රොෂාන් රණවන කියන්නේ අපේ රටේ දක්ෂ තරුණ රංගන ශිල්පියෙක්. පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙනුත් රොෂාන් රසික හදවත් ආදරයෙන් වැළගත්තු නළුවෙක්.

රොෂාන් තමන්ගේ ජීවිතේ හෙළි නොකළ රහසක් මාධ්‍යයට මේ විදිහට හෙළිකරලා තිබුණා.

මා ගැන මේ හෙළිකරන රහස සිනමාවේ මාත් එක්ක එකට රඟපාන අයවත් දන්නේ නැති එකක්. ඒක මම පුංචිම පුංචි කා‍ලේ ඉඳන් අද දක්වාම තියෙන මගේ ගති ලක්ෂණයක්. ඒ නිසාම මම ඒ කතාව මගේ පුංචිම කාලෙන්ම පටන් ගන්නම්.

පුංචි කා‍ලේ ඉඳන් මම රතිඤ්ඤා හඬට පුදුමාකාර බයක් දක්වන කෙනෙක්.

ඒ බය ඇතිවුණේ කවදා කොහිදීද කියන්න නම් මම දන්නේ නැහැ. හැබැයි මට නොතේරෙන කාලෙත් රතිඤ්ඤා පුපුරන හඬට බයයි කියලා මගේ අම්මා කියනවා.

අවුරුදු කාලෙට පළාතෙම අවුරුදු අසිරිය පැතිරිලා යනවා.

ඒ කාලෙට වටේ හැම තැනම ඇහෙන්නේ රතිඤ්ඤා හඬ. ඒත් මට නම් එදා ඉඳන් අවුරුදු කාලෙට වටාපිටාවේ ඇහෙන රතිඤ්ඤා සද්දේ දැනෙන්නේ හරියට යුද්ධයක් වගේ.

අවුරුද්දට මම ගන්නේ නිලා කූරු විතරයි. නැකතට රතිඤ්ඤා පත්තුකරන වෙලාවටත් ඉවසාගෙන ඉන්නේ හරිම අමාරුවෙන්. මල්ලියි, වටාපිටාවේ ළමයි කට්ටියයි මිදු‍ලේ රතිඤ්ඤා පුපුරවන්න එකතු වෙනවා.

මම ඒ වෙලාවට දුවලා ගිහින් ඇඳ යට හැංගෙනවා. මල්ලිලා මාව බය කරවන්න කාමරේ ජනේලෙ ළඟත් රතිඤ්ඤා පුපුරවනවා.

රතිඤ්ඤා සද්දෙට මම බය වෙන්න හේතුව ඒ හඬට මගේ ශ්‍රවනේන්ද්‍රිය දක්වන අධි සංවේදී ප්‍රතිචාරය බව දැන් මම තේරුම් අරගෙනයි ඉන්නේ.

සාමාන්‍යයෙන් පිපිරුම් හඬක් ඇහෙද්දී අපේ කනට ඒක දැනෙනවානේ.

ඒක ඕන කෙනෙකුට ‍පොදු දෙයක්නේ. ඒත් මට ඒ තත්ත්වය ඊට වඩා වෙනස්. පිපිරුම් හඬක් අහෙද්දී මට ඒක මහ ලොකු හඬක් විදියට ඇහෙනවා. ඒ වගේම ටිකක් වෙලා යනතුරු ඒ හඬම කන ඇතුළේ රැව්දෙනවා වගේ දැනෙනවා.

රතිඤ්ඤා හඬත් එක්කම වෙඩි බෙහෙත් ගඳත් අපට දැනෙනවානේ. හඬට ඇති අප්‍රසන්න බව හින්දම රතිඤ්ඤා පිපිරීමේදී මතුවන වෙඩි බෙහෙත් ගඳත් මට හරි පිළිකුලක් ගෙනෙනවා.

අහම්බෙන් හරි වෙඩි බෙහෙත් ගඳක් දැනුණොත් රතිඤ්ඤා හඬ ඉබේම මතකයට එනවා. පුංචි කා‍ලේ තියෙන සමහර පුරුදු කාලයත් එක්ක නැතිවෙලා යන එක සාමාන්‍ය දෙයක්නේ. ඒත් පුංචි කා‍ලේ තියෙන සමහර පුරුදු තරුණ වියට ආවාම නැති වෙලා යන්නේ නැහැ.

ජීවිත කාලය පුරාවටම ඒ විදියටම තියෙනවා. මගේ “රතිඤ්ඤා භීතිකාවත්” ඒ වගේ. ඒක අදටත් ඒ වගේම තියෙනවා.

කාලයත් එක්ක මම තරුණ වයසට ආවා. නළුවකු වුණා. පළමු වතාවට රඟපෑවේ “හිරි‍පොද වැස්ස” චිත්‍රපටයේ. චිත්‍රපටයේ කතාව දිගහැරෙන්නේ නව යොවුන් පිරිසක් වටා. ‘හිරි‍පොද වැස්ස’ නැරඹූ අයට මතක ඇති එහි අවසන් ජවනිකාව අපි කට්ටිය රතිඤ්ඤා පත්තුවෙද්දී පාලමක් දිගේ යන ජවනිකාවක් තමයි තියෙන්නේ.

චිත්‍රපට කණ්ඩායම දන්නේ නැහැනේ මම රතිඤ්ඤාවලට බය බව. අනික තරුණ වයසේ කෙනෙක් ඒ විදියට රතිඤ්ඤාවලට බයයි කියලා කවුරුත් විශ්වාස කරන්නෙත් නැහැනේ. රූගත කිරීම් අතර දිගට හරහට රතිඤ්ඤා පිපිරුණා. මම ඒ අවස්ථාවට මුහුණ දුන්නේ හරිම අමාරුවෙන්.

“රේන්බෝ” චිත්‍රපටයේ මට සටන් ජවනිකාවලට මුහුණ දෙන්නත් වුණා. එහිදී වෙඩි තැබිම් දර්ශනත් තිබුණා.

පුස් වෙඩි තමයි ඊට යොදාගන්නේ. ඒත් පිපිරුම් හඬයි වෙඩි බෙහෙත් ගඳයි නම් තියෙනවා. රතිඤ්ඤා හඬට සහ එයින් දැනෙන වෙඩි බෙහෙත් ගඳට කම්පනය වන මම පුස් වෙඩි පත්තු වනවිට ඒත් එක්කම වෙඩි බෙහෙත් ගඳ පැතිරිලා යනකොට කොයි තරම් කම්පනය වුණාද කියලා අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ.

ඒ කම්පනය දරාගෙන මම රඟපෑවා. එක ජවනිකාවකදී මගේ කන ළඟින් යන වෙඩිල්ලක් ආසන්නයට වදිනවා. ඒ අවස්ථාවේ කනට දැණුන කම්පනය සෑහෙන වෙලාවක් කන ඇතුළේ රැව්දුන්නා.


Latest News

ඓතිහාසික පිදුරංගල ගල උඩ නිරුවතින් ජායාරූප ගත් අයට වැඩ වරදී ඓතිහාසික පිදුරංගල ගල උඩ නිරුවතින් ජායාරූප ගත් අයට වැඩ වරදී 2018-09-25 - ඓතිහාසික සීගිරිය - පිදුරංගල රජමහා විහාරස්ථානයේ පිදුරංගල ගල මත සිට තරුණ තරු... More detail
ධනුෂ්ක ගුණතිලක මුදල් වෙනුවෙන් මවුබිම පාවා දෙයි - රක්ෂණ මුදල් වෙනුවෙන් රට උකසට... ධනුෂ්ක ගුණතිලක මුදල් වෙනුවෙන් මවුබිම පාවා දෙයි - රක්ෂණ මුදල් වෙනුවෙන් රට උකසට තබමින් නායක මැතිවුස් එක්ක කළ නාටකයක් 2018-09-25 - වර්තමාන බොහෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ක්‍රීඩා කරන්නේ මුදල් වෙනුවෙන්... More detail
විවේචන මැද කුසල්ගේ ස්ථානය අහිමි වෙද්දී පිතිකරු ලැයිස්තුවේ ප්‍ර‍බල වෙනසක් විවේචන මැද කුසල්ගේ ස්ථානය අහිමි වෙද්දී පිතිකරු ලැයිස්තුවේ ප්‍ර‍බල වෙනසක් 2018-09-25 - එළඹෙන එංගලන්ත තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පිතිකරු ලැයිස්තුවේ වෙනසක්... More detail
සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් ජිනසිරි දඩල්ලගේ ඉවත් කළේ ඇයි? මෙන්න හේතුව සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් ජිනසිරි දඩල්ලගේ ඉවත් කළේ ඇයි? මෙන්න හේතුව 2018-09-21 - සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් ජිනසිරි දඩල්ලගේ මහතා වහා ක්‍රියාත්මක වන පරිදි එම... More detail
නව සුඛෝපභෝගී දුම්රියක් නව සුඛෝපභෝගී දුම්රියක් 2018-09-21 - විදේශීය සංචාරකයින් ඉලක්ක කර ගත් නව සුඛෝපභෝගී විශේෂ දුම්රියක් ලබන 25වනදා සිට... More detail
චීන හමුදාවට අමෙරිකාව සම්බාධක පනවයි චීන හමුදාවට අමෙරිකාව සම්බාධක පනවයි 2018-09-21 - චීන හමුදාවට අමෙරිකාව සම්බාධක පනවා තිබෙනවා. More detail
විමල්ට හා ප්‍රසන්නට පාර්ලිමේන්තුව තහනම් කරයි විමල්ට හා ප්‍රසන්නට පාර්ලිමේන්තුව තහනම් කරයි 2018-09-21 - පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන විමල් වීරවංශට හා ප්‍රසන්න රණවීරට පාර්ලිමේ... More detail
අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ වැව් ප‍්‍රතිසංස්කරණය ඇරඹේ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ වැව් ප‍්‍රතිසංස්කරණය ඇරඹේ 2018-09-21 - ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි ක‍්‍රියාත්මක වන... More detail
පුතාගේ පෙම්වතිය අපයෝජනය කරන්න හදපු මාමන්ඩියට වැඩ වරදියි පුතාගේ පෙම්වතිය අපයෝජනය කරන්න හදපු මාමන්ඩියට වැඩ වරදියි 2018-09-21 - බුත්තල පොලිස් බල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු තම බාල පුතා විවාහ වීමට සිටි තර... More detail
තවදුරටත් රුපියල අවප‍්‍රමාණය වීමේ අවධානමක් වාහන මිලත් ඉහළට තවදුරටත් රුපියල අවප‍්‍රමාණය වීමේ අවධානමක්  වාහන මිලත් ඉහළට 2018-09-21 - අමෙරිකානු ඩොලරයේ අගය ඉහළ යාමෙන් වාහන මිලද ඉහල යමින් පවතින බව ලංකා වාහන ආනය... More detail
අයිස් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට අයිස් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට 2018-09-21 - පෑලියගොඩ, මීගහවත්ත, වැලිපාර ප්‍රදේශයේදී අයිස් නමැති මත්ද්‍රව්‍ය සමඟ පුද්... More detail
12 හැවිරිදි දැරිය දූෂණය කළ ලොකු තාත්තා අත්අඩංගුවට 12 හැවිරිදි දැරිය දූෂණය කළ ලොකු තාත්තා අත්අඩංගුවට 2018-09-21 - 12 හැවිරිදි දැරියක් දූෂණය කළැයි සැකපිට දැරියගේ  43 හැවිරිදි  ලොකුතාත්තා (20) දා ... More detail
ඉදිරි දින කිහිපයේදී පොලිස්පති CID යට කැදවන  ලකුණු ඉදිරි දින කිහිපයේදී පොලිස්පති CID යට කැදවන  ලකුණු 2018-09-21 - පොලිස්පති පූජිත් ජයසුන්දර ඉදිරි දින කිහිපය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන... More detail
මාලිංග ආසියානු කුසලානයේ පරාජය ගැන කියු දේ මාලිංග ආසියානු  කුසලානයේ  පරාජය ගැන කියු දේ 2018-09-20 - ආසියානු කුසලානයේදී කණ්ඩායම ලැබූ පරාජය පිළිබඳව දුක්වන බවත් ඉක්මනට වැරදි හ... More detail
ඥානසාර හිමියන්ගෙන් අභියාචනයක් ඥානසාර  හිමියන්ගෙන් අභියාචනයක් 2018-09-20 - හෝමාගම අධිකරණ ශාලාව තුළ කලහකාරී ලෙස හැසිරීමෙන් අධිකරණයට අපහාස කිරීමේ වරදට වසර... More detail
පුජිත්ට අස්වෙන්නයි මෛත්‍රී සහ රනිල් කියයි පුජිත්ට අස්වෙන්නයි මෛත්‍රී සහ රනිල් කියයි 2018-09-20 - සති දෙකක කාලයක් තුළදී සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට පොලිස්පති පූජිත් ජයසුන... More detail
පාන් මිල පහල යයි පාන් මිල පහල යයි 2018-09-20 - වැඩි කෙරුණු තිරිඟු පිටි මිල අඩු කිරීමෙන් පසු පාන් මිලද අඩු කිරීමට සමස්ත ලංකා... More detail

 

Gossip

Foreign

සිරියානු ගුවනේදී රුසියානු ගුවන් යානයක් සැගව යයි සිරියානු ගුවනේදී රුසියානු ගුවන් යානයක් සැගව යයි 2018-09-19 - පුද්ගලයන් 14 දෙනෙකු සමග රුසියානු හමුදා ගුවන් යානයක් සිරියානු ගුවන් සීමාවේද... More detail
උතුරු කොරියා සහ දකුණු කොරියානු නායකයින් ප්‍ර‍ථම වතාවට සාකච්ඡා අරඹයි උතුරු කොරියා සහ දකුණු කොරියානු  නායකයින්  ප්‍ර‍ථම වතාවට සාකච්ඡා අරඹයි 2018-09-18 - උතුරු කොරියානු සහ දකුණු කොරියානු නායකයන් ප්‍රථම වරට උතුරු කොරියාවේ ප්යොන... More detail
ප්‍රියංකා - නික් විවාහයට නික්ගේ කලින් පෙම්වතිය කියපු කතාව මෙන්න ප්‍රියංකා - නික් විවාහයට නික්ගේ කලින් පෙම්වතිය කියපු කතාව මෙන්න 2018-09-17 - Olivia Culpo කියන්නේ ඇමරිකාවේ ඉන්න දක්ෂ වගේම ජනප්‍රිය නිරූපිකාවක්. More detail
පණ වගේ ආදරය කළ සුරූපී බිරිඳ අනියම් පුරුෂයෙකු සමඟ යහන්ගතව සිටිනු දැක ඇයගේ ගෙළ... පණ වගේ ආදරය කළ සුරූපී බිරිඳ අනියම් පුරුෂයෙකු සමඟ යහන්ගතව සිටිනු දැක ඇයගේ ගෙළ කපා පොලිසියට රැගෙන යයි 2018-09-13 - තම බිරිඳගේ අනියම් සම්බන්ධතාවය සැලවී කෝපයට පත් සැමියා ඇයගේ ගෙළ කපා එයද රැගෙන... More detail
එකට කෑම ගනිමින් ජෝඩුව ගත් වීඩියෝවෙන් පැය කිහිපයකට පසු දෙදෙනාම පොලිස් අත්අඩ... එකට කෑම ගනිමින් ජෝඩුව ගත් වීඩියෝවෙන් පැය කිහිපයකට පසු දෙදෙනාම පොලිස් අත්අඩංගුවට 2018-09-12 - තම සේවා ස්ථානයේදි උදෑසන ආහාර වේල එකට ගත් ඊජිප්තු ජාතිකයෙක් සහ සවුදි කාන්තාවක්... More detail
ලොවම ආදරය කරන සුපිරි නළු ශාරුක් ඛාන්ගෙන් කිසිවෙකු නොසිතූ සුවිශේෂී පරිත්‍ය ලොවම ආදරය කරන සුපිරි නළු ශාරුක් ඛාන්ගෙන් කිසිවෙකු නොසිතූ සුවිශේෂී පරිත්‍යාගයක් 2018-09-04 - ලෝකයේ දැන්වත් සුපිරි නළුවන් අතර ඉදිරියෙන්ම සිටින සුපිරි තරුවක් තමයි ශාරුක්... More detail
සමලිංගික සේවනයේ යෙදුනු තරුණියන් දෙදෙනෙකුට ප්‍රසිද්ධියේ කස පහර සමලිංගික සේවනයේ යෙදුනු තරුණියන් දෙදෙනෙකුට ප්‍රසිද්ධියේ කස පහර 2018-09-04 - සමලිංගික සේවනයේ යෙදුනු මැලේසියානු තරුණියන් දෙදෙනෙකුට අද (03) ප්‍රසිද්ධියේ කස... More detail