දෙපාර්ශ්වයක් අතර ගැටුමක් ඇතිවී එල්ල වූ පිහි ප්‍රහාරයකින් පපු කුහරය ආසන්නයටම බරපතළ කැපුම් තුවාල සිදුවී ජීවිතය හා මරණය අතර සිටි පිය පුතු දෙපළකට පිහිට වූ වෛද්‍යවරයෙකු පිළිබදව අනුරාධපුර ප්‍රදේශයෙන් වාර්තා වේ.

කඩිනමින් මූලික ප්‍රතිකාර ලබාදී රියැදුරකු නොමැති ගිලන් රියට රියැදුරකු ගෙන්වාගෙන ඔවුන් දෙදෙනාම තම්මැන්නාව රජයේ රෝහලේ සිට අනුරාධපුර ශික්‍ෂණ රෝහල වෙත රැගෙන විත් ජීවිත බේරා ගැනීමට රෝහලේ ස්ථාන භාර වෛද්‍යවරයාට පෙරේදා (13දා) රාත්‍රියේ හැකිවී තිබේ.

තරුණ පිය පුතු දෙපළගේ ජීවිත බේරා ගැනීමට කටයුතු කර ඇත්තේ තම්මැන්නාව රජයේ රෝහලේ ස්ථාන භාර ජ්‍යේෂ්ඨ වෛද්‍ය නිලධාරි ඩී.පී.එස්. සිසිර කුමාර ය.

පෙරේදා (13දා) සවස හතට පමණ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් දරුණු පිහි ප්‍රහාරයකට ලක්වූ පිය පුතු දෙපළක් ප්‍රතිකාර සඳහා තම්මැන්නාව රජයේ රෝහලට රැගෙන විත් ඇතත් ඔවුන් ආරක්‍ෂාකාරීව අනුරාධපුර ශික්‍ෂණ රෝහලට රැගෙන යෑමට ගිලන් රථයේ රියැදුරා නොමැතිවීම නිසා වෛද්‍යවරයා දැඩි අසීරුතාවකට පත්වී තිබේ.

ස්ථාන භාර වෛද්‍යවරයා වහාම එහෙත් 26 වැනි වියේ පසුවූ තරුණයාට හා 46 හැවිරිදි ඔහුගේ පියා හට මූලික ප්‍රතිකාර ලබාදෙමින් අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයාට දුරකතන ඇමතුමක් ලබාදෙමින් ගිලන් රථ රියැදුරා පුහුණු වැඩමුළුවක් සඳහා නිවාඩු ලබාගෙන ඇති බවත් පපු කුහරය ආසන්නයට පිහි ප්‍රහාරයක් එල්ල වූ අසාධ්‍ය රෝගීන් දෙදෙනකු රෝහලේ සිටින බව දන්වා තිබේ.

එම නිසා ඔවුන් අනුරාධපුර රෝහලට ගිලන් රථයෙන් රැගෙන ඒමට නොහැකි තත්ත්වයක් ඇති බවත් ගිලන් රිය රැගෙන ඒමට රියැදුරකු යොදා ගැනීමට අවසර ලබාදෙන ලෙසත් වෛද්‍යවරයා ඉල්ලීම් කළ අවස්ථාවේ අධ්‍යක්‍ෂවරයා වහාම ඊට අවසර ලබාදී තිබේ.

වහාම ක්‍රියාත්මක වූ වෛද්‍යවරයා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ විශ්‍රාමික රියැදුරකු රෝහලට කැඳවා රෝගීන් දෙදෙනාව ආරක්‍ෂාකාරීව අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ප්‍රවාහනය කරදෙන ලෙස ඉල්ලා තිබේ. එම රියැදුරා ඉතා ආරක්‍ෂාකාරීව රෝගීන් දෙදෙනාම අනුරාධපුර රෝහලට රැගෙන මිනිත්තු කිහිපයකදී අනුරාධපුර රෝහලට ළඟාවී තිබිණි.

පපු කුහරය ආසන්නයට තුවාල සිදුවී බරපතළ තත්ත්වයෙන් සිටි රෝගීන් දෙදෙනාට කඩිනමින් මූලික ප්‍රතිකාර ලබාදී ඔවුන්ගේ පෙණහලුවලට වාතය පිරීමෙන් ජීවිත අවදානම් තත්ත්වයට පත්වීමට පෙර පිය පුතු දෙදෙනා රෝහලට ඇතුළත් කිරීමට වෛද්‍යවරයා සමත්වී තිබිණි.

 

 


Latest News

ගෝඨාටත් ඒකාබද්ධයේ කැපිල්ල ගෝඨාටත් ඒකාබද්ධයේ කැපිල්ල 2018-06-20 - ගෝටාභය රාජපක්‍ෂගේ සභාපතීත්වයෙන් යුත් ‘වියත්මග’ සංවිධානය විසින් ඉදිරිපත්... More detail
බැදුම්කර මගඩිය විශ්වවිද්‍යාල අර්ථ සාධක අරමුදලේ (UPF) මිලියන 880ක් අරන් බැදුම්කර මගඩිය විශ්වවිද්‍යාල අර්ථ සාධක අරමුදලේ (UPF) මිලියන 880ක් අරන් 2018-06-20 - බැදුම්කර වංචාව විශ්වවිද්‍යාල අධ්‍යයන හා අනධ්‍යන සේවකයින් 15,000 කගේ විශ්වවිද... More detail
බාල වයස්කාර දැරිය පැහැරගෙන ගොස් දුෂණය කළ දෙදෙනාට අද ලැබුණු තීන්දුව බාල වයස්කාර දැරිය පැහැරගෙන ගොස් දුෂණය කළ දෙදෙනාට අද ලැබුණු තීන්දුව 2018-06-20 - බාල වයස්කාර දැරියක් පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කිරීම ඇතුළු චෝදනා දෙකකට ... More detail
රනිල් බලන්ඉද්දී සජිත් මෛත්‍රීට කටු ගසයි රනිල් බලන්ඉද්දී සජිත් මෛත්‍රීට කටු ගසයි 2018-06-20 - ජූනි 23 වනදාට යෙදෙන ජාතික නිවාස දිනය වෙනුවෙන් ප්‍රකාශයට පත්කර ඇති කොඩි සතිය ... More detail
ඥානසාර හිමිට පොදු සමාවක්? ඥානසාර හිමිට පොදු සමාවක්? 2018-06-20 - මාස 06 ක සිරදඬුවම් නියම වී සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ... More detail
ඇලෝසියස්ගේ අරක්කු විකුණන මන්ත්‍රී 5ක් පාර්ලිමේන්තුවේ ඇලෝසියස්ගේ අරක්කු විකුණන මන්ත්‍රී 5ක් පාර්ලිමේන්තුවේ 2018-06-20 - පාර්ලිමේන්තුව රැස්වූ අතර ඊයේ (19) පැවැති විවාදයේදී ඒකාබද්ධ විපක්ෂයේ මහනුවර ... More detail
ඥානසාර හිමියන්ගේ චීවරය ගැන අධිකරණ ඇමතිනිය කියයි ඥානසාර හිමියන්ගේ චීවරය ගැන අධිකරණ ඇමතිනිය කියයි 2018-06-20 - බෞද්ධ භික්ෂුවකගේ චීවරය ඉවත් කිරීමේ බලයක් බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්ව... More detail
ඇලෝසියස් මුදල් පමණක් නොව රුසියන් ගණිකාවොත් ගෙනල්ලා දීලා ඇලෝසියස් මුදල් පමණක් නොව රුසියන් ගණිකාවොත් ගෙනල්ලා දීලා 2018-06-20 - පර්පෙච්චුවල් ට‍්‍රෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් පමණක් නොව රු... More detail
මෛත්‍රී පාවා දෙමින් ෆොනි ඇමතිකමින් ඉවත් වෙයි? මෛත්‍රී පාවා දෙමින් ෆොනි ඇමතිකමින් ඉවත් වෙයි? 2018-06-20 - ජනාධිපතිවරයා පොරොන්දු වූ පරිදි මාස 3 ක් ඇතුළත සිංහරාජ රක්ෂිතයේ සිටින අවසන්... More detail
සැමියා ගෙදර එද්දී අලුත ගෙනා බිරිදගේ රැවුලත් වැවිලා - කට හඩත් වෙනස් වෙලා සැමියා ගෙදර එද්දී අලුත ගෙනා බිරිදගේ රැවුලත් වැවිලා - කට හඩත් වෙනස් වෙලා 2018-06-20 - අලුත විවාහපත් සිය බිරිඳගේ මුහුණේ රැවුල වැවී තිබීමත් ,කටහඩ පිරිමියෙකු ලෙස බවත්... More detail
නියෝජ්‍ය ඇමති - රාජ්‍ය ඇමතිවරු 2ක් - 9 කෝටි 60 ලක්ෂයක් ඉල්ලති නියෝජ්‍ය ඇමති - රාජ්‍ය ඇමතිවරු 2ක්  - 9 කෝටි 60 ලක්ෂයක් ඉල්ලති 2018-06-20 - නියෝජ්‍ය අමාත්‍යවරයකුට වාහනයක් ලබාගැනීම, රාජ්‍ය අමාත්‍යවරයකුගේ කාර්යාල ... More detail
ඇමරිකාව ජගත් මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවතට ඇමරිකාව ජගත් මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවතට 2018-06-20 - ජගත් මානව හිමිකම් කවුන්සිලය පක්ෂග්‍රාහීව කටයුතු කරන බව පවසමින් ඇමරිකා එක්සත්... More detail
කිරිවෙහෙර හිමිට වෙඩිතැබීම පිටුපස චීත්තයක් - අනියම් බිරිදක් අත්අඩංගුවට කිරිවෙහෙර හිමිට වෙඩිතැබීම පිටුපස චීත්තයක් - අනියම් බිරිදක් අත්අඩංගුවට 2018-06-20 - කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධිය ... More detail
ඉස්සර කරන්න ගොස් ඇනගනී ඉස්සර කරන්න ගොස් ඇනගනී 2018-06-20 - කල්පිටිය-පාලවිය මාර්ගයේදී වෑන් රථයක් බස් රථයක ගැටීමෙන් විදේශ ජාතිකයන් දෙ... More detail
ගුරුසිංහට සහ හතුරුසිංහටත් තරඟ තහනමක්..? - චන්දිමාල් පන්දුව පළුදු කරන අයුරු ද... ගුරුසිංහට සහ හතුරුසිංහටත් තරඟ තහනමක්..? - චන්දිමාල් පන්දුව පළුදු කරන අයුරු  දැක්වෙන අලුත් වීඩියොවකුත් එළියට 2018-06-20 - ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පන්දුව පළුදු කරන ආකාරය දැක්වෙන නවතම වීඩියෝ... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-06-19 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
විවාහක පෙම්වතා තරුණිය මරා රෝහලට බාර දීලා - බලපිටියේ මියගිය තරුණියගේ සැකකටයුතු... විවාහක පෙම්වතා තරුණිය මරා රෝහලට බාර දීලා  - බලපිටියේ මියගිය තරුණියගේ සැකකටයුතු මරණය හෙළිවෙයි 2018-06-19 - පසුගියදා බලපිටිය ප්‍රදේශයේ තරුණියක මරා දමා රෝහලට මිනිය භාරදී පළායාමේ  සිද... More detail

 

Gossip

Foreign

සැමියා ගෙදර එද්දී අලුත ගෙනා බිරිදගේ රැවුලත් වැවිලා - කට හඩත් වෙනස් වෙලා සැමියා ගෙදර එද්දී අලුත ගෙනා බිරිදගේ රැවුලත් වැවිලා - කට හඩත් වෙනස් වෙලා 2018-06-20 - අලුත විවාහපත් සිය බිරිඳගේ මුහුණේ රැවුල වැවී තිබීමත් ,කටහඩ පිරිමියෙකු ලෙස බවත්... More detail
ඇමරිකාව ජගත් මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවතට ඇමරිකාව ජගත් මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවතට 2018-06-20 - ජගත් මානව හිමිකම් කවුන්සිලය පක්ෂග්‍රාහීව කටයුතු කරන බව පවසමින් ඇමරිකා එක්සත්... More detail
ට්‍ර‍ම්ප්ගෙන් චීනයට අනතුරු ඇගවීමක් ට්‍ර‍ම්ප්ගෙන් චීනයට අනතුරු ඇගවීමක් 2018-06-19 - චීන භාණ්ඩ මත නව තීරුබද්දක් පනවන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අ... More detail
200ක් තුවාල ලබා තිදෙනෙක්ට මරු කැදවු ජපානයේ ඛේදවාචකය 200ක් තුවාල ලබා තිදෙනෙක්ට මරු කැදවු ජපානයේ ඛේදවාචකය 2018-06-19 - ජපානයේ ඔසාකා නගරය ආසන්නයේ ඇතිවූ බලවත් භූ කම්පනයකින් දැරියක් ඇතුළු තිදෙනෙක්... More detail
උතුරු කොරියාවේ 2020 ගැන ඇමරිකාව කියන කතාව උතුරු කොරියාවේ 2020 ගැන ඇමරිකාව කියන කතාව 2018-06-14 - උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් 2020 වසර වන විට නතර කිරිමට හැකිවනු... More detail
ජනපති කිම් වැසිකිලියත් රැගෙන සිංගප්පුරුවට ආ ගමන ජනපති කිම් වැසිකිලියත් රැගෙන සිංගප්පුරුවට ආ ගමන 2018-06-13 - උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් සිය සිංගප්පුරු සංචාරය අතරවාරයේදී බෙහෙවින්... More detail
ට්‍ර‍ම්ප් - කිම් ලොවම මවිත කරමින් එළඹුණු ඓතිහාසික ගිවිසුම ට්‍ර‍ම්ප් - කිම් ලොවම මවිත කරමින් එළඹුණු ඓතිහාසික ගිවිසුම 2018-06-13 - ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතර ... More detail