ලෝක උරුමයද ආරක්ෂා කරගනිමින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිරියටත් පවත්වාගෙන යාම සඳහා සුදුසු වැඩපිළිවෙලක් සැකසීම ක්‍රීඩා අමාත්‍යරවයාගේ සහ ක්‍රිකට් පාලක මණ්ඩලයේ වගකීම බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි.

ක්‍රිකට් පරිපාලනයේ සහ පසුගිය ආණ්ඩුවේ දුර්වලතා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ වත්මන් අර්බුදයට හේතු වී ඇති බවද අමාත්‍යවරයා කියා සිටී.

ඒ අද සිය අමාත්‍යාංශයේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සිටියේ අනවසර ඉඳිකිරීමකට මහින්ද රාජපක්ෂ යන නම යෙදීමට යාමෙන් මෙම අර්බුදය ඇති වූ බවයි.

“ගාලු නගරය ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙන බව අපි හැමෝම දන්නවා. එය අපිට අහිමි කර ගැනීමට බැහැ. නමුත් අනෙක් පැත්තෙන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාගංණයත් අපට අහිමි කර ගන්න බැහැ. ඒ නිසා ලෝක උරුමයත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයත් යන දෙකම රැක ගැනීමේ වැඩපිළිවෙලක් අපට අවශ්‍ය වෙනවා. දැන් අපි දන්නවානේ අපිට ක්‍රීඩා අමාත්‍යවරයෙක් කියලා කෙනෙක් ඉන්නවනේ. ක්‍රිකට් පාලක මණ්ඩලය කියලා එකක් තියෙනවාද කියලා නම් මම දන්නේ නැහැ. නමුත් මේ වැඩපිළිවෙළ සැකසීමට මැදිහත් විය යුත්තේ එය සිදු කළ යුත්තේ ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රිකට් පාලක මණ්ඩලය බව මම කියනවා. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය නැති වෙන්න දෙන්න අපිට බැහැ.

ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ගැන ප්‍රශ්න ඇති වුණේ අද ඊයේක නෙමෙයි. මම ක්‍රිකට් සභාපති ලෙස සිටින කාලයේදීත් මෙවැනි ප්‍රශ්නයක් පැමිණියා. විශේෂයෙන්ම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දිවා රාත්‍රි එක්දින තරග පැවැත්වීමේ අපේක්ෂාවෙන් විදුලි ආලෝක පද්ධතියක් ස්ථාපිත කිරීමේදී ලෝක උරුමයෙන් ගාලු නගරය ඉවත් කිරීමේ අවධානමක් මතු වුණා. ඒ අනුව අපි එය නතර කළා. හොඳට මතක තියා ගන්න. මේ ක්‍රීඩාංගණය ශ්‍රී ලංකාවට ඉතා වැදගත්. ශ්‍රී ලංකා කණ්ඩායම පහසුවෙන්ම ටෙස්ට් තරග ජයග්‍රහණය කරන්නේ මේ ක්‍රීඩාංගණයේදී. අපේ කාලේත් එහෙමයි. අද දකුණු අප්‍රිකා කණ්ඩායම එරෙහිවත් ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තේ මේ ක්‍රීඩාංගණයේදී. ඒනිසා අපි ගාල්ල ක්‍රීඩාංගණය ආරක්ෂා කර ගැනීමට මේ ප්‍රශ්නය දෙස වඩාත් විවෘත මනසකින් බැලීම කළ යුතු වනවා.

මම දන්න විදියට ගාල්ල ක්‍රීඩාංගණයේ අද දකින ප්‍රශ්නය ප්‍රශ්නයට මූලික හේතුව ඇති වුණේ පසුගිය ආණ්ඩු සමයේදී. ඒ කාලේ ලෝක උරුමයක් ලෙස ආරක්ෂා වීමට එහි අලුතින් ගොඩනැගිලි සෑදීම නොකළ යුතු බවට තීරණයක් තිබුණා. නමුත් මොකද වුණේ. පසුගිය ආණ්ඩු සමයේදී මෙතැන අනවසර ගොඩනැගිල්ලක් හැදුවා. විශාල බිල්ඩිමක් හැදුවා. ඒක කඩන්න කිව්වම මහින්ද රාජපක්ෂ පෙවිලියන් කියලා ගොඩනැගිල්ල නම් කළා. ඊට පස්සේ කැඩුණේ නැහැ. මේ රටේ අනවශ්‍ය ඉදිකිරීමක් හදලා කඩන්න හදනකොට අර නම තියෙන නිසා කැඩුවේ නැහැ. මෙන්න මෙතන තමයි වැරැද්ද.

මම නම් කියන්නේ ප්‍රශ්නයට හේතුව අනවසර ඉදිකිරීමක් නම් සාකච්ඡා මාර්ගයෙන් එකඟතාවයකට පත්ව මේ ගොඩනැගිල්ල ඉවත් කළොත් ගාල්ල ක්‍රීඩාංගණය දිගටම තියාගන්න පුළුවන් වෙයි. ඕනනම් ගාල්ල ක්‍රීඩාංගණයේ වසරකට ටෙස්ට් තරග දෙක තුනක් ක්‍රීඩා කරයි. මේ තරග ක්‍රීඩා කරන්න අපිට ලොකු ස්ථීර ක්‍රීඩාගාර අවශ්‍ය නැහැ. අපිට ස්ථීර නොවන ඉඳිකිරීම් සමඟ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ඉදිරියට ගෙනියන්න පුළුවන්. එවැනි විසදුමකට නොයෙන්නේ වෙනත් බලවේග නිසාද කියලත් මම දන්නේ නැහැ. සාමාන්‍යයෙන් එවැනි බලවේග තියෙන්න පුළුවන්නේ. අපේ දඟ පන්දු යවන්නන්ට හොඳම ක්‍රීඩාංගනණ මේ ගාල්ල ක්‍රීඩාංගණය. ගාල්ල සහ මොරටුව ක්‍රීඩාංගණය තමයි අපිට තරග දිනන්න තියෙන හොඳම ක්‍රීඩාංගණය. ඒ අතරේ ගාල්ල ක්‍රීඩාංගණය විනාශ කරලා ක්‍රිකට් නැති කරන්න වෙනම බලවේගයක් තියොනවද කියලා මම දන්නේ නැහැ. මේ සියල්ල තේරුම් ගෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ආරක්ෂා කරගන්න ක්‍රමවේදයක් සැකසීමට අද පරිපාලනය කරන කිසිම කෙනෙක්ට මොලයක් නෑ කියන එක තමයි මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ.....”


Latest News

විරෝධ රැල්ල පසුපස ඒකාබද්ධ හස්තයක් විරෝධ රැල්ල පසුපස ඒකාබද්ධ හස්තයක් 2018-08-16 - රට සිදු කෙරෙන වර්ජන රැල්ල පිටුපස කුහක, ආණ්ඩු විරෝධී ඒකාබද්ධ විපක්ෂයේ හස්තයක්... More detail
නවසීලන්තය තුළ විදේශිකයන්ට නිවාස මිලදී ගැනීම තහනම් කරයි නවසීලන්තය තුළ විදේශිකයන්ට නිවාස මිලදී ගැනීම තහනම් කරයි 2018-08-16 - නවසීලන්තය තුළ පවතින නිවාස මිලදී ගැනීමේ අවස්ථාව විදේශිකයන්ට තමනම් කරමින් රටේ... More detail
ATM යන්ත්‍ර වලට සයිබර් ප්‍රහාරයක්  ATM යන්ත්‍ර වලට සයිබර් ප්‍රහාරයක් 2018-08-16 - ලොව පුරා ස්ථාපිත කර තිබෙන ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍ර හරහා මුදල් සොරා ගැනීමේ... More detail
පෑන් ඒෂියා ප්‍රාථමික අලෙවිකාර ව්‍යාපාර කටයුතු මාස 6 අත්හිටුවයි පෑන් ඒෂියා ප්‍රාථමික අලෙවිකාර ව්‍යාපාර කටයුතු මාස 6 අත්හිටුවයි 2018-08-16 - පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් පීඑල්සී හි ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු... More detail
මාලිංගට තවමත් අවස්ථාව තිබෙනවා-අනිවාර්යෙන් දෙශිය තරග ක්‍රීඩා කළ යුතුයි මාලිංගට  තවමත් අවස්ථාව තිබෙනවා-අනිවාර්යෙන් දෙශිය තරග ක්‍රීඩා කළ යුතුයි 2018-08-16 - ලසිත් මාලිංගට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ස්ථානයක් වෙන්කර ගැනීමට නම් ඔහු අනි... More detail
අකිල ගැන බොරු කිව්වාට CIDයට පැමිණිල්ල බාර දෙයි අකිල ගැන බොරු කිව්වාට CIDයට  පැමිණිල්ල බාර දෙයි 2018-08-16 - පාසල් නිවාඩු මාසවලදී ගුරු වැටුප් නතර කරන බවට අධ්‍යාපන අමාත්‍යවරයා බදුල්ලේ... More detail
සිසුන් උසස් පෙළ විභාගයට එද්දී විභාගය ඉවර වෙයි - කාල සටහන මාරු වෙලා සිසුන් අම... සිසුන් උසස් පෙළ විභාගයට එද්දී විභාගය  ඉවර වෙයි - කාල සටහන මාරු වෙලා සිසුන් අමාරුවේ වැටුණු හැටි 2018-08-16 - මෙවර උසස් පෙළ විභාගයට අදාළව විභාග දෙපාර්තමේන්තුවේ නිළ වෙබ් අඩවියේ පළ කර තිබූ... More detail
විග්නේශ්වරන් කිව්වොත් අමැතිධුරය අත්හරිනවා විග්නේශ්වරන්  කිව්වොත් අමැතිධුරය අත්හරිනවා 2018-08-16 - උතුරු පළාත් සභා අමාත්‍යධූරය සම්බන්ධයෙන් හටගෙන ඇති ගැටළුව හේතුවෙන් උතුරු ... More detail
ඇවන්ට්ගාඩ් පාවාදුන්නේ රජයේ ප්‍ර‍බල චරිත තුනක් ඇවන්ට්ගාඩ් පාවාදුන්නේ රජයේ ප්‍ර‍බල චරිත තුනක් 2018-08-16 - ඇවන්ටගඩ් සිදුවීමට අදාළ කටයුතු පාවාදුන්නේ වත්මන් ආණ්ඩුවේ ප්‍රබල චරිත තුනක්... More detail
ඩෙල්ෆ් දූපතට උසස්පෙළ ප්‍රශ්න පත්‍ර ගුවනින් ඩෙල්ෆ් දූපතට උසස්පෙළ ප්‍රශ්න පත්‍ර ගුවනින් 2018-08-16 - යාපනය දිස්ත්‍රික්කයට ඊයේ (15දා) දිනය පුරා සහ අද (16දා) හැමූ සුළි සුළං තත්ත්වයක්... More detail
ශ්‍රි ලංකා සංචාරයින් පසු දකුණු අප්‍රිකාව ගත් තීරණය මෙන්න ශ්‍රි ලංකා සංචාරයින් පසු දකුණු අප්‍රිකාව ගත් තීරණය මෙන්න 2018-08-16 - එළඹෙන ලෝක කුසලානයේ සිය සංචිතය පිළිබඳ පැහැදිළි තීරණයක් ගැනීමට ශ‍්‍රී ලංකාව... More detail
නීතියට පිටින් රිෂාඩ්ට වාහන 7ක් -තොරතුරු දැනගැනීමේ පනතින් හෙළිවෙයි නීතියට පිටින් රිෂාඩ්ට වාහන 7ක් -තොරතුරු දැනගැනීමේ පනතින් හෙළිවෙයි 2018-08-16 -   ජනාධිපති ලේකම්වරයාගේ චක්‍රලේඛ අනුව ඇමැතිවරයකුගේ පරිහරණය හා ආරක්ෂක කටයුතු... More detail
ලිංගික අල්ලස් ගත් විශ්ව විද්‍යාල ආචාර්යවරයාට වැඩ වරදී ලිංගික අල්ලස් ගත් විශ්ව විද්‍යාල ආචාර්යවරයාට වැඩ වරදී 2018-08-16 - අග්නිදිග විශ්ව විද්‍යාලයේ එස්. එම්. ආලිෆ් ආචාර්යවරයා වහාම ක‍්‍රියාත්මක වන ... More detail
වැඩ වර්ජන සදහා අපේ කිසිදු සම්බන්දයක් නෑ,අප සහය දෙන්නේ නෑ- ගැමුණු කියයි වැඩ වර්ජන සදහා අපේ කිසිදු සම්බන්දයක් නෑ,අප සහය දෙන්නේ නෑ- ගැමුණු කියයි 2018-08-16 - නව දඩ පත්‍රිකාවට විරෝධය පල කරමින් ඊයේ (15) මධ්‍යම රාත්‍රීයේ සිට දීපව්‍යාප්තව... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-08-15 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
තරුණියගේ නාන නිරුවත් දර්ශන ඇතුලත් වීඩියෝවක් තරුණයට යවලා - ඉමෝ වලින් කප්පම් ... තරුණියගේ නාන නිරුවත් දර්ශන ඇතුලත් වීඩියෝවක් තරුණයට යවලා - ඉමෝ වලින් කප්පම් ගන්න හැදු අම්මටයි පුතාටයි වැඩ වරදී  2018-08-15 - විසි දෙහැවිරිදි තරුණියක් නිරුවතින් නාන දර්ශන ඇතුළත් වීඩියෝවක් අන්තර්ජාලයේ... More detail
පාර්ලිමේන්තුවට බැරිවුණු දේ රෝසි කරයි - නාගරික මන්ත්‍රී වැටුප 225%කින් වැඩි කරගනී... පාර්ලිමේන්තුවට බැරිවුණු දේ රෝසි කරයි - නාගරික මන්ත්‍රී වැටුප 225%කින් වැඩි කරගනී 2018-08-15 - කොළඹ මහ නගර සභා මන්ත්‍රීවරුන්ගේ මාසික දීමනාව රුපියල් 20,000 සිට රුපියල් 45,000 ක්‌... More detail

 

Gossip

Foreign

නවසීලන්තය තුළ විදේශිකයන්ට නිවාස මිලදී ගැනීම තහනම් කරයි නවසීලන්තය තුළ විදේශිකයන්ට නිවාස මිලදී ගැනීම තහනම් කරයි 2018-08-16 - නවසීලන්තය තුළ පවතින නිවාස මිලදී ගැනීමේ අවස්ථාව විදේශිකයන්ට තමනම් කරමින් රටේ... More detail
රටම කළඹමින් අගමැති සරාගී නිළියට කළ අමුතු යෝජනාව රටම කළඹමින් අගමැති සරාගී නිළියට කළ අමුතු යෝජනාව 2018-08-14 - වයස අවුරුදු 31 ක් වූ ඉන්දීය සරාගී නිළි කන්ගනා ඉදිරියේදී දේශපාලනයට පිවිසෙනු ඇති... More detail
ජනාධිපති ඝාතනයට තැත් කල පුද්ගලයින් 6ක් අත්අඩංගුවට ජනාධිපති ඝාතනයට තැත් කල පුද්ගලයින් 6ක් අත්අඩංගුවට 2018-08-06 - වෙනිසියුලා ජනාධිපති නිකොලොස් මාදුරෝ ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනාවට මේ වන... More detail
සිගිත්තා වඩා ගෙන රාජකාරියට ආ අගමැතිනිය සිගිත්තා වඩා ගෙන රාජකාරියට ආ අගමැතිනිය 2018-08-03 - තම පළමු දරුවට උපත ලැබීමෙන් සති හයකට පසු නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඞ්න් තම... More detail
අගමැති පුටුෙව් දිවුරුම් දෙන ක්‍රිකට් ඛාන්ට සුබ පතන්න එන ක්‍රීකට් සගයෝ අගමැති පුටුෙව් දිවුරුම් දෙන ක්‍රිකට් ඛාන්ට සුබ පතන්න එන ක්‍රීකට් සගයෝ 2018-08-02 - හිටපු සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩක ඉම්රාන් ඛාන් පකිස්තානයේ අග‍්‍රාමාත්‍යවරයා... More detail
මැතිවරණයේ දී හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා ඉදිරියෙන් මැතිවරණයේ දී හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා ඉදිරියෙන් 2018-07-26 - පාකිස්ථාන මහ මැතිවරණයේ මෙතෙක් ලැබී ඇති නිල නොවන ප්‍රතිඵල වලට අනුව හිටපු ක්... More detail
සුපිරි නිළි සොනාලි බෙන්ද්‍රේ දරුණු පිළිකා මාරයා සමග සටනක සුපිරි නිළි සොනාලි බෙන්ද්‍රේ දරුණු පිළිකා මාරයා සමග සටනක 2018-07-23 - අනූව දශකයේ අගභාගයේ බොලිවුඩ් සිනමාවට පිවිසි සුරෑපි නිළි සොනාලි බෙන්ද්‍රේ (sonali... More detail