පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මාධ්‍යවේදී මහේෂ් නිස්සංක සහ ඔහුගේ වැඩිමහල් පුත්‍රයා ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

ඔහු ඊයේ (13) මහර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (13) දක්වා රක්ෂිත බන්ධනාගාරගතකිරීමට නියෝග කළේ ය.

වත්තල - එඬේරමුල්ල ප්‍රදේශයේදී සුපිරි වෙළඳසැලක් ඉදිරිපිටදී මෙම පහරදීම සිදුව ඇත්තේ පසුගිය 9 වනදා රාත්‍රි 7.30 ට පමණයි.

පහරකෑමට ලක්ව ඇත්තේ කායවර්ධන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන 33 හැවිරිදි වසන්ත ලියනගේ නැමැත්තෙකි. සාදයකට සහභාගිවීම සඳහා යමින් සිටි අතරතුරදී ඔහු භාණ්ඩ මිලදී ගැනීම සඳහා එඬේරමුල්ල ප්‍රදේශයේ පිහිටි අදාළ සුපිරි වෙළඳසැලට ගොස් තිබේ. එහිදී ඔහුට මාධ්‍යවේදී මහේෂ් නිස්සංක, දරු දෙදෙනා සහ ඔහුගේ බිරිඳ හමුවී ඇති අතර, පහරකෑමට ලක්වූ පුද්ගලයා සහ මාධ්‍යවේදී මහේෂ් නිස්සංක අතර බහින්බස්වීමක් සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

අනතුරුව රථ ගාල තුළදී එය ගැටුමක් දක්වා පරිවර්තනය වී ඇති අතර, එම අවස්ථාවේදී තියුණු ආයුධයකින් අදාළ පහරදීම සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේ ය.  පහරකෑමට ලක්වූ පුද්ගලයා සහ මාධ්‍යවේදී මහේෂ් නිස්සංක අතර කළක පටන් පවතින පෞද්ගලික ආරවුලක් ගැටුමට හේතුවී තිබෙනවා. පහරකෑමට ලක්වූ පුද්ගලයා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.

පහරකෑමට ලක්වූ වසන්ත ලියනගේ හිරු ප්‍රවෘත්ති අංශයට මෙලෙස අදහස් පළ කළේ ය.

‘‘මහේෂ් කියන පුද්ගලයා රූපවාහිනී සංස්ථාවේ වැඩකරන මගේ නමට හරි නැති ගොඩක් දේවල් පතුරුවලා තියෙනවා. ගෙවල් පැත්තේ. ඒ වෙලාවේ කැත වැඩ කරන්න එපාල පිරිමියෙක් වගේ වැඩකරනවා කියලා මම කිව්වා. කියලා මම යන්න යනකොට කාර් එකට තට්ටු කරලා පුතාලා දෙන්න, මොනවද කිව්වේ අනං මනං කියලා මට එක පාරක් ගැහුවා. මට දැන් මුකුත් කරගන්න විදිහක් නැහැ. ඒ ගොල්ලෝ ගහනවා. මම කොහොම හරි ඒ එක්කෙනෙක්ව අල්ලගෙන බිමට වැටුණා තල්ලු කරගෙන ගිහිල්ලා. බිමට වැටිච්ච වෙලාවේ පිටිපස්සෙන් ඇවිල්ලා මගේ යාළුවෙක් බේරන්න ඇවිල්ලා තියෙනවා. එයාවත් තල්ලු කරලා එයාටත් ගහලා මේ මනුස්සයා ඇවිල්ලා මගේ පිටට කිනිස්සකින් ඇනලා.

ප්‍රශ්නය - කවුද ඇන්නේ?

ඒ මහේෂ් කියන පුද්ගලයාග මට නිකන් පණ නැතුව වගේ ගියාග ඇවිල්ලා බලද්දී මෙයා පිහිය අරගෙන අනිත් අයටත් අනින්න කෑගගහා හිටියාග යාළුවො මාව ඇදගෙන ගිහින් වාහනයට දැම්මාග රෝහල් ගත කළා. මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ දවස් දෙකක් ඉඳලා තමයි වාට්ටුවට දාලා තියෙන්නේ’’

ඔහුගේ මවද සිද්ධිය සම්බන්ධයෙන් පළ කළේ මෙවැනි අදහසක්.

ඔය මාධ්‍යවේදියා මහේෂ් නිශ්ශංක හැංගිලා හිටියා. පොලිසිය හොයන්න යනකොට නැහැ කියලා. කඩවත පොලිසිය පැමිණිල්ල ලියන වෙලාවෙත් අර මාධ්‍යවේදියාගේ පැත්ත ගත්තා මිසක් තුවාල වෙලා අසාධ්‍යයෙන් ඉස්පිරිතාලේ ඉන්න මගේ දරුවාගේ පැත්ත ගත්තේ නැහැ. සාක්ෂිකාරයෝ දෙන්නට කිව්වා දානවා කූඩුවට බොරු කියන්න එපා. පිහි ඇණුමක් නෙමෙයි ඇනිලා තියෙන්නෙ. ගලක් ඇනිලා තියෙන්නේ. පොරබදද්දී අපට ඉස්පිරිතාලෙනුත් කිව්වා කියලා බොරුත් කිව්වා. සෙනසුරාදා මගේ ළමයට රෑ 7.30 ට පිහියෙන් ඇනපු එක ඔය මාධ්‍යවේදියා ඔය මහේෂ් ඉරිදා සජීවි වැඩසටහනක් කරනවා. එතකොට එයාල අත්අඩංගුවට අරගෙන තිබුණේ නැහැ. දැන් අද මම ගියා පෑලියගොඩට, නියෝජ්‍ය පොලිස්පතිතුමා හමුවෙන්න. ඒවෙලාවේ මම ඉන්න තැනදීම නියෝජ්‍ය පොලිස්පතිතුමා කඩවත පොලිසියට කතා කරලා මේ පිහි ඇණුමේ කේස් එක කෝ මේ මාධ්‍යවේදියා නිශ්ශංක එයාව අත්අඩංගුවට ගන්න කියලා.’’

මෙම සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදී මහේෂ් නිස්සංකගේ ඉල්ලීම පරිදි බව පවසමින් ඔහුගේ මිතුරෙකු ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත්තේ එය මහේෂ් නිස්සංකගේ ෆේස්බුක් පිටුවේද හුවමාරුවන අයුරින්.

එහි සඳහන් කර ඇත්තේ මහේෂ් නිස්සංකගේ දරුවා බලහත්කාරයෙන් පැහැරගැනීමට උත්සාහ කළ නාඳුනන පිරිසක් අතර සිටි පුද්ගලයෙකුට මෝටර් රථයේ තිබූ ඉස්කුරුප්පු නියනකින් ඔහු ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි. 

කෙසේ වෙතත් අවස්ථා දෙකකදී මේ පිළිබඳ විමර්ශන කටයුතු සඳහා පොලීසිය ඔහුගේ නිවසට ගොස් ඇති අතර, නිවැසියන් ප්‍රකාශ කර ඇත්තේ රජයේ රූපවාහිනී ආයතනයක සේවය කරන ඔහු වැඩසටහනකට සහභාගිවී ඇති නිසා නිවසේ නොමැති බවයි.

කෙසේ වෙතත් ඊයේ (13) නීතීඥවරයෙකු මාර්ගයෙන් ඔහුගේ පුත්‍රයන් දෙදෙනා සමඟ කඩවත පොලීසියට භාරවී ඇති අතර, අනතුරුවයි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ.

අත්අඩංගුවට ගත් බාල පුත්‍රයා රුපියල් දහසක මුදල් ඇපයක් සහ ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහරින ලෙසයි මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර ඇත්තේ.

කෙසේ වෙතත් පොලීසිය පවසන්නේ පහරකෑමට ලක්වූ පුද්ගලයාට එරෙහිව මාධ්‍යවේදී මහේෂ් නිස්සංක පැමිණිල්ලක් සිදුකර ඇති බවයි. ඒ සම්බන්ධයෙන්ද විමර්ශනයක් ක්‍රියාත්මක බව කඩවත පොලීසිය සඳහන් කරයි.


Latest News

චන්ද්‍රිකාට සහ මහින්දට ජනපතිවරණයට තරඟ කළ හැකියි චන්ද්‍රිකාට සහ මහින්දට ජනපතිවරණයට තරඟ කළ හැකියි 2018-08-21 - පවත්නා ක්‍රමය යටතේ හිටපු ජනාධිපතිවරුන්ට නැවත ජනාධිපතිධුරය සඳහා ඉදිරිපත් ... More detail
මුහුණු පොතින් තරුණියන් දෙදෙනෙකු ගොනාට අන්දලා පේරාදෙණියේ දත් දොස්තරට වෙච්ච... මුහුණු පොතින් තරුණියන් දෙදෙනෙකු ගොනාට අන්දලා පේරාදෙණියේ දත් දොස්තරට වෙච්ච දේ 2018-08-21 - ෆේස්බුක් ගිණුම් හරහා තරුණියන් රැවටූ පුත්තලම ප්‍රදේශයේ දන්ත වෛද්‍යවරයෙක් ... More detail
පාසල් සිසුවියක් බරපතළ ලෙස අපයෝජනය කළ විදුහල්පති පාසල් සිසුවියක් බරපතළ ලෙස අපයෝජනය කළ විදුහල්පති 2018-08-21 - බාල වයස්කාර දැරියක් බරපතළ ලිංගික අපයෝජනය කිරිමේ චෝදනාවක් සම්බන්ධව කොටවෙහෙර... More detail
සුපිරිම ස්ලිප් ක්‍රීඩකයන් අතර මුලටම ආ අපේ ක්‍රිඩකයන් දෙදෙනා සුපිරිම ස්ලිප් ක්‍රීඩකයන් අතර මුලටම ආ අපේ ක්‍රිඩකයන් දෙදෙනා 2018-08-21 - 2015 වසරේ සිට ක්‍රිකට් පිටියේ සාර්ථකම ස්ලිප් ක්‍රීඩකයන් අතරට ශ්‍රී ලංකා ක්‍ර... More detail
ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා ගැන ගත් තීරණය මෙන්න ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා ගැන ගත් තීරණය මෙන්න 2018-08-21 - ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් 16 දෙනාට ... More detail
අගමැති පුටුවට ආ ක්‍රිකට් ක්‍රීඩකයා නිසා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ඉල්ලා... අගමැති පුටුවට ආ ක්‍රිකට් ක්‍රීඩකයා නිසා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි 2018-08-21 - හිටපු ක්‍රිකට් ක්‍රිඩක ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යධුරයට පත්විමත් සමග පාකි... More detail
ලංකාවේ සමුද්‍රීය ආරක්ෂාව වර්ධනයට ජපානයේ සහාය ලංකාවේ සමුද්‍රීය ආරක්ෂාව වර්ධනයට ජපානයේ සහාය 2018-08-21 - ජපානය සහ ශ‍්‍රී ලංකාව අතර පවතින සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ සහයෝගිතාව තවදුරටත්... More detail
දූෂණ සහ මූල්‍ය අපරාධ විභාග කරන විශේෂ මහාධිකරණය අද විවෘත වෙයි දූෂණ සහ මූල්‍ය අපරාධ විභාග කරන විශේෂ මහාධිකරණය අද විවෘත වෙයි 2018-08-21 - දූෂණ සහ මූල්‍ය අපරාධ නඩු විභාග කිරීම සඳහා පිහිටුවනු ලබන විශේෂ මහාධිකරණය අද... More detail
යළිත් ක්‍රීඩා ලොව කළඹමින් සුපිරි ක්‍රීඩකයා තම මිතුරා සමග එක්වී සුපිරි නිරූ... යළිත් ක්‍රීඩා ලොව කළඹමින් සුපිරි ක්‍රීඩකයා තම මිතුරා සමග එක්වී සුපිරි නිරූපිකාවට මත්ද්‍රව්‍ය පොවා දූෂණය කරයි - ඇය සියල්ල හෙළි කරයි 2018-08-21 - එංගන්ත ප්‍රීමියර් ලීග් පාපන්දු තරඟාවලියට ක්‍රීඩා කරන ක්‍රීඩකයෙකු විසින් ... More detail
ගල්කිස්සේ බීච් පාටි එක අතරමගදී තරුණියන් 27කට වුණු දේ ගල්කිස්සේ බීච් පාටි එක අතරමගදී තරුණියන් 27කට වුණු දේ 2018-08-21 - ගල්කිස්ස ප්‍රදේශයේ මුහුදු වෙරළේ පැවති සාදයක් අතරතුර සිදු කල වැටලීමකින් තරුණ... More detail
මව් සෙනෙහස අහිමි පාසල් දැරිය ඥාති සහෝදරයා නිසා ගැබිනියක් වෙයි මව් සෙනෙහස අහිමි පාසල් දැරිය ඥාති සහෝදරයා නිසා ගැබිනියක් වෙයි 2018-08-21 - වයස අවුරුදු 16ක දැරියක්‌ දූෂණය කළ සැකකරුවෙකු මොරවැව පොලිසිය විසින් පෙරේදා (19)... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-08-20 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
ඉතිහාසයේ පළමු වරට මෙරටට පැමිණෙන ජපාන ආරක්ෂක ඇමතිගේ ඉලක්කය ඉතිහාසයේ පළමු වරට මෙරටට පැමිණෙන ජපාන ආරක්ෂක ඇමතිගේ ඉලක්කය 2018-08-20 - අද මෙරටට පැමිණෙන ජපාන ආරක්ෂක අමාත්‍ය ඉට්සුනෝරී ඔනඬේරා, හම්බන්තොට වරායේ සං... More detail
ක්‍රිකට් පරිපාලනයට මහේලගෙන් යළිත් දරුණු කනේ පහරක් ක්‍රිකට් පරිපාලනයට මහේලගෙන් යළිත් දරුණු කනේ පහරක් 2018-08-20 - ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් පළාත් විස්සයි විස්ස ක්... More detail
යළි දැනුම්දෙන තුරු ඇමතිකම් වලින් ඉවත් වු 16ටත් ඇමති ආරක්ෂාව යළි දැනුම්දෙන තුරු ඇමතිකම් වලින් ඉවත් වු 16ටත් ඇමති ආරක්ෂාව 2018-08-20 - යළි දැනුම්දෙනතුරු ආණ්ඩුවෙන් ඉවත්වූ දහසය දෙනාගේ කණ්ඩායමට ඇමති ආරක්ෂාව ලබා... More detail
සල්ලි තියේ නම් ඇති කියලා හිටපු අක්ෂා විවාහය ගැන කියයි සල්ලි තියේ නම් ඇති කියලා හිටපු අක්ෂා විවාහය ගැන කියයි 2018-08-20 - ආක්ෂා සුධාරි කියන්නේ කලා ක්ෂේත්‍රෙය් ජනප්‍රිය චරිතයක් . නිරන්තර කට කතා වලට... More detail
ඩීල් සහ වෘත්තීය සමිති ඔස්තාර්ලා - සැගවුණු කතාව මෙන්න ඩීල් සහ වෘත්තීය සමිති ඔස්තාර්ලා - සැගවුණු කතාව මෙන්න 2018-08-20 - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෘත්තිය සමිති නායකයන් කිහිප දෙනෙක් සමඟ... More detail

 

Gossip

Foreign

අගමැති පුටුවට ආ ක්‍රිකට් ක්‍රීඩකයා නිසා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ඉල්ලා... අගමැති පුටුවට ආ ක්‍රිකට් ක්‍රීඩකයා නිසා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි 2018-08-21 - හිටපු ක්‍රිකට් ක්‍රිඩක ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යධුරයට පත්විමත් සමග පාකි... More detail
යළිත් ක්‍රීඩා ලොව කළඹමින් සුපිරි ක්‍රීඩකයා තම මිතුරා සමග එක්වී සුපිරි නිරූ... යළිත් ක්‍රීඩා ලොව කළඹමින් සුපිරි ක්‍රීඩකයා තම මිතුරා සමග එක්වී සුපිරි නිරූපිකාවට මත්ද්‍රව්‍ය පොවා දූෂණය කරයි - ඇය සියල්ල හෙළි කරයි 2018-08-21 - එංගන්ත ප්‍රීමියර් ලීග් පාපන්දු තරඟාවලියට ක්‍රීඩා කරන ක්‍රීඩකයෙකු විසින් ... More detail
ඉතිහාසයේ පළමු වරට මෙරටට පැමිණෙන ජපාන ආරක්ෂක ඇමතිගේ ඉලක්කය ඉතිහාසයේ පළමු වරට මෙරටට පැමිණෙන ජපාන ආරක්ෂක ඇමතිගේ ඉලක්කය 2018-08-20 - අද මෙරටට පැමිණෙන ජපාන ආරක්ෂක අමාත්‍ය ඉට්සුනෝරී ඔනඬේරා, හම්බන්තොට වරායේ සං... More detail
ජාතියේ ශෝකය මැද අගමැති වජ්පායි සමුගනී ජාතියේ ශෝකය මැද අගමැති වජ්පායි සමුගනී 2018-08-17 - ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන අතල් බිහාරි වජ්පායි ඊයේ අභාවප්‍රාප්ත... More detail
නවසීලන්තය තුළ විදේශිකයන්ට නිවාස මිලදී ගැනීම තහනම් කරයි නවසීලන්තය තුළ විදේශිකයන්ට නිවාස මිලදී ගැනීම තහනම් කරයි 2018-08-16 - නවසීලන්තය තුළ පවතින නිවාස මිලදී ගැනීමේ අවස්ථාව විදේශිකයන්ට තමනම් කරමින් රටේ... More detail
රටම කළඹමින් අගමැති සරාගී නිළියට කළ අමුතු යෝජනාව රටම කළඹමින් අගමැති සරාගී නිළියට කළ අමුතු යෝජනාව 2018-08-14 - වයස අවුරුදු 31 ක් වූ ඉන්දීය සරාගී නිළි කන්ගනා ඉදිරියේදී දේශපාලනයට පිවිසෙනු ඇති... More detail
ජනාධිපති ඝාතනයට තැත් කල පුද්ගලයින් 6ක් අත්අඩංගුවට ජනාධිපති ඝාතනයට තැත් කල පුද්ගලයින් 6ක් අත්අඩංගුවට 2018-08-06 - වෙනිසියුලා ජනාධිපති නිකොලොස් මාදුරෝ ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනාවට මේ වන... More detail