පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංඛ්‍යා නිලධාරියා ලෙස කටයුතු කළ චමින්ද දයාරත්න පසුගිය 30 වැනිදා වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ සිය දරුවන් හා බිරිය පාසලට ඇතුළු කොට කාර්යාලය බලා යමින් සිටියදි ය.

ඌරු බොක්ක පොලිස් වසමේ දම්පහළ හුලංකන්ද ප්‍රදේශයේ පිහිටි පාසල් මාවතේ පාළු ස්ථානයකදී මොහු වෙඩි තබා ඝාතනය කර තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළේ ඌරුබොක්ක පොලීසිය විසිනි.

දයාරත්නට වෙඩි වැදී තිබුණේ යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදි. ඔහුගේ දෑත් ඒ වන විටත් යතුරු පැදියේ හැඬලය මත තිබූ අතර එතැනට පැමිණි පොලිස් නිලධාරිහූ වහා ඔහු රෝහල වෙත ගෙන යාමට කටයුතු කළා.

නමුත් ඔහු ඒ වෙනකොටත් මිය ගිහින්.

මියගිය දයාරත්නගේ බිරිය වුණු ඉනෝකා වලස්මුල්ල ප්‍රදේශයේ විදුහලක ප්‍රාථමික පන්තිවල දරුවන්ට උගන්වන ගුරුවරියක්. දයාරත්නත්, ඉනෝකාත් විවාහ වෙන්නේ යෝජනාවකින්. ඔවුන්ට දරුවන් දෙදෙනෙකුත් සිටිනවා. දරුවන් අධ්‍යාපනය ලැබුවෙත් ඉනෝකා උගන්වන පාසලේමයි. මේ නිසාම දරුවන් හා බිරිඳ ඇරලවලා කාර්යාලය බලා ගමන් කරන එක තමයි දයාරත්නගේ පුරුදු රාජකාරිය වුණේ.

දයාරත්න දස දෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැන්නා. ඔහුගේ පියා මොනරාගල කච්චේරියේ සැලසුම් අධ්‍යක්ෂකවරයෙක්. මව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ලිපිකාරිනියක්. හොඳ පවුල් පසුබිමක ඉන්න දයාරත්න කිසිවෙකුට වැරදි නොකරන හිත හොඳ කෙනෙකු විදිහටත් කා අතරත් ජනප්‍රිය වෙලා හිටියේ.

‘‘මගේ මහත්තයාට මේ වගේ අපරාධයක් කළේ ඇයි..? එයා කාටවත් වරදක් කරන කෙනෙක් නෙවෙයි. එයා ගමේ හැමෝමත් එක්ක හොඳයි. එයාට කවුරුත් තරහාකාරයෝ හිටියේ නෑ...‘‘

දයාරතන්ගේ ඝාතනය ගැන විවිධ කටකතා පැතිරුණා. ඒ අතරින් බොහෝ දෙනෙක් කිව්වේ මේක පාතාලේ වැඩක් කියලයි. කාටවත් කරදර නැති දයාරත්නට මේ වෙඩි තැබීම වැරදීමක් කළා වෙන්න ඇති කියලත් තවත් පිරිසක් අදහස් දැරුවා.

ඌරුබොක්ක පොලීසිය සිද්ධිය වුනු තැන සිසිටිවි කැමරා සෝදිසි කළා. එහිදි දැක ගැනීමට ලැබුණේ යතුරු පැදියකින් පැමිණෙන පුද්ගලයින් දෙදෙනෙක් අදාළ ඝාතනය සිදු කර පලා යන බවයි.

පොලිස් නිලධාරින්ගේ යුත් පරීක්ෂණ කණ්ඩායම් කිහිපයක්ම සිවිල් ඇඳුමෙන් සැරසිලා මේ ගැන පරීක්ෂා කරන්න පටන් ගත්තා. දයාරත්නගේ මළගෙදර පැමිණි ඔවුන් පොලිස් නිලධාරින් ලෙස ඇඟවීමක් සිදු නොකර සෝදිසි මෙහෙයුම් වල නිරත වුණා.

‘‘ඔහොම ඉන්න අතරේ අපිට පෙණුනා එක පුද්ගලයෙක් ඔය දවස් කිහිපයේම මේ මළ ගෙදර වැඩකටයුතු වලට බැහැලා වැඩ කරනවා. දයාරත්නගේ බිරිඳ සමඟත් කතා කරමින් ඉන්නවා. මිනිහගේ හැසිරීමත් වෙනස්. මිනිහා දයාරත්නගේ ඔෆිස් එකේ හාදයෙකුත් නෙවෙයි. බිරියගේ ඥාති කෙනෙකුත් නෙවෙයි. ඒ නිසා අපිට මිනිහා ගැන සැක හිතුණා...‘‘

‘‘අපි පස්සේ මිනිහගේ පැටිකිරිය හෙව්වා. එතකොට දැනගත්තා මිනිහා තමයි තරංග කියන්නේ කියලා. මිනිහටත් සිසිටිවි කැමරාවල පෙන්නුව වර්ගයේ බයික් එකක් තිබුණා. දැන් මිනිහා ළඟ ඒක නෑ..‘

කෙසේ වෙතත් මළගෙදර කටයුතු අවසන් වුණායින් පස්සේ තරංගව සැක පිට අත්අඩංගුවට ගත්ත නිලධාරින් ඔහුගෙන් ප්‍රශ්න කිරීම පටන් ගත්තා.

ඒ විදිහටයි දයාරත්නගේ ඝාතනයේ සුලමුල අනාවරණය වෙන්නේ. ඉන් අනතුරුව හෙළි වූයේ දයාරත්නගේ බිරිඳ හා තරංග අතර අනියම් සම්බන්ධයක් ඇති බවටයි.

ඉනෝකාගේ ජංගම දුරකථනය වැඩිදුර පරීක්ෂා කිරීමෙනුත් ඒ පිළිබඳ මනාවට ඔප්පු වුණා.

ඉනෝකා හා තරංග දෙන්නාම වලස්මුල්ලේ පදිංචිකරුවන්. මේ නිසා ඔවුන් එකිනෙකා හොඳින් අඳුනනවා. ඔහු නාවික හමුදාවේ හිඳ ඉවත් වූ අයෙක්. අවුරුදු තිස් හයක් වයසැති තරංගට දාව දරුවෙක් සිටින අතර ඒ දරුවාද ඉගෙන ගන්නේ ඉනෝකා උගන්වන පාසලේමයි. එම දරුවා අබාධිත දරුවෙකු වූ අතර එකල නාවික හමුදාවේ රියදුරෙකු ලෙස සේවය කළ තරංග හා ඉනෝකා අතර සම්බන්ධයක් ගොඩ නැගී තිබෙනවා.

සමහර දිනවල ඈව ඇරලවන්නෙද තරංග විසින්. ශිෂ්‍යත්ව පන්ති පටන් ගත්ත ඉනෝකාට උදව් ලැබෙන්නෙත් තරංගගෙන්.

ඒ අතරේ ඔවුන් හෝටෙල් කාමරවල අඹු සැමියන් විදිහට හැසිරුණා. ඉනෝකාට අවශ්‍ය වුණේ තමන්ගේ සැමියාගෙන් මිදිලා තරංග එක්ක අලුත් ජිවිතයක් පටන් ගන්න. කාලයක් යද්දි තරංග සිය අනියම් බිරියගේ නිවසටත් නිතර නිතර එන්න පටන් ගත්තා.

ඉනෝකා අන්තිමට තීරණය කළේ තරංගව තමන් සතු කරගන්න. ඒකට නිශ්චිත සැලැස්මක් ඇයට තිබුණේ නැති වුණත් තමන්ගේ සැමියා මෙතන තියෙන ලොකුම බාධකය බව ඇය තේරුම් ගත්තා.

තරංගත් ඒ දේ තේරුම් අරගෙන තමන්ගේ ළඟම හිටපු යාලුවා වුණු රංජිත්ට මේ ගැන කිව්වා. ඉනෝකා හා තමන් අතර ඇති සම්බන්ධයට සැමියා බාධකයක් බව ඔහු රංජිත්ට කිව්වා. ඉනෝකාගේ සැමියා ඉවර කරන එක තරංගගේ අදහස වුණත් මිතුරා ඒකට කැමති වුණේ නෑ.

පිස්සුද බං. ඕක කරන්න එපා, උඹට ඒ ගෑනි ඕනිම නම් දෙන්නම ඇවිත් අපේ ගෙදර ඉඳපන්. ඔය වැඩේ නම් කරන්න හදන්න එපා...‘‘

ඒ අතරේ ඉනෝකාත් සැමියාට යමක් නොකර ඉන්නේ ඇයි කියලා තරංගගෙන් ප්‍රශ්න කළා.

‘‘මම රංජිත්ට කිව්වා, එයා බැහැයි කියලයි කියන්නේ...‘‘

අවසානයේ පෙරැත්ත කිරීමෙන් අනතුරුව රංජිත් වැඩේට කැමති වුණා. ඉන් අනතුරුවයි ඔවුන් සියලු දෙනාම එකතු වෙලා තුවක්කුවක් සහ පතරොම් තුන හතරක් මිලදී ගන්නේ.

ඒවාද රැගෙන තරංග බලංගොඩ බලා පිටත් වෙන්නේ යතුරු පැදියෙන්. දයාරත්නගේ මරණය සිදු වූ දින පුරුදු විදිහට දයාරත්න බිරිඳවත් දරුවනුත් පාසලට ඇරලුවා.

‘‘මම යන්නම් පුළුවන් වුණොත් වේලාසන එන්නම්...‘‘ දයාරත්න බිරිඳට එහෙම කිව්වා. ‘‘බුදු සරණයි පරිස්සමින් යන්න...‘‘ ඉනෝකා සැමියාට එහෙම කිව්වත්, ඇයට යමක් මතක් වුණා. ඒ.. අවමඟුල් උත්සවයට යන්න සුදු සාරියක් ඇඳගෙන ඒමට අමතක වුනු බව. ඒ අනුව ආපහු ගෙදරට ආපු ඇය සුදු සාරියක් ඇඳගෙන එනවා. ඉන් අනතුරුවයි නාඳුනන තුවක්කුරුවන් දයාරත්නගේ ජිවිතය බිලි ගන්නේ.

පසුව සැමියා ඝාතනයට අනුබල දීම සම්බන්ධයෙන් ඉනෝකා පොලිස් අත්අඩංගුවට පත් වුණා.

ඇය පොලීසියට කියා සිටියේ තමන්ගේ සැමියා බොහෝ හිරිහැර කළ බවයි. කෙසේ වෙතත්, ඔවුන් ඝාතනය සඳහා භාවිතා කළා සියලු අවි ආයුධ සහ මෝටර් සයිකලයද සොයා ගැනීමට පොලීසියට හැකි වුණා.


Latest News

එක්දින සහ 20 යි 20 තරගාවලියේ නායකත්වය මාලිංගට එක්දින සහ 20 යි 20 තරගාවලියේ නායකත්වය මාලිංගට 2018-12-14 - නවසීලන්තයට එරෙහි එක්දින සහ පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී... More detail
පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට එරෙහි තීන්දුව පිටු 88ක් - සම්පුර්ණ තීන්දුව මෙ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට එරෙහි තීන්දුව පිටු 88ක් - සම්පුර්ණ තීන්දුව මෙතැනින් 2018-12-14 - පාර්ලිමේන්තුව විසිරුවාලීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුවේ ශ්‍ර... More detail
රනිල්ගේ ඉල්ලීම ඉවතට මහින්දගේ පෙත්සම ඊවා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්... රනිල්ගේ ඉල්ලීම ඉවතට මහින්දගේ පෙත්සම ඊවා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග වෙයි 2018-12-14 - අග්‍රාමාත්‍යධුරයේ කටයුතු කිරීම වළක්වමින් අභියාචනාධිකරනය නිකුත්කළ අතුරු... More detail
සිරිසේනට ළගදීම දෝශාභියෝගයක් සිරිසේනට ළගදීම දෝශාභියෝගයක් 2018-12-14 - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභ... More detail
සිරිසෙන් ඊයේ රෑ - රනිල් - කරූ හමුවෙයි සිරිසෙන් ඊයේ රෑ - රනිල් - කරූ හමුවෙයි 2018-12-14 - ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා, කථානායක කරු ජයසූරිය මහතා හා එක්සත් ජාතික පක... More detail
ලක්බිම මාධ්‍යවේදීන් සහ සේවකයන් එළියට දමයි - සුමතිපාලටත් වාරණ නියෝගයක් ලක්බිම මාධ්‍යවේදීන් සහ සේවකයන් එළියට දමයි - සුමතිපාලටත් වාරණ නියෝගයක් 2018-12-14 - තිලංග සුමතිපාල මහතා විසින් පවත්වා ගෙන ගිය දිනපතා ලක්බිම පුවත් පත වසා දමා එහි... More detail
ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් වෙනම හමුවී සිරිසේන ඊයේ රෑ කළ අමුතු ඉල්ලීම ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් වෙනම හමුවී සිරිසේන ඊයේ රෑ කළ අමුතු ඉල්ලීම 2018-12-14 - එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් පසු ජනාධිපතිවරයා ... More detail
අගමැති අැතුළු අමාත්‍ය මණ්ඩලය අහෝසි ද? නැද්ද? - අදත් තීරණාත්මක තීන්දුවක් 2018-12-14 - අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ කටයුතු වළක්වමින් අභියාචනාධිකරණය දුන් අතුරු ... More detail
යාපා කිව්වේ බොරු - බහුතරය තියෙන කෙනාට අගමැතිකම දෙනවා - සිරිසේන කියලා  යාපා කිව්වේ බොරු - බහුතරය තියෙන කෙනාට අගමැතිකම දෙනවා - සිරිසේන කියලා 2018-12-14 - ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීරණයට එකහෙලා එකඟ බවත් ඒ අනුව පාර්ලිමේන්තුවේ... More detail
තීන්දුවෙන් පස්සේ ට්විටර් ගිණුමේ රනිල් - මෙෙත්‍රී ගැන ලියපු දේ මෙන්න තීන්දුවෙන් පස්සේ ට්විටර් ගිණුමේ රනිල් - මෙෙත්‍රී ගැන ලියපු දේ මෙන්න 2018-12-14 - ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ග... More detail
මහින්දට නැති බහුතරය පෙන්නන්න එස්.බී මන්ත්‍රීවරු 161 සමග සාකච්ජා කරලා මහින්දට නැති බහුතරය පෙන්නන්න එස්.බී මන්ත්‍රීවරු 161 සමග සාකච්ජා කරලා 2018-12-14 - මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලබාගැනීම සඳහා තමා පාර්ලිමේන්තු... More detail
ශ්‍රීලනීපයේ අලුත් මහලේකම් දයාසිරි ශ්‍රීලනීපයේ අලුත් මහලේකම් දයාසිරි 2018-12-14 - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා නව මහ ලේකම්වරයෙකු පත්කිරීමේ සූදානමක් පිළිබඳ ... More detail
රටම ලබා සිටි තීන්දුව - ශ්‍රේෂ්ඨාධිකරණය අවට විශේෂ අාරක්ෂාවක් රටම ලබා සිටි තීන්දුව - ශ්‍රේෂ්ඨාධිකරණය අවට විශේෂ අාරක්ෂාවක් 2018-12-13 - අගවිනිසුරු නලින් පෙරේරා මහතා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින්... More detail
රනිල් සමග කිසිම ගිවිසුමක් නැහැ - බොරු කිව්වොත් නාමල්ගේ ගිවිසුම් ඒළියට දානවා... රනිල් සමග කිසිම ගිවිසුමක් නැහැ - බොරු කිව්වොත් නාමල්ගේ ගිවිසුම් ඒළියට දානවා - TNA අනතුරු අගවයි 2018-12-13 - එක්සත් ජාතික පක්ෂය සමඟ රහස්  ගිවිසුමක් ඇති බවට දිගින් දිගටම චෝදනා කළහොත් ප... More detail
TNA - ඒජාපය වගේ හොර ගිවිසුම් හදලා - අධිකරණ තීරණ හමුවේ යටි යන කුමන්ත්‍රණ ඒළිය  TNA - ඒජාපය වගේ හොර ගිවිසුම් හදලා - අධිකරණ තීරණ හමුවේ යටි යන කුමන්ත්‍රණ ඒළියට 2018-12-13 - ඒක්සත් ජාතික පක්ෂය හා ද්‍රවිඩ සන්ධානය අතර අත්සන් කෙරුණු ගිවිසුමක් අාකාරයේ... More detail
කුමාරසිංහ සිරිසේන ටෙලිකොම් වනසයි කුමාරසිංහ සිරිසේන ටෙලිකොම් වනසයි 2018-12-13 - ජනාධිපති සිරිසේනගේ සහෝදරයා වන කුමාරසිංහ සිරිසේනගේ අත්තනෝමතික පාලනයට එරෙහිව... More detail
ඉල්ලන දෙයක් දෙන්නම් මට සහය දෙන්න - TNA හමුවේ මෙෙත්‍රී වැඳ වැටෙයි ඉල්ලන දෙයක් දෙන්නම් මට සහය දෙන්න - TNA හමුවේ මෙෙත්‍රී වැඳ වැටෙයි 2018-12-13 - ද්‍රවිඩ ජාතික සන්ධානය සහ ජනාධිපති සිරිසේන අතර විශේෂ හමුවක් ඊයේ (12) උදෑසන සිදුව... More detail

 

Gossip

Foreign

හිටපු ජනපති බිරිදට සිර දඩුවම් හිටපු ජනපති බිරිදට සිර දඩුවම් 2018-12-13 - පිලිපීනයේ හිටපු ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාර්කෝස්ගේ 89 හැවිරිදි බිරිය වන ඉමෙල්ඩා... More detail
අාරාධිතයන් ගෙන්න ගුවන් යානා 100ක් - හිලරි ක්ලින්ටන්, බොලිවුඩ් තාරකාවන් ඒන ඉන්... අාරාධිතයන් ගෙන්න ගුවන් යානා 100ක් - හිලරි ක්ලින්ටන්, බොලිවුඩ් තාරකාවන් ඒන ඉන්දියාවේ පළමු ධනවතාගේ දියණියගේ විවාහය 2018-12-11 - ඉන්දියාවේ අවධානය දිනා ගත් බොලිවුඩ් තරු විවාහ දෙකකින් පසු යළිත් නිළියක නොවන... More detail
Huawei ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය අත්අඩංගුවට Huawei ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය  අත්අඩංගුවට 2018-12-06 - චීනයේ ක්‍රියාත්මක ප්‍රධාන දුරකතන සමාගමක් වන හුවාවි ආයතනයේ නිර්මාතෘවරයාගෙ... More detail
යුටියුබ් වැඩිම අාදායම් ලාභියාට අවුරුදු 7යි - අාදායම ඩොලර් මිලියන 22ක් යුටියුබ් වැඩිම අාදායම් ලාභියාට අවුරුදු 7යි - අාදායම ඩොලර් මිලියන 22ක් 2018-12-06 - සෙල්ලම් බඩු පිළිබඳ විචාර ඉදිරිපත් කරන අවුරුදු හතක් වයසැති දරුවෙකු යූටියුබ්හි... More detail
එච්.අයි.වී ආසාදිතයකු බව මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවේදී කියයි එච්.අයි.වී ආසාදිතයකු බව මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවේදී කියයි 2018-11-30 - බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරයකු අද තමන් එච්.අයි.වී ආසාදිතයකු බව... More detail
පකිස්ථානයේ පැවැත්වෙන සාක් සමුළුවට ඉන්දියාව නැහැ පකිස්ථානයේ පැවැත්වෙන සාක් සමුළුවට ඉන්දියාව නැහැ 2018-11-29 - පකිස්ථානයේ පැවැත්වෙන 20 වැනි සාක් සමුළුව සඳහා සහභාගී නොවීමට ඉන්දියාව තීරණය... More detail
අවුරුදු 14ක බාල වයස්කාර දැරියක් දූෂණය කර ඝාතනය කරලා පසුව මළසිරුර සමඟ ලිංගිකව... අවුරුදු 14ක බාල වයස්කාර දැරියක් දූෂණය කර ඝාතනය කරලා පසුව මළසිරුර සමඟ ලිංගිකව එකතු වෙලා 2018-11-28 - 14 හැවිරිදි බාලවයස්කාර දැරියක් දූෂණය කර ඝාතනය කිරීමෙන් අනතුරුව මළ සිරුර සමඟ... More detail