පරිපාලනයට නුසුදුසු පුද්ගලයින් පැමිණීම හේතුවෙන් පසුගිය කාලයට වඩා අද වන විට ක්‍රිකට් ක්‍රීඩාව අයපත් තත්ත්වයකට පත්ව ඇතැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි.

පසුගියදා ආපදාවෙන් විපතට පත් කළුතර ආසනයේ ජනතාවට සහන  ලබා දීමේ වැඩසටහනකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා මෙසේ ද පැවසී ය.

“එදා අපි අපේ ක්‍රිකට් ලෝකයේ එක තැනකට ගෙනාවා. නමුත් අද අපේ ක්‍රිකට් විහිළුවකට පත් වෙලා තියෙනවා. ඒකට අපේ පරිපාලනය වගකිව යුතුයි. සූදුකාරයෝ ක්‍රීඩාවට ආවම ක්‍රීඩාවත් සූදුවක් බවට පත් වෙනවා. ලෝකයේම;a අද ක්‍රිකට් ක්‍රීඩාව සූදුවක් බවට පත් වෙලා තියෙනවා. ක්‍රීඩකයෝ රට වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ නැහැ. අනුග්‍රාහක කණ්ඩායම්වලට ක්‍රීඩා කරන්නේ. රට ගැන නෙමෙයි හිතන්නේ. පෞද්ගලික වාර්තා ගැන හිතන්නේ. මුදල ඉස්සරහට ඇවිත්. ඒ වගේම අද පරිපාලනයේ සිටින්නේ සුදුසු පුද්ගලයෝ නෙමෙයි. මේ නුසුදුසු පුද්ගලයෝ පරිපාලනයට ගෙන ඒමට ක්‍රිකට් නිලවරණයේදී ඡන්දය දුන් ක්‍රීඩා සංගම්,  පළාත් සංගම්, අනුබද්ධ සංගම් ඇතුළු සියලු දෙනාම ක්‍රිකට් ක්‍රීඩාවේ වර්තමාන කඩා වැටීමට වගකිව යුතුයි.

“මම නම් දැන් ක්‍රිකට් බලන්නේ නැහැ. මම ක්‍රිකට් ගහපු පුද්ගලයෙක් නෙමෙයිනේ. මට වඩා බෝලකාරයෝ මේ රටේ ගොඩාක් ඉන්නවා. මම මේ ක්‍රිකට් ගැන අලුත් ආණ්ඩුව ආ වෙලාවෙත් දැනුවත් කළා. අයි. පී. එල් තරගාවලිය කවදාක හරි අපේ රටේ විතරක් නෙමෙයි ලෝකයෙම ක්‍රිකට් විනාශ කරන බව මම 2008 වර්ෂයේදී පැවසුවා. නමුත් ඒ කාලේ හිටිය ක්‍රීඩා ඇමතිවරයා ක්‍රීඩයින්ට කිව්වා එංගලන්තේ සංචාරයට යන්න අවශ්‍ය නැහැ, අයි. පී. එල්. තරගාවලියට යන්න කියලා. අද එහි ප්‍රතිඵල අපි විදිනවා. තාම අපේ ක්‍රිකට් විනාශ වෙලා නැහැ. තාම අපේ පස්ස ඇනිලා නැහැ. නමුත් අපේ ක්‍රිකට් විනාශ වෙමින් යන්නේ. එහි වගකීම ආණ්ඩුවක් හැටියට අපි ගන්න ඕන. 

අපේ කාලේ තමයි වැඩිම ක්‍රිකට් විනාශ වෙච්ච කාලේ කියලා මම හිතනවා. මොකද පසුගිය කාලේ දේශපාලන බලපෑම් ආවා. අද වනවිටත් දේශපාලන බලපෑම් එනවා කියලා ආරංචි තියෙනවා. ඒ දේශපාලන බලපෑම කියන්නේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කරන බලපෑම් නෙමයි. රජයේ සිටින පුද්ගලයෝ මේ බලපෑම් කරනවා. අපිට ආරංචි වුණා තේරීම් කමිටුවට බලපෑම් කරනවා. මේ සියල්ලමත් එක්ක ක්‍රිකට් ක්‍රීඩාව පසුගිය කාලේට වඩා නරක තත්ත්වයකට පත්වෙලා තියෙනවා. ඒ ගැන රජයේ ඇමතිවරයෙක් හැටියට මම කණගාටු වෙනවා. මම ක්‍රිකට් ක්‍රීඩාවෙන් අයින්වෙලා ඉන්නේ. නමුත් කවදක හරි දවසක මට කිව්වොත් ක්‍රිකට් ක්‍රීඩාව හදලා දෙන්න කියලා එතකොට ඇවිත් මම ක්‍රිකට් ක්‍රීඩාව හදලා දෙනවා. ඒක මේ ජනාධිපතිවරයා යටතේ වෙන්න පුළුවන්. ඇගමැතිවරයා යටතේ වෙන්න පුළුවන්. නැතිනම් වෙනත් කෙනෙක් යටතේ වෙන්න පුළුවන්. එතකම් මම පැත්තකට වෙලා ඉන්නවා.

අපි ක්‍රීඩකයින්ගේ විනය ගැන බැලිය යුතුයි. නමුත් අද විනය සම්බන්ධයෙන් බරපතල ගැටළුකාරී තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒකට ක්‍රීඩකයින්ට බනින්න එපා. ඒකට පාර කැපුවේ දේශපාලනඥයෝ. පසුගිය කාලේ හිටිය ක්‍රීඩා අමැතිවරුවරු, ඒවගේම අද ඉන්න ක්‍රිකට් පරිපාලකයින්. මම දැක්කා අද ඉන්න පරිපාලකයෙක් කියනවා අයි. පී. එල්. ක්‍රීඩා කළාට කමක් නැහැ කියලා. අයි. පී. එල් තරග කිරීමේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි රට ඉස්සරහට තියලා. අයි. පී. එල් යන ක්‍රීඩකයෝ එහේ ක්‍රීඩා කරන විදියට නෙමෙයි රටට ක්‍රීඩා කරන්නේ. ඒක තේරෙන්නේ නැති පරිපාලනයක් අද තියෙන්නේ. ඉන්දියාවට යට වෙලා ඉන්දියාව ගහන ගහන පදේට නටන පරිපාලනයක් අද තියෙන්නේ. 

අපේ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෝ ඇවිදින විලාසය, කථා කරන විලාසය තමයි තරුණ ක්‍රීඩකයෝ, පාසල් ක්‍රීඩකයෝ අනුකරණය කරන්නේ. ඒක අපේ රටේ විතරක් නෙමෙයි ලෝකයේම වෙන දෙයක්. මේ නිසා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෝ ආදර්ශමත් විය යුතුයි. ලෝකයේ අනිත් ක්‍රීඩකයෝ කරනවා කියලා අපි කරන්න හොද නැහැ. ක්‍රීඩකයෝ දැන ගන්න ඕන තමන්ගේ රැකියාව මොකද්ද කියලා. හරියට ක්‍රීඩා කරනවා නම් කාටවත් උත්තර දෙන්න අවශ්‍ය නැහැ. ඉස්සර අපි ක්‍රීඩා කරන කාලේ කණ්ඩායම කියන්නේ පවුලක්. නමුත් අද එහෙම නෙමෙයි. කැඩිච්ච පවුලක් වෙලා. ක්‍රීඩකයින්ගේ ෆිට්නස් තියෙන්න ඕන ඒ ක්‍රීඩාවට. සමහර ක්‍රීඩකයින්ට රවුම් විස්සක් විතර දුවන්න පුළුවන් ඕවර පහකට වැඩිය බෝල් කරන්න බැහැ. නමුත් සමහර ක්‍රීඩකයෝ සිටියා රවුම් හතරක්වත් දුවා ගන්න බැහැ, ඕවර විස්සක් විතර බෝල් කරනවා. කිසිම තුවාලයක් වෙන්නේ නැහැ. බැට් කරනකොටත් එහෙමයි. ඒ නිසා ක්‍රිකට් ෆිට්නස් සහ අනිත් ෆිට්නස් කියන්නේ දෙකක්. මේ දෙක තේරුම් ගන්න ඕන. බල්ලගේ වැඩේ බූරුවා කරලා වැඩක් නැහැ. එහෙම කරන්න ගිය නිසා තමයි මේ වගේ ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ....”


Latest News

අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2017-11-19 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2017-11-18 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
පොලිස්පති ගිංතොටදී උම්බෑ කියයි - කුණුහරුපයෙනුත් බැණ වැදිලා පොලිස්පති ගිංතොටදී උම්බෑ කියයි - කුණුහරුපයෙනුත් බැණ වැදිලා 2017-11-18 - ගිංතොට ගැටුම් සිදුවූ ස්ථානයට ගිය පොලිස්පති පූජිත ජයසුන්දර ගැටුම තවදුරටත්... More detail
බැසිල් - විමල් ගැටුමක් - නාමයෝජනා සකස් කිරීමේත් අවුලක් බැසිල් - විමල් ගැටුමක් - නාමයෝජනා සකස් කිරීමේත් අවුලක් 2017-11-17 - ඉදිරි පළාත් පාලන මැතිවරණයට ජාතික නිදහස් පෙරමුණට ශ්‍රී ලංකා නිදහස් පෙරමුණෙන්... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2017-11-17 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
දකුණු කොරියාවේ භූ කම්පනයක් දකුණු කොරියාවේ භූ කම්පනයක් 2017-11-17 - දකුණු කොරියාවේ පෝහැන්ග් වරාය නගරයේ භූ කම්පනයක් ඇතිව තිබේ. More detail
සුරංග ලක්මාල්ගෙන් සුපිරි ලෝක වාර්තාවක් සුරංග ලක්මාල්ගෙන් සුපිරි ලෝක වාර්තාවක් 2017-11-17 -   ලෝක ටෙස්ට් පිටියේ අඛණ්ඩව වැඩිම නිලකුණු පන්දු සංඛ්‍යාවක් යොමුකළ පන්දුයවන්නා... More detail
ලෝකයාගේ දහසකුත් කතා මැද ශලනි හෘද සාක්ෂිය අවදි කරයි ලෝකයාගේ දහසකුත් කතා මැද ශලනි හෘද සාක්ෂිය අවදි කරයි 2017-11-17 - ජනප්‍රිය රංගන ශිල්පිණි ශලනි තාරකා සම්බන්ධයෙන්  පසු ගිය දිනවලදී සමාජ මාධ්‍ය... More detail
නාම යෝජනා කැදවීමේ නිවේදනය නිකුත් කිරීම 27 වනදා නාම යෝජනා කැදවීමේ නිවේදනය නිකුත් කිරීම 27 වනදා 2017-11-17 - මැතිවරණ කොමිසම් සභාව කලින් තීරණය කර තිබූ පරිදි 2017 නොවැම්බර් මස 27 වන දින නාම ය... More detail
පොලිස් නිලධාරීන් දෙදෙනකු මහ දවල් කැපූ ආවා නායකයා අධිකරණයට ගෙන යද්දී කළ වැඩේ... පොලිස් නිලධාරීන් දෙදෙනකු මහ දවල් කැපූ ආවා නායකයා අධිකරණයට ගෙන යද්දී කළ වැඩේ මෙන්න 2017-11-17 - යාපනය - කෝපායි - කොන්ඩාවිල් ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තියුණු ... More detail
අතුරුදන් වූ තරුණිය එක්ක කුඩු කේ.පී හයේ කල්ලිය මෙහෙයුමකිල් ඇල්ලුව හැටි මෙන් අතුරුදන් වූ තරුණිය එක්ක කුඩු කේ.පී හයේ කල්ලිය මෙහෙයුමකිල් ඇල්ලුව හැටි මෙන්න 2017-11-17 - අනුරාධපුර මූලස්ථාන පොලීසියේ විශේෂ වැටලීම් ඒකකය හදිසියේ දියත් කළ මෙහෙයුමකදී... More detail
තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් හෆීස්ට පන්දු යැවීම තහනම් කරයි තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් හෆීස්ට පන්දු යැවීම තහනම් කරයි 2017-11-17 - වහාම ක්‍රියාත්මක වන පරිදි පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක... More detail
පොරව පහරකින් සැමියා ඝාතනය කළ දෙවැනි බිරිද පොලීසියට භාරවෙයි පොරව පහරකින් සැමියා ඝාතනය කළ දෙවැනි බිරිද පොලීසියට භාරවෙයි 2017-11-17 - අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ අරුණෝදා  ගම ප්‍රදේශයේදී පොරවකින් පහරදී සැමියා ... More detail
හත් වරක් මිය යන්න උත්සහ කළ කතට අටවැනි වාරයේදී සිදු වූ දේ මෙන්න හත් වරක් මිය යන්න උත්සහ කළ කතට අටවැනි වාරයේදී සිදු වූ දේ මෙන්න 2017-11-17 - මීට පෙර 7 වතාවක්‌ එල්ලී සහ දුම්රියට පැන දිවිනසාගැනීමට තැත් කළ 88 හැවිරිදි මහලු... More detail
කොළඹ ෂැන්ග්‍රි-ලා විවෘත වෙයි කොළඹ ෂැන්ග්‍රි-ලා විවෘත වෙයි 2017-11-17 - කොළඹ ගාලුමුවදොර ඉදිකළ ෂැන්ග්‍රි-ලා හෝටලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප... More detail
කෝප් කමිටු සාමාජිකයන් 5 දෙනෙක් ඇලෝසියස් එක්ක දුරකථන සංවාදයේ යෙදිලා කෝප් කමිටු සාමාජිකයන් 5 දෙනෙක් ඇලෝසියස් එක්ක දුරකථන සංවාදයේ යෙදිලා 2017-11-17 - මහබැංකු බැදුම්කර වංචාව පිළිබද විමර්ශන පැවැත්වෙමින් තිබෙන අතරතුර කෝප් කමිටු... More detail
දෙවැනි දිනය ආරම්භයේදීම සිංහයන් ඉන්දියාවේ සිවු වැනි කඩුලලත් දවා ගනී දෙවැනි දිනය ආරම්භයේදීම  සිංහයන් ඉන්දියාවේ සිවු වැනි කඩුලලත් දවා ගනී 2017-11-17 - ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන ... More detail

 

Gossip

Foreign

දකුණු කොරියාවේ භූ කම්පනයක් දකුණු කොරියාවේ භූ කම්පනයක් 2017-11-17 - දකුණු කොරියාවේ පෝහැන්ග් වරාය නගරයේ භූ කම්පනයක් ඇතිව තිබේ. More detail
ලෝකයාගේ දහසකුත් කතා මැද ශලනි හෘද සාක්ෂිය අවදි කරයි ලෝකයාගේ දහසකුත් කතා මැද ශලනි හෘද සාක්ෂිය අවදි කරයි 2017-11-17 - ජනප්‍රිය රංගන ශිල්පිණි ශලනි තාරකා සම්බන්ධයෙන්  පසු ගිය දිනවලදී සමාජ මාධ්‍ය... More detail
සිම්බාවෙහි පාලනය හමුදාව යටතට සිම්බාවෙහි පාලනය හමුදාව යටතට 2017-11-16 - සිම්බාබ්වේ පාලනය මේ වන විට හමුදාව යටතේ පවතින බව විදෙස් මාධ්‍ය පවසයි. More detail
කොන්ගෝහි දුම්රිය අනතුරකින් 33කට ජීවිත අහිමි වෙයි කොන්ගෝහි දුම්රිය අනතුරකින් 33කට ජීවිත අහිමි වෙයි 2017-11-15 - කොන්ගෝ ජන රජයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 33 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව... More detail
ලොව සරාගීම පිහිනුම් ශූරියන් 10 දෙනා මෙන්න ලොව සරාගීම පිහිනුම් ශූරියන් 10 දෙනා මෙන්න 2017-11-14 - ලෝකයේ එක් එක් අංශවල ජනප්‍රිය වුණු ජනතා ආකර්ෂණයට පාත්‍රවුණු පුද්ගලයන් බොහ... More detail
ශ්‍රී ලංකාවට එරෙහි ට්‍රම්ප්ගේ තීරණයට සෙනෙට් සභාවේ විරෝධය ශ්‍රී ලංකාවට එරෙහි ට්‍රම්ප්ගේ තීරණයට සෙනෙට් සභාවේ විරෝධය 2017-11-08 -   මෙරට භූගෝලීය හා මූලෝපායික පිහිටීම ගැන සඳහන් කරමින් ඩොනල්ඞ් ට්‍රම්ප් පාලනය... More detail
අයිශ්වර්යාගේ රහසක් එළියට අයිශ්වර්යාගේ රහසක් එළියට 2017-11-07 - මීට බොහෝ කලකට පෙර ලෝක රූ රැජිණ ලෙසින් කිරුළු පැලඳි අයිශ්වර්යා රායි තවමත් ස... More detail