පසුගිය සතියේ උසස් පෙළ රසායන විද්‍යාව 2 වන ප්‍රශ්නපත්‍රය කලින් පිටවූ බවට ඇතිවූ ආන්දෝලනාත්මක සිද්ධිය නිසා ජිනේන්ද්‍ර රණසිංහ නමැති උපකාරක පන්ති ගුරුවරයෙකු සැකයට භාජනය වීමෙන් පසු ඔහු සොයා සිදු කළ රහස් පොලිස් මෙහෙයුමේදී ටියුෂන් පන්ති පත්‍රිකා සිද්ධියෙන් එහාට ගිය අතිශය සූක්ෂම විභාග වංචාවක් ගැන තොරතුරු අනාවරණය කරගන්නට පොලිසියට හැකි විය.

කල් ඇතිව රසායන විද්‍යා විභාග ප්‍රශ්න තමා සම්මන්ත්‍රණයක දී ලබාදුන් බව හා ඒවා සසඳන ලෙස ඉල්ලමින් විභාගය අවසන්වූ සැණින් මෙම ටියුෂන් ගුරුවරයා එම අවස්ථාවේ පැවති විභාග ප්‍රශ්න සංස්කරණය කර ව්‍යාජ පත්‍රිකාවක් බෙදාහැර තිබුණ අතර ඒ පිළිබඳ පොලිසිය ඒවා බෙදූ අයගෙන් හා ගුරුවරයාගේ නිවසේ අයගෙන් ප්‍රශ්න කළ පසු ගුරු සොයුරා හා පියා අත්අඩංගුවට පත්විය. ජිනේන්ද්‍රගේ සොයුරා මුලින් පැවසුවේ තමා ඒ ප්‍රශ්න පිටපත් විභාගය වෙලාවේ ලබාගත් කතාවකි. ඔහුගේ ටැබ් පරිගණකයේ එම විභාග ප්‍රශ්න වල කැමරා පිටපත්ද අඩංගු විය.

නමුත් දිගින් දිගටම ඔහුව පොලිස් ප්‍රශ්න කිරීම් වලට ලක්වෙද්දී මෙතෙක් ලංකාවේ විභාග ඉතිහාසයෙ වාර්තා නොවූ අතිශය සූක්ෂ්ම වංචාවක් ගැන තොරතුරු අනාවරණය විය.

ඇත්ත වශයෙන්ම රසායන විද්‍යාව විභාග ප්‍රශ්න  ටියුෂන් ගුරුවරයාට ලැබී ඇත්තේ එදින විභාගයට පෙනී සිටින සිසුවෙකු මාර්ගයෙනි.  මෙම සිසුවා සිදු කළ විභාග වංචාව අති නවීන ආකාරයේ එකකි.

ඔහු විභාගය අවස්ථාවේ ප්‍රශ්න ඡායාරූපයට නගා ගුරුවරයාට අන්තර්ජාලය ඔස්සේ එවා විභාග පුටුවේ හිඳගෙනම ගුරුවරයා සමග සජීවීව සම්බන්ධව සිටිමින් එම ප්‍රශ්න වලට උත්තර දැනගෙන පිළිතුරු ලියා ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.

ටියුෂන් ගුරුවරයාට මෙම වංචාව වෙනුවෙන් ලක්ෂ 10 ක් සිසුවාගේ පියා ගෙවා ඇති අතර ඔහු තමන්ට ලැබුණ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් අත්පත්‍රිකා වංචාවට අතගසා ඇත්තේ අමතර වැඩක් ලෙසිනි.

කාටත් නොතේරෙන්නට විභාග ශාලාවේ සිට ගුරුවරයා සිටි තැනකට මෙවැනි සජීවී සම්බන්ධයක් ගොඩනගාගන්නේ කෙසේද?

පොලිස් රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකුගේ පුතෙකු වන එම සිසුවා කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබන්නෙකි. එම සිසුවා ජිනේන්ද්‍ර රණසිංහ ලවා රසායන විද්‍යාව අවුරුදු දෙකක් තිස්සේ නිවසට ගෙන්වා ගෙන ඉගෙනුම ලැබූ බව පැවසේ. ඔහු තොරතුරු තාක්ෂණයේද නිපුණ සිසුවෙකි. ඔහු කෙටි චිත්‍රපට නිපදවන්නෙකු වන අතර පසුගිය කාලයේ ඔහු කළ නිර්මාණයක් කැනඩාවේ ඇගයීමකට ලක්වී එහි සංචාරයක්ද සිදු කර ඇත.

නවීන තාක්ෂණික ගැජට් ගැන හසළ අවබෝධයක් ඇති මෙම ළාබාල තරුණයා විභාග වංචාවට යොදා ගෙන ඇත්තේ ගැජට් දෙකකි.

එක් ගැජට්ටුවක් නම් කමිස බොත්තමේ රඳවන රහස් කැමරාවකි. කැමරාව සහිත බොත්තම හා ස්විච්චය ලෙස කොටස් දෙකකින් එන එමගින් ඡායාරූප ගන්නේ කමිසයේ බොත්තම ඉවත් කර ඒ වෙනුවට කැමරාව සවි කළ පසු කකුලේ මාපටැඟිල්ල අසල ස්විච්චය රඳවා එය ස්පර්ශ කිරීමෙනි. ස්විච්චය තද කරන වාරයක් පාසා බොත්තම් කැමරාව ඡායාරූප ලබාගෙන ෆේස් බුක් පිටුවක් වෙත ඉබේම අප්ලෝඩ් කරයි.

දෙවැනි ගැජට්ටුව නම් කණ ඇතුලේ රඳවන බ්ලූටූත් සෙට් එකකි. මීටර 200 පමණ දුරක ඇති ජංගම දුරකථනයක් සමග සම්බන්ධ විය හැකි එම ගැජට්ටුවට එන ඇමතුමකට කාටත් නොතේරෙන්නට උත්තර දෙන්නට කෙනෙකුට හැකියාව ඇත. පිටතින් බලන කෙනෙකුට කණේ එවැන්නක් ඇතැයි පෙනෙන්නේ නැත. ඉතා සූක්ෂ්ම ලෙස කණෙහි එය රඳවන්නට පිටතින් කාන්දමක්ද උදව් කරගත යුතු බව පැවසේ.

රාජකීය විද්‍යාලයේ විභාග ශාලාවට යන්නට පෙර ජිනේන්ද්‍ර සර් සමග මෙම සිසුවා මේ කියන ගැජට් නිසි ආකාරයෙන් විභාග වංචාවට යොදාගත හැකි ආකාරය පුහුණුවට ලක්කර ඇති බව වාර්තා විය. ජංගම දුරකථනය ක්‍රියාත්මක කරවා එය විභාග ශාලාවට ආසන්න ස්ථානයක රඳවා ගුරුවරයා සමග සජීවීව සම්බන්ධතාවය ගොඩනගාගෙන විභාගය ලියන්නට ගිය මෙම සිසුවා ප්‍රශ්න පත්තර බෙදූ පසු කමිස බොත්තම දෙසට ප්‍රශ්න පත්‍රය හරවා ඡායාරූප ලබාගෙන ඇති අතර ඒවා ෆේස්බුක් වෙත ලැබුණ පසු  බොරැල්ල ප්‍රදේශයේ වෛද්‍යවරයාගේ නිවසේ රැඳී සිටි ගුරුවරයා ඒවා ලබාගෙන එසැණින් පිළිතුරු සකසමින් සිසුවාට කතා කර කියා තිබේ. සිසුවාගේ පැත්තෙන් කතා කිරීම අපහසු නිසා ‘ඇහුනෙ නෑ‘ ‘ආයෙත් කියන්න‘ වැනි ප්‍රතිචාර සඳහා කුඩා ශබ්ද මගින් සංඥා නිකුත් කරන්නට පෙර පුහුණුවී ඇත. වාර්තා වන අන්දමට රසායන විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රයටද ගුරුවරයා සමග සිසුවා මෙම සම්බන්ධය තබාගෙන ඇති අතර මෙම සිසුවා මේ ආකාරයට ජීව විද්‍යාව හා භෞතික විද්‍යාව වෙනුවෙන්ද ගුරුවරුන් යොදාගෙන මෙම වංචාව සිදු කර ඇතිදැයි විමර්ශන සිදුවේ.

මෙම සූක්ෂ්ම විභාග වංචාවට හවුල්වූ වෛද්‍ය පියාද සිසුවාද මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මෙම වංචාව සිදුකිරීම වෙනුවෙන් ජිනේන්ද්‍ර රණසිංහට වෛද්‍ය පියා ලක්ෂ 10 ක් ගෙවා ඇති අතර ඒ මුදල් නිවසට රැගෙන ආ ජිනේන්ද්‍ර පත්‍රිකා පිටවීමෙන් වැඩේ අවුල් වන බව දැනගත් පසු මේ වනවිට නිවසින්ද අතුරුදන්ව සිටී. ඔහු මුළු මුදලින් රුපියල් 20000 ක් පමණක් රැගෙන ඉතිරිය නිවසේ තබාගොස් ඇති අතර 980000 මුදල පොලිසියට බාර දීමට සොයුරා පියවර ගෙන ඇත. විභාග වංචාව සිදු කරන අතර පත්‍රිකාවට අදාළ ඡායාරූප තමන් වෙත යොමු කරන බව දැනුම් දී තිබුණ බවත් විභාගය ඇරඹී මිනිත්තු 45 කින් පමණ ඒවා තමන්ගේ ටැබ් එකට එවූ බවත් සොයුරා පාපොච්චාරණය කර ඇත. ප්‍රතිකාව මුද්‍රණය කර බෙදාහැරීම දක්වා වැඩ සිදු කර ඇත්තේ ඔහුය.

මෙම විභාග වංචාව නිසා රාජකීය විද්‍යාල සිසුවාට වසර 5ක විභාග තහනමක් පැමිණවිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව දන්වා ඇත.

ඉදිරියේදී මේ ආකාර ගැජට් යොදාගෙන විභාග වංචා සිදු කරන්නන් නීතියේ රැහැනට අසුකරන්නට පියවර ගන්නා බවද විභාග කොමසාරිස් වරයා දන්වා තිබේ. 


Latest News

අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-08-15 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
තරුණියගේ නාන නිරුවත් දර්ශන ඇතුලත් වීඩියෝවක් තරුණයට යවලා - ඉමෝ වලින් කප්පම් ... තරුණියගේ නාන නිරුවත් දර්ශන ඇතුලත් වීඩියෝවක් තරුණයට යවලා - ඉමෝ වලින් කප්පම් ගන්න හැදු අම්මටයි පුතාටයි වැඩ වරදී  2018-08-15 - විසි දෙහැවිරිදි තරුණියක් නිරුවතින් නාන දර්ශන ඇතුළත් වීඩියෝවක් අන්තර්ජාලයේ... More detail
පාර්ලිමේන්තුවට බැරිවුණු දේ රෝසි කරයි - නාගරික මන්ත්‍රී වැටුප 225%කින් වැඩි කරගනී... පාර්ලිමේන්තුවට බැරිවුණු දේ රෝසි කරයි - නාගරික මන්ත්‍රී වැටුප 225%කින් වැඩි කරගනී 2018-08-15 - කොළඹ මහ නගර සභා මන්ත්‍රීවරුන්ගේ මාසික දීමනාව රුපියල් 20,000 සිට රුපියල් 45,000 ක්‌... More detail
21 දා රෑ 12ට පෙර විසදුම් නැතිනම් යළිත් දුම්රිය වර්ජනයක් 21 දා රෑ 12ට පෙර විසදුම් නැතිනම් යළිත් දුම්රිය වර්ජනයක් 2018-08-15 - සමස්ත රාජ්‍ය සේවාවේම වැටුප් විෂමතා ඉවත් කරන තෙක් සිටීමට හැකියාවක් නොමැති ... More detail
ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන්ට ස්වාධීනවීමට මහින්දගෙන් අනුමැතිය ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන්ට ස්වාධීනවීමට මහින්දගෙන් අනුමැතිය 2018-08-15 - ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට ඉල්ලා සිටියහොත්... More detail
මගහැර ගිය පෙම්වතියට පෙම්වතෙක් දුන් දඬුවම - පැහරගෙන ගොස් දූෂණය කර රන්බඩුත් ක මගහැර ගිය පෙම්වතියට පෙම්වතෙක් දුන් දඬුවම - පැහරගෙන ගොස් දූෂණය කර රන්බඩුත් කොල්ලකාලා 2018-08-15 - වැලිවේරිය පොලිස්‌ වසමේ පදිංචි 18 හැවිරිදි තරුණියක්‌ව පැහැර ගෙන ගොස්‌ අයුතු... More detail
ත්‍රිරෝද රථ රියදුරන්ට මෙන්න විශේෂ නිවේදනයක් ත්‍රිරෝද රථ රියදුරන්ට මෙන්න විශේෂ නිවේදනයක් 2018-08-15 - පොදු සේවා මෝටර් ට්‍රයිසිකල් (ත්‍රීරෝද) පැදවීමට අදාළව විශේෂ නියෝග කිහිපයක් ... More detail
රෑ 11ට 12ට කොල් කරනවා - අපිටත් සලකන්න පුළුවන් සීමාවක් තියෙනවා - රොෂානාගේ වාහන ගන... රෑ 11ට 12ට කොල් කරනවා - අපිටත් සලකන්න පුළුවන් සීමාවක් තියෙනවා - රොෂානාගේ වාහන ගනුදෙනුවේ ඇත්ත හෙළිවෙයි 2018-08-15 - වාහනයක් නැතිව සිටි රොෂානාට රෙන්ට් එකට වාහනයක් අරන් දුන්න අතුල ඉද්දමල්ගොඩට... More detail
ජාතික පිහිනුම් ශූර අකලංක පීරිස්ට ඉන්දුනීසියවේදී උසස් පෙළ විභාගයට පෙනී සිටීමේ... ජාතික පිහිනුම් ශූර අකලංක පීරිස්ට ඉන්දුනීසියවේදී උසස් පෙළ විභාගයට පෙනී සිටීමේ වරම් 2018-08-15 - ජාතික පිහිනුම් ශූරයකු වන ශාන්ත පීතර විදුහලේ අකලංක පීරිස් ශිෂ්‍යයාට මෙවර ජ... More detail
අඩුම ලකුණු සංඛ්‍යාවට දකුණු අප්‍රිකාව ඇද දමමින් ලංකාව ලැබු ජයග්‍ර‍හණයෙන් පසු... අඩුම ලකුණු සංඛ්‍යාවට දකුණු අප්‍රිකාව ඇද දමමින් ලංකාව ලැබු ජයග්‍ර‍හණයෙන් පසු ක්‍රීඩකයන් කියපු කතාව 2018-08-15 - දකුණු අප්‍රිකාව සමග ඊයේ (14) පැවති විස්සයි 20 ක්‍රිකට් තරගයේදි ශ්‍රි ලංකාවට කඩුළු... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-08-15 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
ඇමැතිවරුන්ගේ නම් විකුණමින් ජර්මන් රැකියා පෙන්වා මුදල් ගැරූ සැකකරු අත්අඩං ඇමැතිවරුන්ගේ නම් විකුණමින් ජර්මන් රැකියා පෙන්වා මුදල් ගැරූ සැකකරු අත්අඩංගුවට 2018-08-14 - අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ සේවය කරන බව සහ ආණ්ඩුවේ ප්‍රභල ඇමැතිවරයකුගේ ... More detail
අද 20-20ට හැප්පෙන පිටිය මාලිංගට - කුසල්ට වාසියි අද 20-20ට හැප්පෙන පිටිය මාලිංගට - කුසල්ට වාසියි 2018-08-14 - ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය, කොළඹ - ආර්.... More detail
අජන්ත ප්‍රමුඛ ශ්‍රී ලංකා පිළ ලංකාවට ලෝක කුසලානය ගෙනෙයි අජන්ත ප්‍රමුඛ ශ්‍රී ලංකා පිළ ලංකාවට ලෝක කුසලානය ගෙනෙයි 2018-08-14 - එංගලන්තයේ පැවැති "ලාස්ට් මෑන් චාන්ස්" පන්දුවාර විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් ... More detail
හලාවත වාහන 4ක් එකිනෙක ගැටී සිදුවූ අනතුර හලාවත වාහන 4ක් එකිනෙක ගැටී සිදුවූ අනතුර 2018-08-14 - හලාවත - පුත්තලම මාර්ගයේ දැදුරුඔය පාලමට ආසන්නයේදී වාහන 04 ක් එකිනෙක ගැටීමෙන් අද... More detail
ඥාණසාර හිමියන් ශල්‍යකර්මයක් සඳහා සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට ඥාණසාර හිමියන් ශල්‍යකර්මයක් සඳහා සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට 2018-08-14 - බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ශල්‍යකර්මය... More detail
උසස් පෙළ විභාගය ලියන සිසුවෙකු ළග ජංගම දුරකථනයක් තිබිලා උසස් පෙළ විභාගය ලියන සිසුවෙකු ළග ජංගම දුරකථනයක් තිබිලා 2018-08-14 - උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙකු ළඟ ජංගම දුරකථනයක් භාවිතා කරමින් උසස් පෙළ... More detail

 

Gossip

Foreign

රටම කළඹමින් අගමැති සරාගී නිළියට කළ අමුතු යෝජනාව රටම කළඹමින් අගමැති සරාගී නිළියට කළ අමුතු යෝජනාව 2018-08-14 - වයස අවුරුදු 31 ක් වූ ඉන්දීය සරාගී නිළි කන්ගනා ඉදිරියේදී දේශපාලනයට පිවිසෙනු ඇති... More detail
ජනාධිපති ඝාතනයට තැත් කල පුද්ගලයින් 6ක් අත්අඩංගුවට ජනාධිපති ඝාතනයට තැත් කල පුද්ගලයින් 6ක් අත්අඩංගුවට 2018-08-06 - වෙනිසියුලා ජනාධිපති නිකොලොස් මාදුරෝ ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනාවට මේ වන... More detail
සිගිත්තා වඩා ගෙන රාජකාරියට ආ අගමැතිනිය සිගිත්තා වඩා ගෙන රාජකාරියට ආ අගමැතිනිය 2018-08-03 - තම පළමු දරුවට උපත ලැබීමෙන් සති හයකට පසු නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඞ්න් තම... More detail
අගමැති පුටුෙව් දිවුරුම් දෙන ක්‍රිකට් ඛාන්ට සුබ පතන්න එන ක්‍රීකට් සගයෝ අගමැති පුටුෙව් දිවුරුම් දෙන ක්‍රිකට් ඛාන්ට සුබ පතන්න එන ක්‍රීකට් සගයෝ 2018-08-02 - හිටපු සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩක ඉම්රාන් ඛාන් පකිස්තානයේ අග‍්‍රාමාත්‍යවරයා... More detail
මැතිවරණයේ දී හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා ඉදිරියෙන් මැතිවරණයේ දී හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා ඉදිරියෙන් 2018-07-26 - පාකිස්ථාන මහ මැතිවරණයේ මෙතෙක් ලැබී ඇති නිල නොවන ප්‍රතිඵල වලට අනුව හිටපු ක්... More detail
සුපිරි නිළි සොනාලි බෙන්ද්‍රේ දරුණු පිළිකා මාරයා සමග සටනක සුපිරි නිළි සොනාලි බෙන්ද්‍රේ දරුණු පිළිකා මාරයා සමග සටනක 2018-07-23 - අනූව දශකයේ අගභාගයේ බොලිවුඩ් සිනමාවට පිවිසි සුරෑපි නිළි සොනාලි බෙන්ද්‍රේ (sonali... More detail
ලොවක් බලා සිටියදී අහසේ ඇවිදපු තරුණිය මෙන්න - විඩියෝව ලොවක් බලා සිටියදී අහසේ ඇවිදපු තරුණිය මෙන්න - විඩියෝව 2018-07-23 - ප‍්‍රංශයේ පැරිස් නුවර ඉහළ අහසේ අදින ලද කම්බියක් මත මීටර් 35 ක දුරක් ඇවිද ගිය ... More detail