පුද්ගලයකට පහරදී උල් ආයුධයකින් තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්  ප්‍රකට රූපවාහිනී නිවේදක මහේෂ් නිශ්ශංකත් ඔහුගේ බාල වයස්කාර පුතුත් තවත් පුද්ගලයෙකුත් ඊයේ කඩවත පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කළ අතර මහේෂ්ගේ ළාබාල පුතු තනුජ නිශ්ශංකට ඇප නියමවූවත් මහේෂ් සහ අනෙක් පුද්ගලයා අද (13) දක්වා රිමාන්ඩ් කරන්නට මහර මහේස්ත්‍රාත් ශෂාන් දිනෙල් කටයුතු කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාඨකයින් නොමග යවන ආකාරයේ ඇතැම් ආරංචි සමාජ මාධ්‍ය තුළ පතුරුවාහැර තිබුණත් අධිකරණයේදී හෙළිවූ කරුණු අනුව සිද්ධිය මෙසේය.

වත්තල එඩේරමුල්ල ප්‍රදේශයේ බොඩි වර්ක්ස් පර්සනල් ට්‍රේනිංග් නමැති ප්‍රසිද්ධ කාය වර්ධන මධ්‍යස්ථානය පවත්වා යන එහි හිමි කරුවූ වසන්ත කුමාර ලියනගේ මහතා කලා ශිල්පීන් සමගද සමීපව කටයුතු කරන්නෙකි.

ප්‍රකට නළුවන් නිළියන්ද ඔහුගේ ආයතනයේ පුහුණුවීම් සඳහා නිතිපතා පැමිණෙන අතර ඔහු කායවර්ධන අභ්‍යාස ගැන උපදෙස් සැපයීමට රූපවාහිනී වැඩසටහන්වලටද පෙනී සිටින අයෙකි.

ජාතික රූපවාහිනියේ මහේෂ් නිශ්ශංකවද ඔහු හොඳින් හඳුනයි. නමුත් මෑත කාලයේ ඔවුන් දෙදෙනා අතර කිසියම් විරසකභාවයක් පැනනැගී තිබී ඇත්තේ පුද්ගලික ගැටලුවක් මුල් කරගෙනයි. පසුගිය 9 වනදා රාත්‍රී කාලයේ කඩවත ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසලකදී මේ දෙදෙනා මුණගැසුණ අවස්ථාවේ පෙරකී ගැටලුකාරී තත්වය ගැන කථාබහක් මතුව ඇත.

මෙම කථාබහට එම අවස්ථාවේ මහේෂ් සමග පැමිණි ඔහුගේ පාසල් යන වයසේ පුතුද මිතුරෙකුද සම්බන්ධවූ අතර දුරදිග ගිය කතාව සුපිරි වෙළෙඳ සල ඇතුළේ කරගෙනයාම බාධාකාරී වූ නිසා ඔවුන් එළියටද පැමිණ බහින්බස්වීම සිදු කර ඇත.

එම අවස්ථාවේ කෝපය ඉහවහා ගිය මහේෂ් රථගාලේ නවතා තිබූ තම වාහනය වෙත දිවගොස් එය විවර කර එයින් උල් ආයුධයක් ගෙන ඇවිත් වසන්ත කුමාරට පෙරළගෙන පහරදී ඇත. එම පහර දීමට මහේෂ්ගේ පුතු මෙන්ම මිතුරාද සම්බන්ධවී ඇත. කෙතරම් ශක්තිවන්තයෙකු වුවත් තිදෙනෙකුගේ පහරදීම හමුවේ වසන්ත කුමාර දුබලවී  ඇති අතර

 පහරකෑමට ලක් වූ කායවර්ධන ශිල්පියා බිම වැටී ඇති  අතර ඔහු බරපතල තුවාල සහිතව රෝහල් ගත කරන්නට අවට සිටියවුන් පියවර ගෙන ඇත.

තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් 35 හැවිරිදි අවිවාහක කායවර්ධන ශිල්පි වසන්ත කුමාර ජාතික රෝහලට ඇතුළත් කරන ලදුව සිව්වැනි දිනයටත් ප්‍රතිකාර ලබමින් පසුවුවත් මහේෂ් නිශ්ශංක අත්අඩංගුවට ගැනීම ප්‍රමාදවී තිබුණි.

ඊයේ ඔවුන් තිදෙනාවම පොලිස් අත්අඩංගුවට පත්වූ අතර මහර මහේස්ත්‍රාත් ශෂාන් දිනෙල් මහතා මහේෂ්ගේ පුතු වන තුන්වන සැකකරු මුදල් හා ශරීර ඇප මත මුදාහරින්නැයි ඊයේ (12) නියෝග කළේ පාසල් යන වයසේ දරුවකු බැවින් ඔහු රඳවාගැනීම අවශ්‍ය නැති බව දක්වමිනි.රුපියල් දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත ඔහුව මුදා හැරියද මහේෂ් සහ මිතුරා රිමාන්ඩ් කෙරිණි.

සිද්ධිය පිළිබඳ නඩු විභාගය අදත් පැවැත්වේ.


Latest News

මෙෙත්‍රී හදිසියේම අද රෑ මධ්‍යම කාරක සභාව කැදවයි මෙෙත්‍රී හදිසියේම අද රෑ මධ්‍යම කාරක සභාව කැදවයි 2018-12-07 - ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන අද (07) ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව කැදවා තිබෙ More detail
ජනාධිපති ගැසට් නිවේදනය අත්හිටුවු අතුරු තහනම් නියෝගය 10 වැනිදා දක්වා ජනාධිපති ගැසට් නිවේදනය අත්හිටුවු අතුරු තහනම් නියෝගය 10 වැනිදා දක්වා 2018-12-07 - පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත් කල ගැසට් නිවේදනය අත්හ... More detail
තනිව නිවසේ සිටි කාන්තාවගේ ගෙල කපා ඝාතනය කරලා තනිව නිවසේ සිටි කාන්තාවගේ ගෙල කපා ඝාතනය කරලා 2018-12-07 - පිළියන්දල පොලිස් වසමේ මාවිත්තර ප්‍රදේශයේ කාන්තාවක් තියුණු ආයුධයකින් ගෙල කපා... More detail
වැල්ලවායෙන් මහනුවරට කැන්දාගෙන ගිය මනමාලියට දැවැද්දට ලක්‍ෂ 13 ක ගංජා වැල්ලවායෙන් මහනුවරට කැන්දාගෙන ගිය මනමාලියට දැවැද්දට ලක්‍ෂ 13 ක ගංජා 2018-12-07 - වැල්ලවායෙන් මහනුවරට කැන්දාගෙන ගිය මනමාලියට දැවැද්ද ලෙස රැගෙන යමින් තිබූ ... More detail
මම පෙහොට්ටුවෙන් ජන්දේ ඉල්ලන්නේ නැහැ - යුද්ධය දිනපු නිසයි මහින්ද ඒක්ක ඉන මම පෙහොට්ටුවෙන් ජන්දේ ඉල්ලන්නේ නැහැ - යුද්ධය දිනපු නිසයි මහින්ද ඒක්ක ඉන්නේ 2018-12-07 - තමා පසුගියදා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ සමාජිකත්වය ගත් කතාව ඇත්ත වුණත් ඉදිරි... More detail
පරික්ෂණයකට කියා ගෙනවිත් කාන්තාවකට ලිංගික අතවර කළ  අධිකරණ වෛද්‍ය නිලධාරිය පරික්ෂණයකට කියා ගෙනවිත් කාන්තාවකට ලිංගික අතවර කළ  අධිකරණ වෛද්‍ය නිලධාරියා 2018-12-07 - අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා කළුබෝවිල රෝහල වෙත රැගෙන ගිය තරුණ කාන්තාවකට... More detail
විශ්ව - හසිනි සැමුවෙල් ගේ විවාහය Fill T නිසා දෙදරා යයි - හසිනි අැත්ත පිළිගනී විශ්ව - හසිනි සැමුවෙල් ගේ විවාහය Fill T නිසා දෙදරා යයි - හසිනි අැත්ත පිළිගනී 2018-12-07 - විශ්ව පෙරේරා සහ හසිනි සැමුවෙල්ගේ විවාහය පසුගියදා සිදුකිරීමට නියමිතව ති More detail
නාමල් කුමාරගේ ජංගම දුරකතය හොංකොං රාජ්‍යයට - මකා දැමූ හඬ පට අායෙත් ඒළියට නාමල් කුමාරගේ ජංගම දුරකතය හොංකොං රාජ්‍යයට - මකා දැමූ හඬ පට අායෙත් ඒළියට 2018-12-07 - ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන්  තොරතුරු හෙළිකළ දුෂණ විරෝධි බලකායේ... More detail
කවුරුත් කතා කරන සජිත් අර්බුදයට විසදුමක් කියයි කවුරුත් කතා කරන සජිත් අර්බුදයට විසදුමක් කියයි 2018-12-07 - පවතින අර්බුදය විසදිය හැක්කේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ බහුතරයට ඇහුම්ක... More detail
මැතිව්ස් - මාලිංග IPL යයි මැතිව්ස් - මාලිංග IPL යයි 2018-12-07 - ලබන වසරේදී පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ ක්‍රීඩක වෙන... More detail
අතුරු තහනම හෙට දක්වා දිර්ඝ කෙරෙයි - රටම බලා සිටි තීන්දුව අද ද? හෙට ද? අතුරු තහනම හෙට දක්වා දිර්ඝ කෙරෙයි - රටම බලා සිටි තීන්දුව අද ද? හෙට ද? 2018-12-07 - පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයට එර... More detail
සා.පෙළ විභාගයට සිසුවා දුරකථන ගෙනල්ලා - ගුරුවරිය නිවසේ සිට පිළිතුරු එවලා සා.පෙළ විභාගයට සිසුවා දුරකථන ගෙනල්ලා - ගුරුවරිය නිවසේ සිට පිළිතුරු එවලා 2018-12-07 - ජංගම දුරකතනයක් භාවිතා කර අපොස සාමාන්‍ය පෙළ විභායේ  ඉංග්‍රීසි   ප්‍රශ්න පත... More detail
මෙෙත්‍රී කියපු ගමන් මහින්ද අගමැතිකම ගන්න හේතුව මෙන්න මෙෙත්‍රී කියපු ගමන් මහින්ද අගමැතිකම ගන්න හේතුව මෙන්න 2018-12-06 - රට තුළ අස්ථාවරත්වයක් නිර්මාණය වී ඇත්තේ අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලය අත්හි... More detail
හිතේ හැටියට බනින්න රන්ජන් ගියපු තැන මෙන්න - විඩියෝ හිතේ හැටියට බනින්න රන්ජන් ගියපු තැන මෙන්න - විඩියෝ 2018-12-06 - තනි අාණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව එක්සත් ජාතික පක්ෂයට ජනාධිපත් මෙෙත්‍රීපාල... More detail
හිටපු ජනපතිනියගෙන් ශ්‍රීලනීප සමුළුව ගැන ලිපියක් හිටපු ජනපතිනියගෙන් ශ්‍රීලනීප සමුළුව ගැන ලිපියක් 2018-12-06 - පසුගියදා (04) පැවති ශ්‍රීලනීප සම්මේලනය පිළිබදව තමාට පක්ෂයේ කිසිවෙකුත් විසින්... More detail
ලෝක වාර්තාවකට ගිය ප්‍රියංකාගේ වේලයේ නොදත් කතාව මෙන්න ලෝක වාර්තාවකට ගිය ප්‍රියංකාගේ වේලයේ නොදත් කතාව මෙන්න 2018-12-06 - ඉන්දීය සුපිරි බොලිවුඩ් තරු කිහිප දෙනෙක්ම පසුගිය දිනවල යුග දිවියට එළඹුණා.  More detail
මහමගදී බන්ධනාගාර බස් රථයේ රියදුරුට නින්ද යයි මහමගදී බන්ධනාගාර බස් රථයේ රියදුරුට නින්ද යයි 2018-12-06 - මාතර සිට කොළඹ බලා ධාවනය වූ බන්ධනාගාර බස් රථයක් අද (06) අලුයම අනතුරට පත්වී තිබේ More detail

 

Gossip

Foreign

Huawei ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය අත්අඩංගුවට Huawei ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය  අත්අඩංගුවට 2018-12-06 - චීනයේ ක්‍රියාත්මක ප්‍රධාන දුරකතන සමාගමක් වන හුවාවි ආයතනයේ නිර්මාතෘවරයාගෙ... More detail
යුටියුබ් වැඩිම අාදායම් ලාභියාට අවුරුදු 7යි - අාදායම ඩොලර් මිලියන 22ක් යුටියුබ් වැඩිම අාදායම් ලාභියාට අවුරුදු 7යි - අාදායම ඩොලර් මිලියන 22ක් 2018-12-06 - සෙල්ලම් බඩු පිළිබඳ විචාර ඉදිරිපත් කරන අවුරුදු හතක් වයසැති දරුවෙකු යූටියුබ්හි... More detail
එච්.අයි.වී ආසාදිතයකු බව මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවේදී කියයි එච්.අයි.වී ආසාදිතයකු බව මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවේදී කියයි 2018-11-30 - බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරයකු අද තමන් එච්.අයි.වී ආසාදිතයකු බව... More detail
පකිස්ථානයේ පැවැත්වෙන සාක් සමුළුවට ඉන්දියාව නැහැ පකිස්ථානයේ පැවැත්වෙන සාක් සමුළුවට ඉන්දියාව නැහැ 2018-11-29 - පකිස්ථානයේ පැවැත්වෙන 20 වැනි සාක් සමුළුව සඳහා සහභාගී නොවීමට ඉන්දියාව තීරණය... More detail
අවුරුදු 14ක බාල වයස්කාර දැරියක් දූෂණය කර ඝාතනය කරලා පසුව මළසිරුර සමඟ ලිංගිකව... අවුරුදු 14ක බාල වයස්කාර දැරියක් දූෂණය කර ඝාතනය කරලා පසුව මළසිරුර සමඟ ලිංගිකව එකතු වෙලා 2018-11-28 - 14 හැවිරිදි බාලවයස්කාර දැරියක් දූෂණය කර ඝාතනය කිරීමෙන් අනතුරුව මළ සිරුර සමඟ... More detail
ජනපතිගේ ක්‍රියාකලාපය අගවිනිසුරුත් හෙළා දකියි ජනපතිගේ ක්‍රියාකලාපය අගවිනිසුරුත් හෙළා දකියි 2018-11-23 - අමෙරිකානු අගවිනිසුරු ජෝන් රොබර්ට්ස් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියා... More detail
මහ අැමතිට මිරිස් කුඩු ගැහුව පුද්ගලයා අත්අඩංගුවට මහ අැමතිට මිරිස් කුඩු ගැහුව පුද්ගලයා අත්අඩංගුවට 2018-11-21 - ඉන්දියාවේ දිල්ලි ප‍්‍රාන්ත මහ ඇමති අරවින්ද් කේජ්රිවාල්ට මිරිස් කුඩු ප‍්‍... More detail