IPL 2017 තරගාවලියේ තවත් එක් තීරණාත්මක තරගයක් වන මුම්බායි ඉන්දියන් කණ්ඩායම හා කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර තරගය අද බැංගලෝර් හිදී ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 8ට ආරම්භ වීමට නියමිතයි.

අද තරගය ජය ගන්නා කණ්ඩායමට ලබන ඉරිදා පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමි වන අතර ස්ටීවන් ස්මිත් නායකත්වය දරන රයිසින් පූනේ කණ්ඩායම මෙවර අයි පී එල් තරගාවලියේ අවසන් මහා තරගයට මේ වන විටත් සුදුසුකම් ලබා අවසන්.

අද තරගයට ක‍්‍රීඩා කරන මුම්බායි කණ්ඩායමේ වෙනස්කමක්  කීපයක්  සිදු කිරීමට බෝහෝ දුරට ඉඩ ඇති බව නිල නොලත් ආරංචි මාර්ග පවසන අතර පෙර තරගයට ක‍්‍රීඩා කළ අම්බතී රයිදු වෙනුවට නිතීෂ් රානා යළි කණ්ඩායමට කැදවීමට නියමිත බව වාර්තා වෙයි.තවද පෙර තරගයට ක‍්‍රීඩා නොකළ හර්බජාන් සිං ද කරන් ශර්මා වෙනුවට කණ්ඩායමට කැදවා ඇත.

කල්කටා කණ්ඩායමේ කිසිදු වෙනස්කමක් කළ නොමැති අතර හයිද‍්‍රාබාද් කණ්ඩායම සමග ක‍්‍රීඩා කළ කණ්ඩායමම ක‍්‍රීඩා කරනු ඇතැයි ද එම ආරංචිමාර්ග පවසයි.