ජනප්‍රියම ටෙලි නාට්‍ය වන දෙවැනි ඉනීමේ රවිගේ හදිසි මරණය ගැන හැමෝම අතර ලොකු කතාබහක් ඇතිකලා. 

මේ සම්බන්ධයෙන් විවිධ කතා ඇතිවෙද්දී නිහඩව සිටිය බිමල් ජයකොඩි තමන් ටෙලි නාට්‍යයෙන් ඉවත්වුණු හේතු ගැන මාධයයට පසුගියදා කියලා තිබුණා.

මේ සම්බන්ධයෙන් දෙවැනි ඉනීමේ අධ්‍යක්ෂ සාරංග මෙන්ඩිස් ශ්‍රීලංකා නිව්ස් වෙත අදහස් දක්වමින් කිව්වේ මෙවැනි කතාවක්.

දිර්ඝ ලෙස කතාව ඇදීම නිසා බිමල් නාට්‍යයෙන් ඉවත්වුණා කියලා තියෙනවා?

බිමල් ජයකොඩි එයාගේ පෞද්ගලික හේතු මත නාට්‍යයෙන් ඉවත් වුණා. කෙනෙක්ගේ අකමැත්ත පිට වැඩක් කරගෙන ඉදිරියට යන්න බැහැ. නමුත් ඔහු ඉවත්වුණා කියලා අපිට පිටපතට අනූකුලව ඉස්සරහට යන්න සිද්ධ වෙනවා. මේ නාට්‍යයේ දී රවි කියන චරිතය ඉදිරියේ දී මිය යනවා. ඉතිං අපි අවස්ථානුකූලව බිමල් නාට්‍යයෙන් ඉවත්වීමත් සමග රවිගේ මරණය අවස්ථානූකුලව නාට්‍ය තුළ ඉදිරියට ගෙන එනවා. ඕනෑම නාට්‍යක පවතින තත්ත්වයන් තුළ ගත හැකි විකල්පයන්ට යනවා. අපිත් මෙතනදී කරන්නේ ඒ දේමයි. ඒ විකල්පය හොදයි කියලා අපිට ලැබෙන ප්‍ර‍තිචාරත් එක්ක පැහැදිලියි. නාට්‍යයේ අරමුණ එකෙන් ජයගෙන තියෙනවා.

මුලදී කිව්ව කොටස් ගණනට වඩා නාට්‍ය අදින්න හිතුණේ ලබපු ජනප්‍රියත්වය නිසා ද?

බිමල්ට මම මුලදී නාට්‍යයේ කොටස් ගණනක් කිව්වේ නැහැ. අපි මුලින්ම මේතරම් නාට්‍ය ජනප්‍රිය වෙයි කියලා හිතුවේ නැහැ. අපිට අවශ්‍ය වුණේ ඉන්දියානු නාට්‍ය වලට බලපැමක් ඇති වන විදිහේ වෙනසක් කරන්න. ඉතිං ඒ වෙනස කළා. මේ තියෙන ජනප්‍රියත්වයත් සමග අපිට නාට්‍ය නවත්වන්න අවසන් කරන්න කිසිම උවමනාවක් නැහැ. මේ අපේ වෘත්තිය, ඒ නිසා නාට්‍ය මේ කොටස් ගණනින් නවත්වන්න අපිට පිස්සු නැහැ. අපි නාට්‍ය දිගටම ගෙනියනවා.

අපි මුලදී පටන්ගන්න කොට හිතුවේ කොටස් 1000ක් විතර කරගෙන යන්න. කොටස් ගණන නළුවට අදාළ නැහැ. නළුවෝ නෙවෙයි ලංකාවේ නාට්‍ය තීරණය කරන්නේ. අපි ඒගොල්ලන්ට වැඩ දෙනවා. එයාලා ඒ වැඩත් එක්ක ජනප්‍රිය වෙනවා. අපිට අවශ්‍ය වුණු ඉන්දියානු නාට්‍ය වලට තරගයක් දිලා අපි අද අංක එකට ඇවිත් තියෙන බව රේට්ස් වලින් පැහැදිලියි. ඊරිෂ්‍යාවට, කුහකකමට මිනිස්සු එක එක කතා කියනවා. ඵල ඇති රුක විනාශ කරන්න හදනවා. ඒක ලංකාවේ හැටි. ලංකාවේ චිත්‍ර‍ට කලාවටත් වුණේ මේ දේමයි. ලංකාවේ ඔය කියන වැඩ්ඩෝ ඉන්නවා නම් අද ටෙලිනාට්‍ය ඉහළ තැනක තියෙන්න ඕනා.

බිමල් එක්ක මතභේදාත්මක තත්ත්වයක් ඇතිවුණා ද?

අදටත් ඔහු සමග කතා කරනවා. නමුත් මතවාදී ගැටලුවක් තියෙනවා. එක එක්කෙනාගේ දෘෂ්ටිකෝණය වෙනස්, එයාගේ අදහසට මම ගරු කරනවා. ටෙලිනාට්‍යයේ අඩුපාඩු තියෙනවා. නමුත් මේ තරගකාරිත්වයත් එක්ක ඒවා මැදින් අපි අංක එකට ආපු එක සුවිශේෂි ජයග්‍ර‍හණයක්. කිසිවෙකුට එය කරන්න බැරිවුණා. අපි කණ්ඩායමක් විදිහට ඒ දේ කළා. 

එකම දේ නාට්‍ය තුල යළි යළිත් කරන්න සිදුවුණා ද?

පිට අයට ඕන විදිහට නාට්‍ය හදන්න බැහැ. කන්දක් නැග්ගොත් පල්ලමක් තියෙනවා. සමහර ඒවා ඕලාරික වෙන්න පුළුවන්. මම ඒකයි කිව්වේ අපේ නාට්‍යයෙත් අඩුපාඩු තියෙනවා කියලා. අපි කරන්නේ අත්හදා බැලිමක් හොදම දේ නෙවෙයි. අපිට කාවවත් බලෙන් තියාගන්න බැහැ. අතහැරලා යනවා නම් මේ ක්ෂේත්‍ර‍ තුළ වෙනස් කරන්නේ කොහොමද? ඉන්දීයානු නාට්‍ය කොටස් 2000ක් විතර කරගෙන අපිට කොටස් 40න් නවත්වන්න බැහැ. මේ ක්ෂේත්‍ර‍ ගැන හිතලා අපිට වැඩ කරන්න සිද්ධ වෙනවා.

මේ කාරණෙත් එක්ක අනෙක් නළු නිළියන් අතර ගැටලු ඇතිවෙලාද?

නැහැ එහෙම ගැටලුවක් නැහැ. එක එක්කෙනා එක එක කතා කියනවා කියන්නේ තවත් ජනප්‍රිය වෙන එක තමයි. 

ඔබගේ තවත් නාට්‍යයකට බිමල් සම්බන්ධ කරගන්න කැමතිද?

ඔහුත් සමග මට පෞද්ගලික ගැටලුවක් නැහැ. නමුත් දිර්ඝ නාට්‍යයකට කතා කරන්නේ නැති වෙයි.


Latest News

ඇමැතිවරුන්ගේ නම් විකුණමින් ජර්මන් රැකියා පෙන්වා මුදල් ගැරූ සැකකරු අත්අඩං ඇමැතිවරුන්ගේ නම් විකුණමින් ජර්මන් රැකියා පෙන්වා මුදල් ගැරූ සැකකරු අත්අඩංගුවට 2018-08-14 - අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ සේවය කරන බව සහ ආණ්ඩුවේ ප්‍රභල ඇමැතිවරයකුගේ ... More detail
අද 20-20ට හැප්පෙන පිටිය මාලිංගට - කුසල්ට වාසියි අද 20-20ට හැප්පෙන පිටිය මාලිංගට - කුසල්ට වාසියි 2018-08-14 - ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය, කොළඹ - ආර්.... More detail
අජන්ත ප්‍රමුඛ ශ්‍රී ලංකා පිළ ලංකාවට ලෝක කුසලානය ගෙනෙයි අජන්ත ප්‍රමුඛ ශ්‍රී ලංකා පිළ ලංකාවට ලෝක කුසලානය ගෙනෙයි 2018-08-14 - එංගලන්තයේ පැවැති "ලාස්ට් මෑන් චාන්ස්" පන්දුවාර විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් ... More detail
හලාවත වාහන 4ක් එකිනෙක ගැටී සිදුවූ අනතුර හලාවත වාහන 4ක් එකිනෙක ගැටී සිදුවූ අනතුර 2018-08-14 - හලාවත - පුත්තලම මාර්ගයේ දැදුරුඔය පාලමට ආසන්නයේදී වාහන 04 ක් එකිනෙක ගැටීමෙන් අද... More detail
ඥාණසාර හිමියන් ශල්‍යකර්මයක් සඳහා සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට ඥාණසාර හිමියන් ශල්‍යකර්මයක් සඳහා සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට 2018-08-14 - බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ශල්‍යකර්මය... More detail
උසස් පෙළ විභාගය ලියන සිසුවෙකු ළග ජංගම දුරකථනයක් තිබිලා උසස් පෙළ විභාගය ලියන සිසුවෙකු ළග ජංගම දුරකථනයක් තිබිලා 2018-08-14 - උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙකු ළඟ ජංගම දුරකථනයක් භාවිතා කරමින් උසස් පෙළ... More detail
රටම කළඹමින් අගමැති සරාගී නිළියට කළ අමුතු යෝජනාව රටම කළඹමින් අගමැති සරාගී නිළියට කළ අමුතු යෝජනාව 2018-08-14 - වයස අවුරුදු 31 ක් වූ ඉන්දීය සරාගී නිළි කන්ගනා ඉදිරියේදී දේශපාලනයට පිවිසෙනු ඇති... More detail
පළමු විස්සයි විස්ස තරගය අද පළමු විස්සයි විස්ස තරගය අද 2018-08-14 - ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය, කොළඹ - ආර්.... More detail
9 හැවිරිදි දියණිය මාමා අපයෝජනය කරලා 9 හැවිරිදි දියණිය මාමා අපයෝජනය කරලා 2018-08-14 - බාලවයස්කාර පාසල් සිසුවියකට බරපතළ ලිංගික අපයෝජනය සිදු කළ බවට සැක පිට දැරියගේ... More detail
අකිල ක්‍රිකට් දිවියේ හොදම ශ්‍රේණිගත කිරීම ලබයි අකිල ක්‍රිකට් දිවියේ හොදම ශ්‍රේණිගත කිරීම ලබයි 2018-08-14 - එක්දින ක්‍රිකට් පිටියේ පන්දු යවන්නෙක් වශයෙන් සිය හොදම ශ්‍රේණිගත කිරීම වාර්තා... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-08-13 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
කථානායක අගමැතිට බයයි - අපි ප්‍රශ්නයක් ඇහුව්වාම එතුමා අගමැතිවරයා දිහා බලනවා කථානායක අගමැතිට බයයි - අපි ප්‍රශ්නයක් ඇහුව්වාම එතුමා අගමැතිවරයා දිහා බලනවා 2018-08-13 - කථානායක කරු ජයසූරිය ඒකාබද්ධ විපක්ෂය පිළි නොගන්නේ නම් තමන්ද කථානායකවරයා පිළි... More detail
"දැන් හැමදෙයක්ම අනිත් පැත්තට යන්නේ, එතුමා නපුංසකයෙක්ද කියලා අපි දන්නේ කොහොමද... 2018-08-13 - පූජ්‍ය ගලබොඩ අත්තේ ඥානසාර හිමියන්ට ලබා දුන් වසර අටක සිර දඬුවම පිළිබදව කතාබහට... More detail
දෙපැත්තට ගිහින් මම අතරමං වුණා දෙපැත්තට ගිහින් මම අතරමං වුණා 2018-08-13 - ආණ්ඩුවේ පාර්ශවයන් අතර පවතින අර්බුදයන් හේතුවෙන් තමන් ද අතරමන් වී ඇති බව පාර... More detail
2020 ජනාධිපතිවරණය ගැන පැතිරුණු කටකතාවලට සංගා පිළිතුරු දෙයි 2020 ජනාධිපතිවරණය ගැන පැතිරුණු කටකතාවලට සංගා පිළිතුරු දෙයි 2018-08-13 - තමා කිසි දිනෙක දේශපාලනයට නොපැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ... More detail
බැසිල් - ගෝඨා රට පනී - නාමල්ගේ විරෝධතාවයටත් එන්නේනෑ බැසිල් - ගෝඨා රට පනී - නාමල්ගේ විරෝධතාවයටත් එන්නේනෑ 2018-08-13 - බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා හා ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය... More detail
මංගල දැන්වීමෙන් හොයාගත් මනාලයා විවාහයටත් කලින්ම දෑවැද්දත් අරන් ගිහින් මංගල දැන්වීමෙන් හොයාගත් මනාලයා විවාහයටත් කලින්ම දෑවැද්දත් අරන් ගිහින් 2018-08-13 - පුවත්පතක පලකරන ලද දැන්වීමක් ඔස්සේ  කාන්තාවකට විවාහ පොරොන්දු දුන් පුද්ගලයකු... More detail

 

Gossip

Foreign

රටම කළඹමින් අගමැති සරාගී නිළියට කළ අමුතු යෝජනාව රටම කළඹමින් අගමැති සරාගී නිළියට කළ අමුතු යෝජනාව 2018-08-14 - වයස අවුරුදු 31 ක් වූ ඉන්දීය සරාගී නිළි කන්ගනා ඉදිරියේදී දේශපාලනයට පිවිසෙනු ඇති... More detail
ජනාධිපති ඝාතනයට තැත් කල පුද්ගලයින් 6ක් අත්අඩංගුවට ජනාධිපති ඝාතනයට තැත් කල පුද්ගලයින් 6ක් අත්අඩංගුවට 2018-08-06 - වෙනිසියුලා ජනාධිපති නිකොලොස් මාදුරෝ ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනාවට මේ වන... More detail
සිගිත්තා වඩා ගෙන රාජකාරියට ආ අගමැතිනිය සිගිත්තා වඩා ගෙන රාජකාරියට ආ අගමැතිනිය 2018-08-03 - තම පළමු දරුවට උපත ලැබීමෙන් සති හයකට පසු නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඞ්න් තම... More detail
අගමැති පුටුෙව් දිවුරුම් දෙන ක්‍රිකට් ඛාන්ට සුබ පතන්න එන ක්‍රීකට් සගයෝ අගමැති පුටුෙව් දිවුරුම් දෙන ක්‍රිකට් ඛාන්ට සුබ පතන්න එන ක්‍රීකට් සගයෝ 2018-08-02 - හිටපු සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩක ඉම්රාන් ඛාන් පකිස්තානයේ අග‍්‍රාමාත්‍යවරයා... More detail
මැතිවරණයේ දී හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා ඉදිරියෙන් මැතිවරණයේ දී හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා ඉදිරියෙන් 2018-07-26 - පාකිස්ථාන මහ මැතිවරණයේ මෙතෙක් ලැබී ඇති නිල නොවන ප්‍රතිඵල වලට අනුව හිටපු ක්... More detail
සුපිරි නිළි සොනාලි බෙන්ද්‍රේ දරුණු පිළිකා මාරයා සමග සටනක සුපිරි නිළි සොනාලි බෙන්ද්‍රේ දරුණු පිළිකා මාරයා සමග සටනක 2018-07-23 - අනූව දශකයේ අගභාගයේ බොලිවුඩ් සිනමාවට පිවිසි සුරෑපි නිළි සොනාලි බෙන්ද්‍රේ (sonali... More detail
ලොවක් බලා සිටියදී අහසේ ඇවිදපු තරුණිය මෙන්න - විඩියෝව ලොවක් බලා සිටියදී අහසේ ඇවිදපු තරුණිය මෙන්න - විඩියෝව 2018-07-23 - ප‍්‍රංශයේ පැරිස් නුවර ඉහළ අහසේ අදින ලද කම්බියක් මත මීටර් 35 ක දුරක් ඇවිද ගිය ... More detail