පසුගිය සතියේ විවාහ දිවියට ඇතුළත්වූ සිනමා නළු පුබුදු චතුරංග ගැන නොකියැවුණ කතාවක් ඔහුගේ ගුරුවරයෙකු වන ජනක අබේවර්ධන හෙළි කර තිබේ. 

"2001 අවුරුද්දෙදි මගේ මාතර පන්තියට ළමයෙක් එයාගේ යාලුවෝ කණ්ඩායමත් එක්ක ආවා. නම පුබුදු චතුරංග. එයා ආවේ ගාල්ලේ ඉඳලා. ඒ දවස්වල මම ගාල්ලේ පන්ති නොකරපු නිසා තමයි එයාට ගාල්ලේ ඉඳලා මාතරටම එන්න සිද්ධ වුනේ. ටික කාලයක් යනකොට 

මම ඒ ළමයව අඳුරගත්තේ පන්තියේ ඉන්න දක්ෂතම ළමයා විදිහට. ඒ එයාට Tests වලට ගොඩක් ළකුණු තිබුනු නිසා නෙමෙයි. අනිත් එක ඒ දවස්වල මම වැඩිය මගේ පන්තියේ Tests තිබ්බෙත් නෑ. ඒත්, ගානක් හදන්න දුන්නු වෙලාවට එහෙම ඒ ළමයා අනිත් අයට කලින් ගාන හදලා ඉවර කරනවා.

ඒ වගේ දෙවල් නිසා කාලයත් එක්ක පන්තියේ ඉන්න දක්ෂතම ළමයා විදිහට මම එයාව අඳුරගත්තා. කාලය ගතවෙලා විභාගය ආවා. මේ ළමයත් විභාගේ ලිව්වා. ප්‍රතිඵල ආවා. ඒත් එයාට හිතපු තරම් හොඳ ප්‍රතිඵලයක් නෑ. නමුත්, එයා අසමත් වෙලා තිබුනේ නෑ. ඒත්, ගොඩක් හොඳ ප්‍රතිඵලයක් එයාට තිබුනෙත් නෑ. දෙ‍වනි සැරේටත් විභාගේ කරන්න හිතාගෙන මෙයා ආපහු මගේ පන්ති ආවා. දෙවනි පාරත් විභාගේ කලා. ඒත් වෙනසක් නෑ. කලින් පාර වගේමයි. හොඳින් සමත් වෙලා තිබුනේ නෑ.

ඊට පස්සේ මම ඒ ළමයගෙන් ඇහුවා ඇයි මෙහෙම වෙන්නේ කියලා. එයා හරි අපූරු උත්තරයක් දුන්නා. "සර්, මට නළුවෙක් වෙන්න ඕන." ඒක එයාගේ උත්තරය වුනා. මට අදහගන්නත් බෑ. මෙච්චර හොඳට ඉගෙනගන්න පුළුවන්, මෙච්චර දක්ෂ ළමයෙක්ට මේ වගේ බලාපොරොත්තුවක් හිතේ තියෙන එක පුදුමයක්. එයා තුන්වෙනි පාර විභාගේ කරන එකත් ප්‍රතික්ෂේ කලා. මම ඇහුවා ඒකට ගෙදරින් කැමතිද කියලා.

"නෑ." ඒ ළමයගේ උත්තරය වුනා. "සර්, මට උදව් කරනවද?" මම, මම ගැනම හිතුවා. ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්කම තිබුනත් මම තොරගත්තෙත් ගුරුවෘත්තිය. මොකද මම කැමති වුනේ ඒ දේට නිසා. මට මේ ළමයත් එහෙම වෙන්න ඇති කියලා හිතුනා. මම මගේ ගාව තිබුනු රු.7000න් රු 1000ක් මගේ ළඟ ති‍යාගෙන ඉතිරි රු.6000 එයාට දීලා "උඹ කවදහරි හොදම නලුවා වෙලා වරෙන්" කියලා කිව්වා.

කාලය ගෙවිල ගියා. මෙන්න අවුරුදු කිහිපයකට පස්සේ චිත්‍රපටියක සුළු චරිතයකට මෙයා ඉන්නවා මම දැක්කා. මම කවදාවත් චිත්‍රපටි බලන්නෙ නැති කෙනෙක් වුනත් මම ඒ චිත්‍රපටියනම් බලන්න ගියා. තව ටික කාලෙකට පස්සේ මෙයා ටෙලිනාට්‍යයකත් ඉන්නවා මම දැක්කා. මම ඒ නාට්‍යත් බැලුවා. කලින් චිත්‍රපටියෙට වඩා එයාගේ ලොකු දියුණුවක් මම නාට්‍යයෙදි දැක්කා. මම එයාගේ නම්බරේ හොයාගෙන කෝල් එකක් ගත්තා. "සර්, මට සර්ව හම්බවෙන්න එන්න ඕන. ඒත් දැන්ම බෑ. මම කවදහරි එන්නේ හොඳම නලුවා සම්මානේ අරන්." එදා එයා දුරකතනයෙන් මට කිව්වා. තවත් අවුරුදු පහක් විතර ගෙවිලා ගියා.

පසුගිය දවසක ‍මගේ ගා‍ල්ලේ පන්තියට ඔහු ආවා. නිකන්ම නෙමෙයි හොඳම නලුවාට හිමි සම්මානෙත් අරගෙන. මම පුදුම වුනා. එදා රු.6000ක් දීලා මම නිකමට "උඹ හොඳම නලුවා වෙලා වරෙන්." කියපු දේ ඔහු සැබෑවක් කරලා. ඔහු මට, ඔහු දිනාගත් සම්මානය දීලා කිව්වා "සර්, මේක සර් මාව මතක් වෙන්න තියාගන්න කියලා." ඒත් මම ඒ සම්මානේ ආපහු ඔහුටම දුන්නා. මොකද ඒක අයිති ඔහුටමයි. අවුරුදු 10ක් කට්ට කාලා ඒ සම්මානේ දිනාගත්තේ ඔහුමයි."


Latest News

ලංකාවේ මෙවර ඒකපුද්ගල ආදායමේ වාර්තාගත වෙනසක් ලංකාවේ මෙවර ඒකපුද්ගල ආදායමේ වාර්තාගත වෙනසක් 2018-04-27 - මෙවර වාර්ෂික ඒකපුද්ගල ආදායම 2017 වසරේදී අමෙරිකානු ඩොලර් 4000 සීමාව පසුකර තිබේ. More detail
රන්ජාට ක්‍රිකට් දූෂණ ෆයිල් ලබාදුන් සේවකයන්ව සොයා ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම රන්ජාට ක්‍රිකට් දූෂණ ෆයිල් ලබාදුන් සේවකයන්ව සොයා ක්‍රිකට් ආයතනයේ මෙහෙයුමක් 2018-04-27 - සමාජ සවිබල ගැන්වීම, සුබසාධන සහ කන්ද උඩරට සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් ර... More detail
ක්‍රිකට් සභාපති තරඟයෙන් තිලංගට ඉවත් වෙන්න වෙයි ක්‍රිකට් සභාපති තරඟයෙන් තිලංගට ඉවත් වෙන්න වෙයි 2018-04-27 - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේදී සභාපති ධුරය සඳහා වත්මන් සභාපති තිලංග... More detail
හොරණ සපත්තු කම්හලේ හිමිකරු අධිකරණයට භාරවෙයි හොරණ සපත්තු කම්හලේ හිමිකරු අධිකරණයට භාරවෙයි 2018-04-27 - පුද්ගලයින් 05 දෙනෙකුට මරු කැඳවමින් අනතුර සිදු වූ හොරණ, බැල්ලපිටිය ප්‍රදේශයේ... More detail
වෙසක් සමයේ කොළඹ ආරක්ෂාවට 3000ක් වෙසක් සමයේ කොළඹ ආරක්ෂාවට 3000ක් 2018-04-27 - වෙසක් සමයේ මහජන ආරක්‍ෂාව සඳහා පොලීසිය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති... More detail
ශ්‍ර‍ීලනිප 16 දෙනාට පාර්ලිමේන්තුවේ පුටු වෙන්වුණු හැටි ශ්‍ර‍ීලනිප 16 දෙනාට පාර්ලිමේන්තුවේ පුටු වෙන්වුණු හැටි 2018-04-27 - ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනා... More detail
නයි - මුගටි වු උතුරු කොරියා සහ දකුණු කොරියාව ‍එකතුවෙයි නයි - මුගටි වු උතුරු කොරියා සහ දකුණු කොරියාව ‍එකතුවෙයි 2018-04-27 - දකුණු කොරියාව සහ උතුරු කොරියාව පසුගිය කාලය පුරාම ගැටුම් වලට ඇතිකරගැනීමත් සමග... More detail
8 න් පසු සිදුවන වෙනස ගැන එස්.බී. කියයි 8 න් පසු සිදුවන වෙනස ගැන එස්.බී. කියයි 2018-04-27 - එළැඹෙන 08 වැනිදායින් ආරම්භ වන දෙසතිය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද පූර්ණ ප්‍... More detail
ජනපති තාත්තා පසුපස ගිය චතුරිකාට බාර් ලයිසන් ජනපති තාත්තා පසුපස ගිය චතුරිකාට බාර් ලයිසන් 2018-04-27 - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මත්පැන් හා මත්ද්‍ර‍ව්‍ය සම්බන්ධයෙන් ... More detail
ජනපතිගෙන් හදිසියේ විශේෂ නියෝගයක් ජනපතිගෙන් හදිසියේ විශේෂ නියෝගයක් 2018-04-27 - වියානා ඇළේ අනාරක්ෂිත ප්‍රදේශවල වැටක් ඉදිකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන... More detail
ක්‍රිකට් ගැන හොයන්න රන්ජන්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ක්‍රිකට් ගැන හොයන්න රන්ජන්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් 2018-04-27 - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවී ඇති දූෂණ වංචා ගැන සෙවීම සඳහා සමාජ සවිබලග... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-04-26 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
හරීන්ට සහ අජිත්ට අද ලැබුණු එජාපයේ මුල් පුටු මෙන්න හරීන්ට සහ අජිත්ට අද ලැබුණු එජාපයේ මුල් පුටු මෙන්න 2018-04-26 - එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන ලේකම්වරයා ලෙස අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පත්... More detail
එජාප මහලේකම් පුටුවට ආ අකිල කියපු කතාව එජාප මහලේකම් පුටුවට ආ අකිල කියපු කතාව 2018-04-26 - එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා වශයෙන් තමන් වෙත පැවරෙන වගකීම් නිසි පරිදි ඉටු... More detail
‍‍රවීට උප පුටුවක් දුන්නට කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම උණුසුම් වෙලා ‍‍රවීට උප පුටුවක් දුන්නට කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම උණුසුම් වෙලා 2018-04-26 - එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම මේ වන විට පැවැත්වෙන... More detail
තවත් දුම්රිය වර්ජනයක් තවත් දුම්රිය වර්ජනයක් 2018-04-26 - ලබන මස 3 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට ලොක... More detail
අපේ යෝජනාවෙන් මහින්දට රාජ්‍ය නායකයා වාසියි අපේ යෝජනාවෙන් මහින්දට රාජ්‍ය නායකයා වාසියි 2018-04-26 - ජනතා විමුක්‌ති පෙරමුණ ගෙන එන 20 වැනි සංශෝධනයෙන් පසුව මහින්ද රාජපක්‍ෂට ද යළිත්... More detail

 

Gossip

Foreign

නයි - මුගටි වු උතුරු කොරියා සහ දකුණු කොරියාව ‍එකතුවෙයි නයි - මුගටි වු උතුරු කොරියා සහ දකුණු කොරියාව ‍එකතුවෙයි 2018-04-27 - දකුණු කොරියාව සහ උතුරු කොරියාව පසුගිය කාලය පුරාම ගැටුම් වලට ඇතිකරගැනීමත් සමග... More detail
පාසල් බස් රථය දුම්රියේ ගැටීමෙන් සිසුන් 13ක් මරුට පාසල් බස් රථය දුම්රියේ ගැටීමෙන් සිසුන් 13ක් මරුට 2018-04-26 - පාසල් බස් රථයක් දුම්රියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් සිසුන් 13 දෙනෙකු මිය ගොස්... More detail
රටම හඳුනන නිරූපිකාව දෙනෝදාහක් මැද මහමඟදී අතවරයට ලක්වෙයි රටම හඳුනන නිරූපිකාව දෙනෝදාහක් මැද මහමඟදී අතවරයට ලක්වෙයි 2018-04-25 - සුරූපී නිරූපිකාවකට මහමගදී අතවර කිරීමට උත්සහ කළ පුවතක් පිළිබඳව විදෙස් මාධ්‍ය... More detail
රජ පවුලට තවත් පුත් කුමරෙක් එක්වෙයි රජ පවුලට තවත් පුත් කුමරෙක් එක්වෙයි 2018-04-24 - විලියම් කුමරාගේ බිරිඳ වන කේම්බ්‍රිජ් ආර්යාව පුතෙකු ප්‍රසූත කළ බව කෙන්සින්ටන්... More detail
ලාංකිකයන් පිරිසක් රැගත් බස් රථයක් ස්විස්ටර්ලන්තයේදී අනතුරකට ලාංකිකයන් පිරිසක් රැගත් බස් රථයක් ස්විස්ටර්ලන්තයේදී අනතුරකට 2018-04-19 - ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැගත්  බසයක් ස්විස්ටර්ලන්තයේ අධීවේගී මාර්ගයකදී... More detail
තීරණාත්මක මොහොතක හිටපු ජනපතිට සිර දඩුවම් තීරණාත්මක මොහොතක හිටපු ජනපතිට සිර දඩුවම් 2018-04-05 - බ්‍රසීලයේ හිටපු ජනපති ලූලා ද සිල්වාට සිර දඩුවම් නියම කිරීමට එරට ශ්‍රේෂ්ඨා... More detail
පෙම්වතා සමග සිදුවු ආරවුලෙන් යුටියුබ් මුලස්ථානයේ දී කාන්තාවක් වෙඩි තබා ගනී පෙම්වතා සමග සිදුවු ආරවුලෙන් යුටියුබ් මුලස්ථානයේ දී කාන්තාවක් වෙඩි තබා ගනී 2018-04-04 - ඇමරිකාවේ කැලිෆෝනියාහි සැන් බෘනොහි පිහිටි සුපුසිද්ධ ගුගල් සමාගමට අයත් යු ... More detail