තලම මාර්ගයේ දැදුරුඔය පාලමට ආසන්නයේදී වාහන 04 ක් එකිනෙක ගැටීමෙන් අද... More detail
ඥාණසාර හිමියන් ශල්‍යකර්මයක් සඳහා සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට ඥාණසාර හිමියන් ශල්‍යකර්මයක් සඳහා සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට 2018-08-14 - බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ශල්‍යකර්මය... More detail
උසස් පෙළ විභාගය ලියන සිසුවෙකු ළග ජංගම දුරකථනයක් තිබිලා උසස් පෙළ විභාගය ලියන සිසුවෙකු ළග ජංගම දුරකථනයක් තිබිලා 2018-08-14 - උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙකු ළඟ ජංගම දුරකථනයක් භාවිතා කරමින් උසස් පෙළ... More detail

 

Gossip

Foreign

රටම කළඹමින් අගමැති සරාගී නිළියට කළ අමුතු යෝජනාව රටම කළඹමින් අගමැති සරාගී නිළියට කළ අමුතු යෝජනාව 2018-08-14 - වයස අවුරුදු 31 ක් වූ ඉන්දීය සරාගී නිළි කන්ගනා ඉදිරියේදී දේශපාලනයට පිවිසෙනු ඇති... More detail
ජනාධිපති ඝාතනයට තැත් කල පුද්ගලයින් 6ක් අත්අඩංගුවට ජනාධිපති ඝාතනයට තැත් කල පුද්ගලයින් 6ක් අත්අඩංගුවට 2018-08-06 - වෙනිසියුලා ජනාධිපති නිකොලොස් මාදුරෝ ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනාවට මේ වන... More detail
සිගිත්තා වඩා ගෙන රාජකාරියට ආ අගමැතිනිය සිගිත්තා වඩා ගෙන රාජකාරියට ආ අගමැතිනිය 2018-08-03 - තම පළමු දරුවට උපත ලැබීමෙන් සති හයකට පසු නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඞ්න් තම... More detail
අගමැති පුටුෙව් දිවුරුම් දෙන ක්‍රිකට් ඛාන්ට සුබ පතන්න එන ක්‍රීකට් සගයෝ අගමැති පුටුෙව් දිවුරුම් දෙන ක්‍රිකට් ඛාන්ට සුබ පතන්න එන ක්‍රීකට් සගයෝ 2018-08-02 - හිටපු සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩක ඉම්රාන් ඛාන් පකිස්තානයේ අග‍්‍රාමාත්‍යවරයා... More detail
මැතිවරණයේ දී හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා ඉදිරියෙන් මැතිවරණයේ දී හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා ඉදිරියෙන් 2018-07-26 - පාකිස්ථාන මහ මැතිවරණයේ මෙතෙක් ලැබී ඇති නිල නොවන ප්‍රතිඵල වලට අනුව හිටපු ක්... More detail
සුපිරි නිළි සොනාලි බෙන්ද්‍රේ දරුණු පිළිකා මාරයා සමග සටනක සුපිරි නිළි සොනාලි බෙන්ද්‍රේ දරුණු පිළිකා මාරයා සමග සටනක 2018-07-23 - අනූව දශකයේ අගභාගයේ බොලිවුඩ් සිනමාවට පිවිසි සුරෑපි නිළි සොනාලි බෙන්ද්‍රේ (sonali... More detail
ලොවක් බලා සිටියදී අහසේ ඇවිදපු තරුණිය මෙන්න - විඩියෝව ලොවක් බලා සිටියදී අහසේ ඇවිදපු තරුණිය මෙන්න - විඩියෝව 2018-07-23 - ප‍්‍රංශයේ පැරිස් නුවර ඉහළ අහසේ අදින ලද කම්බියක් මත මීටර් 35 ක දුරක් ඇවිද ගිය ... More detail