පූජ්‍ය ගලබොඩ අත්තේ ඥානසාර හිමියන්ට ලබා දුන් වසර අටක සිර දඬුවම පිළිබදව කතාබහට ලක්ව තිබේ. සිර දඬුවම පිළිබද ඥානසාර හිමියන් සතිඅන්ත පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් තොරතුරු හෙළිකර තිබුනි,

එම සංවාදය පහතින්,

ප‍්‍රශ්නය - අවසරයි අපේ හාමුදුරුවනේ. මෙම නඩු තීන්දුව ගැන ඔබ වහන්සේගේ අදහස කෙබඳුද?

පිළිතුර - උසාවියේ නඩු තීන්දුව පිළිගන්නවා සහ ඊට අපි ගරු කරනවා. 

ප‍්‍රශ්නය - මෙම නඩුව පිළිබඳව ගැටලූවක් ඇත්තෙම නැද්ද?

පිළිතුර - මෙම නඩුව පිළිබඳව ගැටලූවක් ඇතැයි මම සිතනවා. එම නිසා මගේ නීතිඥ මහත්වරුන් ඉහළ අධිකරණයෙන් සාධාරණයක් බලාපොරොත්තුවෙන් අභියාචනයක් ඉදිරිපත් කරාවි.

ප‍්‍රශ්නය - ඇත්තෙන්ම ඔබ වහන්සේ උසාවියට අපහාසයක් කළේ නැතිද?

පිළිතුර - පැහැදිලිව නැහැ. එහෙම අරමුණක් මගේ තුන් හිතකවත් තිබුණේ නැහැ. මම අධිකරණයට අපහාස කළේ නැහැ. මම කතා කළේ කුමක්ද යන්න එතන හිටපු ඕනෑම කෙනෙක්ගෙන් හරියට දැන ගන්න පුළුවන්. ඒ වගේම එතන පැවැති නඩු කටයුත්තට මම බාධා කළේ නැහැ. එම නඩුව අවසන් වෙලා පිරිස එළියට ගිය පසු මම නඩුකාරතුමාගෙන් විමසා සිටියේ ස්වාමිනී මට කතා කරන්න පුළුවන්ද යන්න කියලයි. එතුමා මට එපා කිව්වේවත් නවත්වන්න කිව්වෙවත් නැහැ. ඉන්පසුව මම කතා කළා. මම විමසා සිටියේ ස්වාමිනී මේ අයට ඇප දෙන්න බැරිද කියලා පමණයි. 

ප‍්‍රශ්නය - නමුත් හාමුදුරුවනේ මෙම නඩුවට අදාළ චෝදනා පත‍්‍රයේ සඳහන්ව තිබෙන්නේ ඔබ වහන්සේ ඇප දෙන්න බල කළා කියලා නොවේද?

පිළිතුර - මම එහෙම බල කිරීමක් කළේ නැහැ. මම විමසා සිටියේ ස්වාමීනි මේ අයට ඇප දෙන්න ක‍්‍රමයක් නැද්ද කියලයි. මම නඩුකාරවරයා සමග විනාඩි දෙක තුනක් කතා කළා. එතනදී මා වැරදියැයි කොහෙවත් කිව්වේ නැහැ. එතුමා අවසානයේ කිව්වේ ඔබ වහන්සේ හාමුදුරු කෙනෙක් නිසා අවස්ථාව ලබාදුන් බවත් වෙනත් අයෙක් වූයේ නම් මීට වඩා තත්ත්වය වෙනස් බවයි. ඒ වගේම තමන් කටයුතු කරන්නේ නීතියේ ප‍්‍රතිපාදනයන්ට යටත්ව බවත් ඔහු සඳහන් කළා. එතුමාගේ දෑත් බැඳ ඇති බවද එතුමා සඳහන් කළා.

ප‍්‍රශ්නය - ඔබ වහන්සේ පවතින නීතිය වෙනස් කළ යුතු බව එහිදී දැඩි ලෙස ප‍්‍රකාශ කර ඇති බව මාධ්‍ය වාර්තා කර තියෙනවා.

පිළිතුර - ඔව් අපි මෙම රෝම ලන්දේසි නීතිය වෙනස් කළ යුතු බව කියන්නේ මීට බොහෝ කාලයකට පෙර සිටයි. නමුත් මෙහිදී මෙයට වැරදි අර්ථකථනයක් ලැබී තිබීමයි ප‍්‍රශ්නයට මුල. අපි තීන්දුව හෝ නීතිය පිළිගන්නේ නැහැ කියලා කිව්වෙ නැහැ. මේ රටේ මිනිස්සුන්ට නීතිය වෙනස් විය යුතු යැයි කීමට බැරි කමක් නැහැ. අපි කිව්වේ ඒ අර්ථයෙන්. නමුත් උසාවිය මෙය වැරදි ලෙස අර්ථකථනය කරගෙන තියෙනවා.

ප‍්‍රශ්නය - දිලීප පිරිස් මහත්මාට ඔබ වහන්සේ නපුංසකයා යැයි සඳහන් කළ බව චෝදනා පත‍්‍රයේ තිබෙනවා.

පිළිතුර - එහෙම දෙයක් චෝදනා පත‍්‍රයට දාපු එක ගැනම අපිට තියෙන්නේ මහ කනගාටුවක්. මොකද එතුමා එහෙමද නැද්ද යන්න නොදැන අපි කොහොමද එතුමාට නපුංශකයා යැයි කියන්නේ. ඇත්තටම එතුමාට අපහාසයක් වෙලා තියෙන්නේ අපි නොකී දෙයක් චෝදනා පත‍්‍රයට දැමීම තුළින් කියලයි මාගේ වැටහීම. අපි එදා කිව්වේ මෙම ඇතිව ඇති තත්ත්වයන්ට නපුංසක ආණ්ඩුවේ නිලධාරීන් වගකියන්න ඕනෑ කියන එක විතරයි. දැන් ඉතිං හැමදෙයක්ම අනිත් පැත්තට යන එකේ මේකත් වෙලා තියෙන්නේ ගොරක දඩ මස් වෙලා තියෙනවා වගේ දෙයක් තමයි.

ප‍්‍රශ්නය - ඔබ වහන්සේ අධිකරණය තුළ හැසිරුණේ අධිකරණ ක‍්‍රියාවලිය පිළිබඳ නොදැන නෙවෙයි නේද?

පිළිතුර - ඒක මෙහෙමයි. අධිකරණ ක‍්‍රියාවලිය පිළිබඳ අපේ වැටහීමක් තියෙනවා. නමුත් අපි වටහාගෙන සිටියේ එම අධිකරණයේ නඩුකාරතුමා සංවේදි පුද්ගලයකු ලෙසයි. අපට හිතුණා එතුමා සමග කතා කරන්න පුළුවන් කියලා. අපි කතා කළ විට එතුමා අපිව නොවළක්වා සිටියා. ඉන් අනතුරුව තමයි දිලීප පීරිස් මහත්මා අධිකරණය තුළට ඇවිත් ගිරිය පුප්පා කෑ ගහලා ගැටුමක් ඇති කර ගත්තේ. එහිදී තමයි මම සඳහන් කළේ නපුංසක ආණ්ඩුවේ නිලධාරීන් මේ තත්ත්වයන්ට වගකියන්න ඕනෑ වග. එහෙම නැතිව එකම පුද්ගලයකු ඉලක්ක කරගෙන මම අදහස් ප‍්‍රකාශ කළේ නැහැ. කොටින්ම කියනවනම් මම ඒ වෙලාවේ හිතුවේ දෑත්වලට මාංචු දාගෙන කඳුළු පිරි දෑසින් කූඩුවෙන් බිමට බහින අපගේ වීරෝධාර බුද්ධි අංශ සාමාජිකයන් ගැන පමණයි.

ප‍්‍රශ්නය - සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට තර්ජනය කිරීම සම්බන්ධයෙන් වන නඩුවේ වැරදිකරු වූ ඔබ වහන්සේ මේ මොහොත වන විට ඉන්නේ ඇප මතයි. එම නඩුවේ තත්ත්වය කෙබඳු වේද?

පිළිතුර - එම නඩුවත් අභියාචනාධිකරණයට යොමු කර තිබෙන්නේ. නඩුව ඉදිරියේදී විමසාවි. ඒ ගැන අපි බලාගෙන ඉන්නවා.

ප‍්‍රශ්නය - ඔබ වහන්සේට මේ වන විට සිරද`ඩුවම් නියම වී හමාරයි. ජනාධිපති සමාවක් අපේක්‍ෂාවෙන් පසුවන්නේද?

පිළිතුර - මේ ටිකට කතා කළ බොහෝ දෙනෙක් සඳහන් කළේ ජනාධිපතිතුමාගෙන් ජනාධිපති සමාව ඉල්ලූවොත් හොඳයි කියලා තමා. බොදුබල සේනා සංවිධානයේ අය ඒ ගැන සාකච්ඡා කරලා හරි තීන්දුවක් ගනීවි.

ප‍්‍රශ්නය - ඔබ වහන්සේව සිරගත කිරීමෙන් අනතුරුව ඔබවහන්සේ කරගෙන ආ ජාතික කාර්යභාරයට අත්වන ඉරණම මොකක්ද?

පිළිතුර - මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මට හිතෙනවා එළියේ හිටපු ඥානසාර හිමිට වඩා සිරගතව සිටින ඥානසාර හිමි ජාතික ව්‍යාපාරය ඉදිරියට ගෙන යන්න ප‍්‍රබල සාධකයක් වේවි. අපේ ස්වාමීන් වහන්සේලාගෙන් හා දේශපේ‍්‍රමි බලවේගයන්ගෙන් මම ඉල්ලා සිටින්නේ මේ ආණ්ඩුව දවසින් දවස එක එක සිදුවීම් නිර්මාණය කරනවා. ඒවා පාදක කරගෙන මොවුන් රටේ දැවෙන ප‍්‍රශ්න යටපත් කරනවා. එම උගුලට අසු නොවී ඇත්ත මතු කිරීමට කටයුතු කරන්නයි. 

ප‍්‍රශ්නය - ඔබ වහන්සේ සංඝනුභාවේන නමින් සංවිධානය කර තිබූ කටයුත්තට මොකද වෙන්නේ?

පිළිතුර - මම අපේ ස්වාමීන් වහන්සේලාගෙන් ඉල්ලා සිටින්නේ ඒ මහා පිංකම යථාර්ථයක් කරගන්න ඔබ වහන්සේලාගේ සියලූ සහය දෙන ලෙසයි. රටේ පිරිහුන අධ්‍යාත්මිකත්වය සුවපත් කිරීමේ අරමුණින් තමයි සංඝානුභාවේන නමින් ජාතික චීවර පූජාව සංවිධානය කළේ. අධර්මය පරදවා ධර්මය දිනවන ඒ මහා කර්තව්‍යයට සහය දෙන්නැයි නැවතත් ඉල්ලා සිටිනවා.

ප‍්‍රශ්නය - ඔබ වහන්සේගේ අසනීප තත්ත්වය ගැන නොයෙකුත් කටකතා ප‍්‍රචාරය වෙනවා. අධිකරණ තීන්දුව පිළිබඳව දැනගෙනද රෝහල් ගත වුණේ.

පිළිතුර - කොහොමත්ම නැහැ. මීට කාලයකට පෙර සිට කොඳු ඇට පෙළේ වේදනාවක් තිබුණා. ඒ පිළිබඳව පරීක්‍ෂා කරගන්න තමයි රෝහලට ආවේ. එහිදී ඔවුන් මාව රෝහල් ගත කළා. ඊට පෙරත් 2016 අවුරුද්දෙ මැද භාගයේ කළුබෝවිල රෝහලේ ශල්‍යකර්මයක් කළා. ඒ මුත‍්‍රාශයේ ගල් සම්බන්ධව. එහිදී සඳහන් කළේ වකුගඩුවේ ගල් තවදුරටත් තිබෙන බවයි. ඒ පිළිබඳව ශල්‍යකර්මයක් සඳහායි රෝහල් ගතවීම සිදුවූයේ.

ප‍්‍රශ්නය - ඔබ වහන්සේ සිරගත කිරීමත් සමග රට තුළ මේ පිළිබඳව මහත් කතාබහක් නිර්මාණය වෙලා තියෙනවා. ඔබ වහන්සේ රටට දෙන පණිවුඩය කුමක්ද?

පිළිතුර - මෙම තීන්දුව උපේක්‍ෂා සහගතව සහ ඉවසීමෙන් බාර ගන්නා ලෙස මම සියලූ ස්වාමීන් වහන්සේලා ඇතුළුව රටේ සියලූ දෙනාගෙන් ඉල්ලා සිටිනවා. ඒ සදහා ශික්ෂණය අප සතුව තිබිය යුතුයි.


Latest News

මහින්දත් ඒක්ක කතාවට ගිහින් චම්පික රණවකට මොකද වුණේ මහින්දත් ඒක්ක කතාවට ගිහින් චම්පික රණවකට මොකද වුණේ 2018-11-16 - ඊයේ පාර්ලිමේන්තු සභාවේ ඇතිවූ කලබලකාරීත්වය මැද පාඨලී චම්පික රණවක හිටපු ඇම... More detail
රැස්වීමට පෙර සිටම පාර්ලිමේන්තුවට දැඩි අාරක්ෂාවක් - කතානායකගෙන් විශේෂ ඉල රැස්වීමට පෙර සිටම පාර්ලිමේන්තුවට දැඩි අාරක්ෂාවක් - කතානායකගෙන් විශේෂ ඉල්ලීමක් 2018-11-16 - පාර්ලිමේන්තුව සහ අවට ප‍්‍රදේශයට අදත් විශේෂ ආරක්ෂාවක් යොදවන බව පොලිසිය පව More detail
පිහියක් අරන් ඊයේ පාර්ලිමේන්තු අා තෙවරප්පෙරුමට අද වුණු දේ පිහියක් අරන් ඊයේ පාර්ලිමේන්තු අා තෙවරප්පෙරුමට අද වුණු දේ 2018-11-16 - පාර්ලිමේන්තු සභා ගර්භය තුළට පිහියක් රැගෙනයාම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ම... More detail
බාල වයස්කාර දැරිය රවටා ලැගුම්හලක් වෙත ගෙන ගිය පුජකයා බාල වයස්කාර දැරිය රවටා ලැගුම්හලක් වෙත ගෙන ගිය පුජකයා 2018-11-16 - ආගම ධර්මය උගන්වන මුවාවෙන් බාලවයස්කාර දැරියක රවටා අවන්හලක් වෙත රැගෙන ගිය බව... More detail
මහින්ද - මෙෙත්‍රී ඊයේ රෑ සාකච්ජා - නව ආණ්ඩුවේ මෙහෙයුම් කමිටුවත් රැස්වෙයි මහින්ද - මෙෙත්‍රී ඊයේ රෑ සාකච්ජා - නව ආණ්ඩුවේ මෙහෙයුම් කමිටුවත් රැස්වෙයි 2018-11-16 - නව ආණ්ඩුවේ මෙහෙයුම් කමිටුවද ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ රාත‍්‍රියේ... More detail
මුදල් ගරන්න මෙරට ධනවත් කාන්තාවන් සමග ප්‍රේම සබඳතා අැතිකරගත් පාකිස්තානුවා මුදල් ගරන්න මෙරට ධනවත් කාන්තාවන් සමග ප්‍රේම සබඳතා අැතිකරගත් පාකිස්තානුවා 2018-11-16 - වෙබ් අඩවිවල විවිධ උපක්‍රම භාවිත කරමින් ශ්‍රී ලාංකික ධනවත් කාන්තාවන් ව්‍යාජ... More detail
කශොග්ජිගේ ඝාතනයට පස් දෙනකුට මරණ දඬුවම කශොග්ජිගේ ඝාතනයට පස් දෙනකුට මරණ දඬුවම 2018-11-16 - මාධ්‍යවේදී ජමාල් කශොග්ජිගේ ඝාතනයට සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමද් බින් ... More detail
රවි ජනපතිත් සමග පැමිණි එකඟතාවය රවි ජනපතිත් සමග පැමිණි එකඟතාවය 2018-11-16 - ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ඊයේ පැවති... More detail
ඊයේ රෑ සිට තෙල් මිල පහළ ගියේ මෙහෙමයි ඊයේ රෑ සිට තෙල් මිල පහළ ගියේ මෙහෙමයි 2018-11-16 - ලංකා අයි.ඕ.සී සමාගම ද ඊයේ(15) මධ්‍යම රාත්‍රී සිට ඉන්ධන මිල පහත දමා තිබේ. More detail
මන්ත්‍රීවරුන්ගේ නමින් අද පාර්ලිමේන්තුවේදී ජන්දයක් - ජනපතිත් කියයි මන්ත්‍රීවරුන්ගේ නමින් අද පාර්ලිමේන්තුවේදී ජන්දයක් - ජනපතිත් කියයි 2018-11-16 - ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යොජනාවක් ගෙන එනු ලැබූ පක්ෂ නායකයින් සහ ජනාධිපති... More detail
ලේ හැලුනේ පාර්ලිමේන්තුවේ දේපල වලට හානි කරද්දී - අැත්ත කතාව මෙන්න ලේ හැලුනේ පාර්ලිමේන්තුවේ දේපල වලට හානි කරද්දී - අැත්ත කතාව මෙන්න 2018-11-15 - පාර්ලිමේන්තුව තුළ කතානායකවරයාගේ මයිකෆෝනය කඩා දැමීමේදී දිලුම් අමුණුගම... More detail
ජනපති හා පක්ෂ නායකයින් අතර හමුවක් ජනපති හා පක්ෂ නායකයින් අතර හමුවක් 2018-11-15 - අද (15) සවස 5ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගය ගෙන එනු... More detail
කතානායකවරයාට කසල බඳුන් ප්‍රහාරයක් - ගුටිබැට අස්සේ මන්ත්‍රීවරු අැද වැටෙයි කතානායකවරයාට කසල බඳුන් ප්‍රහාරයක් - ගුටිබැට අස්සේ මන්ත්‍රීවරු අැද වැටෙයි 2018-11-15 - පාර්ලිමේන්තුවේ අද ඇතිවූ උණුසුම් තත්ත්වයත් සමග සභාවේ රැදී සිටි කිසියම් මන... More detail
කතානායකටත් හිංසා පීඩා කතානායකටත් හිංසා පීඩා 2018-11-15 - ඒකාබන්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කතානායකවරයාට ශාරීරික හිංසන සිදු කරන්නට උ... More detail
පාර්ලිමේන්තුව ඇවිලෙයි - ආණ්ඩුවේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ යකා නටයි - දේපල... පාර්ලිමේන්තුව ඇවිලෙයි - ආණ්ඩුවේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ යකා නටයි - දේපල වලටත් හානි 2018-11-15 - පාර්ලිමේන්තුවේ මේ වන විට උණුසුම් තත්ත්වයක් ඇතිව තිබේ. More detail
මහින්දගෙන් පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක්  මහින්දගෙන් පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක්  2018-11-15 - පාර්ලිමේන්තුවේ දී ඊයේ සිදුවු දේ සම්බන්ධයෙන් කතානායකවරයා වගකිවයුතු බවත් එලෙස... More detail
ක්‍රිකට් ක්‍රිඩක ඩිල්ෂාන් පොහොට්ටුවෙන් ජන්දේ ඉල්ලන හැටි කියයි ක්‍රිකට් ක්‍රිඩක ඩිල්ෂාන් පොහොට්ටුවෙන් ජන්දේ ඉල්ලන හැටි කියයි 2018-11-15 - ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තරග... More detail

 

Gossip

Foreign

කශොග්ජිගේ ඝාතනයට පස් දෙනකුට මරණ දඬුවම කශොග්ජිගේ ඝාතනයට පස් දෙනකුට මරණ දඬුවම 2018-11-16 - මාධ්‍යවේදී ජමාල් කශොග්ජිගේ ඝාතනයට සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමද් බින් ... More detail
ඇමරිකා උප ජනාධිපති සහ ඉන්දීය අගමැති හමුවක් ඇමරිකා උප ජනාධිපති සහ ඉන්දීය අගමැති හමුවක් 2018-11-09 - ඇමරිකා උප ජනාධිපති මයික් පෙන්ස් සහ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර... More detail
ජමාල් ඛෂෝගිගේ ඝාතන හඩ පටය පරික්ෂාවට - ඔහුගේ වැඩිමහල් පුතු සෞදිය අතහැර යයි ජමාල් ඛෂෝගිගේ ඝාතන හඩ පටය පරික්ෂාවට - ඔහුගේ වැඩිමහල් පුතු සෞදිය අතහැර යයි 2018-10-26 - සෞදි මාධ්‍යවේදී ජමාල් ඛෂෝග්ජි ඝාතනය කරන අවස්ථාවේ පටිගත වී ඇති බව කී  හඬ පටයට... More detail
ප්‍රේක්ෂකයන්ගේ වැළපීම් මත රෙස්ලින් පිටියෙන් සමුගත් රෝමන් දිවියෙනුත් සමුග ප්‍රේක්ෂකයන්ගේ වැළපීම් මත රෙස්ලින් පිටියෙන් සමුගත් රෝමන් දිවියෙනුත් සමුගනී 2018-10-26 - රෙස්ලින් එහෙමත් නැතිනම් මල්ලවපොර කියන්නේ බොහෝ දෙනා නරඹන්න කැමති ක්‍රීඩා More detail
CNN පුවත් සේවය වෙත පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සල් යැවීම ත්‍රස්ත ක්‍රියාවක් CNN පුවත් සේවය වෙත පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සල් යැවීම ත්‍රස්ත ක්‍රියාවක් 2018-10-25 - අමෙරිකානු ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රබල නායකයන් කිහිපදෙනෙකු සහ CNN පුවත් සේවය... More detail
දරුවෙක් හදාගන්න ගර්භාෂයක් වුණත් අද මුදලට ගන්න පුළුවන් දරුවෙක් හදාගන්න ගර්භාෂයක් වුණත් අද මුදලට ගන්න පුළුවන් 2018-10-23 - අද මුදලට විකිණෙන්නේ නැත්තේ මොනවද..? More detail
මියුසික් විඩියෝවට මෙලනියා ට්‍ර‍ම්ප් නිරුවත් වෙයිද? - ලොවම මවිත වෙයි මියුසික් විඩියෝවට මෙලනියා ට්‍ර‍ම්ප් නිරුවත් වෙයිද? - ලොවම මවිත වෙයි 2018-10-18 - T.I. නැතහොත් Clifford Harris කියන්නේ බටහිර සංගීතයේ ඉන්න දැවැන්ත චරිතයක්. More detail