ඔලිම්පික් පදක්කම්ලාභියක් වීමට සහ ඉන් පසුවත් සුසන්තිකා ජයසිංහ වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යංශය විශාල මුදලක් වැය කර ඇති බවත් ඇය වැටුප් නොගෙවු බවට කරන ලද ප්‍ර‍කාශ අසාධාරණ බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පැවසී ය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (07) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා මෙසේද පැවසී ය.

සුසන්තිකා ජයසිංහ මුල ඉදලා ජයග්‍ර‍හණය දක්වා ගෙන එන්නත්, එතනින් පස්සෙත් අපි විශාල මුදලක් ආණ්ඩුව විදිහට වියදම් කරලා තියෙනවා. මම එනකොට ඇත්තටම එතුමියට රස්සාවක් තිබුණේ නැහැ. 2016දී මම එතුමියට කතා කරලා මේ කැබිනට් පත්‍රිකාව දැම්මා. ඒකේ මම ඉල්ලීමක් කරලා අවුරුදු 60 දක්වා රුපියල් 60,000ක පඩියක් හා ඉන්දන දීමනාව රුපියල් 15000ක් විදිහට. නමුත් මට අනුමැතිය ලැබුණේ රුපියල් 60,000ක පැටුපක් 2020 දක්වා ඇයට ගෙවන්න කියලා. එතනින් පස්සෙත් ඇයට ඒක කරන්න පුළුවන් . මම ඇයට ආරාධනා කරලා ඒ පත්වීම් ලිපිය බාරදුන්නා. හැබැයි ඒ පත්වීම් ලිපිය ගත්තහම “අයියෝ ඉස්සර කිව්වේ රුපියල් 80,000ක් දැන් 60,000යි කියාලා එතුමිය ටිකක් නෝක්කාඩුවෙන් යන්න ගියා. 

ඒ පත්වීම් ලිපියේ බොහොම පැහැදිලිව තියෙනවා එතුමිය කරන්න ඕන කාර්යභාර්යන් ටික. මොකද කැබිනට් මණ්ඩලය අනුමත කළේ උපදේශකවරියක් පත් කරගන්න මෙන්න මේ කාර්යසාධනයට යටත්ව කියලා. ඒක අපි ඉටු කරන්න අවශ්‍යයි.

අපි පාසල් 316ක දරුවන් පුහුණු කරනවා 2028 දක්වා මේ වැඩපිළිවෙළට. මේ පුහුණු වන දරුවන් හමුවෙලා ඇය ඒ වැඩ කරන්න ඕනා. දෙවැනි කාරණය තමයි ලංකාවේ තියෙන සංචිත තුනක් අපි හදන්න ඕනා කියලා. ජාතික සංචිතය, ආසියානු සංචිතය සහ ඔලිප්පික් සංචිතය කියලා. මේ සංචිත තුනේ අවශ්‍යතාවයන් පිළිබද යම් වගකීමක් කවුරු හරි ගන්න අවශ්‍ය වෙලා තිබුණා. ඉතිං මම ඇයට කිව්වා ඔබතුමිය මේ වැඩපිළිවෙළට අවශ්‍ය කටයුතු කරන්න කියලා. එතුමිය හා කියලා ගියා එතනින් පස්සේ ආයේ හම්බවුණේ නැහැ. 

ඒවගේ ම සම්මාන උළෙලක දී තමුසේ එනවා අප්‍රේල් මාසේ පඩිය ගන්න කියලා මම කිව්වා කියලා ඇය කියන ප්‍ර‍කාශය සම්පුර්ණයෙන් ම වැරදියි. මම ඒක ප්‍ර‍තික්ෂ්‍රේප කරනවා. නමුත් මම ඉන්න තැනම එතුමිය කිව්වා ක්‍රිඩා අමාත්‍යංශයෙන් සතපහක දෙයක් අපිට කරලා නැහැ කියලා. එතකොට මට වේදනාවක් එනවා. එතකොට මම පල්ලේහාට ආවාම කිව්වා “මතක තියාගන්න ඔයාට රුපියල් 60,000 ගානේ පඩි ගෙවන්නේ ක්‍රිඩා අමාත්‍යංශයෙන් කියලා“. 

අනතුරුව අප්‍රේල් මාසේ ලේකම්වරයා යවලා තිබුණු ලිපියෙන් ද කිසිවේලාවක පඩිය නවත්තලා තිබුණේ නැහැ. ඊට පස්සේ අපි ඊයේ තවත් ලිපියක් යැව්වා. මේක පැහැදිලිව විසදගන්න කියලා. 

ඇය අමාත්‍යංශයේ උපදේශිකාවක් විදිහට පත් කරලා තියෙන්නේ. ඒ කියන්නේ රාජ්‍ය නිලධාරීනියක්. රාජ්‍ය නිලධාරීනියකට රාජකාරි කොටසක් තියෙනවා කරන්න. එතුමිය ඉස්සෙල්ලා හිටියේ නම් අමාත්‍යතුමාගේ උපදේශක කියලා. එතුමිය කල්පනා කරනවා ඇති වාර්තා දෙන්න ඔනේ නැහැ. මාසේ අන්තිමට ඇවිත් පඩිය ගත්තහම ඇති කියලා. නමුත් එහෙම කරන්න බැහැ.

සුසන්තිකා ජයසිංහ කියන්නේ දුක්විදලා මෙතනට ආපු කෙනෙක්. ඇයගේ ශක්තිය අපේ රටේ දුප්පත් දරුවන්ට දෙන්න ඕනා. මම ඒකයි මේ ක්‍රියාදාමය කළේ. නැත්නම් ඇයත් එක්ක කිසිම තරහක් නැහැ. 

ඒවගේම මම කණගාටුවෙන් වුණත් කියනවා කවදාවත් එතුමිය කෙළෙහිගුණයක් පිළිබද කතා කරන කෙනෙක් නෙවෙයි. එතුමිය දියතලාව රෝහලේ අසනීප වෙලා ඉන්නකොට මම යාපනේ ඉදලත් එතුමියට හෙලිකොප්ටරයක් යැව්වා. ඒක ආරක්ෂක ලේකම්තුමා දන්නවා. කොළඹ ඇම්බියුලන්ස් ලැස්ති කරලා වෛද්‍යවරු ගෙන්වලා ඇයට ප්‍ර‍තිකාර කළා. අපි එහෙම තමයි ඇයට සැලකුවේ. ඒත් කවදාවත් හොදක් අහන්න නම් එතුමියගෙන් ලැබෙන්නේ නැහැ. මම ඒකට කණගාටු වෙනවා. මේ වගේම එස්.බී ඇමතිතුමත් පුදුම විදිහට උදව් කළා. 

එතුමිය ඇකඩමියක් පටන්ගන්න ඕන කිව්වහම මම ලක්ෂ 11ක් දුන්නා. මේ සියල්ල දිලා තමයි ඇය ඔය කතා කියන්නේ. මේ ක්‍රිඩා අමාත්‍යංශයෙන් විතරක් එතුමියට විශාල මුදලක් දීලා තියෙනවා. නමුත් ඒ දුන්න එකකවත් එතුමියට වටිනාකමක් තේරෙන්නේ නැහැ. ආදයම් පාලනය පිළිබද එතුමියගේ ගැටලුව මට අදාල නැහැ.

ලැබෙන මුදල්, මොන්ටේරෝ ජිප් රථ, ගෙවල් ඇයට දීලා තියෙනවා. සුසන්තිකා ජයසිංහ ඔය ඔලිම්පික් පදක්කම ගත්තා විතරයි. තව පදක්කම් ගත්ත කී දෙනෙක් ඉන්නවද? ශ්‍රීයානි කුලවංශ එහෙනම් පාරේ දිගේ බැණ බැණ යන්න ඕනා අපිට. එතුමිය වචනයක්වත් කියන්නේ නැහැ. රුපියල් 15,000 පඩියට අද අධ්‍යාපන අමාත්‍යංශයේ සේවය කරන්නේ. දමයන්ති දර්ශා සතපහක දෙයක් අපෙන් ඉල්ලලා නැහැ. ඇය පෞද්ගලික සමාගමක වැඩ කරනවා. කවදාවත් මාධ්‍ය හමු තියලා “අපිට මොකවත් දුන්නේ නැහැ“ කියලා කියලා නැහැ. තව කීදෙනෙක් ඉන්නවද?

මේ හැමකෙනෙක්ම බලා ගන්න ගියොත් කෝටී කියක් අපි වියදම් කරන්නද? මම හිතන්නේ එතුමිය මේ ඔලිම්පික් පදක්කමත් එක්ක පුහුණුවීම් කළා නම් ඒකේ ලොකු වටිනාමක් තියෙනවා. මම එතුමියටත් කිව්වා. හොද පුහුණුකාරියක් වෙන්න තිබුණා. මුල ඉලදා ඇය ආපු ගමන ගියා නම් ලංකාවේ හොදම පුහුණුකාරිය වෙන්න පුලුළුවන්. අපි ඒවට උදව් කරනවා. මේ කියන කතා හරි අසාධාරණයි.

ඉදිරියේ දී එතුමිය ඔලිම්පික් පදක්කම වෙන්දේසී කරනවා නම් අමාත්‍යංශයට වෙන්දේසි කරන්න. ඒක රටට අවශ්‍යයි. ඒක රටට අයිති දෙයක්. ඇයට ඒක පෞද්ගලිකව වෙන්දේසි කරන්න බැහැ. ඒ පදක්කම ගන්න කෝටි ගාණක් ඇය වෙනුවෙන් වියදම් කරලා තියෙනවා. වෙන්දේසි කරනවා නම් බොහොම කැමැත්තෙන් මම අමාත්‍යංශයට බාර ගන්නවා. අරගෙන මම ඒක ක්‍රීඩා අමාත්‍යංශයේ තියෙනවා. ඒවා පෞද්ගලිකව අයිති නොවන නීතියක් මම ගේනවා ඉදිරියේ දී. මම එතුමිය ගැන කණගාටු වෙනවා. පාරවල් දීගේ මේ ගැන කිය කියා ඉන්නේ නැතිව ඇවිත් විසදගන්න.“


Latest News

අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-07-20 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
ලංකාවට ජපන් වාහන ගෙන්වීම නවතී - අධි වියදම් යුරෝපා වාහන ගෙන්වයි ලංකාවට ජපන් වාහන ගෙන්වීම නවතී - අධි වියදම් යුරෝපා වාහන ගෙන්වයි 2018-07-20 - ඛනිජ තෙල් අමාත්‍යාංශය විසින් යූරෝ ෆෝ නමින් නව ඉන්ධන ප්‍රමිතියක් වෙළඳපොලට ... More detail
"මලීක්ට ගහද්දි ඇයි චංචලා අඬන්නේ?" ඇමති මලීක්ට එරෙහි විවාදය මග හැරි අනුර කුමාර... 2018-07-20 - පාර්ලිමේන්තුවේ ඊයේ දින (19) පැවැති විවාදයකදි ඒකාබද්ධ විපක්ෂ පාර්ලීමේන්තු ම... More detail
ජ්‍යෙෂ්ඨ භික්ෂු උත්තමයෝ නවක භික්ෂුවගේ සිවුර ගලවා නිරුවත් කරලා - දස වද දීලා ජ්‍යෙෂ්ඨ භික්ෂු උත්තමයෝ නවක භික්ෂුවගේ සිවුර ගලවා නිරුවත් කරලා - දස වද දීලා 2018-07-20 - රුහුණු විශ්වවිද්‍යාලයේ පළමු වසරේ අධ්‍යාපනය හැදෑරීමට පැමිණි 26 හැවිරිදි නවක... More detail
ජනප්‍රිය නිළි තිසුරි යුවනිකාගේ මංගල දා නොදුටු ජායාරූප මෙන්න ජනප්‍රිය නිළි තිසුරි යුවනිකාගේ මංගල දා නොදුටු ජායාරූප මෙන්න 2018-07-20 - රසිකයින්ගේ ආදරය දිනාගත් දක්ෂ යොවුන් නිළියක වන තිසුරි යුවනිකා ඊයේ (19) යුග දිවියට... More detail
පොලිස් නිලධාරීන් දෙදෙනෙක් එක්ක පොලිස් කාන්තාවක් කාමරයක් ඇතුලේ කරපු වැඩේ - ... පොලිස් නිලධාරීන් දෙදෙනෙක් එක්ක පොලිස් කාන්තාවක් කාමරයක් ඇතුලේ කරපු වැඩේ - විඩියෝව 2018-07-20 - පොලිස් කාන්තාවක් සමග පොලිස් නිලධාරීන් දෙදෙනෙක් කාමරයක් තුළ කරන අමුතු සෙල්... More detail
ගාල්ල ක්‍රීඩාංගණය ගැන රජය ගත් තීරණය මෙන්න ගාල්ල ක්‍රීඩාංගණය ගැන රජය ගත් තීරණය මෙන්න 2018-07-20 - ගාල්ල ක්‍රීඩාංගණය වෙනත් ස්ථානයකට රැගෙන යාමේ සැලැස්මක් නොමැති බවත් ආන්දෝල... More detail
ඇලෝසියස්ගේ කූඩුවේ තිබූූ සිම්වලින් පාතාලයන්ට කෝල් අරන් ඇලෝසියස්ගේ කූඩුවේ තිබූූ සිම්වලින් පාතාලයන්ට කෝල් අරන් 2018-07-20 - බැඳුම්කර සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටින පර්පචුවල් ට්‍රෙෂරිස් ... More detail
උසස් පෙළ විභාගයට පෙනී සිටින පෞද්ගලික අපේක්ෂකයන්ට විශේෂ නිවේදනයක් උසස් පෙළ විභාගයට පෙනී සිටින පෞද්ගලික අපේක්ෂකයන්ට විශේෂ නිවේදනයක් 2018-07-20 - මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටිමට විභාග ප්‍රවේශ... More detail
සුරූපී රංගන ශිල්පිණිය අධ්‍යක්ෂකවරුන් ඉල්ලූ ලිංගික අල්ලස් ගැන හෙළිකරයි සුරූපී රංගන ශිල්පිණිය අධ්‍යක්ෂකවරුන් ඉල්ලූ ලිංගික අල්ලස් ගැන හෙළිකරයි 2018-07-20 - සුරූපී බොලිවුඩ් නිළියක්වන මල්ලිකා ශෙරාවට් සිදුකළ ප්‍රකාශයක් වෙත මේ වනවිට... More detail
වාර්තා පොත් අලුත් කරමින් කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පිත්ත අතට ගනී වාර්තා පොත් අලුත් කරමින් කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පිත්ත අතට ගනී 2018-07-20 - සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට්... More detail
යහපාලන ආණ්ඩුව හදන්න ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 585 ගත්තාද යහපාලන ආණ්ඩුව හදන්න ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 585 ගත්තාද 2018-07-20 - මේ රටේ යහපාලන ආණ්ඩුවක් ඇති කිරීමට ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව ලබාදුන් බව... More detail
සුරංගගේ නායකත්වයෙන් දකුණු අප්‍රිකාව සමග දෙවන ටෙස්ට් තරගය අද සුරංගගේ නායකත්වයෙන් දකුණු අප්‍රිකාව සමග දෙවන ටෙස්ට් තරගය අද 2018-07-20 - ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන ටෙස්ට් තරඟය කොළඹ එස්.එස්.සී. ක්‍රීඩ... More detail
මේක කරන්න එපා‘‘ - ගාල්ල ක්‍රීඩාංගණය ගැන පළමු වරට හිටපු නායකයාත් කතා කරයි මේක කරන්න එපා‘‘ - ගාල්ල ක්‍රීඩාංගණය ගැන පළමු වරට හිටපු නායකයාත් කතා කරයි 2018-07-20 - ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය එම ස්ථානයෙන් ඉවත් කිරීමට රජය ගෙන ඇති... More detail
18 හැවිරිදි තරුණියගේ කාමරයට නිරුවතින් ඇතුළු වූ තිදරු පියා වහලයේ තහඩුවකුත් ක... 18 හැවිරිදි තරුණියගේ කාමරයට නිරුවතින් ඇතුළු වූ තිදරු පියා වහලයේ තහඩුවකුත් කඩාගෙන පැන ගිහින් 2018-07-20 - අක්මිමන බටදුව හිරළුගොඩ ප්‍රදේශයේ නිවසකට නිරුවතින් ඇතුල් වු තිදරු පියෙකු අද... More detail
පාර්ලිමේන්තුවට පිරිමි ගණිකාවෝ ඇවිත් පාර්ලිමේන්තුවට පිරිමි ගණිකාවෝ ඇවිත් 2018-07-19 - පාර්ලිමේන්තුවේ පිරිමි ගණිකාවන් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේ... More detail
සිංගප්පූරුවට පැනලා යන්න එපා - හැංගෙන්න එපා - කෙලින් ඇවිත් උත්තර දෙන්න - රංජන් ... සිංගප්පූරුවට පැනලා යන්න එපා - හැංගෙන්න එපා - කෙලින් ඇවිත් උත්තර දෙන්න - රංජන් පාර්ලිමේන්තුවේදී මහින්දට අභියෝග 2018-07-19 - චීන සමාගම්වලින් මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ... More detail

 

Gossip

Foreign

සුරූපී රංගන ශිල්පිණිය අධ්‍යක්ෂකවරුන් ඉල්ලූ ලිංගික අල්ලස් ගැන හෙළිකරයි සුරූපී රංගන ශිල්පිණිය අධ්‍යක්ෂකවරුන් ඉල්ලූ ලිංගික අල්ලස් ගැන හෙළිකරයි 2018-07-20 - සුරූපී බොලිවුඩ් නිළියක්වන මල්ලිකා ශෙරාවට් සිදුකළ ප්‍රකාශයක් වෙත මේ වනවිට... More detail
ට්‍ර‍ම්ප් - පුටින් එකතුවේ,දෙරටේ මිත්‍ර‍ත්වය රැකගනී ට්‍ර‍ම්ප් - පුටින් එකතුවේ,දෙරටේ මිත්‍ර‍ත්වය රැකගනී 2018-07-17 - ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්... More detail
අවසන් මහා තරගයට තේරුනු පාපන්දු උන්මාදයත් සමග සූරූපි ක්‍රොඒෂියානු ජනපතිවරියගේ... අවසන් මහා තරගයට තේරුනු පාපන්දු උන්මාදයත් සමග සූරූපි ක්‍රොඒෂියානු ජනපතිවරියගේ අසැබි වීඩියෝවක් ලීක් වෙලා? 2018-07-13 - මේ දිනවල ලෝකවාසී බොහෝ දෙනාගේ අවධානය යොමුවෙලා තියෙන්නේ ක්‍රොඒෂියාව පැත්තට.... More detail
පෙම්වතියට ගහන්න මාස 18ක දරුවා ක්‍රිකට් පිත්තක් කරගත් පියාගේ විඩියෝව එළියට පෙම්වතියට ගහන්න මාස 18ක දරුවා ක්‍රිකට් පිත්තක් කරගත් පියාගේ විඩියෝව එළියට 2018-07-12 - සිය පෙම්වතිය සමග උරණ වූ සැමියෙක් ඇයට මාස 18ක් වයසැති සිය දරුවා පිත්තක් ලෙස භ... More detail
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් බුද්ධි අංශ නිලධාරීන් 2ක් සහ තවත් 10ක් මරුට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් බුද්ධි අංශ නිලධාරීන් 2ක් සහ තවත් 10ක් මරුට 2018-07-11 - ඇෆ්ගනිස්ථානයේ ජලාලාබාද් නගරයේ සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයින්... More detail
දුම්රිය පීලි පැනීමකින් පුද්ගලයින් 10ක් මරුට දුම්රිය පීලි පැනීමකින් පුද්ගලයින් 10ක් මරුට 2018-07-09 - තුර්කියේ, ටැකිර්ඩෑග් ප්‍රදේශයේ සිදු වූ දුම්රිය පීලි පැනීමකින් පුද්ගලයින්... More detail
බෝට්ටුවක් පෙරලි 49ක් අතුරුදහන් බෝට්ටුවක් පෙරලි 49ක් අතුරුදහන් 2018-07-06 - තායිලන්තයේ ෆුකට් දුපත ආසන්නයේදී සංචාරක බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් පුද්ග... More detail