ඉතා අමිහිරි මතක සටහන් ඉතිරි කරමින් තිස්වසරක කුරිරු යුද්ධය නිමා වී හරියටම අදට (19) වසර 8 කි. එම යුද්ධය පැවති කාලයේ වසර පහක් පුරා කොටි සිර කදවුරක මැරි මැරී ඉපදෙමින් අපාදුක් විදි පොලිස් නිලධාරීන් 44 දෙනාගෙන් එක් පොලිස් නිලධාරියෙකු පිළිබදව දිගහැරෙන අනුවේදනීය කතාවකි මේ. ඔහු නමින් ගමගේ ප්‍රේමදාස අබේවික්‍ර‍ම යි.  

“ ඒ අමිහිරි දිනය මතක්වෙන විටත් ඇගේ මයිල් කෙළින් වී යන තරමට බියක් දැනෙනවා. 1990.06.13 දින මධ්‍යම රාත්‍රියේ කිසිවෙකුත් අපේක්ෂා නොකළ වෙලාවක එල්.ටී.ටී.ඊ ත්‍ර‍ස්තවාදීන් විශාල පිරිසක් පැමිණ අප පොලීසිය වට කළා. හිතාගන්වත් බැරිවුනා. විශාල ප්‍රහාරයක් එල්ල වුණා. පොලීසිය ඉදිරිපිට තියෙන යුද හමුදා කදවුරටත් ත්‍ර‍ස්තවාදීන් පහර දීලා තිබුණ නිසා අපේ සහයට හමුදාවට ඒමට හැකියාවක් තිබුණේ නෑ. පැය ගණනාවක සටනකින් පසු වෙඩි උණ්ඩත් අවසන් වේගෙන තිබුණා. අප සමග සිටි දෙමළ පොලිස් නිලධාරීයෙක් ඇවිත් කිවුවා පොලීසිය දැන් කොටි වටකර ඇති බවත් ආයුධ බිම තබා යටත්වන ලෙසත්. අවසානයේ අපට සිද්ද වුනා ආයුධ පැත්තකින් තියලා එල්.ටී.ටී.ඊ ත්‍රස්ත්‍ර‍වාදීන්ට යටත්වීමට. එක ට්‍රැක්ටරයක පොලිස් නිලධාරීන් 25-30 අතර ප්‍ර‍මාණයක් හිටියා. අපේ පොලිස් ස්ථානාධිපතිවරයා ද්‍ර‍විඩ ජාතිකයෙක්. ඔහුද ට්‍රැක්ටරයකට නගිනු මම දැක්කා.

උදේ වන විට අප සියලු දෙනාම එළිමහන් කදවුරකට ගෙන ගියා. ගිහින් අපට පාන් සමග කිරි තේ දුන්නා. එදින සවස මුස්ලිම් සහ දෙමළ පොලිස් නිලධාරීන් වෙන් කළා. ඉතිරි සිංහල පොලිස් නිලධාරීන් 18 දෙනාගේ දෑත් පිටුපසට තබා බැද අපට දිගින් දිගටම පහර දෙන්න ගත්තා.  ඒ වෙනකොට අපි ජීවිතය ගැන තිබු බලාපොරෙත්තු සියල්ල අතහැරලා තිබුණේ. පහර දීලා අඩපණ වුනාට පස්සේ උස්සලා ලොරියකට විසී කළා. ඒ වන විට අපිව මරන්න කියලා ප්‍ර‍භාකරන් නියෝග දීලා කියලා කියනු ඇසුණා. ඉන්පසු ලොරියෙන් බස්සවා එකදිගටම පහර දුන්නා. බොන්න වතුර උගුරක් දුන්නේ නැහැ. තුන්වන දවසේදී අප ඇදන් හිටි නිලඇදුම් සහ සිවිල් ඇදුම් ගලවලා ඉණ වටා දවටගන්න රෙදි කැබැල්ලක් දුන්නා. ආයෙත් අපේ අත් පා බැදලා ලොරියකට නග්ගගෙන වලක් ළගට ගෙන ගියා. අප දෙදෙනා බැගින් දෙපාවලට දම්වැල් දැම්මා. දම්වැල් දාලා ඉවරවෙලා යකඩ ඉණිමගක් තිබුණා වලට බහින්න. එතැනට අරගෙන ගිහිල්ලා ලණුවක් ආධාරයෙන් වලට බහින්න අණ කළා. අප දැමූ වළේ පළල අඩි 10ක් 20 ක් විතර ඇති. ගැඹුර අඩි 20ක් විතර ඇති. වළලට එක්වුනු පිරිස 44ක්. වලේ ඉඩ මදි නිසා කිසිම කෙනෙක් නිදා ගත්තේ නැහැ. වළට ආහාර දුන්නේ බාල්දියකින්. මළපහ කරන්නට මුත්‍රා කරන්නට සිදු වුණේ බාල්දියකට.

වැසිකිළිය බාල්දිය දිනකට වරක් පහළට බස්සනවා. බාල්දිය වළට දැමූ ගමන් මලපහ මුතා කිරීම් කටයුතු කළ යුතුයි. අතපසුවුහොත් කරන්නට දෙයක් නැහැ. මලමුත්‍රා කිරීමේ ප්‍ර‍ශ්න නිසා ආහාර ගැනීම, වතුර බීම අප සිදු කළේ අඩුවෙන්. මේවගේ දුක් ගොඩක් වින්දා අපි. අපිව කොටි නිදහස් නොකරන බව තේරුනා. රතු කුරුස සංවිධානය හරහා අපි ඉල්ලීම් කළා. රජයෙනුත් අපිව නිදහස් කරගන්න උන්නදුවක් දක්වන බවක් නෙපෙනුන නිසා අපි තීරණය කළා උපවාසයකට යන්න. 1993 ජුනි දින  ආරම්භ කළ උපවාසයෙන් පසුව දින නවයක් ගතවන විට මා ඇතුළු පස් දෙනෙකු අසාධ්‍ය තත්වයට පත්වීම නිසා එල්.ටී.ටී.ටී.ඊ එකෙන් අපිව අපේ මවුපියන්ට භාරදෙන්න තීරණය කළා.

වසර 20 පමණ කාලයක් සේවය කළද කිසිදු විනය කඩ කිරීමකට දඞුවම් ලබා නොමැති මා නැවත සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා සිටියද එවකට සිටි රජය තුට්ටුවකට ගණන් ගත්තේ නැහැ. රැකියාව අහිමිවීම නිසා මා දරුවන් හතර දෙනා සහ බිරිය සමග ගත කරන්නේ දුක් කම්කටොළු සහිත ජිවිතයක්.  මා හට දැන් තියෙන්නේ කොටි ත්‍ර‍ස්තවාදීන්ගේ කුරිරු වධ වේදනාවලට ලක්ව ඇති වූ කැළැල් පමණයි. මාගේ රැකියාව අහිමිව වසර 9ක් වෙනවා. මා රජයෙන් ඉල්ලා සිටින්නේ මා නැවත සේවයේ පිහිටුවන ලෙසයි.

 


Latest News

අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-02-25 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
මේක කොමඩියක් - හොදින් හරි නරකින් හරි රනිල් එලවනවා - ආණ්ඩුවේ ඇමැතිකෙනෙකුගෙන් කනේ... මේක කොමඩියක් - හොදින් හරි නරකින් හරි රනිල් එලවනවා - ආණ්ඩුවේ ඇමැතිකෙනෙකුගෙන් කනේ පාරක් 2018-02-25 - කැබිනට් සංශෝධනය ආණ්ඩුවේ කොමඩි නාට්‍යයේ පළමු කොටස බවත් හොදින් හෝ නරකින් අග... More detail
තවත් කැබිනට් සංශෝධනයක් ළගදීම? තවත් කැබිනට් සංශෝධනයක් ළගදීම? 2018-02-25 - එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන්ගේ වෙනසක් කළ ආකාරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇ... More detail
කවුරුත් බලාසිටි කැබිනට් සංශෝධනය මෙන්න - අලුත් ඇමැති ලේඛනය එළියට කවුරුත් බලාසිටි කැබිනට් සංශෝධනය මෙන්න - අලුත් ඇමැති ලේඛනය එළියට 2018-02-25 - මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේදී අලුත් කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙමින්... More detail
සාගලගෙන් ගැලවුණ නීතිය හා සාමය රනිල්ට - අලුත් ඇමැතිවරු මෙන්න සාගලගෙන් ගැලවුණ නීතිය හා සාමය රනිල්ට - අලුත් ඇමැතිවරු මෙන්න 2018-02-25 - සාගල රත්නායක ඇමැතිවරයාගෙන් ගැලවුන නීතිය හා සාමය ඇමැතිධූරය අගමැති රනිල් ව... More detail
අපි පුත්තලම් බූරුවෝ - කැබිනට් සංශෝධනයට ආරාධනා නොලැබුණ ඇමැති කියන කතාව අපි පුත්තලම් බූරුවෝ - කැබිනට් සංශෝධනයට ආරාධනා නොලැබුණ ඇමැති කියන කතාව 2018-02-25 - රටේ හැමෝම පුත්තලම් බූරුවෝ යැයි කියන බවත් කැබිනට් මණ්ඩල සංශෝධනයට තමන්ට ආරාධනා... More detail
බාලගිරි දෝශය ඉවරයි - අලුත් කැබිනට්ටුවක් අද බාලගිරි දෝශය ඉවරයි - අලුත් කැබිනට්ටුවක් අද 2018-02-25 - කැබිනට් මණ්ඩල සංශෝධනයට පැවති බාලගිරි දෝශය නිමා කරමින් අද දිනයේදී කැබිනට් ... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-02-24 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
කොටින්ට අභියෝග කළ බ්‍රිගෙඩියර් ගෙන්වූ හේතුව හෙළිවේ කොටින්ට අභියෝග කළ බ්‍රිගෙඩියර් ගෙන්වූ හේතුව හෙළිවේ 2018-02-24 - නිල කාලය අවසන්වීමට පෙර බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ලංකාවට ගෙන්වාගත්තේ... More detail
ඇලෝසියස් (බෑනා) හා විධායක පළිහසේන රෝහල් ගත කළ ‘ඔපරේෂන් කොන්දේ අමාරුව‘ ඇලෝසියස් (බෑනා) හා විධායක පළිහසේන රෝහල් ගත කළ ‘ඔපරේෂන් කොන්දේ අමාරුව‘ 2018-02-24 - ඇලෝසියස් බෑනා සහ අල්ලස් විධායක පළිහ-සේන රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමෙන් පසුව... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-02-23 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
වැඩසටහන අතරතුර නිවේදිකාව දරුවෙකු ප්‍ර‍සුත කරලා වැඩසටහන අතරතුර නිවේදිකාව දරුවෙකු ප්‍ර‍සුත කරලා 2018-02-23 - ගුවන් විදුලි වැඩසටහනක් සජීවීව සිදුකරන අතරතුරදී දරුවකු බිහිකරන ලද නිවේදික... More detail
තර්ස්ටන් - ඉසිපතන ක්‍රිකට් වසන්තය ඇරඹේ තර්ස්ටන් - ඉසිපතන ක්‍රිකට් වසන්තය ඇරඹේ 2018-02-23 - පාසල් ක්‍රිකට් වසන්තයේ මහා ක්‍රිකට් තරඟ වාරය අරඹමින්, තර්ස්ටන් - ඉසිපතන සහ... More detail
ඇමතිකම තියෙනවද කියලා මම දන්නේත් නෑ ඇමතිකම තියෙනවද කියලා මම දන්නේත් නෑ 2018-02-23 - තමාගේ ඇමතිකම තිබේද නැද්ද යන්න තමා නොදන්නා බවත් එය ජනාධිපති මෛත්‍රිපාල සිර... More detail
අර්ජුන හොද දේශපාලන නායකයෙක් - යෝජිත මාධ්‍යයට ඇවිත් කියපු කතාව අර්ජුන හොද දේශපාලන නායකයෙක් - යෝජිත මාධ්‍යයට ඇවිත් කියපු කතාව 2018-02-23 - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සම්බන්ධයෙන් ද විවිධ කතා... More detail
මේ දවස්වල අව්වෙන් ඇස් වලට අනතුරක් මේ දවස්වල අව්වෙන් ඇස් වලට අනතුරක් 2018-02-23 - මේ දිනවල දිවයින තුළ පවතින අධික හිරු රශ්මිය හේතුවෙන් ඇස්වල පෙනීමට බාධා මතු වීමේ... More detail
පැරණි පෙම්වතියට පෙම්වතා මග මගදී කරපු දේ පැරණි පෙම්වතියට පෙම්වතා මග මගදී කරපු දේ 2018-02-23 - පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප... More detail

 

Gossip

Foreign

වැඩසටහන අතරතුර නිවේදිකාව දරුවෙකු ප්‍ර‍සුත කරලා වැඩසටහන අතරතුර නිවේදිකාව දරුවෙකු ප්‍ර‍සුත කරලා 2018-02-23 - ගුවන් විදුලි වැඩසටහනක් සජීවීව සිදුකරන අතරතුරදී දරුවකු බිහිකරන ලද නිවේදික... More detail
අසභ්‍ය චිත්‍ර‍පට හැදු ප්‍ර‍වීණ චිත්‍ර‍පට අධ්‍යක්ෂක අත්අඩංගුවට අසභ්‍ය චිත්‍ර‍පට හැදු ප්‍ර‍වීණ චිත්‍ර‍පට අධ්‍යක්ෂක අත්අඩංගුවට 2018-02-23 - ඉන්දියාව කළඹමින් අන්තර්ජාලයට එක්වූ නවතම කෙටි චිත්‍රපටයක් වෙත මේ වනවිට බොහෝ... More detail
බස් එකේ දී කළ අතවරය සරසවි සිසුවිය විඩියෝ කරලා පොලීසියට දීලා බස් එකේ දී කළ අතවරය සරසවි සිසුවිය විඩියෝ කරලා පොලීසියට දීලා 2018-02-23 - දිල්ලි විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවක් විසින් මැදි වයසේ පුද්ගල... More detail
කුණු කන්දක් කඩා වැටී 17 ක් මරුට කුණු කන්දක් කඩා වැටී 17 ක් මරුට 2018-02-20 - විශාල කසල කන්දක් කඩාවැටීම හේතුවෙන් මොසැම්බික් රාජ්‍යයේ අගනුවර වන මපුටෝහි... More detail
පාසලක වෙඩි තැබීමකින් සිසුන් 17 දෙනෙකු මරුට පාසලක වෙඩි තැබීමකින් සිසුන් 17 දෙනෙකු මරුට 2018-02-16 - ඇමෙරිකාවේ ෆ්ලොරිඩා හි උසස් පාසලක වෙඩි තැබීමකින් අවම වශයෙන් 17 දෙනෙකු මියගොස්... More detail
රෝහලේ බිල නොගෙවූ නිසා අලුත උපන් බිළිදා මාස 5ක්ම රෝහලේ රෝහලේ බිල නොගෙවූ නිසා අලුත උපන් බිළිදා  මාස 5ක්ම රෝහලේ 2018-02-15 - බිල නොගෙවීම හේතුවෙන් රෝහලෙන් මාපියන් සමඟ පිටත් කිරීම වළක්වා අලූත උපන් බිල... More detail
ජනපතිට පැය 48ක් ඇතුළත ඉල්ලා අස්වෙන්න කියයි ජනපතිට පැය 48ක් ඇතුළත ඉල්ලා අස්වෙන්න කියයි 2018-02-14 - දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකෝබ් පූමාට ඉල්ලා අස්වීම සඳහා එරට පාලක පක්ෂය වන... More detail