සයිටම් ආයතනයට විරුද්ධව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ විවිධ පාර්ශවයන් කතා කරන්නේ ඔවුන් විදේශ රටවලට වෛද්‍ය සිසුන් යැවීමේ ඒජනත්වරුන් ලෙස කටයුතු කරන නිසා යැයි සයිටම් ආයතනයේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු පැවසීය.

සයිටම් ආයතනය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මෙසේද කීවේය.

“රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සහ සයිටම් විරෝධී විවිධ පාර්ශවයන් සයිටම් ආයතනයට විරුද්ධව කතා කරන්නේ ඔවුන් විදේශ රටවලට වෛද්‍ය සිසුන් යැවීමේ ව්‍යාපාරවල යෙදී සිටින නිසයි. විදේශ විශ්ව විද්‍යාලයකින් ලබා ගන්නා වෛද්‍ය උපාධියට වැය කරන මුදලට වඩා අඩු මුදලක් වැය කර සයිටම් ආයතනයෙන් වෛද්‍ය උපාධියක් ලබාගැනීමට හැකි පරිසරය නිර්මාණය කිරීම නිසා තමයි මොවුන් අපිට විරුද්ධව කටයුතු කරන්නේ. 

මේ වන විට රජයේ වෛද්‍ය විද්‍යාලවල සිටින ළමුන් මුලා කර පංති වර්ජනයකට යොමු කරන්නේ මේ අයයි. එසේ උසිගැන්වූ ළමුන් විරෝධතාවලට සහභාගීවී රක්ෂිත බන්ධනාගාරගතවූ පසුව එක් ළමයෙක්ට මේ නියෝජිතයින් විශාල මුදල් ප්‍රමණයක්  ලබාදෙන බව අගමැතිතුමා පසුගියදා ප්‍රකාශ කළා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සිටින මෘගයින් ටික නැවත වරක් රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙලමින් වැඩ වර්ජනයකට ගියොත් මහජනතාව ඔවුන්ට පහරදෙන තත්වයක් උදාවේවි. දුප්පත් ජනතාව ගෙවන බදු මුදලින් තමයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරුන්ට පඩි ගෙවන්නේ. නැවත වරක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජනයක් කළොත් වෛද්‍ය සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට පත් කර වර්ජනය කරන අයට විරුද්ධව කටයුතු කරන්න කියලා මම රජයෙන් ඉල්ලා සිටිනවා. 1970 දී වෛද්‍යවරු මේ ආකාරය වර්ජනය කරන විට එවකට අධිකරණ ඇමැතිවරයාව සිටි ෆීලික්ස් ඩයස් බණ්ඩාරනාක මෙය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමෙන් පසුව වෛද්‍යවරු නැවත වරක් සේවය කිරීමට ආවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ට මේ ආකාරය රට පාලනය කරන්න දෙන්න බැහැ. පසුගිය සතියේදී සිසුන් ගිහින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගොඩනැගිලි බලහත්කාරයෙන් අත්පත් කරගනු ලැබුවා. මේ විදියට ගියොත් හෙට දවසේ ජනාධිපති ලේකම් කාර්යාලයටත් ඇවිත් මේක වට කරලා අල්ලාගන්න පුලුවන්. එවැනි තත්වයක් ඇතිවීමට අවස්ථාව ලබාදිය නොහැකියි. 

සයිටම් ආයතනයට උපාධි පිරිනමන්න එපා කියලා ගැසට් නිවේදනයක් නිකුත් කරනවා කියලා කිව්වට ගැසට් නිවේදනයක් නිකුත් කර නැහැ. උපාධිය ලබාදීමට අවසර ලත් ආයතනයකින් ලබාදෙන උපාධිය අහෝසි කිරීමට නම් ඒ සදහා වන ක්‍රමවේදයන් අනුගමනය කළ යුතුය යන ස්ථාවරයේ තමයි අපි සිටින්නේ.

මේ රටේ ජනතාවගෙන් සියයට අනූවක්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කටයුතුවලට එකග නැහැ. රටේ ජනතාව පවසන්නේ නිදහස් අධ්‍යාපනය සමග සමගාමීව සයිටම් ආයතනයත් ක්‍රියාත්මක විය යුතුය යන්නයි.

සයිටම් ආයතය වහලා මිස පස්ස බලන්නේ නැහැ කියලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර තිබෙනවා. මේ අයට මට කියන්න තියෙන්නේ  එසේනම් මුහුදට පනින්න කියන එක විතරයි.“


Latest News

අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2017-09-24 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2017-09-23 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
ඉහළ පැලැන්තියේ ගණිකා නිවාසයකදී 16 හැවිරිදි දැරියට සිදුවූ දේ මෙන්න ඉහළ පැලැන්තියේ ගණිකා නිවාසයකදී 16 හැවිරිදි දැරියට සිදුවූ දේ මෙන්න 2017-09-22 - ඉහළ පැළැන්තියේ පුද්ගලයින් සඳහා ඉහළ මිල ගණන් යටතේ කාන්තාවන් අලෙවි කරමින් ඇ... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2017-09-22 - ඔබ සැමට යහපතක්ම වේවා!....... අද ක්‍රි:ව: 2017 ක් වූ සැප්තැම්බර් මස 23 වන සෙනසුරාදා. අද ඉරු... More detail
මෙරට දෙවැනි හදවත් සැත්කම නතර වෙයි - හේතුව මෙන්න මෙරට දෙවැනි හදවත් සැත්කම නතර වෙයි - හේතුව මෙන්න 2017-09-22 - වෛද්‍යවරුන්ගේ කඔ ඇදිල්ලක් හේතුවෙන් මහනුවර මහරෝහලේ සිදු කිරීමට ගිය මෙරට ද... More detail
පවුලම එක් වී මහ දහවලේ කළ වැඩේ මෙන්න පවුලම එක් වී මහ දහවලේ කළ වැඩේ මෙන්න 2017-09-22 - දිවුලපිටිය මරඳගහමුල ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක භාණ්ඩ සොරකම් කළ පවුලක් ප්‍... More detail
ඇමෙරිකාවේදී නේපාල අගමැති ජනපති මෛත්‍රී හමුවී කියු දේ මෙන්න ඇමෙරිකාවේදී නේපාල අගමැති ජනපති මෛත්‍රී හමුවී කියු දේ මෙන්න 2017-09-22 - සාර්ක් සංවිධානයේ කටයුතු පිළිබඳ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ... More detail
උද්දමනය වැඩිවෙලා උද්දමනය වැඩිවෙලා 2017-09-22 - මෙරට උද්දමනය අගෝස්තු මාසයේදී සියයට 7.9 දක්වා වැඩි වී ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා... More detail
මාලඹේ සිසුන් ගැන දෙමාපියන්ගේ ඉල්ලීම මෙන්න මාලඹේ සිසුන් ගැන දෙමාපියන්ගේ ඉල්ලීම මෙන්න 2017-09-22 - මාලඹේ වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන සියලුම සිසුන් කොතලාවල විද්‍යා පීඨයට ඇ... More detail
ආදරේ කරන්න ගිහින් මම රැවටුණා ආදරේ කරන්න ගිහින් මම රැවටුණා 2017-09-22 - මේනකා  කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. More detail
දිගම ඔසරි පොට ගැන ගුරු සංගම් කියන දේ මෙන්න දිගම ඔසරි පොට ගැන ගුරු සංගම් කියන දේ මෙන්න 2017-09-22 - නිරූපිකාවක හා නිරූපණ ශිල්පී යුවළක් ඊයේ සිය මංගල දිනයේදී ලොව දිගම ඔසරි පොට සහිත... More detail
පාසල් සිසුවෙක් ගෙල වැලලාගනී පාසල් සිසුවෙක් ගෙල වැලලාගනී 2017-09-22 - බේරුවල ප්‍රදේශයේ රබර් වත්තක පාසල් සිසුවෙකු ගෙල වැලලාගෙන මියගොස් ඇති බව පො... More detail
ශ්‍රි ලංකා ක්‍රිකට් පිලත් කැරැල්ලක් අරඹයි - ක්‍රිකට් සභාපතිට ලිපියක් භාරදෙ ශ්‍රි ලංකා ක්‍රිකට් පිලත් කැරැල්ලක් අරඹයි - ක්‍රිකට් සභාපතිට ලිපියක් භාරදෙයි 2017-09-22 - ක්‍රීඩකයන් රැකබලා ගැනීම සහ ආරක්ෂාව  සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය... More detail
ශ්‍රී ලංකාව ගැන ඇමරිකාව පැවසූ දේ මෙන්න ශ්‍රී ලංකාව ගැන ඇමරිකාව පැවසූ දේ මෙන්න 2017-09-22 - ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ කාර්ය ප්‍රශංසනීය බව ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2017-09-21 - ඔබ සැමට යහපතක්ම වේවා!.......  More detail
සයිටම් එරෙහි වර්ජනයෙන් ජනතාවට පීඩා සයිටම් එරෙහි වර්ජනයෙන් ජනතාවට පීඩා 2017-09-21 - මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සෞඛ්‍ය, අධ්‍යාපන සහ තවත් වෘත්තිය ... More detail

 

Gossip

Foreign

ලොවම මවිත කළ පවුලේ 20 වැනි සාමාජිකයා මෙන්න ලොවම මවිත කළ පවුලේ 20 වැනි සාමාජිකයා මෙන්න 2017-09-21 - එංගලන්තයේ Lancashire ප්‍රාන්තයේ ඉන්න අපුරූ පවුලක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර... More detail
ඥාතීන් විසින්ම තරුණ පෙම්යුවළ විදුලිය අල්ලා අමානුෂිකව ඝාතනය කර වළදාලා ඥාතීන් විසින්ම තරුණ පෙම්යුවළ විදුලිය අල්ලා අමානුෂිකව ඝාතනය කර වළදාලා 2017-09-21 - අමානුෂික ලෙස ඝාතනය කර වලදමා තිබූ පෙම්වතුන් යුවලකගේ සිරුරු අධිකරණ නියෝගයක්... More detail
භූමිකම්පාවකින් සියදෙනෙක් මරුට - දහසකට තුවාල භූමිකම්පාවකින් සියදෙනෙක් මරුට - දහසකට තුවාල 2017-09-20 - මෙක්සිකෝවට ප්‍රබල භූ කම්පන තත්ත්වයක් හට ගෙන තිබෙනවා. More detail
දියණිය ඉදිරියේ නිරුවත් වු පෙම්වතාට වුණ දේ මෙන්න දියණිය ඉදිරියේ නිරුවත් වු පෙම්වතාට වුණ දේ මෙන්න 2017-09-19 - තම 12 හැවිරිදි කුඩා දියණිය ඉදිරිපිට නිරුවතින් අසභ්‍ය ලෙස හැසිරුණු පෙම්වතාට... More detail
උතුරු කොරියාව ජපානයට ඉහළින් මිසයිල යවයි උතුරු කොරියාව ජපානයට ඉහළින් මිසයිල යවයි 2017-09-15 - උතුරු කොරියාව විසින් ජපානයට ඉහළින් තවත් මිසයිල අත්හදා බැලීමක් සිදුකර තිබ More detail
රඟපෑමට චිත්‍රපට නොමැතිව ගණිකාවක් වූ සුරූපිනිය රඟපෑමට චිත්‍රපට නොමැතිව ගණිකාවක් වූ සුරූපිනිය 2017-09-14 - දකුණු ඉන්දීය සුපිරි නළු රැජිනි ඛාන් සමඟ කබාලි චිත්‍රපටයේ රඟපෑ සුපිරි නිළි Dhansika... More detail
අවුරුදු 46 ක් මව් කුස තුළ සිටි දරුවෙකු එළියට ගත් හැටි මෙන්න අවුරුදු 46 ක් මව් කුස තුළ සිටි දරුවෙකු එළියට ගත් හැටි මෙන්න 2017-09-12 - ලොවම මවිත කරමින් වසර 46 ක් මව් කුස තුළ සිටි දරුවෙකු පිටතට ගත් හැටි මෙන්න (ඡායාරූප)... More detail