නාවල පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා  වහාම  මාරු කරන්නැයි ඉල්ලා මහ නුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ ගම්පොළ නාවලපිටිය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් නාවල පිටිය පොලිසිය ඉදිරිපිට මාර්ගයේ සුදු ඉර මත නිදාගෙන පෙරේදා (10) විරෝධතාවයක නිරත විය.

පැදුරක් සහ කොට්ටයක් එලාගෙන ආනන්ද අලුත්ගමගේ පෙරේදා අලුයම 5.30 ට ආරම්භ කළ මෙම විරෝධතාව එදින පස්වරු 2.10 වන තුරු පැවැත්විය.

බස් රථ ඇතුළු වාහන විශාල සංඛ්‍යාවක් ධාවනය වන මෙම මාර්ගයේ  මන්ත්‍රීවරයා නිදාගෙන සිටිමෙන් අනතුරක් වීම වැළික්වීම සදහා පොලීසීය ඒ ස්ථානයට ආරක්ෂාව යෙදු අතර පසුව එම මාර්ගය වසා අතුරු මාර්ගයක් වන බෙලි පාර ඔස්සේ වාහන ධාවනය කරවීමට කටයුතු යොදා තිබිණි.

මන්ත්‍රීවරයා පාරේ නිදා සිටියදි එම ස්ථානයට පැමිණි ගම්පොළ  කොට්ඨාස භාර පොලිස් අධිකාරි ඩබ්ල.වී ගිනිගේ සහ නාවල පිටිය බාර සහකාර පොලිස් අධිකාරි චන්ද්‍රෙස්න  බණ්ඩාර යන මහත්වරුන් මන්ත්‍රීවරයා සමග සාකච්ඡා කළ ද ඔහු කියා සිටියේ, තමා ගේ ඉල්ලීම ඉටු වන තුරු තමා මෙම ස්ථානයෙන් ඉවත් නොවන බවයි.

මේ අතර මහනුවර දිස්ත්‍රික්කයේ තත්ත්වය පිළිබදව සොයා බැලීම සදහා අග්‍රාමාත්‍යවරයා සමග එම ප්‍රදේශයට පැමිණ සිටි නිතීය හා සාමය පිළිබද අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර අලුත්ගමගේ මහතාට දුරකථන ඇමතුමක් ලබා දී මාර්ගයෙන් ඉවත් වන ලෙස ඉල්ලා සිටියත් එයටද අවනත නොවු මන්ත්‍රීවරයා කියා සිටියේ මන්ත්‍රීවරුන්ට කාලකාන්නී වී මහා පාරේ බුදියාගන්න සිදු වුණේ ආණ්ඩුවක් නොමැති නිසා බවයි.

මේ පිළීබදව පරීක්ෂණයක් කරනතුරු තමාගේ වචනය විශ්වාස කොට පාරෙන් ඉවත් වන ලෙස අමාත්‍ය මද්දුම බණ්ඩාර ඉල්ලා සිටියද මේ රටේ නීතීයක් නොමැති බවද තමාගේ ඉල්ලිම  ඉටු වන තුරු ඉවත්ව නොයන බවද මන්ත්‍රීවරයා තරයේම කියා සිටියේය.

මේ පිළීබද පොලීසසිය කියා සිටියේ කලින් දිනයේ රාත්‍රී 11.30 ට පමණ මන්ත්‍රීවරයා ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලමින් පොලිසියට පැමිණි බවත් ඉන්ධනහල් වසා ඇති  නිසා එය ඉටු කිරීමට නොහැකි වුවද මහජන නියෝජිතයකු හෙයින් ඉනධන සොයා දීමට කටයුතු කරමින් සිටියදි  එය පමා වීම පිළිබද ව උරණ වු මන්ත්‍රීවරයා පොලිසියට බැණ වදිමින් පිට වී ගොස් පසු දින අලුයම මෙසේ පැමිණ මහා පාරේ නිදා ගත් බවත් ය.

කෙසේ වෙතත් පෙරේදා පස්වරු 1.30 ට පමණ මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එම්.මුතාලිෆ්  මේ ස්ථානයට පැමිණ මීට මැදිහත් වී මන්ත්‍රීවරයා සහ පොලිසිය සමග සාකච්ඡා කළ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් මන්ත්‍රීවරයා පස්වරු 2.10 ට පමණ විරෝධතාව අවසන් කළේය


Latest News

ඇමැතිවරුන්ගේ නම් විකුණමින් ජර්මන් රැකියා පෙන්වා මුදල් ගැරූ සැකකරු අත්අඩං ඇමැතිවරුන්ගේ නම් විකුණමින් ජර්මන් රැකියා පෙන්වා මුදල් ගැරූ සැකකරු අත්අඩංගුවට 2018-08-14 - අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ සේවය කරන බව සහ ආණ්ඩුවේ ප්‍රභල ඇමැතිවරයකුගේ ... More detail
අද 20-20ට හැප්පෙන පිටිය මාලිංගට - කුසල්ට වාසියි අද 20-20ට හැප්පෙන පිටිය මාලිංගට - කුසල්ට වාසියි 2018-08-14 - ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය, කොළඹ - ආර්.... More detail
අජන්ත ප්‍රමුඛ ශ්‍රී ලංකා පිළ ලංකාවට ලෝක කුසලානය ගෙනෙයි අජන්ත ප්‍රමුඛ ශ්‍රී ලංකා පිළ ලංකාවට ලෝක කුසලානය ගෙනෙයි 2018-08-14 - එංගලන්තයේ පැවැති "ලාස්ට් මෑන් චාන්ස්" පන්දුවාර විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් ... More detail
හලාවත වාහන 4ක් එකිනෙක ගැටී සිදුවූ අනතුර හලාවත වාහන 4ක් එකිනෙක ගැටී සිදුවූ අනතුර 2018-08-14 - හලාවත - පුත්තලම මාර්ගයේ දැදුරුඔය පාලමට ආසන්නයේදී වාහන 04 ක් එකිනෙක ගැටීමෙන් අද... More detail
ඥාණසාර හිමියන් ශල්‍යකර්මයක් සඳහා සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට ඥාණසාර හිමියන් ශල්‍යකර්මයක් සඳහා සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට 2018-08-14 - බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ශල්‍යකර්මය... More detail
උසස් පෙළ විභාගය ලියන සිසුවෙකු ළග ජංගම දුරකථනයක් තිබිලා උසස් පෙළ විභාගය ලියන සිසුවෙකු ළග ජංගම දුරකථනයක් තිබිලා 2018-08-14 - උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙකු ළඟ ජංගම දුරකථනයක් භාවිතා කරමින් උසස් පෙළ... More detail
රටම කළඹමින් අගමැති සරාගී නිළියට කළ අමුතු යෝජනාව රටම කළඹමින් අගමැති සරාගී නිළියට කළ අමුතු යෝජනාව 2018-08-14 - වයස අවුරුදු 31 ක් වූ ඉන්දීය සරාගී නිළි කන්ගනා ඉදිරියේදී දේශපාලනයට පිවිසෙනු ඇති... More detail
පළමු විස්සයි විස්ස තරගය අද පළමු විස්සයි විස්ස තරගය අද 2018-08-14 - ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය, කොළඹ - ආර්.... More detail
9 හැවිරිදි දියණිය මාමා අපයෝජනය කරලා 9 හැවිරිදි දියණිය මාමා අපයෝජනය කරලා 2018-08-14 - බාලවයස්කාර පාසල් සිසුවියකට බරපතළ ලිංගික අපයෝජනය සිදු කළ බවට සැක පිට දැරියගේ... More detail
අකිල ක්‍රිකට් දිවියේ හොදම ශ්‍රේණිගත කිරීම ලබයි අකිල ක්‍රිකට් දිවියේ හොදම ශ්‍රේණිගත කිරීම ලබයි 2018-08-14 - එක්දින ක්‍රිකට් පිටියේ පන්දු යවන්නෙක් වශයෙන් සිය හොදම ශ්‍රේණිගත කිරීම වාර්තා... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-08-13 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
කථානායක අගමැතිට බයයි - අපි ප්‍රශ්නයක් ඇහුව්වාම එතුමා අගමැතිවරයා දිහා බලනවා කථානායක අගමැතිට බයයි - අපි ප්‍රශ්නයක් ඇහුව්වාම එතුමා අගමැතිවරයා දිහා බලනවා 2018-08-13 - කථානායක කරු ජයසූරිය ඒකාබද්ධ විපක්ෂය පිළි නොගන්නේ නම් තමන්ද කථානායකවරයා පිළි... More detail
"දැන් හැමදෙයක්ම අනිත් පැත්තට යන්නේ, එතුමා නපුංසකයෙක්ද කියලා අපි දන්නේ කොහොමද... 2018-08-13 - පූජ්‍ය ගලබොඩ අත්තේ ඥානසාර හිමියන්ට ලබා දුන් වසර අටක සිර දඬුවම පිළිබදව කතාබහට... More detail
දෙපැත්තට ගිහින් මම අතරමං වුණා දෙපැත්තට ගිහින් මම අතරමං වුණා 2018-08-13 - ආණ්ඩුවේ පාර්ශවයන් අතර පවතින අර්බුදයන් හේතුවෙන් තමන් ද අතරමන් වී ඇති බව පාර... More detail
2020 ජනාධිපතිවරණය ගැන පැතිරුණු කටකතාවලට සංගා පිළිතුරු දෙයි 2020 ජනාධිපතිවරණය ගැන පැතිරුණු කටකතාවලට සංගා පිළිතුරු දෙයි 2018-08-13 - තමා කිසි දිනෙක දේශපාලනයට නොපැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ... More detail
බැසිල් - ගෝඨා රට පනී - නාමල්ගේ විරෝධතාවයටත් එන්නේනෑ බැසිල් - ගෝඨා රට පනී - නාමල්ගේ විරෝධතාවයටත් එන්නේනෑ 2018-08-13 - බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා හා ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය... More detail
මංගල දැන්වීමෙන් හොයාගත් මනාලයා විවාහයටත් කලින්ම දෑවැද්දත් අරන් ගිහින් මංගල දැන්වීමෙන් හොයාගත් මනාලයා විවාහයටත් කලින්ම දෑවැද්දත් අරන් ගිහින් 2018-08-13 - පුවත්පතක පලකරන ලද දැන්වීමක් ඔස්සේ  කාන්තාවකට විවාහ පොරොන්දු දුන් පුද්ගලයකු... More detail

 

Gossip

Foreign

රටම කළඹමින් අගමැති සරාගී නිළියට කළ අමුතු යෝජනාව රටම කළඹමින් අගමැති සරාගී නිළියට කළ අමුතු යෝජනාව 2018-08-14 - වයස අවුරුදු 31 ක් වූ ඉන්දීය සරාගී නිළි කන්ගනා ඉදිරියේදී දේශපාලනයට පිවිසෙනු ඇති... More detail
ජනාධිපති ඝාතනයට තැත් කල පුද්ගලයින් 6ක් අත්අඩංගුවට ජනාධිපති ඝාතනයට තැත් කල පුද්ගලයින් 6ක් අත්අඩංගුවට 2018-08-06 - වෙනිසියුලා ජනාධිපති නිකොලොස් මාදුරෝ ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනාවට මේ වන... More detail
සිගිත්තා වඩා ගෙන රාජකාරියට ආ අගමැතිනිය සිගිත්තා වඩා ගෙන රාජකාරියට ආ අගමැතිනිය 2018-08-03 - තම පළමු දරුවට උපත ලැබීමෙන් සති හයකට පසු නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඞ්න් තම... More detail
අගමැති පුටුෙව් දිවුරුම් දෙන ක්‍රිකට් ඛාන්ට සුබ පතන්න එන ක්‍රීකට් සගයෝ අගමැති පුටුෙව් දිවුරුම් දෙන ක්‍රිකට් ඛාන්ට සුබ පතන්න එන ක්‍රීකට් සගයෝ 2018-08-02 - හිටපු සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩක ඉම්රාන් ඛාන් පකිස්තානයේ අග‍්‍රාමාත්‍යවරයා... More detail
මැතිවරණයේ දී හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා ඉදිරියෙන් මැතිවරණයේ දී හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා ඉදිරියෙන් 2018-07-26 - පාකිස්ථාන මහ මැතිවරණයේ මෙතෙක් ලැබී ඇති නිල නොවන ප්‍රතිඵල වලට අනුව හිටපු ක්... More detail
සුපිරි නිළි සොනාලි බෙන්ද්‍රේ දරුණු පිළිකා මාරයා සමග සටනක සුපිරි නිළි සොනාලි බෙන්ද්‍රේ දරුණු පිළිකා මාරයා සමග සටනක 2018-07-23 - අනූව දශකයේ අගභාගයේ බොලිවුඩ් සිනමාවට පිවිසි සුරෑපි නිළි සොනාලි බෙන්ද්‍රේ (sonali... More detail
ලොවක් බලා සිටියදී අහසේ ඇවිදපු තරුණිය මෙන්න - විඩියෝව ලොවක් බලා සිටියදී අහසේ ඇවිදපු තරුණිය මෙන්න - විඩියෝව 2018-07-23 - ප‍්‍රංශයේ පැරිස් නුවර ඉහළ අහසේ අදින ලද කම්බියක් මත මීටර් 35 ක දුරක් ඇවිද ගිය ... More detail