පසුගියදා බලපිටිය ප්‍රදේශයේ තරුණියක මරා දමා රෝහලට මිනිය භාරදී පළායාමේ  සිද්ධියක් ගැන මාධ්‍ය වාර්තා පළ විය.

දේහය රෝහලට භාර දුන් අය ඒ ගැන වගකියමින් රෝහල් පොතේ සටහන් තැබිය යුතු වුවත් රෝගියෙකු කියමින් ඇයගේ නිසල සිරුර භාරදී පළායාමට ඒ අය කටයුතු කර තිබුණ අතර වාහනයේ අංක ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ පොලිසියට එම මිනිමැරුම සිදුකර පළාගොස් ඇත්තේ ඇගේම පෙම්වතා බව සොයාගන්නට හැකි විය.

තම පෙම්වතියට පහරදී ඝාතනය කළ බව තරුණයා පිළිගත්තේය. මෙසේ අවාසනාවන්ත ලෙස මියගියේ ඌරගස්මංහන්දිය යටගල ප්‍රදේශයේ පදිංචිව සිටී ඉලන්දාරී දේව සුරංගි සඳමාලි (24) නැමැති එම ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවක සේවය කළ සේවිකාවකි. හිරිමල් යෞවනයට පැමිණි සුරංගි මීට වසර හතරකට පමණ පෙර මිරිස්වත්ත ප්‍රදේශයේ වෑන් රථ රියැදුරකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් ඇති කර ගත්තේය.

දෙදෙනාට දෙදෙනා නොදැක දිනක් ගෙවා දැමීමට නොහැකි සේ මේ ආදර බැදීම ශක්තිමත්ව බැඳිණි. තමා අතිශයින් ආදරය කරන  සිය පෙම්වතා විවාපත් වී ඇතැයි හාංකවිසියක්වත් සුරංගි දැන නොසිටියාය. ඇගේ පෙම්වතාද තම පවුල් ජීවිතය සුරංගි ඉදිරියේ සිතුවම් කරන්නට වගබලා නොගත්තේය. දැළි පිහියෙන් කිරි කන්නාසේ අසම්මත ප්‍රේමයක යෙදුණු විවාපත් තරුණයා  සුරංගිගේ පවුලේ සියලු දෙනාගේ හිත  දිනා ගත්තේය. මුදල් හදල් යහමින් තිබුණු ඔහු සුරංගීගේ පවුලේ අයට උදවු උපකාර කළේය. තම පවුලට එකතු වන බෑනණුවන් ගැන මවුපියන් සිහින දැක්කේය.

 දින සති මාස ගෙවිණි. සුරංගිගේ පෙම්වතාගේ විවාපත් බිරියට සිය සැමියාගේ  අසම්මත ප්‍රේම සම්බන්ධතාව දැනගන්නට  ලැබිණි. ඔවුන් දෙපළගේ පවුල් ජීවිතය දෙදරා යන හෙණ ගෙඩියක් බඳු මේ රහස  කැදැල්ලේ සතුට, සැනසුම පුලුස්සා දැමුවේය. වරදක් සිදු වුවද සිය සැමියා රැක ගන්නට බිරිය ඉවසීමෙන් ක්‍රියා කළ මුත් පලක් නොවූවාය. ඇය සිය දරුවාද රැගෙන මේ අශීලාචාර සැමියා හැරදමා යන්නට අදිටන් කර ගත්තාය. දරුවා රැගෙන යැමට සිය සැමියා ඉඩ දුන්නේ නැත. ඇය සිය දරුවාදා දමා සැමියාගෙන් වෙන්ව ගියාය.

දැන් ඔහුට ඉබ්බා දියේ දැමිමාසේ සතුටුය. තම අනාගත සහකාරිය ගැන සිහින මැව්වේය. රූප සෝබාවෙන් යුත් සුරංගි ගැන දිවා රැ සිතුවේය. මේ අතර තමා පණ මෙන් ආදරය කළ පෙම්වතා විවාහ වූ අයෙක් බවත් දරුවෙක් සිටින පියකු බවත් සුරංගිට දැනගන්නට ලැබිණි. ඇය ජීවිතයේ ලද වේදනාත්මක පණිවුඩය එය වූවාය. වේදනාව වෛරය පිරී මේ අසුන්දර පුවත මොවුන් දෙදෙනා දුරස් කළහ. අවංක නොවුණු තම පෙම්වතාට තවත් ආදරය කිරීමට ඇයගේ හිත අවනත නොවූවාය. ඇගේ මවුපියෝද මේ සම්බන්ධයට විරුද්ධ වුහ.

සිය ආදර චාරිකාවේ සියලු මතකයන් අපහසුවෙන් හෝ අමතක කර දමන්නට සුරංගි නිතර වැයම් කළාය. නමුත් පෙම්වතා ඇයට ඉඩ දුන්නේ නැත. ඔහු පසුපසින් පැමිණියේය.  ඇය යන හැම තැනකම මව සමඟ ගියේ මේ නිසාය. ආදරයෙන් අන්ධ වී ගිය වංක පෙම්වතා ඇය තමා සතු කර ගැනීමට අවස්ථාවන් සොය සොයා පිඹුරුපත් සකස් කළේය. සුරංගි බලෙන්ම වෑන් රථයට නංවා ගත්තේය.

දෙදෙනා අතර බහින්බස් වීමක් ඇති විය. හිත් පිත් නැති නරුම පෙම්වතා සුරංගිගේ හිසට පහර දුන්නේය. ඇය සිහිසුන් වූවාය. ඇයට සිහිය පැමිණෙතැයි සිතූ පෙම්වතා සෙමින් සෙමින් රථය විවිධ මාර්ගවල පැදවිය. ඔහු අවසානයේ බළපිටිය මූලික රෝහලට සුරංගී රැගෙන ගියේය. ඇය යන්න ගියාය.

 ලලිතා විජේසේකර සුරංගිගේ අම්මාය. ඇය මෙසේ පැවැසුවාය.

"මගේ දුව හැමදාම සවස 7.15ට. විතර ගෙදරට එනවා. එත් ඇය එදා (12දා) ගෙදර ආවේ නැහැ. මම කෝල් ගත්තම අම්මේ කියනවා. ආයත් ටිකකින් දුරකථන ඇමතුම විසන්ධි කරනවා. රැ 11.00ට විතර ගැහැනු කෙනෙක් මගේ ජංගම දුරකථනයට කතා කරලා දුවට අපි කරන්න ඕන දේ කළා කියලා දුරකථනය තිබ්බා. ඊට පස්සේ මම දුවට ඇමතුම් ගත්තත් ඇමතුමට සම්බන්ධ වනවාත් එක්කම දුරකථනය විසන්ධි කරනවා. එළිවෙන කොට පණිවුඩයක් ආවා දුවගේ මළසිරුර බළපිටිය මුලික රෝහලේ තියෙනවා කියලා.  දුව කෙනෙක් ඒක්ක යාළුවෙලා හිටියා. එයා බැඳපු කෙනෙක් කියලා දැනගත්තාම දුව එයාට කැමැති වුනෙත් නැහැ. ඒත් එයා දුව අතහරින්න කැමති වුණේ නැහැ. ඇය පස්සෙම ඔහු ආවා. දුව එදත් වැඩ ඇරී ගෙදර එන්න ඇවිත් තියෙනවා. ඒ එන අතරමගදී තමයි වෑන් රථයකින් ආපු කට්ටියක් දුව බලෙන් එම වෑන් රථයට දාගෙන ගිහිල්ලා තියෙන්නේ

  ඔය දරුවා හරි ගුණ යහපත් දරුවෙක්. අහිංසක දරුවෙක්. කාටවත් කරදර කරන කෙනෙක් නෙවෙයි. ගාමන්ට් එකේ යාළුවොත් එක හරි හිතවත්ව වැඩ කළා. මම එදා උදේ ගාමන්ට් එක ගවට ගිහිල්ලා එයා ඇරැලුවා. ඇතුළට යනකන් බලාගෙන හිටියා. මම කවදාවත් හිතුවේ නැහැ දුට මෙහෙම වෙයි කියලා.

  කෙසේ වෙතත් සුරංගි සඳමාලි සැමට අහිමිව ඇත. ඝාතකයා වරද පිළිගෙන ඇත. ඔහුට නීතිය හමුවේ දඬුවම් ලැබෙනු ඇත. ඔහුගේ පවුල් ජීවිතය බිඳ වැටුණි. අහිංසක දරුවෙක් තනි විය. හැඟීම්වලට වඩා බුද්ධියට ඉඩ දීමට සැවොම වගබලා ගන්නේ නම් සමාජයේ මෙවන් විපත් සිදු නොවනු ඇත. 


Latest News

ලේ හැලුනේ පාර්ලිමේන්තුවේ දේපල වලට හානි කරද්දී - අැත්ත කතාව මෙන්න ලේ හැලුනේ පාර්ලිමේන්තුවේ දේපල වලට හානි කරද්දී - අැත්ත කතාව මෙන්න 2018-11-15 - පාර්ලිමේන්තුව තුළ කතානායකවරයාගේ මයිකෆෝනය කඩා දැමීමේදී දිලුම් අමුණුගම... More detail
ලේ හැලුනේ පාර්ලිමේන්තුවේ දේපල වලට හානි කරද්දී - අැත්ත කතාව මෙන්න ලේ හැලුනේ පාර්ලිමේන්තුවේ දේපල වලට හානි කරද්දී - අැත්ත කතාව මෙන්න 2018-11-15 - පාර්ලිමේන්තුව තුළ කතානායකවරයාගේ මයිකෆෝනය කඩා දැමීමේදී දිලුම් අමුණුගම... More detail
ජනපති හා පක්ෂ නායකයින් අතර හමුවක් ජනපති හා පක්ෂ නායකයින් අතර හමුවක් 2018-11-15 - අද (15) සවස 5ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගය ගෙන එනු... More detail
කතානායකවරයාට කසල බඳුන් ප්‍රහාරයක් - ගුටිබැට අස්සේ මන්ත්‍රීවරු අැද වැටෙයි කතානායකවරයාට කසල බඳුන් ප්‍රහාරයක් - ගුටිබැට අස්සේ මන්ත්‍රීවරු අැද වැටෙයි 2018-11-15 - පාර්ලිමේන්තුවේ අද ඇතිවූ උණුසුම් තත්ත්වයත් සමග සභාවේ රැදී සිටි කිසියම් මන... More detail
කතානායකටත් හිංසා පීඩා කතානායකටත් හිංසා පීඩා 2018-11-15 - ඒකාබන්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කතානායකවරයාට ශාරීරික හිංසන සිදු කරන්නට උ... More detail
පාර්ලිමේන්තුව ඇවිලෙයි - ආණ්ඩුවේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ යකා නටයි - දේපල... පාර්ලිමේන්තුව ඇවිලෙයි - ආණ්ඩුවේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ යකා නටයි - දේපල වලටත් හානි 2018-11-15 - පාර්ලිමේන්තුවේ මේ වන විට උණුසුම් තත්ත්වයක් ඇතිව තිබේ. More detail
මහින්දගෙන් පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක්  මහින්දගෙන් පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක්  2018-11-15 - පාර්ලිමේන්තුවේ දී ඊයේ සිදුවු දේ සම්බන්ධයෙන් කතානායකවරයා වගකිවයුතු බවත් එලෙස... More detail
ක්‍රිකට් ක්‍රිඩක ඩිල්ෂාන් පොහොට්ටුවෙන් ජන්දේ ඉල්ලන හැටි කියයි ක්‍රිකට් ක්‍රිඩක ඩිල්ෂාන් පොහොට්ටුවෙන් ජන්දේ ඉල්ලන හැටි කියයි 2018-11-15 - ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තරග... More detail
කතානායකගේ ක්‍රියාකලාපයට ජනපතිගෙන් දැඩි ප්‍රහාරයක් කතානායකගේ ක්‍රියාකලාපයට ජනපතිගෙන් දැඩි ප්‍රහාරයක් 2018-11-15 - අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත්... More detail
මහින්දට ජවිපය ෙගනා විශ්වාසභංගය සම්මත වුණු හැටි - නව අගමැති ගැන ඉගියක් මහින්දට ජවිපය ෙගනා විශ්වාසභංගය සම්මත වුණු හැටි - නව අගමැති ගැන ඉගියක් 2018-11-14 - ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් ආණ්ඩුවට එරෙහිව ගෙනෙන... More detail
ජනපතිගෙන් ආරක්ෂක අංශවලට උපදෙස් ජනපතිගෙන් ආරක්ෂක අංශවලට උපදෙස් 2018-11-14 - සාමය ආරක්ෂා කිරිමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසට ජනාධීපති මෛත‍්‍රිපාල ... More detail
පාසල් පෙම්වතියගේ නිරුවත් ජායාරූප මිතුරන් එක්ක බෙදාගත් පෙම්වතාට වුනු දේ පාසල් පෙම්වතියගේ නිරුවත් ජායාරූප මිතුරන් එක්ක බෙදාගත් පෙම්වතාට වුනු දේ 2018-11-14 - වයස අවුරුදු 16වන බාල වයස්කාර දැරියක් සමඟ ප්‍රේම සම්බන්දතාවක් පැවැත්වු අවුරුදු... More detail
වඩිවේල් සුරේෂ් - වසන්ත සේනානායක අැමති පුටු අතහරී වඩිවේල් සුරේෂ් - වසන්ත සේනානායක අැමති පුටු අතහරී 2018-11-14 - සංචාරක හා වනජීවි අමාත්‍ය වසන්ත සේනානායක මහතා සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා ඉස... More detail
මහින්දගේ ආණ්ඩුව අහෝසියි මහින්දගේ ආණ්ඩුව අහෝසියි 2018-11-14 - අගමැති මහින්ද රාජපක්ෂ හා කැබිනට් මණ්ඩලයට එරෙහිව අද දින පාර්ලිමේන්තුවට ඉද... More detail
එජාප⁣යෙන් කළු පටි - ජනපති පාර්ලිමේන්තුව මගහරී - පාර්ලිමේන්තුව උණුසුම් එජාප⁣යෙන් කළු පටි - ජනපති පාර්ලිමේන්තුව මගහරී - පාර්ලිමේන්තුව උණුසුම් 2018-11-14 - කල් තැබූ පාර්ලිමේන්තුව අද(14) රැස්වන අවස්ථාවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා... More detail
මහින්දට එරෙහි විශ්වාසභංගයක් මහින්දට එරෙහි විශ්වාසභංගයක් 2018-11-14 - අගමැති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කතානායක කරු ජයසූරිය... More detail
අගමැති පුටුව මහින්දට - පාර්ලිමේන්තුවේ පුටු බෙදෙන හැටි මෙන්න අගමැති පුටුව මහින්දට - පාර්ලිමේන්තුවේ පුටු බෙදෙන හැටි මෙන්න 2018-11-14 - පැවැති පක්ෂ නායක රැස්වීමේදී  අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂ මහතාට හිමි  වරප... More detail

 

Gossip

Foreign

ඇමරිකා උප ජනාධිපති සහ ඉන්දීය අගමැති හමුවක් ඇමරිකා උප ජනාධිපති සහ ඉන්දීය අගමැති හමුවක් 2018-11-09 - ඇමරිකා උප ජනාධිපති මයික් පෙන්ස් සහ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර... More detail
ජමාල් ඛෂෝගිගේ ඝාතන හඩ පටය පරික්ෂාවට - ඔහුගේ වැඩිමහල් පුතු සෞදිය අතහැර යයි ජමාල් ඛෂෝගිගේ ඝාතන හඩ පටය පරික්ෂාවට - ඔහුගේ වැඩිමහල් පුතු සෞදිය අතහැර යයි 2018-10-26 - සෞදි මාධ්‍යවේදී ජමාල් ඛෂෝග්ජි ඝාතනය කරන අවස්ථාවේ පටිගත වී ඇති බව කී  හඬ පටයට... More detail
ප්‍රේක්ෂකයන්ගේ වැළපීම් මත රෙස්ලින් පිටියෙන් සමුගත් රෝමන් දිවියෙනුත් සමුග ප්‍රේක්ෂකයන්ගේ වැළපීම් මත රෙස්ලින් පිටියෙන් සමුගත් රෝමන් දිවියෙනුත් සමුගනී 2018-10-26 - රෙස්ලින් එහෙමත් නැතිනම් මල්ලවපොර කියන්නේ බොහෝ දෙනා නරඹන්න කැමති ක්‍රීඩා More detail
CNN පුවත් සේවය වෙත පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සල් යැවීම ත්‍රස්ත ක්‍රියාවක් CNN පුවත් සේවය වෙත පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සල් යැවීම ත්‍රස්ත ක්‍රියාවක් 2018-10-25 - අමෙරිකානු ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රබල නායකයන් කිහිපදෙනෙකු සහ CNN පුවත් සේවය... More detail
දරුවෙක් හදාගන්න ගර්භාෂයක් වුණත් අද මුදලට ගන්න පුළුවන් දරුවෙක් හදාගන්න ගර්භාෂයක් වුණත් අද මුදලට ගන්න පුළුවන් 2018-10-23 - අද මුදලට විකිණෙන්නේ නැත්තේ මොනවද..? More detail
මියුසික් විඩියෝවට මෙලනියා ට්‍ර‍ම්ප් නිරුවත් වෙයිද? - ලොවම මවිත වෙයි මියුසික් විඩියෝවට මෙලනියා ට්‍ර‍ම්ප් නිරුවත් වෙයිද? - ලොවම මවිත වෙයි 2018-10-18 - T.I. නැතහොත් Clifford Harris කියන්නේ බටහිර සංගීතයේ ඉන්න දැවැන්ත චරිතයක්. More detail
මයික්‍රෝසොෆ්ට් සම නිර්මාතෘ පෝල් ඇලන් ජිවිතයෙන් සමුගනී මයික්‍රෝසොෆ්ට් සම නිර්මාතෘ පෝල් ඇලන් ජිවිතයෙන් සමුගනී 2018-10-17 - මයික්‍රෝසොෆ්ට් සම නිර්මාතෘ වන පෝල් ඇලන් පසුගිය සදුදා (15) මිය ගිය බව විදෙස් ව... More detail