රටේ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙහෙණින් වහන්සේ නමක් ඇතුළු පස්දෙනෙක් මියගොස් ඇති අතර අධිවේගී මාර්ගයන්හි වාහන අනතුරු හතක් පසුගිය පැය හතලිස් අට තුළ වාර්තා වේ.

තුන්දෙනෙකු මරණයට පත් වී ඇත්තේ අකුණු සැර වැදීමෙන් වන අතර ගසක් කැඩීමෙන් තවත් අයකු මරණයට පත් වි තිබේ.

අකුණු සැර වැදීමෙන් මෙසේ මිය ගොස් ඇත්තේ වැලිකන්ද ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු සහ හොරණ ප්‍රදේශයේ මෙහෙණින් වහන්සේ නමක් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

අධික වර්ෂාව පවතින අවස්ථාවන්හිදී වැඩි අවධානයකින් යුතුව අවම වේගයකින් වාහන පදවන ලෙස රියදුරන්ගෙන් ශ්‍රී ලංකා පොලීසිය ඉල්ලා සිටී. අධිවේගි මාර්ගයන්වල වාහන ධාවනය කළ හැකි උපරිම වේගය ලෙස පැයට කිලෝ මිටර් 60 ක් ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය සිමාවක්ද පනවා තිබේ.

ඇතැම් ප්‍රදේශයන්හි වර්ෂාපතනය මිලි මීටර් 75-100-150 ඉක්මවා ඇති බැවින් වර්ෂාව තවදුරටත් පවති නම් නාය යාම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරලීම්, පස් කණ්ඩි කඩා වැටීම්, පොළොව ගිලා බැසීම් පිළිබඳව අවධානයෙන් සිටින ලෙසද, ආරක්ෂාකාරී ස්ථානයන්ට යාමට සූදානම් වන ලෙසද, ආරක්ෂිත ස්ථානයකට යන ලෙසද නායයෑම් පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීමක් කරමින් දිස්ත්‍රික්ක ගණනාවක ජනතාවගෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඉල්ලා සිටී. රත්නපුර, නුවරඑළිය, කලුතර, ගාල්ල දිස්ත්‍රික්කයන්හි ප්‍රදේශ ගණනාවක ජනතාවට අනතුරු වළින් වැළැකීමට ආරක්ෂිත ස්ථානයන්ට යන් ලෙසඳ, කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක ජනතාවට අවශ්‍ය වුවහොත් ආරක්ෂාකාරී ස්ථානයකට යාමට සුදානම් වන ලෙසඳ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද(21) රාත්‍රීය දක්වා පූර්ව අනතුරු ඇඟවීම් සිදු කර තිබේ.

නාය යාමේ තත්ත්වයන් පවතින්නේද යන්න පිළිබඳව නිරන්තර අවධානයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සිටින බවද එහි නායයෑම් පර්යේෂණ හා අවධානම් කළමණාකරන අංශයේ අධ්‍යක්ෂක ආර්. එම්.එස් බණ්ඩාර මහතා පැවසීය. නිල්වලා, ගිං, කලු ගංගා සහ අත්තනගලු ඔය ආශ්‍රිතව ජීවත් වන ජනතාව අධික වර්ෂාවත් සමඟ ඇතිවන ජල මට්ටම් ඉහළ යාම පිළිබඳව දැඩි අවධානයකින් සිටිය යුතු බවද හදිසි අවස්ථාවක් ඇතිවී පිටව යාමට සිදුවුවහොත් ආපදා මල්ල සුදානම් කරගත යුතු බවද ආපදා කළමණාකරන මධ්‍යෂ්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කළේය. වැඩිදුරටත් අදහස් දක්වන ප්‍රදීප් කොඩිප්පිලි මහතා-

මේ සමඟම පවතින වැසි සහිත තත්ත්වය සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මිලි මීටර් 150ක ඉක්මවූ වැසි තත්ත්වය සළකා බලා රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ඇහැලියගොඩ කුරුවිට ඇලපාත ප්‍රදේශ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රදේශය, කලුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙලුව ඇල්පිටිය, තවලම කඩවත් සතර, නාගොඩ ප්‍ර දේශීය ලේකම් කොට්ඨාශවල ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් කළින් හඳුනාගත් අවධානම් ප්‍රදේශවල සිටින ජනතාව වෙත මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා. මෙම ප්‍රදේශවල ජනතාව ආරක්ෂිත ප්‍රදේශ කරා යාම සුදුසු බව එම සංවිධානය දැනුම් දෙනවා. පවතින තත්ත්වය පිළිබඳව අදාළ සියලු අංශයන් දැනුවත් කර තිබෙනවා. 117 දුරකතනඅංකය ඕනෑම වේලාවක සූදානම්.

අධිවේගි මාර්ගයේ සිදුවූ අනතුරු පිළිබඳව අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර මහතා -

‘ඊයේ(20) උදෑසන 11.50ට පමණ දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ සහ ගැළණිගම අතරදී අධික වර්ෂාව හේතුවෙන් ජීප් රථයක් එහි රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ලිස්සා ගොස් ආරක්ෂක වැටෙන්ද පිටතට පැනීම නිසා එහි ගමන් ගත් කුඩා දරුවෙකු ඇතුලු හතර දෙනෙකු තුවාල ලබා නාගොඩ මහ රෝහලට ඇතුළත් කර තිබේ. ඔවුන්ගෙන් කාන්තාවක් සහ කුඩා දරුවා අසාධ්‍ය තත්ත්වයෙන් සිටින බව වාර්තා වන අතර මෙම අනතුරට අමතරව අයහපත් කාලගුණය හේතුවෙන් දක්ෂිණ අධිවේගි මාර්ගයේ ඊයේ දිනයේ තවත් අනතුරු හතරක් සිදුවී තිබෙනවා. එමෙන්ම කටුනායක අධිවේගී මාර්ගයේ රිය අනතුරු දෙකක් සිදුවී තිබෙන අතර අධිවේගි මාර්ගය භාවිතා කරන රියදුරන් වැඩි අවධානයකින් රිය පැදවීම ඉතා වැදගත් වෙනවා. එසේම අවම වේගයකින් වාහන පදවන ලෙස රිය දුරන්ගෙන් ශ්‍රී ලංකා පොලීසිය ඉල්ලා සිටිනවා.‘

ඊයේ(20) සවස 3.00ට පමණ හොරණ පොලිස් වසමේ හෑගල්ලවත්ත ප්‍රදේශයේදී භාවනා මධ්‍යෂ්ථානයක මෙහෙණින් වහන්සේලා දෙදෙනෙකුට අකුණු සැර වැදීමෙන් බරපතල තුවාල ලබා හොරණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් මෙහෙණින් වහන්සේ නමක් අපවත් වී ඇත. මෙලෙස අපවත් වී ඇත්තේ වයස අවුරුදු 62ක් වූ භාවනා මධ්‍යෂ්ථානයේ වැඩ විසූ මුදිතා මෙහෙනින් වහන්සේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.එමෙන්ම පෙරේදා දිනයේ(19) වැලිකන්ද පොලිස් වසමේ මගුල් පොකුණ වැළිකන්ද පදිංචි නිමන්ත දිල්රුක්ෂ(33) සහ ලක්ෂාන් (17) දෙදෙනාද අකුණු සැර වැදීමෙන් මියගොස් තිබේ.

මොණරාගල බඩල්කුඹුර ප්‍රදේශයේදි ගසක් කඩා වැටීමෙන් අවුරුදු 30 එක දරු මවක් වන පෙර පාසැල් ගුරුවරියක් ජිවීතක්ෂයට පත් විය.

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ස්ථාපිත වෙමින් පවතී. එය 22 දිනෙන් පසු ආරම්භ වෙතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සහ අහස වළාකුලින් බව ස්වභාවය අද(21) දිනයේද අපේක්ෂා කෙරේ. අද දිනයේද බස්නාහිර , සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ. සෙසු පළාත් වල විශේෂයෙන් සවස 2.00 න් පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ. සබරගමුව, බස්නාහිර පළාත් වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථාන වලට මිලි මීටර් 150ක් පමණ ඉතා තඳ වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මධ්‍යම හා ඌව පළාත් වල ඇතැම් ස්ථාන වලට මිලි මීටර් 100 වැඩි තද වැසි ඇතිවිය හැක.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඊයේ (20) පස්වරු 3.00 සිට අද(21) පස්වරුව දක්වා නාය යාම් පිළිබඳව අනතුරු අඟවා ඇති දිස්ත්‍රික්ක සහ ප්‍රදේශ මෙසේය.

කළුතර දිස්ත්‍රික්කය( අඟලවතත්ත, බුලත්සිංහල, පාලින්ද නුවර වලල්ලාවිට, ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශ- ), කෑගල්ල දිස්ත්‍රික්කය( දෙහිඹ්විට, දැණියගල, යටියන්තොට, අරණායක, රඹුක්කන, කෑගල්ල, බුලත්කොහුපිටිට, රුවන්වැල්ල, වරකාපොළ ප්‍රාදේශීය කොට්ඨාස හා ඒ අවට ප්‍රදේශ), රත්නපුර දිස්ත්‍රික්කය( ඇහැලියගොඩ, කුරුවිට, රත්නපුර, ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාහ හා ඒ අවට ප්‍රදේශ), කුරුණෑගල දිස්ත්‍රික්කය( රිදීගම, ඉබ්බාගමුව, මාවතගම, මල්ලවපිටිය ප්‍රාදේශීය ලෙක්ම් කොට්ඨාශ හා ඒ අවට ප්‍රදේශ), නුවරඑළිය දිස්ත්‍රික්කය( අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හා ඒ අවට ප්‍රදේශ), බදුල්ල දිස්ත්‍රික්කය( හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලෙක්ම් කොට්ඨාශය හා ඒ අවට ප්‍රදේශ), ගාල්ල දිස්ත්‍රික්කය(ඇල්පිටිය, ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය), කොළඹ( සිතාවක ප්‍රාදේශීය ලෙක්ම් කොට්ඨාසය සහ ඒ අවට ප්‍රදේශ) වේ. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල බෑවුම් සහ රැඳවුම් බැමි ආශ්‍රිත කඩා වැටීම් පිළිබඳව පරීක්ෂාකාරී වන ලෙසද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඉල්ලා සිටී. මේ අතර ලක්ෂපාන වාන් දොරටු දෙකක් විවෘත කරන ලදී. කෑගල්ල බුලත් කොහුපිටිය ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. කැලණි ගගේ ජල මට්ටමේ ඉහළ යමින් පවතී. හොලොම්බුව දැරණියගල ප්‍රදේශයේ ජල මට්ටම වැඩිවී ඇත. ඊයේ(20) රාත්‍රී 10.30 පමණ වන විට රත්නපුරය- මිලි මිටර් 224, ඇහැලියගොඩ මිලිමිටර් 201, ගාල්ල ඇල්පිටිය මිල මිටර්135, දෙහිඕවිට මිලි මීටර් 155, කලුතර බදුරලිය මිලිමීටර් 120, කෑගල්ල උදුගොඩ මිලි මීටර් 127ක වර්ෂාවක් වාර්තා විය.


Latest News

චන්ද්‍රිකාට සහ මහින්දට ජනපතිවරණයට තරඟ කළ හැකියි චන්ද්‍රිකාට සහ මහින්දට ජනපතිවරණයට තරඟ කළ හැකියි 2018-08-21 - පවත්නා ක්‍රමය යටතේ හිටපු ජනාධිපතිවරුන්ට නැවත ජනාධිපතිධුරය සඳහා ඉදිරිපත් ... More detail
මුහුණු පොතින් තරුණියන් දෙදෙනෙකු ගොනාට අන්දලා පේරාදෙණියේ දත් දොස්තරට වෙච්ච... මුහුණු පොතින් තරුණියන් දෙදෙනෙකු ගොනාට අන්දලා පේරාදෙණියේ දත් දොස්තරට වෙච්ච දේ 2018-08-21 - ෆේස්බුක් ගිණුම් හරහා තරුණියන් රැවටූ පුත්තලම ප්‍රදේශයේ දන්ත වෛද්‍යවරයෙක් ... More detail
පාසල් සිසුවියක් බරපතළ ලෙස අපයෝජනය කළ විදුහල්පති පාසල් සිසුවියක් බරපතළ ලෙස අපයෝජනය කළ විදුහල්පති 2018-08-21 - බාල වයස්කාර දැරියක් බරපතළ ලිංගික අපයෝජනය කිරිමේ චෝදනාවක් සම්බන්ධව කොටවෙහෙර... More detail
සුපිරිම ස්ලිප් ක්‍රීඩකයන් අතර මුලටම ආ අපේ ක්‍රිඩකයන් දෙදෙනා සුපිරිම ස්ලිප් ක්‍රීඩකයන් අතර මුලටම ආ අපේ ක්‍රිඩකයන් දෙදෙනා 2018-08-21 - 2015 වසරේ සිට ක්‍රිකට් පිටියේ සාර්ථකම ස්ලිප් ක්‍රීඩකයන් අතරට ශ්‍රී ලංකා ක්‍ර... More detail
ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා ගැන ගත් තීරණය මෙන්න ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා ගැන ගත් තීරණය මෙන්න 2018-08-21 - ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් 16 දෙනාට ... More detail
අගමැති පුටුවට ආ ක්‍රිකට් ක්‍රීඩකයා නිසා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ඉල්ලා... අගමැති පුටුවට ආ ක්‍රිකට් ක්‍රීඩකයා නිසා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි 2018-08-21 - හිටපු ක්‍රිකට් ක්‍රිඩක ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යධුරයට පත්විමත් සමග පාකි... More detail
ලංකාවේ සමුද්‍රීය ආරක්ෂාව වර්ධනයට ජපානයේ සහාය ලංකාවේ සමුද්‍රීය ආරක්ෂාව වර්ධනයට ජපානයේ සහාය 2018-08-21 - ජපානය සහ ශ‍්‍රී ලංකාව අතර පවතින සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ සහයෝගිතාව තවදුරටත්... More detail
දූෂණ සහ මූල්‍ය අපරාධ විභාග කරන විශේෂ මහාධිකරණය අද විවෘත වෙයි දූෂණ සහ මූල්‍ය අපරාධ විභාග කරන විශේෂ මහාධිකරණය අද විවෘත වෙයි 2018-08-21 - දූෂණ සහ මූල්‍ය අපරාධ නඩු විභාග කිරීම සඳහා පිහිටුවනු ලබන විශේෂ මහාධිකරණය අද... More detail
යළිත් ක්‍රීඩා ලොව කළඹමින් සුපිරි ක්‍රීඩකයා තම මිතුරා සමග එක්වී සුපිරි නිරූ... යළිත් ක්‍රීඩා ලොව කළඹමින් සුපිරි ක්‍රීඩකයා තම මිතුරා සමග එක්වී සුපිරි නිරූපිකාවට මත්ද්‍රව්‍ය පොවා දූෂණය කරයි - ඇය සියල්ල හෙළි කරයි 2018-08-21 - එංගන්ත ප්‍රීමියර් ලීග් පාපන්දු තරඟාවලියට ක්‍රීඩා කරන ක්‍රීඩකයෙකු විසින් ... More detail
ගල්කිස්සේ බීච් පාටි එක අතරමගදී තරුණියන් 27කට වුණු දේ ගල්කිස්සේ බීච් පාටි එක අතරමගදී තරුණියන් 27කට වුණු දේ 2018-08-21 - ගල්කිස්ස ප්‍රදේශයේ මුහුදු වෙරළේ පැවති සාදයක් අතරතුර සිදු කල වැටලීමකින් තරුණ... More detail
මව් සෙනෙහස අහිමි පාසල් දැරිය ඥාති සහෝදරයා නිසා ගැබිනියක් වෙයි මව් සෙනෙහස අහිමි පාසල් දැරිය ඥාති සහෝදරයා නිසා ගැබිනියක් වෙයි 2018-08-21 - වයස අවුරුදු 16ක දැරියක්‌ දූෂණය කළ සැකකරුවෙකු මොරවැව පොලිසිය විසින් පෙරේදා (19)... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-08-20 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
ඉතිහාසයේ පළමු වරට මෙරටට පැමිණෙන ජපාන ආරක්ෂක ඇමතිගේ ඉලක්කය ඉතිහාසයේ පළමු වරට මෙරටට පැමිණෙන ජපාන ආරක්ෂක ඇමතිගේ ඉලක්කය 2018-08-20 - අද මෙරටට පැමිණෙන ජපාන ආරක්ෂක අමාත්‍ය ඉට්සුනෝරී ඔනඬේරා, හම්බන්තොට වරායේ සං... More detail
ක්‍රිකට් පරිපාලනයට මහේලගෙන් යළිත් දරුණු කනේ පහරක් ක්‍රිකට් පරිපාලනයට මහේලගෙන් යළිත් දරුණු කනේ පහරක් 2018-08-20 - ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් පළාත් විස්සයි විස්ස ක්... More detail
යළි දැනුම්දෙන තුරු ඇමතිකම් වලින් ඉවත් වු 16ටත් ඇමති ආරක්ෂාව යළි දැනුම්දෙන තුරු ඇමතිකම් වලින් ඉවත් වු 16ටත් ඇමති ආරක්ෂාව 2018-08-20 - යළි දැනුම්දෙනතුරු ආණ්ඩුවෙන් ඉවත්වූ දහසය දෙනාගේ කණ්ඩායමට ඇමති ආරක්ෂාව ලබා... More detail
සල්ලි තියේ නම් ඇති කියලා හිටපු අක්ෂා විවාහය ගැන කියයි සල්ලි තියේ නම් ඇති කියලා හිටපු අක්ෂා විවාහය ගැන කියයි 2018-08-20 - ආක්ෂා සුධාරි කියන්නේ කලා ක්ෂේත්‍රෙය් ජනප්‍රිය චරිතයක් . නිරන්තර කට කතා වලට... More detail
ඩීල් සහ වෘත්තීය සමිති ඔස්තාර්ලා - සැගවුණු කතාව මෙන්න ඩීල් සහ වෘත්තීය සමිති ඔස්තාර්ලා - සැගවුණු කතාව මෙන්න 2018-08-20 - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෘත්තිය සමිති නායකයන් කිහිප දෙනෙක් සමඟ... More detail

 

Gossip

Foreign

අගමැති පුටුවට ආ ක්‍රිකට් ක්‍රීඩකයා නිසා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ඉල්ලා... අගමැති පුටුවට ආ ක්‍රිකට් ක්‍රීඩකයා නිසා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි 2018-08-21 - හිටපු ක්‍රිකට් ක්‍රිඩක ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යධුරයට පත්විමත් සමග පාකි... More detail
යළිත් ක්‍රීඩා ලොව කළඹමින් සුපිරි ක්‍රීඩකයා තම මිතුරා සමග එක්වී සුපිරි නිරූ... යළිත් ක්‍රීඩා ලොව කළඹමින් සුපිරි ක්‍රීඩකයා තම මිතුරා සමග එක්වී සුපිරි නිරූපිකාවට මත්ද්‍රව්‍ය පොවා දූෂණය කරයි - ඇය සියල්ල හෙළි කරයි 2018-08-21 - එංගන්ත ප්‍රීමියර් ලීග් පාපන්දු තරඟාවලියට ක්‍රීඩා කරන ක්‍රීඩකයෙකු විසින් ... More detail
ඉතිහාසයේ පළමු වරට මෙරටට පැමිණෙන ජපාන ආරක්ෂක ඇමතිගේ ඉලක්කය ඉතිහාසයේ පළමු වරට මෙරටට පැමිණෙන ජපාන ආරක්ෂක ඇමතිගේ ඉලක්කය 2018-08-20 - අද මෙරටට පැමිණෙන ජපාන ආරක්ෂක අමාත්‍ය ඉට්සුනෝරී ඔනඬේරා, හම්බන්තොට වරායේ සං... More detail
ජාතියේ ශෝකය මැද අගමැති වජ්පායි සමුගනී ජාතියේ ශෝකය මැද අගමැති වජ්පායි සමුගනී 2018-08-17 - ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන අතල් බිහාරි වජ්පායි ඊයේ අභාවප්‍රාප්ත... More detail
නවසීලන්තය තුළ විදේශිකයන්ට නිවාස මිලදී ගැනීම තහනම් කරයි නවසීලන්තය තුළ විදේශිකයන්ට නිවාස මිලදී ගැනීම තහනම් කරයි 2018-08-16 - නවසීලන්තය තුළ පවතින නිවාස මිලදී ගැනීමේ අවස්ථාව විදේශිකයන්ට තමනම් කරමින් රටේ... More detail
රටම කළඹමින් අගමැති සරාගී නිළියට කළ අමුතු යෝජනාව රටම කළඹමින් අගමැති සරාගී නිළියට කළ අමුතු යෝජනාව 2018-08-14 - වයස අවුරුදු 31 ක් වූ ඉන්දීය සරාගී නිළි කන්ගනා ඉදිරියේදී දේශපාලනයට පිවිසෙනු ඇති... More detail
ජනාධිපති ඝාතනයට තැත් කල පුද්ගලයින් 6ක් අත්අඩංගුවට ජනාධිපති ඝාතනයට තැත් කල පුද්ගලයින් 6ක් අත්අඩංගුවට 2018-08-06 - වෙනිසියුලා ජනාධිපති නිකොලොස් මාදුරෝ ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනාවට මේ වන... More detail