හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට වසර 05ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් නියම කර තිබේ.
2013 වසරේදී කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනිමට යාමේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වර්තමාන අධ්යක්ෂ ශානී අබේසේකරට මරණිය තර්ජන එල්ල කිරිම පිළිබඳ චෝදනාවට වරදකරුවිම හේතුවෙන් මෙම දඩුවම නියම කර ඇති බව වාර්තා වේ.
ශානී අබේසේකර ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව නීතිපති දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහාධිකරණය හමුවේ චෝදනා 06ක් යටතේ වාස් ගුණවර්ධනට එරෙහිව නඩු පවරා තිබිණි.
ඉන් මරණිය තර්ජන එල්ල කිරිමේ චෝදනාව වැඩිබර සාක්ෂිමත ඔප්පුකර ඇති බැවින් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග අද (12) එම නියෝගය නිකුත් කර තිබේ.