අතුරුගිරිය පොලිස්‌ බල ප්‍රදේශයේ බාල වයස්‌කාර පාසල් වයසේ යන සිසුවියක්‌ තරුණයන් දෙදෙනකු සමඟ එකට පවුල් ජීවිතයක්‌ ගත කරමින් අපරාධ රැසක්‌ සිදුකර ඇති බවට පොලිසිය පවසයි.

මෙම සිසුවිය සහ එක්‌ අනියම් සැමියකු පොලිසිය මඟින් පසුගිය 05 දා අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් සිසුවිය හෙරොයින් භාවිතයට තදින්ම ඇබ්බැහි වී ඇති අතර ගංජා සහ මත්පෙති ද පානය කරන බව පොලිසිය සිදුකළ මූලික විමර්ශන තුළින් හෙළි වී තිබිණි.

2018 පෙබරවාරි 02 දා මෙම සිසුවිය තම ජංගම දුරකථනය උපයෝගී කර ගනිමින් ගොඩගම ප්‍රදේශයේ 51 හැවිරිදි ව්‍යාපාරිකයකුට අමතා තමන් ඔහුට දැඩි ලෙස ආදරය කරන බවත් එම අසීමිත ආදරය දරාගත නොහැකි බවත් තමන් සමඟ ඇසුරක්‌ පැවැත්වීමට හැකි ඉක්‌මනින්ම පැමිණෙන ලෙසත් දැඩි ලෙස ආයාචනා කර ඇත. අතුරුගිරිය වල්ගම ප්‍රදේශයේ කුලියට කාමර සපයන හෝටලයක නමක්‌ පවසා එතැනට එන ලෙසත් එහිදී හමුවෙමු කියාත් ඇය පවසා ඇත.

මෙම ඇමතුමෙන් අන්දමන්ද වූ ව්‍යාපාරිකයා "තව දින මොකටද? මම අදම එන්නම්" කියා ජැන්ඩියට ඇඳ පැළඳ මුදල් ද යහමින් සාක්‌කුවේ දමා අමතරව රන් මාලයක්‌ පැළඳගෙන වල්ගම පිහිටි හෝටලයට ගොස්‌ තිබේ. ව්‍යාපාරිකයා යන විටත් තරුණිය එහි රැඳී සිට ඇත. හෝටලය තුළට ගිය ව්‍යාපාරිකයාට එක්‌වරම පසෙක සිටි තරුණයන් දෙදෙනකු පැන හොඳහැටි ගුටිබැට දී ඔහු සතු සියලුම වටිනා දේ කොල්ලකා (මෙම තිදෙනාම) පලාගොස්‌ තිබිණි.

මේ සම්බන්ධයෙන් අදාළ ව්‍යාපාරිකයා අතුරුගිරිය පොලිසියට පැමිණිලි කර ඇත. මෙම කොල්ල කල්ලිය අත්අඩංගුවට ගැනීමට දුරකථන පද්ධති විශ්ලේෂණ ඔස්‌සේ සොයා බැලූ අතර දැඩි පරිශ්‍රමයකින් අනතුරුව 05 දා මෙහි බාල වයස්‌කාර සිසුවිය හා එක්‌ තරුණයකු අතුරුගිරිය ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

අත්අඩංගුවට පත්වන අවස්‌ථාවේදීත් මෙම සිසුවිය දැඩි ලෙස හෙරොයින් භාවිත කර සිට ඇත. ඇය සන්තකයේ තිබී හෙරොයින් පැකට්‌ටුවක්‌ ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇය ප්‍රකාශ කර ඇත්තේ පාසල් නොගොස්‌ කට්‌ටි පනිමින් කොල්ලන් සමඟ එක්‌ වී මත්ද්‍රව්‍ය භාවිත කරමින් විනෝද වෙමින් කාලය ගත කළ බවයි. අනතුරුව එම තරුණයන් හා අනියම් ඇසුරක්‌ පැවැත්වූ බවත් මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට අවශ්‍ය මුදල් උපයා ගැනීමට මෙවැනි ක්‍රියා සිදුකළ බවත් ඇය පවසා තිබේ.

51 හැවිරිදි ව්‍යාපාරිකයාගේ දේපළ කොල්ලකා මෙම තිදෙනා කතරගම ප්‍රදේශයට ගොස්‌ මාසයක කාලයක්‌ එහි තැනින් තැන සිට ඇත. එම ප්‍රදේශයේදී පැහැරගත් රන් භාණ්‌ඩ උකස්‌ කළ බවට උකස්‌ පත්‍රිකාවක්‌ ද ඉදිරිපත් කර තිබිණි. මෙම සිසුවිය මීට පෙරත් හෙරොයින් සමඟ පොලිස්‌ අත්අඩංගුවට පත් වී පරිවාස භාරයට පත්කර ඇති අතර එයින් පලා විත් නැවත මෙම අපරාධ සිදුකර ඇති බව පොලිසිය පවසයි. මෙම සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.


Latest News

රට හිටිය බැසිල් දවස් 15කට කලින් මහින්ද හදිසියේ ගෙන්වා ගත්තේ ඇයි? රට හිටිය බැසිල් දවස් 15කට කලින් මහින්ද හදිසියේ ගෙන්වා ගත්තේ ඇයි? 2018-09-26 - හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හදිස්සියේ දිවයිනට ගෙන්වා ගැනීමට මහින්ද රාජපක්ෂ... More detail
යළි එන තුරු රැවුල නොකපන්න තීරණය කළ ඥාණසාර හිමි යළි එන තුරු රැවුල නොකපන්න තීරණය කළ ඥාණසාර හිමි 2018-09-26 - අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත වසර 6 ක සිර දඩුවම් විඳිමින් සිටින ගලගොඩඅත්තේ... More detail
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 06 දෙනෙකුට ලැබුණු අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 06 දෙනෙකුට ලැබුණු අවස්ථාව 2018-09-26 - ලොවපුරා ජනප‍්‍රිය වෙමින් ඇති පන්දුවාර 10 ලීග් ක‍්‍රිකට් තරගාවලියේ දෙවන අදියර... More detail
ෆෝටේ ඉන්ට්‍රනැෂනල් දායකත්වයෙන් අස්ථි හා මෘදු පටක පිළිකා රෝගීන් දැනුවත් කෙ ෆෝටේ ඉන්ට්‍රනැෂනල් දායකත්වයෙන් අස්ථි හා මෘදු පටක පිළිකා රෝගීන් දැනුවත් කෙරෙයි 2018-09-26 - දුර්ලභ ගණයේ රෝගයක් වන අස්ථි හා මෘදු පටක පිළිකා රෝගයට නිවැරදි ප්‍ර‍තිකාරගැනීම... More detail
ප්‍රිහාන් හැමදාම කිව්වේ අපි එකට නිර්මාණ කරන්න ඕනේ නෑ කියලා ප්‍රිහාන් හැමදාම කිව්වේ අපි එකට නිර්මාණ කරන්න ඕනේ නෑ කියලා 2018-09-26 - කාලයකට පස්සේ නතාෂා අලුත් වැඩකින් එළියට ඇවිත්? More detail
නාමල් කුමාර තමා සතු තවත් හඬපට සහ ඡායාරූප කිහිපයක් එළියට අදී නාමල් කුමාර තමා සතු තවත් හඬපට සහ ඡායාරූප කිහිපයක් එළියට අදී 2018-09-26 - දුෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා අපරාධ පරික්ෂණ දෙපා... More detail
නිවසට හොරු පැන්නැයි හිරුණිකා පොලිසියට නිවසට හොරු පැන්නැයි හිරුණිකා පොලිසියට 2018-09-26 - පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වාසය කරන හෝකන්දර... More detail
මහින්ද - මෛත්‍රී ඝාතන කුමන්ත්‍ර‍ණයක් ඉන්දියානුවෙකුගේ කටින් හෙළි වෙයි මහින්ද - මෛත්‍රී ඝාතන කුමන්ත්‍ර‍ණයක් ඉන්දියානුවෙකුගේ කටින් හෙළි වෙයි 2018-09-26 - ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු... More detail
අපේ ප්‍රශ්ණ අපිට විසදාගන්න දෙන්න - මෛත්‍රී රට බේරාගන්න ලෝකය හමුවේ කී කතාව මෙ අපේ ප්‍රශ්ණ අපිට විසදාගන්න දෙන්න - මෛත්‍රී රට බේරාගන්න ලෝකය හමුවේ කී කතාව මෙන්න 2018-09-26 - දීර්ඝ කාලීන යුද්ධයක අභාග්‍ය සම්පන්න අත්දැකීම් හමුවේ දැනුණු අමිහිරි වේදනාවන්... More detail
පුතා විවාහවීමට සිටි තරුණිය අපයෝජනය කළ පියා පුතා විවාහවීමට සිටි තරුණිය අපයෝජනය කළ පියා 2018-09-25 - තම පුත්‍රයා විවාහ වීමට අපේක්ෂාවෙන් සිටි තරුණිය නිවසේදි අපයෝජනය කළ පියෙකු ... More detail
තාත්තාගේ කරදරයෙන් බේරෙන්න පියාගේ මිතුරා හා පැටළුණ පුංචි දැරියට වුණු දේ තාත්තාගේ කරදරයෙන් බේරෙන්න පියාගේ මිතුරා හා පැටළුණ පුංචි දැරියට වුණු දේ 2018-09-25 - එකලොස් හැවිරිදි දැරියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කර නිවසක රඳවාගෙන... More detail
ඓතිහාසික පිදුරංගල ගල උඩ නිරුවතින් ජායාරූප ගත් අයට වැඩ වරදී ඓතිහාසික පිදුරංගල ගල උඩ නිරුවතින් ජායාරූප ගත් අයට වැඩ වරදී 2018-09-25 - ඓතිහාසික සීගිරිය - පිදුරංගල රජමහා විහාරස්ථානයේ පිදුරංගල ගල මත සිට තරුණ තරු... More detail
ධනුෂ්ක ගුණතිලක මුදල් වෙනුවෙන් මවුබිම පාවා දෙයි - රක්ෂණ මුදල් වෙනුවෙන් රට උකසට... ධනුෂ්ක ගුණතිලක මුදල් වෙනුවෙන් මවුබිම පාවා දෙයි - රක්ෂණ මුදල් වෙනුවෙන් රට උකසට තබමින් නායක මැතිවුස් එක්ක කළ නාටකයක් 2018-09-25 - වර්තමාන බොහෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ක්‍රීඩා කරන්නේ මුදල් වෙනුවෙන්... More detail
විවේචන මැද කුසල්ගේ ස්ථානය අහිමි වෙද්දී පිතිකරු ලැයිස්තුවේ ප්‍ර‍බල වෙනසක් විවේචන මැද කුසල්ගේ ස්ථානය අහිමි වෙද්දී පිතිකරු ලැයිස්තුවේ ප්‍ර‍බල වෙනසක් 2018-09-25 - එළඹෙන එංගලන්ත තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පිතිකරු ලැයිස්තුවේ වෙනසක්... More detail
සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් ජිනසිරි දඩල්ලගේ ඉවත් කළේ ඇයි? මෙන්න හේතුව සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් ජිනසිරි දඩල්ලගේ ඉවත් කළේ ඇයි? මෙන්න හේතුව 2018-09-21 - සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් ජිනසිරි දඩල්ලගේ මහතා වහා ක්‍රියාත්මක වන පරිදි එම... More detail
නව සුඛෝපභෝගී දුම්රියක් නව සුඛෝපභෝගී දුම්රියක් 2018-09-21 - විදේශීය සංචාරකයින් ඉලක්ක කර ගත් නව සුඛෝපභෝගී විශේෂ දුම්රියක් ලබන 25වනදා සිට... More detail
චීන හමුදාවට අමෙරිකාව සම්බාධක පනවයි චීන හමුදාවට අමෙරිකාව සම්බාධක පනවයි 2018-09-21 - චීන හමුදාවට අමෙරිකාව සම්බාධක පනවා තිබෙනවා. More detail

 

Gossip

Foreign

සිරියානු ගුවනේදී රුසියානු ගුවන් යානයක් සැගව යයි සිරියානු ගුවනේදී රුසියානු ගුවන් යානයක් සැගව යයි 2018-09-19 - පුද්ගලයන් 14 දෙනෙකු සමග රුසියානු හමුදා ගුවන් යානයක් සිරියානු ගුවන් සීමාවේද... More detail
උතුරු කොරියා සහ දකුණු කොරියානු නායකයින් ප්‍ර‍ථම වතාවට සාකච්ඡා අරඹයි උතුරු කොරියා සහ දකුණු කොරියානු  නායකයින්  ප්‍ර‍ථම වතාවට සාකච්ඡා අරඹයි 2018-09-18 - උතුරු කොරියානු සහ දකුණු කොරියානු නායකයන් ප්‍රථම වරට උතුරු කොරියාවේ ප්යොන... More detail
ප්‍රියංකා - නික් විවාහයට නික්ගේ කලින් පෙම්වතිය කියපු කතාව මෙන්න ප්‍රියංකා - නික් විවාහයට නික්ගේ කලින් පෙම්වතිය කියපු කතාව මෙන්න 2018-09-17 - Olivia Culpo කියන්නේ ඇමරිකාවේ ඉන්න දක්ෂ වගේම ජනප්‍රිය නිරූපිකාවක්. More detail
පණ වගේ ආදරය කළ සුරූපී බිරිඳ අනියම් පුරුෂයෙකු සමඟ යහන්ගතව සිටිනු දැක ඇයගේ ගෙළ... පණ වගේ ආදරය කළ සුරූපී බිරිඳ අනියම් පුරුෂයෙකු සමඟ යහන්ගතව සිටිනු දැක ඇයගේ ගෙළ කපා පොලිසියට රැගෙන යයි 2018-09-13 - තම බිරිඳගේ අනියම් සම්බන්ධතාවය සැලවී කෝපයට පත් සැමියා ඇයගේ ගෙළ කපා එයද රැගෙන... More detail
එකට කෑම ගනිමින් ජෝඩුව ගත් වීඩියෝවෙන් පැය කිහිපයකට පසු දෙදෙනාම පොලිස් අත්අඩ... එකට කෑම ගනිමින් ජෝඩුව ගත් වීඩියෝවෙන් පැය කිහිපයකට පසු දෙදෙනාම පොලිස් අත්අඩංගුවට 2018-09-12 - තම සේවා ස්ථානයේදි උදෑසන ආහාර වේල එකට ගත් ඊජිප්තු ජාතිකයෙක් සහ සවුදි කාන්තාවක්... More detail
ලොවම ආදරය කරන සුපිරි නළු ශාරුක් ඛාන්ගෙන් කිසිවෙකු නොසිතූ සුවිශේෂී පරිත්‍ය ලොවම ආදරය කරන සුපිරි නළු ශාරුක් ඛාන්ගෙන් කිසිවෙකු නොසිතූ සුවිශේෂී පරිත්‍යාගයක් 2018-09-04 - ලෝකයේ දැන්වත් සුපිරි නළුවන් අතර ඉදිරියෙන්ම සිටින සුපිරි තරුවක් තමයි ශාරුක්... More detail
සමලිංගික සේවනයේ යෙදුනු තරුණියන් දෙදෙනෙකුට ප්‍රසිද්ධියේ කස පහර සමලිංගික සේවනයේ යෙදුනු තරුණියන් දෙදෙනෙකුට ප්‍රසිද්ධියේ කස පහර 2018-09-04 - සමලිංගික සේවනයේ යෙදුනු මැලේසියානු තරුණියන් දෙදෙනෙකුට අද (03) ප්‍රසිද්ධියේ කස... More detail