රවී කරුණානායකගේ ඉල්ලා අස්වීම ඔහු සිදුකළ වංචාවට දඬුවමක් නොවන බවත්, ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවත් ජවිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි.

අද (11) පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම කියා සිටියේ අල්ලස් පනත යටතේත්, මුදල් විශුද්ධිකරණ පනත යටතේත් රවීට එරෙහිව ක්‍රියා කළ යුතු බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වු අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මෙසේ ද පැවසී ය.

“කුමන හෝ අපරාධකරුවෙක් අපරාධයක් සිදුකරන අවස්ථාවේදී ඇඳ සිටි රෙදි ගලවා දමා වෙනත් ඇඳුමක් ඇන්ද පමණින් නිවැරදිකරුවෙක් වෙන්නේ නැහැ. රවී කරුණානායක වංචනික ක්‍රියාවලියකට හවුල් වෙන මොහොතේ ඔහු දැරූ මුදල් ඇමතිධුරය ඉවත් කොට විදෙස් ඇමතිධුරය ලබාදුන් පමණින් ඔහු නිවැරදිකරුවෙක් වෙන්නේ නැහැ. විදෙස් ඇමති ඇඳුම ඇන්දවීමෙන් හෝ එම ඇඳුම උණා දැමීමෙන් ඔහුට නිවැරදිකරුවෙක් වෙන්න බැහැ. රවී කරුණානායකගේ ඉල්ලා අස්වීම ඔහු සිදුකළ වංචාවට දඬුවමක් නොවේ. 

ඔහුට එරෙහිව චෝදනා කිහිපයක් එල්ල කළ හැකි කරුණු ජනාධිපති කොමිසමේදී අනාවරණය වුණා. මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සිදුවූ 2015 පෙබ. 27 වනවිට ඔහු මුදුල් ඇමතිවරයායි. එම ප‍්‍රශ්නසහගත ගනුදෙනුව නිසා අගමැතිවරයා නීතිඥ කණ්ඩායමක් පත්කොට ඒ පිළිබඳ විමර්ශනයක් කෙරෙමින් තිබුණා. එමෙන්ම 2015 අගෝස්තු වනවිට කෝප් කමිටුවේ විමර්ශනය ආරම්භ කෙරුණා. එම ආන්දෝලනාත්මක ගනුදෙනුවට අර්ජුන මහේන්ද්‍රන් සම්බන්ධ බවත් එම ගනුදෙනුවෙන් ඔහුගේ බෑනා වූ අර්ජුන් ඇලෝසියස් අයථා මුදල් ඉපයූ බවටත් චෝදනා එල්ල වුණා. එසේ චෝදනාවට ලක්වූවන්ගෙන් රවී කරුණානායක මුදල් ඇමතිවරයා ලෙස මසකට රු. ලක්‍ෂ 14.5 බැගින් ගෙවල් කුලිය ලබාගෙන තිබෙනවා. එය අල්ලස් ගැනීමක්. 

එමෙන්ම ජනාධිපති කොමිසමේදී හෙළිදරව් වුණා, අර්ජුන මහේන්ද්‍රන්  වෙත රවී කරුණානායක මුදල් ඇමතිවරයා ලෙස දින රහිත ලිපියකින් මුදල් අවශ්‍ය බව දන්වා තිබු බව. එම ලිපිය තිබුණේ අර්ජුන මහේන්ද්‍රන් ළඟ පමණයි. රවී කරුණානායක සිය ඇමතිධුරය අර්ජුන් ඇලෝසියස් බේරා ගැනීම වෙනුවෙන් උපයෝගී කරගත් බවට එය සාක්‍ෂියක්. ඒ වගේම රවී කරුණානායක ඔහු සිටි කුලී නිවස රු. ලක්‍ෂ 1650ක් දී මිලට ගත්තා. ඒ සඳහා ලබාගත් මුදල කිසිදු ලියකියවිල්ලකින් තොරව බැංකුවේ ආරක්‍ෂක සේප්පුවක තැන්පත් කරලා තිබුණා. අඩුම තරමේ සේප්පුවක තැන්පත් කළ බවට රිසිට් පතක් නැහැ. එනිසා එම මුදල කළු සල්ලි බවට සැකයක් තිබෙනවා. එනිසා රවී කරුණානායකට  එරෙහිව අල්ලස් පනත යටතේත් අපරාධ පනත යටතේත් මුදල් විශුද්ධිකරණය යටතේත් නඩු පැවරිය හැකියි. 

එනිසා අපි ආණ්ඩුවට කියනවා වහාම ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා. නමුත් රවී කරුණානායක ඉල්ලා අස්වූ පසුව ආණ්ඩුවේ ඇමතිවරුන් සිදුකළ කථා අනුව එවැනි කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගන්නා බවට සහතිකයක් දී තිබෙනවා. 

ආණ්ඩුවේ අය කිව්වා රවීගේ මෙම ක්‍රියාව ආදර්ශයට ගන්න කියලා. අපි මේ රටේ දරුවන්ට, මහජනතාවට කියනවා රවී කරුණානායක ආදර්ශයට ගන්න එපා කියලා. හොරකම් කරලා ජනතා විරෝධය හමුවේ, විශ්වාසභංග යෝජනා ගෙන ඒමට උත්සාහ දරපු මොහොතේ, බිත්තියට හේත්තු වූ පසුව ඉල්ලා අස්වීමට සිදුවීම යහපත් ආණ්ඩුකරණයක ලක්‍ෂණයක් නොවෙයි. 

 අපි කොමිසමේ නිලධාරීන්ට කියනවා, ආණ්ඩුවේ මෙම ප‍්‍රයත්නය පසෙකලා නිර්භීතව කටයුතු කොට චූදිතයින් හෙළිදරව් කිරීමට කටයුතු කරන්න කියලා. ආණ්ඩුව කියන විදිහට නීතිපති දෙපාර්තමේන්තුව අනෙකුත් වංචා-දූෂණ සම්බන්ධයෙන් නිද්‍රාශීලී නම් කළ යුත්තේ ඔවුන් ක්‍රියාශීලීව කටයුතු කිරීමයි. ඒ වෙනුවට ජනාධිපති කොමිසමේ නිලධාරීන් නිද්‍රාශීලී කිරීම නෙවෙයි කළ යුත්තේ. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා, ජනාධිපති කොමිසමේ නිලධාරීන්ට තර්ජනය කොට නිද්‍රාශීලී කිරීමට දරන උත්සාහය නතර කළ යුතුයි කියලා. 

ඒවගේම මේ ආණ්ඩුව පත්වීමත් සමඟ පහුගිය ආණ්ඩුවේ ඇවන්ගාඞ් ගනුදෙනුව විශාල ආන්දෝලනයකට ලක්වුණා. එම ගනුදෙනුව ආරක්‍ෂා කිරීමට මේ ආණ්ඩුවේ ඇමතිවරුන් කිහිප දෙනෙක්ම කටයුතු කළා. එවකට පොලීසිය භාර ඇමතිවරයා වූ තිලක් මාරපන පොලිස් නිලධාරීන්ගේ පැත්ත ගන්නවා වෙනුවට ඇවන්ගාඞ් වංචාකරුවන් ආරක්‍ෂා කළා. ඒ නිසාම තිලක් මාරපනට ඇමතිධුරය දාල යන්න සිදුවුණා. පසුව කාලයත් සමඟ ආණ්ඩුව ඔහුට සංවර්ධන කටයුතු ඇමතිධුරයක් ලබාදුන්නා. දැන් රවී කරුණානායකගේ පුරප්පාඩුවට ඔහු විදේශ ඇමති කරන්න උත්සාහයක් තිබෙනවා. ඇවන්ගාඞ් ගනුදෙනුවේ ආරක්‍ෂකයා, බැඳුම්කර ගනුදෙනුවේ ආරක්‍ෂකයා වෙනුවට පත්කරන එක යහපත් ආණ්ඩුකරණයක්ද? ඇත්තටම ආණ්ඩුව අර්බුදයක ඉන්නවා හොරෙක් නොවන ඇමතිවරයෙක් පත් කරන්නේ කොහොමද කියලා. 

නාමල් රාජපක්‍ෂ හිරෙන් නිදහස් වී එළියට එන විට එන්නේ කැබ් රථයක වහලට නැගී රැජිනි කාන්ත් චිත‍්‍රපටයක රඟපානවා වගේ. ජොන්ස්ටන් ප‍්‍රනාන්දු බන්ධනාගාරයට ගෙනයන විට මිනිස්සු ගිහින් බන්ධනාගාර බස් රථය වට කරනවා. වංචාවක් කරලා බිත්තියට හේත්තු වූ පසු ඉල්ලා අස්වීමට සිදුවූ රවි කරුණානායකට සූත‍්‍ර පිටකයේ වැකි දේශනා කරන හාමුදරුවරු ඉන්නවා. බදාගෙන සිප වැළඳගන්නා ජනතාවක් ඉන්නවා. අපි තේරුම් ගත යුතුව තිබෙනවා අපේ රට මොන තරම් ගැඹුරු ආගාධයක ගිළිලා තිබෙනවාද කියන එක. මහජන දේපොළ හොකරම් කරලා සිරගත වන හොරුන්ට පිරිත් නූල් බඳින, හොරකම් කරලා රෝහල්ගත වනවිට කිරි වීදුරු පොවන තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. අපේ රට කොයි තරම් ගැඹුරු සමාජ අර්බුදයක් ගිලී තිබෙනවාද? මේ විදිහට හැසිරෙන ජනතාව දැක්කාම අපේ රටේ දරුවන්ට හිතෙන්නේ මොනවද? ඔවුන් අනාගතයේ තමන්ගේ වෘත්තීය ලෙස හොරකම් කිරීම තෝරා ගත්තොත් එය පුදුමයක් නෙවෙයි නේද?. 

මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අනුර කුමාර දිසානායක මහතා මෙසේද සඳහන් කළේය.

රවී කරුණානායක කියනවා නම් ඉතිහාසය විසින් ඔහු නිවැරදි කරයි කියලා එසේ සිදුවන්නේ අපේ රටේ ජනතාව වහල්ලූ පිරිසක් බවට පත්වුණොත් පමණයි. එසේ නොමැතිව අනාගතයේ අපේ රටේ පුරවැසියන් බිහි වෙනවා නම් රවී කරුණානායකට හිමි වන්නේ ඉතිහාසයේ කුණු බක්කියයි. අද වගේම රවී කරුණානායක සිප වැළඳ ගන්න, මුහුණ සිඹීන, අත සිඹින වහලූන් පිරිසක් බිහි වුවහොත් රවී කරුණානායක නිවැරදි වේවි. 


Latest News

අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2017-09-24 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2017-09-23 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
ඉහළ පැලැන්තියේ ගණිකා නිවාසයකදී 16 හැවිරිදි දැරියට සිදුවූ දේ මෙන්න ඉහළ පැලැන්තියේ ගණිකා නිවාසයකදී 16 හැවිරිදි දැරියට සිදුවූ දේ මෙන්න 2017-09-22 - ඉහළ පැළැන්තියේ පුද්ගලයින් සඳහා ඉහළ මිල ගණන් යටතේ කාන්තාවන් අලෙවි කරමින් ඇ... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2017-09-22 - ඔබ සැමට යහපතක්ම වේවා!....... අද ක්‍රි:ව: 2017 ක් වූ සැප්තැම්බර් මස 23 වන සෙනසුරාදා. අද ඉරු... More detail
මෙරට දෙවැනි හදවත් සැත්කම නතර වෙයි - හේතුව මෙන්න මෙරට දෙවැනි හදවත් සැත්කම නතර වෙයි - හේතුව මෙන්න 2017-09-22 - වෛද්‍යවරුන්ගේ කඔ ඇදිල්ලක් හේතුවෙන් මහනුවර මහරෝහලේ සිදු කිරීමට ගිය මෙරට ද... More detail
පවුලම එක් වී මහ දහවලේ කළ වැඩේ මෙන්න පවුලම එක් වී මහ දහවලේ කළ වැඩේ මෙන්න 2017-09-22 - දිවුලපිටිය මරඳගහමුල ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක භාණ්ඩ සොරකම් කළ පවුලක් ප්‍... More detail
ඇමෙරිකාවේදී නේපාල අගමැති ජනපති මෛත්‍රී හමුවී කියු දේ මෙන්න ඇමෙරිකාවේදී නේපාල අගමැති ජනපති මෛත්‍රී හමුවී කියු දේ මෙන්න 2017-09-22 - සාර්ක් සංවිධානයේ කටයුතු පිළිබඳ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ... More detail
උද්දමනය වැඩිවෙලා උද්දමනය වැඩිවෙලා 2017-09-22 - මෙරට උද්දමනය අගෝස්තු මාසයේදී සියයට 7.9 දක්වා වැඩි වී ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා... More detail
මාලඹේ සිසුන් ගැන දෙමාපියන්ගේ ඉල්ලීම මෙන්න මාලඹේ සිසුන් ගැන දෙමාපියන්ගේ ඉල්ලීම මෙන්න 2017-09-22 - මාලඹේ වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන සියලුම සිසුන් කොතලාවල විද්‍යා පීඨයට ඇ... More detail
ආදරේ කරන්න ගිහින් මම රැවටුණා ආදරේ කරන්න ගිහින් මම රැවටුණා 2017-09-22 - මේනකා  කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. More detail
දිගම ඔසරි පොට ගැන ගුරු සංගම් කියන දේ මෙන්න දිගම ඔසරි පොට ගැන ගුරු සංගම් කියන දේ මෙන්න 2017-09-22 - නිරූපිකාවක හා නිරූපණ ශිල්පී යුවළක් ඊයේ සිය මංගල දිනයේදී ලොව දිගම ඔසරි පොට සහිත... More detail
පාසල් සිසුවෙක් ගෙල වැලලාගනී පාසල් සිසුවෙක් ගෙල වැලලාගනී 2017-09-22 - බේරුවල ප්‍රදේශයේ රබර් වත්තක පාසල් සිසුවෙකු ගෙල වැලලාගෙන මියගොස් ඇති බව පො... More detail
ශ්‍රි ලංකා ක්‍රිකට් පිලත් කැරැල්ලක් අරඹයි - ක්‍රිකට් සභාපතිට ලිපියක් භාරදෙ ශ්‍රි ලංකා ක්‍රිකට් පිලත් කැරැල්ලක් අරඹයි - ක්‍රිකට් සභාපතිට ලිපියක් භාරදෙයි 2017-09-22 - ක්‍රීඩකයන් රැකබලා ගැනීම සහ ආරක්ෂාව  සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය... More detail
ශ්‍රී ලංකාව ගැන ඇමරිකාව පැවසූ දේ මෙන්න ශ්‍රී ලංකාව ගැන ඇමරිකාව පැවසූ දේ මෙන්න 2017-09-22 - ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ කාර්ය ප්‍රශංසනීය බව ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2017-09-21 - ඔබ සැමට යහපතක්ම වේවා!.......  More detail
සයිටම් එරෙහි වර්ජනයෙන් ජනතාවට පීඩා සයිටම් එරෙහි වර්ජනයෙන් ජනතාවට පීඩා 2017-09-21 - මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සෞඛ්‍ය, අධ්‍යාපන සහ තවත් වෘත්තිය ... More detail

 

Gossip

Foreign

ලොවම මවිත කළ පවුලේ 20 වැනි සාමාජිකයා මෙන්න ලොවම මවිත කළ පවුලේ 20 වැනි සාමාජිකයා මෙන්න 2017-09-21 - එංගලන්තයේ Lancashire ප්‍රාන්තයේ ඉන්න අපුරූ පවුලක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර... More detail
ඥාතීන් විසින්ම තරුණ පෙම්යුවළ විදුලිය අල්ලා අමානුෂිකව ඝාතනය කර වළදාලා ඥාතීන් විසින්ම තරුණ පෙම්යුවළ විදුලිය අල්ලා අමානුෂිකව ඝාතනය කර වළදාලා 2017-09-21 - අමානුෂික ලෙස ඝාතනය කර වලදමා තිබූ පෙම්වතුන් යුවලකගේ සිරුරු අධිකරණ නියෝගයක්... More detail
භූමිකම්පාවකින් සියදෙනෙක් මරුට - දහසකට තුවාල භූමිකම්පාවකින් සියදෙනෙක් මරුට - දහසකට තුවාල 2017-09-20 - මෙක්සිකෝවට ප්‍රබල භූ කම්පන තත්ත්වයක් හට ගෙන තිබෙනවා. More detail
දියණිය ඉදිරියේ නිරුවත් වු පෙම්වතාට වුණ දේ මෙන්න දියණිය ඉදිරියේ නිරුවත් වු පෙම්වතාට වුණ දේ මෙන්න 2017-09-19 - තම 12 හැවිරිදි කුඩා දියණිය ඉදිරිපිට නිරුවතින් අසභ්‍ය ලෙස හැසිරුණු පෙම්වතාට... More detail
උතුරු කොරියාව ජපානයට ඉහළින් මිසයිල යවයි උතුරු කොරියාව ජපානයට ඉහළින් මිසයිල යවයි 2017-09-15 - උතුරු කොරියාව විසින් ජපානයට ඉහළින් තවත් මිසයිල අත්හදා බැලීමක් සිදුකර තිබ More detail
රඟපෑමට චිත්‍රපට නොමැතිව ගණිකාවක් වූ සුරූපිනිය රඟපෑමට චිත්‍රපට නොමැතිව ගණිකාවක් වූ සුරූපිනිය 2017-09-14 - දකුණු ඉන්දීය සුපිරි නළු රැජිනි ඛාන් සමඟ කබාලි චිත්‍රපටයේ රඟපෑ සුපිරි නිළි Dhansika... More detail
අවුරුදු 46 ක් මව් කුස තුළ සිටි දරුවෙකු එළියට ගත් හැටි මෙන්න අවුරුදු 46 ක් මව් කුස තුළ සිටි දරුවෙකු එළියට ගත් හැටි මෙන්න 2017-09-12 - ලොවම මවිත කරමින් වසර 46 ක් මව් කුස තුළ සිටි දරුවෙකු පිටතට ගත් හැටි මෙන්න (ඡායාරූප)... More detail