පසුගියදා දෙහිවල බෙල්ලන්විල ප්‍රදේශයේ වෛද්‍යවරියකට මරු කැඳවමින් වෛද්‍ය නිවසක ඇතිවූ ගිනිගැනීමේ සිදුවීමට අදාළ වැඩිදුර විස්තර මේ වනවිට තවදුරටත් අනාවරණය වෙමින් පවතී.

බෙල්ලන්විලට හිටපු රත්තරං දොස්‌තර නෝනා යනුවෙන් අසල්වාසීන්ගේ ආදරයට ලක්වූ මියගිය විදර්ශි ඩයස් මහත්මිය හා එම පවුල සම්බන්ධයෙන් අසල්වාසීන් විස්තර සපයා ඇත. එම විස්තර අනුව සිද්ධියට පෙර දින මෙම පවුලේ අය විනෝද චාරිකාවක නිරතවී සිට ඇති අතර එම වෙහෙස නිසාම පසුදින විවේක ගනිමින් දහවල් කාලයේද නින්දට වැටී ඇත. ආවාසනාවන්ත ගින්න හටගන්නේ එම අවස්ථාවේය. මේ අතර ගිනි නිවීම සඳහා පැමිණි අය ජලය විදින වෑල් එක වට්‌ටාගැනීමේ දෝෂයක් නිසා ගින්න නිවීම ප්‍රමාදවීමත් ඒ නිසාම ගින්න වඩාත් පැතිරුණ අවස්ථාවක දොස්තර යුවළ හා දරුවා වෙත පමාවී යාමට ඔවුන්ට සිදුවීමත් මෙම මරණය වළක්වාගැනීමේ මං ඇහිරයාමක් ලෙස අසල්වාසීන් විස්තර කර තිබේ.

සිද්ධිය ගැන  විස්‌තර කළ මෙම නිවසට යාබද නිවසේ වාසය කරන පද්මා ජයසිංහ මහත්මිය මෙසේ කියා සිටියාය.

"මේ ගෙදර විදර්ශි දොස්‌තර නෝනයි, දොස්‌තර මහත්තයයි, පුතයි, දොස්‌තර මහත්තයාගේ අම්මයි ඉන්නේ. මම ඉන්නේ ඊට අල්ලපු ගෙදර. ඒ ඉන්න කොට පාරේ ඉස්‌සරහ අම්මා කෙනෙක්‌ කෑගැහුවා දොස්‌තර මහත්තයාගේ ගේ ගිනි ගන්නවා කියලා. මම එළියට පැනලා බලනකොට ගේ හෝ ගාලා ගිනි ගන්නවා. දොස්‌තර මහත්තයාගේ අම්මා එලියට පැනලා කෑගැහුවා මගේ ළමයි පිච්චෙයි බේරගනියෝ කියලා. පස්‌සේ මම ඒ අම්මව අපේ ගෙදරට එක්‌කර ගෙන ගිහින් වාඩි කළා. පස්‌සේ අපේ ගේ පැත්තෙන් ගමේ අයයි ගිනි නිවන හමුදාවේ අයයි දොස්‌තර මහත්තයාගේ සීට්‌ වහල උඩට නැගගත්තා.

ගින්න ඒ තරමටම සැරයි. පස්‌සේ ගිනි නිවස හමුදාවේ මහත්වරු වහලයේ සීට්‌ කඩලා දොස්‌තර නෝනයි, මහත්තයයි දරුවවයි හිටපු නාන කාමරයට බැහැලා තියෙනවා. ඊට පස්‌සේ මුලින්ම පුංචි පුතාව එළියට ගත්තා. පුතාව 1990 හදිසි ගිලන් රථයට දානකොට තාත්තයි, අම්මයි ගේ ඇතුලේ ඉන්නවා කියලා අවසිහියෙන් වගේ කිව්වා. ඒ එක්‌කම දරුවව රෝහලට අරන් ගියා. පස්‌සේ දොස්‌තර නෝනව එළියට ගත්තා. නෝනට සිහිය තිබුණේ නැහැ. පස්‌සේ මහත්තයාවත් එළියට ගත්තා. අනතුරුව ඒ දෙන්නම බොරලැස්‌ගමුව පොලිසියේ ජීප් රථයෙන් රෝහලට රැගෙන ගියා. අනේ දෙයියනේ මේක කොහොම වුණාද දන්නේ නැහැ. මේ පවුල කාටත් කරදරයක්‌ නැතුව තමන්ගේ පාඩුවේ ජීවත් වූ අය. මෙහෙම අහිංසක පවුල්වලටත් මෙහෙම විපත්ති වෙනවනේ."

අවාසනාවන්ත අන්දමින් මියගිය විදර්ශි ඩයස්‌ ගැබිනි වෛද්‍යවරිය පානදුර ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා තිබේ. පසුව ඇය කොළඹ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය ලබාගත්තාය. පසුව ඇය වෛද්‍ය අනුරංග ඩයස්‌ මහතා සමඟ විවාහ වී වෛද්‍ය අනුරංග මහතාගේ බෙල්ලන්විල නිවසේ පදිංචියට පැමිණ තිබේ. ඔවුන්ගේ එකම පුතණුවන් වන ආර්ය ඩයස්‌ පුතාගේ පස්‌වැනි උපන් දිනය පසුගිය 31 වැනිදා සතුටින් සමරා තිබේ. මෙම නිවසේ පදිංචි වෛද්‍ය අනුරංග මහතාගේ 63 හැවිරිදි මෑණියන් අසනීප තත්ත්වයෙන් පසුවූවාය. බෙල්ලන්විල විහාර පාර දෙස සිට පැමිණෙන විට ශ්‍රී සෝමරතන මාවත එක්‌වන ස්‌ථානයේ මෙම දෙමහල් නිවස පිහිටා තිබේ. විදර්ශි වෛද්‍යවරිය මීට පෙර හොරණ මූලික රෝහලේ සේවය කළ අතර, පසුව ඇය ආර්ය පුතු බිහිකිරීමෙන් පසු රැකියාවෙන් ඉවත් වූ නිවසේ පහල මාලයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්‌ථානයක්‌ සැමියා සමඟ පවත්වාගෙන ගියාය.

 ප්‍රදේශවාසියකු වන ලලිත් විඡේසිංහ මහතා මෙසේ පැවැසීය.

"අපි දොස්‌තර නෝනයි, මහත්තයයි, දරුවයි බේරාගන්න ගේ ඇතුළට යන්න උත්සාහ කළත් ගින්නේ සැරකම නිසා එකපාරටම ඇතුළට යන්න බැරිවුණා. පස්‌සේ අපි ගිනි නිවන හමුදාවේ අයත් එක්‌ක අනික්‌ පැත්තේ ගෙදරින් දොස්‌තර නෝනගේ සීට්‌ වහලයට නැගගත්තා. දැන් මේ අය ඉන්නේ කොහෙද කියන එක හිතාගන්න බැරිවයි හිටියේ. පස්‌සේ අපි පැත්තකින් වහලයේ සීට්‌ කඩලා ඇතුලට පැන්නා. අපි දැක්‌කා නාන කාමරයේ තුන්දෙනාම එකට බදාගෙන ඉන්නවා. සිහිය නැතිව වගේ ඒ අය හිටියේ. වතුර කරාමයක්‌ සවර් එකත් ඇරලා තිබුණා. අර දුමෙන් බේරෙන්න."

"අනිත් එක තමයි ගිනි නිවන හමුදාවේ මුලින් ආපු ගිනි නිවන රථයේ අර ජලය විදින වෑල් එක වට්‌ටගෙන ඇවිත්. ඒ දොaෂය නිසා ඒ ගින්න මැඬපවත්වන්න අමාරු වුණා. ඊට පස්‌සේ ආපු ගිනි නිවන රථ තුනෙන් තමයි මේ විශාල ගින්න නිව්වේ. ඒ වුණත් දොස්‌තර නෝනගේ මුළු ගේම අළුවෙලා ඉවරයි."

පශ්චාත් මරණ පරීක්‍ෂණය 07 වැනිදා සිදු කළ අතර අදහස්‌ දැක්‌වු රෝහල් ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී පී. බී. දසනායක මෙසේ කීය.

‘මේ වෛද්‍යවරියගේ ශරීරයේ පිළිස්‌සුම් තුවාල කිසිම දෙයක්‌ තිබුණේ නැහැ. අපි සැක කරන්නේ විෂදුම් ආඝ්‍රාණය වීමෙන් මේ මරණය සිදුවෙන්න ඇති කියලා. කොහොම නමුත් වෛද්‍යවරියගේ සිරුරෙ කොටස්‌ අපි රජයේ රස පරීක්‍ෂකවරයා වෙත වැඩිදුර පරීක්‍ෂණ සඳහා යොමු කරනවා. ඒ ලැබෙන තීරණ අනුව මෙම

මරණයට නිශ්චිත හේතුව ප්‍රකාශ කරන්නම් වෛද්‍යවරියගේ මාස 5 ළදරු කලලයත් මියගිහින් තිබුණා. නිවස ගිනි ගත්ත අවස්‌ථාවේ ප්ලාස්‌ටික්‌ වැනි ද්‍රව්‍ය පිළිස්‌සෙන විට එයින් කාබන්මොනොක්‌සයිඩ් වැනි විෂ දුම් පිටවී තිබෙනවා.‘

මියගිය වෛද්‍ය විදර්ශි ඩයස්‌ මහත්මියගේ දේහය ඇගේ සොයුරා භාරගත් අතර ඒ පිළිබඳ අවසන් කටයුතු ඉරිදා (09 වැනිදා) සවස විශාල පිරිසකගේ දැඩි ශෝකාලාපයන් මධ්‍යයේ පානදුරදී සිදුකෙරිණි.

වෛද්‍ය අනුරංග මහතා සහ ආර්ය පුංචි පුතු තවමත් කළුබෝවිල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේය. අනුරංග මහතා සිය ප්‍රිය බිරිඳවූ වෛද්‍ය විදර්ශි මහත්මිය සිය ජීවිතයෙන් සදහටම සමුගෙන ගිය පුවත දන්නේ නැත. ආර්ය පුතු තම දයාබර මෑණියන් තමාවත්, පියාවන් අත්හැර ගිය බව තේරුම් ගැනීමට තරම් මනසක්‌ නැත. 

වෛද්‍ය අනුරංග ඩයස්‌ මහතාගේ මෙම නිවස මීට වසර 20 කට උඩදීද ගිනි ගෙන විනාශ වී ඇතැයිද හෙළිවිය. එසේම මීට වසර 4 කට උඩදී මෙම වෛද්‍ය යුවළගේ නිවසේ දේපල කිසියම් පිරිසක්‌ විසින් සොරාගෙන ගොස්‌ තිබූ බව හෙළිවිණැයිද පොලිසිය පවසයි.

මෙවර ගින්නට හේතුව කඩාකප්පල්කාරී වැඩක්ද යන්න ගැන සැකයක් පොලිසියට ඇතිව තිබුණත් තවම ඒ ගැන පරීක්ෂණ අවසන් නැත.


Latest News

පිදුරංගල ගලේ නිරුවත් ෆොටෝස් ගත්තේ ෆේස්බුක් ලයික්ස් වැඩිකරගන්නයි පිදුරංගල ගලේ නිරුවත් ෆොටෝස් ගත්තේ ෆේස්බුක් ලයික්ස් වැඩිකරගන්නයි 2018-09-26 - අත්අඩංගුවට ගත් තරුණයන් දෙදෙනකු අඩ නිරුවතින් ඡායාරූපවලට පෙනී සිටීම චෝදනාව... More detail
තොරතුරු දැනගැනීමේ පනත ඩිජිටල්කරණයට රජය ගත් සාධනීය පියවර ජාත්‍යන්තර පැසසු තොරතුරු දැනගැනීමේ පනත ඩිජිටල්කරණයට රජය ගත් සාධනීය පියවර ජාත්‍යන්තර පැසසුමට 2018-09-26 - ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය පනතට ලෝකයේ විශාල පිළිගැනීමක් ලැබී තිබීමත්... More detail
පිදුරංගලදී කලිසම් ගැලවූ තරුණයන් දෙදෙනා අල්ලයි - ඔත්තුව මුහුණු පොතේ පිරිසකගෙන්... පිදුරංගලදී කලිසම් ගැලවූ තරුණයන් දෙදෙනා අල්ලයි - ඔත්තුව මුහුණු පොතේ පිරිසකගෙන් - විශේෂ පොලිස් කණ්ඩායමක් ගලේවෙලට 2018-09-26 - ඓතිහාසික පිදුරංගල ගල මුදුනේ සිට අඬ නිරුවත පෙන්වූ බව කියන තරුණයන් දෙදෙනකු මේ... More detail
“කුණු තැවරුණ ඇඳුම් මිනිස්සු ඉදිරියේ සෝදන්න එපා“ - මහේලගෙන් තද කතාවක් “කුණු තැවරුණ ඇඳුම් මිනිස්සු ඉදිරියේ සෝදන්න එපා“ - මහේලගෙන් තද කතාවක් 2018-09-26 - කුණු තැවරුණ ඇඳුම් කිසිම දිනයකදීවත් මහජනතාව ඉදිරියේ සේදීමට කටයුතු නොකළ යුතු... More detail
විවාහ වී දින දෙකයි - බිරිඳට හොරෙන් ගංජා උරන්න ගොස් පොලීසියට කොටුවූ සැමියා බි... විවාහ වී දින දෙකයි - බිරිඳට හොරෙන් ගංජා උරන්න ගොස් පොලීසියට කොටුවූ සැමියා බිරිඳට නොකියන ලෙස වැඳ වැටෙයි 2018-09-26 - විවාහයෙන් දින දෙකකට පසු ගංජා ළඟ තබා ගෙන පොලිසියට කොටු වූ පුද්ගලයකු පිළිබඳව... More detail
රට හිටිය බැසිල් දවස් 15කට කලින් මහින්ද හදිසියේ ගෙන්වා ගත්තේ ඇයි? රට හිටිය බැසිල් දවස් 15කට කලින් මහින්ද හදිසියේ ගෙන්වා ගත්තේ ඇයි? 2018-09-26 - හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හදිස්සියේ දිවයිනට ගෙන්වා ගැනීමට මහින්ද රාජපක්ෂ... More detail
යළි එන තුරු රැවුල නොකපන්න තීරණය කළ ඥාණසාර හිමි යළි එන තුරු රැවුල නොකපන්න තීරණය කළ ඥාණසාර හිමි 2018-09-26 - අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත වසර 6 ක සිර දඩුවම් විඳිමින් සිටින ගලගොඩඅත්තේ... More detail
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 06 දෙනෙකුට ලැබුණු අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 06 දෙනෙකුට ලැබුණු අවස්ථාව 2018-09-26 - ලොවපුරා ජනප‍්‍රිය වෙමින් ඇති පන්දුවාර 10 ලීග් ක‍්‍රිකට් තරගාවලියේ දෙවන අදියර... More detail
ෆෝටේ ඉන්ට්‍රනැෂනල් දායකත්වයෙන් අස්ථි හා මෘදු පටක පිළිකා රෝගීන් දැනුවත් කෙ ෆෝටේ ඉන්ට්‍රනැෂනල් දායකත්වයෙන් අස්ථි හා මෘදු පටක පිළිකා රෝගීන් දැනුවත් කෙරෙයි 2018-09-26 - දුර්ලභ ගණයේ රෝගයක් වන අස්ථි හා මෘදු පටක පිළිකා රෝගයට නිවැරදි ප්‍ර‍තිකාරගැනීම... More detail
ප්‍රිහාන් හැමදාම කිව්වේ අපි එකට නිර්මාණ කරන්න ඕනේ නෑ කියලා ප්‍රිහාන් හැමදාම කිව්වේ අපි එකට නිර්මාණ කරන්න ඕනේ නෑ කියලා 2018-09-26 - කාලයකට පස්සේ නතාෂා අලුත් වැඩකින් එළියට ඇවිත්? More detail
නාමල් කුමාර තමා සතු තවත් හඬපට සහ ඡායාරූප කිහිපයක් එළියට අදී නාමල් කුමාර තමා සතු තවත් හඬපට සහ ඡායාරූප කිහිපයක් එළියට අදී 2018-09-26 - දුෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා අපරාධ පරික්ෂණ දෙපා... More detail
නිවසට හොරු පැන්නැයි හිරුණිකා පොලිසියට නිවසට හොරු පැන්නැයි හිරුණිකා පොලිසියට 2018-09-26 - පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වාසය කරන හෝකන්දර... More detail
මහින්ද - මෛත්‍රී ඝාතන කුමන්ත්‍ර‍ණයක් ඉන්දියානුවෙකුගේ කටින් හෙළි වෙයි මහින්ද - මෛත්‍රී ඝාතන කුමන්ත්‍ර‍ණයක් ඉන්දියානුවෙකුගේ කටින් හෙළි වෙයි 2018-09-26 - ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු... More detail
අපේ ප්‍රශ්ණ අපිට විසදාගන්න දෙන්න - මෛත්‍රී රට බේරාගන්න ලෝකය හමුවේ කී කතාව මෙ අපේ ප්‍රශ්ණ අපිට විසදාගන්න දෙන්න - මෛත්‍රී රට බේරාගන්න ලෝකය හමුවේ කී කතාව මෙන්න 2018-09-26 - දීර්ඝ කාලීන යුද්ධයක අභාග්‍ය සම්පන්න අත්දැකීම් හමුවේ දැනුණු අමිහිරි වේදනාවන්... More detail
පුතා විවාහවීමට සිටි තරුණිය අපයෝජනය කළ පියා පුතා විවාහවීමට සිටි තරුණිය අපයෝජනය කළ පියා 2018-09-25 - තම පුත්‍රයා විවාහ වීමට අපේක්ෂාවෙන් සිටි තරුණිය නිවසේදි අපයෝජනය කළ පියෙකු ... More detail
තාත්තාගේ කරදරයෙන් බේරෙන්න පියාගේ මිතුරා හා පැටළුණ පුංචි දැරියට වුණු දේ තාත්තාගේ කරදරයෙන් බේරෙන්න පියාගේ මිතුරා හා පැටළුණ පුංචි දැරියට වුණු දේ 2018-09-25 - එකලොස් හැවිරිදි දැරියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කර නිවසක රඳවාගෙන... More detail
ඓතිහාසික පිදුරංගල ගල උඩ නිරුවතින් ජායාරූප ගත් අයට වැඩ වරදී ඓතිහාසික පිදුරංගල ගල උඩ නිරුවතින් ජායාරූප ගත් අයට වැඩ වරදී 2018-09-25 - ඓතිහාසික සීගිරිය - පිදුරංගල රජමහා විහාරස්ථානයේ පිදුරංගල ගල මත සිට තරුණ තරු... More detail

 

Gossip

Foreign

සිරියානු ගුවනේදී රුසියානු ගුවන් යානයක් සැගව යයි සිරියානු ගුවනේදී රුසියානු ගුවන් යානයක් සැගව යයි 2018-09-19 - පුද්ගලයන් 14 දෙනෙකු සමග රුසියානු හමුදා ගුවන් යානයක් සිරියානු ගුවන් සීමාවේද... More detail
උතුරු කොරියා සහ දකුණු කොරියානු නායකයින් ප්‍ර‍ථම වතාවට සාකච්ඡා අරඹයි උතුරු කොරියා සහ දකුණු කොරියානු  නායකයින්  ප්‍ර‍ථම වතාවට සාකච්ඡා අරඹයි 2018-09-18 - උතුරු කොරියානු සහ දකුණු කොරියානු නායකයන් ප්‍රථම වරට උතුරු කොරියාවේ ප්යොන... More detail
ප්‍රියංකා - නික් විවාහයට නික්ගේ කලින් පෙම්වතිය කියපු කතාව මෙන්න ප්‍රියංකා - නික් විවාහයට නික්ගේ කලින් පෙම්වතිය කියපු කතාව මෙන්න 2018-09-17 - Olivia Culpo කියන්නේ ඇමරිකාවේ ඉන්න දක්ෂ වගේම ජනප්‍රිය නිරූපිකාවක්. More detail
පණ වගේ ආදරය කළ සුරූපී බිරිඳ අනියම් පුරුෂයෙකු සමඟ යහන්ගතව සිටිනු දැක ඇයගේ ගෙළ... පණ වගේ ආදරය කළ සුරූපී බිරිඳ අනියම් පුරුෂයෙකු සමඟ යහන්ගතව සිටිනු දැක ඇයගේ ගෙළ කපා පොලිසියට රැගෙන යයි 2018-09-13 - තම බිරිඳගේ අනියම් සම්බන්ධතාවය සැලවී කෝපයට පත් සැමියා ඇයගේ ගෙළ කපා එයද රැගෙන... More detail
එකට කෑම ගනිමින් ජෝඩුව ගත් වීඩියෝවෙන් පැය කිහිපයකට පසු දෙදෙනාම පොලිස් අත්අඩ... එකට කෑම ගනිමින් ජෝඩුව ගත් වීඩියෝවෙන් පැය කිහිපයකට පසු දෙදෙනාම පොලිස් අත්අඩංගුවට 2018-09-12 - තම සේවා ස්ථානයේදි උදෑසන ආහාර වේල එකට ගත් ඊජිප්තු ජාතිකයෙක් සහ සවුදි කාන්තාවක්... More detail
ලොවම ආදරය කරන සුපිරි නළු ශාරුක් ඛාන්ගෙන් කිසිවෙකු නොසිතූ සුවිශේෂී පරිත්‍ය ලොවම ආදරය කරන සුපිරි නළු ශාරුක් ඛාන්ගෙන් කිසිවෙකු නොසිතූ සුවිශේෂී පරිත්‍යාගයක් 2018-09-04 - ලෝකයේ දැන්වත් සුපිරි නළුවන් අතර ඉදිරියෙන්ම සිටින සුපිරි තරුවක් තමයි ශාරුක්... More detail
සමලිංගික සේවනයේ යෙදුනු තරුණියන් දෙදෙනෙකුට ප්‍රසිද්ධියේ කස පහර සමලිංගික සේවනයේ යෙදුනු තරුණියන් දෙදෙනෙකුට ප්‍රසිද්ධියේ කස පහර 2018-09-04 - සමලිංගික සේවනයේ යෙදුනු මැලේසියානු තරුණියන් දෙදෙනෙකුට අද (03) ප්‍රසිද්ධියේ කස... More detail