කොළඹ  නාරාහේන්පිට පෞද්ගලික රෝහලක හෙදියකට මත්පැන් පොවා මරණ බවට තර්ජනය කර සිය හිටපු පෙම්වතා බව කියන විවාහක වෛද්‍යවරයෙකු තම ඉංජිනේරු මිතුරා ඇතුළු පිරිසක් සමග එක්ව ඇයට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇති වි තිබෙනවා.

නාරාහේන්පිට පොලිසියට පැමිණි ඇය තමාට විඳින්නට සිදු වූ කෲරතර සිදුවීම් මාලාව හෙළි කර ඇත. එහිදී ඇය සදහන් කර තිබුණු සම්පුර්ණ කතාව මෙසේ ය.

ඇය කොළඹ නගරයේ පිහිටි සුවිසල් පෞද්ගලික රෝහලක හෙදියකි. අවිවාහක ඇයගේ වයස අවුරුදු තිස් නවයකි. ඇයගේ පෙම්වතා වූයේ යුද හමුදා කපිතාන් වරයෙකි. ඔහු යුද හමුදා රෝහලේ වෛද්‍ය වරයෙකි. ඔහු මෙම පෞද්ගලික රෝහලේද සේවය කළේය. ඒ රාජකාරි වේලාවෙන් පසුවය. ඇය ඔහු රෝගීන් බලන කාමරයේ හෙදිය ලෙස සේවය කළ අතර කල් ගතවෙද්දී ඔහු ඇයගේ පෙම්වතා බවට පත් විය.

ප්‍රේමය දලුලා වැඩෙද්දී මේ දෙදෙනා ගේ ඇසුර ලිංගික සබඳතා පවත්වන තත්ත්වයට පත්ව තිබිණි. ඇය එලෙස ඔහු විශ්වාස කොට ඔහුගේ ඉල්ලීම් වලට ඉඩ දුන්නේ විවාහ කරගන්නා බවට ඔහු ඇයට දුන් පොරොන්දු නිසාය. මෙලෙස කාලය ගෙවී යද්දී ඔහුට එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට එක්වීමට සිදුවිය. ඒ අනුව ඔහු වසර දෙකක කාලයකට සුඩානය බලා පිටත්ව ගියේ ඇය ගේ සිතෙහි දහසක් බලාපොරොත්තුද තබාය. විදෙස් ගතවීමෙන් අනතුරුව ඔහු ඇය අමතක කළේ නැත. දිගින් දිගටම දුරකථන ඇමතුම් දෙමින් ඇයගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරන බව තහවුරු කළේය.

මේ අතර ඇය ඔහු පිළිබඳ විපරම් කර බැලීමට සිතුවාය. ඒ අනුව මොහු හොඳින් දන්නා හඳුනන අයකුගෙන් තොරතුරු විමසුවාය. ඔහු පවසා සිටියේ වෛද්‍ය කපිතන්වරයා විවාහකයකු බවත් දරු දෙදෙනකු සිටින පියෙකු බවත්ය. එය ඇසු ඇයට දෙවියන් සිහිවිය. විවාහ වීමේ පොරොන්දුව නිසා ඇය ඔහුට සිය කුමරි බඹසර ද පුදා තිබීම ඇයට දරාගත නොහැකි කරුණක් වන්නට ඇත. ඇය කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිව සිටී. ඒ මව, නංගී සහ මල්ලී සමඟය. මේ තිදෙනා යැපෙන්නේ ඇයගෙනි. ඒ පියා නොමැති නිසාය. ඔහු ගේ පැටිකිරිය ඇසීමෙන් අනතුරුව ඇය තීරණයකට එළැඹියාය. ඒ ඔහුගෙන් වෙන් වන්නටය. ඇය ඔහු දෙන දුරකථන ඇමතුම් වලට ප්‍රතිචාර දැක්වීම නතර කළාය. පසුව ජංගම දුරකථන අංකය ද මාරු කොට හැකිතාක් ඔහු මඟ හැර සිටීමට උත්සාහ කළාය. ඔහු මඟ හැර සිටිය ද ඔහු ඇයට එලෙස සැඟව සිටීමට ඉඩ දුන්නේ නැත. ඔහු සිය ගෝලබාලයන් ලවා ඇය යන එන තැන් කරන කියන දේ පිළිබඳ ඔත්තු සෙවීය.

දිනක් ඇය සේවය නිමකොට රෝහලින් පිට වී බෝඩිමට යද්දී ඇය අසල ත්‍රීරෝද රථයක් නතර විය. එහි සිටියේ ඔහුගේ ගෝල ලාන්ස් කෝප්‍රල් රණසිංහ ය.

“නගින්න මිස් මට ටිකක් කතා කරන්න ඕන.”

“ඇයි මොනවා කතා කරන්නද?”

“සර් හරි අප්සට් එකෙන් ඉන්නේ. මිස් සර්ව මඟ අරිනවා කියලා. යමු අපි ඒ ගැන කතා කරමු.”

ඔහුගේ වචනයට අවනත වූ ඇය එම ත්‍රීරෝද රියට ගොඩවුවාය. ඔහු ඇය රැගෙන ගියේ හෝටල් කාමරයකටය.

“මාව කාමරේට එක්කගෙන ගියාට එයා මගේ ඇඟට අතක්වත් තිව්වේ නෑ. ඒත් මගේ කිට්ටුවෙන් වාඩිවෙලා ෆොටෝ එකක් අරගෙන ඒක දිනේෂ්ට යවලා කියලා තිබුණා. මාව කාමරේකට එක්කගෙන ගිහින් එකට හිටියා කියලා.

පහුගිය ජුලි මාසේ දොළොස්වෙනිදා දිනේෂ් හොස්පිටිල් එකට කෝල් එකක් දීලා කිව්වා මම ලංකාවට ආවා. මට තමුන් එක්ක බේරගන්න ගනුදෙනුවක් තියෙනවා කියලා. ඒ කතාවට මට බය හිතුණා. ඊට දවස් දෙකකට පස්සේ මම වැඩ ඇරිලා හොස්පිටිල් එකෙන් එළියට ඇවිත් ටික දුරක් යද්දී මගේ ළඟ කාර් එකක් නතර කළා. එකේ දිනේෂ් හිටියේ. මට තමුසේ එක්ක බේරගන්න ගනුදෙනුවක් තියෙනවා නැගපිය. මගේ වචනෙට කීකරු නොවුණොත් දන්නවා නේ උඹලට වෙන දේ. උඹව පවුල පිටින්ම මරලා දානවා කියලා තර්ජනය කළා. බයටම මම කාර් එකට නැංගා.

මට ගෙදර යන්න ඕන, ඔහුගේ මෝටර් රථයට ගොඩ වූ ඇය එලෙස ඔහුගෙන් ඉල්ලා සිටියාය. බොරැල්ල හන්දිය පහුවෙද්දී මම ඇහුවා මේ කොහේද යන්නේ කියලා. “උඹට ගෙදරනේ යන්න ඕන කිව්වේ. මේ ගෙදරට තමයි එක්කගෙන යන්නේ.” එලෙස කී ඔහු වරෙක ඇයගේ ගෙල මිරිකා ඇයට කතා කිරීමට ඉඩ දුන්නේ නැත. තවත් විටෙක ඔහු ඇයගේ ගෙලට පිහියක් තබා කට වසාගන්නා ලෙසට තර්ජනය කළේය. මේ තර්ජන ගර්ජන මැද්දේ මෝටර් රථය තිහාරිය ප්‍රදේශයට සේන්දු විය.

“තිහාරියේ අතුරු පාරකට වාහනේ හැරෙව්වා. මේ කොහේද යන්නේ කියලා අහද්දී මගේ බෙල්ල මිරිකුවා. තට්ටු දෙකේ ගෙයක් ළඟ වාහනේ නතර කරලා එයා බැහැලා ගියා. ඒ වෙද්දි වේලාව හවස තුන විතර ඇති. විනාඩි කිහිපයකින් ආපහු ඇවිත් බෙල්ලෙන් අල්ලලා තල්ලුකරගෙන මාව තරප්පු පෙළ දිගේ උඩට අරගෙන ගියා. එහෙම අරගෙන ගිහින් මාව කාමරයකට දාලා නාගෙන වරෙං කියලා කිව්වා. මම නාගෙන ආවට පස්සේ කාපං කියලා කෑම එකකුත් දුන්නා. ඊට පස්සේ මට තර්ජනය කළා. උඹත් එක්ක ගනුදෙනුවක් තියෙනවා බේරගන්න කියලා මාව ලිංගික ක්‍රියාවලට යොමුකරගන්න උත්සාහ කළා. මම ප්‍රතික්ෂේප කළා.

“ඇයි දැන් මොකද බැරි. උඹ වෙනද මේවට හරි ආසයි නේ උඹට මොනවද වෙලා තියෙන්නේ. මම මේක හොඳින් හරි නරකින් හරි බේරගන්නවා.” යැයි කී ඔහු ඇයට දිගට හරහට පහර දෙන්නට පටන් ගත්තේය. එම පහර වලට ඇයගේ කම්මුල් පමණක් නොව ඇස් ද තැලී ගියේය. නිරුවත් සිරුරේ පිටුපසට තද පහරවල් එල්ල වූ අතර ඇයගේ සිරුර නිල් පැහැ වී ඉදිමී තිබිණි.

“මට ඇස් පේන්නෙත් නෑ. වේදනාව දරාගන්නත් බෑ. මාව ඇඳට තල්ලු කරලා දොරත් ලොක් කරගෙන එයා එළියට ගියා. විනාඩි හතළිහකින් විතර ඇතුළට ආවා. දොර අරිද්දි මම දැක්කා එළියේ වැරන්ඩාවේ දෙන්නෙක් බිබී ඉන්නවා. එයා කාමරේට ඇවිත් නිරුවත්ව හිටපු මාව අර බොන එවුං දෙන්නා ළඟට අරගෙන ගිහින් එතන තිබුණ හාන්සි පුටුවක ඇන්දේ වාඩි කෙරෙව්වා. එතන වාඩිවෙලා ඉන්න අමාරුයි. අර බිබී හිටිය එක්කෙනක් මට පුටුවක් දීලා වාඩිවෙන්න කිව්වා. මම එකේ වාඩි වුණා. දිනේෂුත් ඒ අය එක්ක බිව්වා. 

ඔවුන් බලෙන් ඇයට විස්කි පෙව්වේය. සිගරට් පමණක් නොව ගංජා දුමාරය ද ශරීර ගත කළේය. ඒ අතරතුර ඔවුන් කියන අසභ්‍ය වචන, අසම්මත ලිංගික ක්‍රියා පිළිබඳ කියන කතා ඇය අව සිහියෙන් මෙන් අසා සිටියේ වෙන කළ හැකි දෙයක් නොවු නිසාය.

“ඊට පස්සේ දිනේෂ් මාව කාමරේට ඇදගෙන ගියා. බිබී හිටපු දෙන්නගෙන් එක්කෙනෙකුත් ඇතුළට ආවා. ඇවිත් රෑ එකොළහේ ඉඳලා උදේ හතර විතර වෙනකම් ඒ දෙන්නා මාව දුෂණය කළා. ඒ අවස්ථා වීඩියෝ කළා. ෆොටෝ ගත්තා. ඒ පැය කිහිපයේදී මම විඳපු දුක කොච්චර ද කියලා කියන්න වචන නෑ. මාව ඒ විදියට දුෂණය කරන අතර දිනේෂ් මට කියනවා උඹට වෙන එවුං එක්ක ඉන්න පුලුවන් නම් මේක ප්‍රශ්නයක් නැනේ කියලා.” “මේ දේවල් උඹේ අම්මා දන්නෙත් නෑ. දැනගත්තත් කරන්න දෙයක් නෑ. පොලිසියට කිව්වත් වැඩක් නෑ. උඹව මැරුවත් කවුරුත් දන්නේ නෑ කියලා මට තර්ජනය කළා.”

සිය මිතුරන් ද සමඟ රාත්‍රිය පුරා සිය පෙම්වතිය දුෂණය කළ දිනේෂ් පසුදා උදේ අට පමණ වෙද්දී ගෙදර යාමට ලැස්ති වන ලෙස ඇයට අණ කළේය. ඇයගේ මුහුණ ඉදිමී තිබෙනු දුටු මේ දෙදෙනා සමඟ සිටි දිනේෂ් ගේ ගෝල රණසිංහ ඇයට අයිස් කැට ගෙනැවිත්දී මුහුණ තවා ගන්නා ලෙස පැවසුවේය.

“මට පඩිපෙළ බහින්නවත් පුලුවන් කමක් තිබුණේ නෑ. මම බඩ අල්ලගෙන අමාරුවෙන් පඩි බහිද්දී රණසිංහ මාව අල්ලගෙන පහළට අරගෙන ආවා. ඒ තුන්දෙනාම කාර් එකට නැගලා මාවත් දාගෙන කුරුණෑගල ගිහින් අපේ ගෙවල් වලට යන පාර කිට්ටුව මාව දාලා ගියා.”

ගෙදර ගිය ඇයට මවට මුහුණ දීමට හැකියාවක් තිබුණේ නැත. නංගි මල්ලි අසන ප්‍රශ්න වලට දීමට පිළිතුරු නොවීය. එහෙත් බොරු ගොඩාක් කියා ඇය සති දෙක තුනක් ගෙදරට වී සිටියාය. ඉදිමුම් බැස ගොස් තුවාල සුව වූ පසුව ඇය යළි රැකියාවට ගියේ පවුල නඩත්තු කිරීමේ වගකීම පැවරී ඇති බැවිනි. රෝහලට ගිය ඇයට සවස රාජකාරි කිරීමට සිදුවුයේ වෛද්‍ය දිනේෂ් සමඟය. ඔහු යළි ඇය අල්ලා ගත්තේය.

“උඹට මොකද වුණේ ඇයි උඹ මට කතා නොකළේ?” ඔහු ඇයගෙන් විමසන්නට විය.“මගේ ෆෝන් එක නෑ.” “හා හරි මම ෆෝන් එකක් අරගෙන දෙන්නම් කෝ. එතකොට හරිනේ.”

එලෙස කී ඔහු ඇයට ජංගම දුරකථනයක් ලබා දුන්නේය. එලෙස දින කිහිපයක් ගෙවී ගියේය. දිනක් රාත්‍රී රාජකාරී නිම වූ ඇය රෝහලෙන් පිටවන විට වේලාව උදේ හත පමණ වී තිබිණි. ඇය අසල මෝටර් රථයක් නතර විය. එය දිනේෂ්ගේය.

“උඹත් එකක් ගනුදෙනුව තවම ඉවර නෑ. යමං කියලා මාව බලෙන් නංග ගත්තා. එහෙම නාවොත් අපේ පවුලම විනාස කරනවා කියලා තර්ජනය කරන බයට මම කාර් එකට නැග්ගා. එදා යුද හමුදා වෛද්‍යවරුන්ගේ නිල නිවාස තියෙන නුගේගොඩ තැනකට මාව අරගෙන ගියා. උඩ තට්ටුවට යද්දී එතන එදා හිටපු දෙන්නම හිටියා. මට හිතුණා අදත් මම ඉවර තමයි කියලා. දිනේෂුයි, එදා මට අතවර කරපු යාලුවයි. එයාගේ ගෝලයා රණසිංහයි තුන්දෙනාම බිබී මටත් පොව පොව ගංජත් පෙව්වා. පස්සේ තුන් දෙනාම මට අතවර කළා. උඹට හැම මිනිහෙක් එක්කම ඉන්න පුලුවන් මේ කට්ටිය එක්ක ඉන්න බැරි කමක් නැනේ කියලා තුන් දෙනාම තිරිසන්නු වගේ මට අතවර කළා. මම කෑ ගැහුවා. උඹලට මම වගේ අක්කලා නංගීලා නැද්ද කියලා ඇහුවා. ඒ වේලාවට දිනේෂ් මගේ බෙල්ල මිරිකුවා.

මෙලෙස එදින ද ඔහු තම මිතුරන් හා එක්ව සිය පෙම්වතිය සමුහ දුෂණයකට ලක් කළේය. මාස කිහිපයක් ගෙවී ගිය අතර නොවැම්බර් මාසයේ දිනයක රැකියාව නිමකොට එළියට ආ ඇය ඔහු පැමිණ පැහැරගෙන ගියේය. එදින මෝටර් රථය පැදවුයේ රණසිංහ විසිනි. ඔහු ඇය රැගෙන ගියේ මොරටුව පැත්තේ තට්ටු නිවාසයකටය. ඇය කැඳවාගෙන යද්දී පෙර දින දෙකේම දිනේෂ් හා එක්ව අතවර කළ පුද්ගලයාත්, නාඳුනන තවත් තරුණයකුත් එහි නාන තටාකය අසල මත් වතුර පානය කරමින් සිටියහ.

“එතකොට වෙලාව රෑ එකොළහට විතර ඇති. එදත් ඒ විදියටම මට පෙව්වා. ගංජා පෙව්වා. ඒත් ඒ ගෙදර අයිතිකාරයා පාඩුවේ හිටියා ටික වේලාවකින් දිනේෂ් මාව කාමරයකට ඇදගෙන ගියා. ගෙදර අයිතිකාරයත් කාමරයට ආවා. ඇවිත් දිනේෂ් එක්ක එකතුවෙලා මට දස වද දුන්නා. හැබැයි අනිත් කෙනයි රණසිංහයි ආවේ නෑ.”

ඇයට කළ ලිංගික අතවර ගැන ලියන්නට වචන නැත. ඒ ඒවා ඒ තරමටම අසික්තික වීම නිසාය. ඇයගේ සිරුරින් රුධිරය ගලා යද්දී ඒ බව තඹයකට මායිම් නොකළ දෙදෙනා ඇයට තව තවත් ලිංගික අතවර කළහ. අවසානයේ දිනේෂ් ඇයට වෛද්‍ය ප්‍රතිකාර ද ලබා දුන්නේය. මෙලෙස දින ගණනක් තිස්සේ සමුහ දුෂණයට ලක්වුවද ඇය ඉවසා සිටියේ දිනේෂ් තව නොබෝ දිනකින් වත් තමාට අනුකම්පා කරනු ඇතැයි සිතාය. එලෙසම තම මව සහෝදරයා සහෝදරියට කරදයක් කරාවි යන බිය නිසාය.

“එයා ආපහු දවසක ඇවිත් මාව මීගමුව පැත්තේ හෝටලයකට අරගෙන ගියා. එදා නම් කවුරුත් සිටියේ නෑ. මෙයා විතරයි මට කරදර කළේ.”

එලෙස දැඩි ලිංගික හිංසනයට ගොදුරු වුවද ඇය ඉවසා සිටි නමුත් ඔහු ඇය නැත්තටම නැති කර තිබිණි. ඒ ඇයගේ හොඳ ඡායාරූප මෙන්ම නිරුවත් ඡායාරූප ද ඇය සේවය කරන රෝහල් වෙබ් අඩවියට මුදා හරිමිනි. ඇය නීතියේ සහාය පතන්නේ ඉන් අනතුරුවය. පොලිසිය මෙම කපිතන්වරයා පිළිබඳ වැඩිදුර තොරතුරු සොයාගත්තේ ඔහුගේ මෝටර් රථ අංකයෙනි. අනතුරුව ඔහු පොලිසියට කැඳවුයේ රථවාහන ප්‍රශ්නයක් පිළිබඳ යැයි කියමිනි. එලෙස කැඳවා රථවාහන සිද්ධියක් ගැන විමසු අතර එවිට ඔහුගේ රියැදුරු ලාන්ස් කේප්‍රල් රණසිංහ ගැන ද හෙළි විය.

ඔහුද කැඳවාගෙන පැමිණෙන ලෙස දැනුම් දීමෙන් අනතුරවු ඔහටු යන්නට හැරියේය. පසුව රණසිංහද සමඟ ඔහු පොලිසියට එද්දී ඇය ද පොලිසියට පැමිණ සිටියාය. “මෙයාව අඳුරණවද?” “ඔව්. මෙයාට මම ගොඩක් ආදරෙයි.” කපිතාන්වරයා ඇයට තම සිතෙහි ඇති ආදරය ගැන එලෙස කරුණු දක්වන්නට විය. ඇයගේ පැමිණිල්ලට අනුව ප්‍රශ්න කිරීම ආරම්භ වුයේ ඉන් අනතුරුවය. කපිතාන් දිනේෂ් මුල දී මෙම චෝදනා ප්‍රතික්ෂේප කළේය. ඔහු දිගටම පවසා සිටියේ ඇයට ආදරය කරන බව පමණි.

එහෙත් අවසානයේ දී ඔහුට සියල්ල හෙළි කිරීමට සිදුවිය. ඔහුගේ හෙළි කිරිම් අනුව ඇය සමුහ දුෂණයට ලක්කළ අනෙක් දෙදෙනා ගැනද තොරතුරු හෙළි විය. තිහාරියේදී ඇය දුෂණය කළ අනෙක් පුද්ගලයා යුද හමුදා පොලිසියේ කපිතාන් වරයෙකි. අනුරාධපුර පාල්කුලම කඳවුරේ සේවය කරන ඔහු දිනේෂ්ගේ ඥාතියකුද වන්නේය. මොරටුව තට්ටු නිවාසය හිමිකරු ඉංජිනේරුවරයෙකි. ඔහු අවිවාහක වන අතර දිනේෂ් ගේ ඥාති කපිතන් අමිත් විවාහකයෙකි.

දිනේෂ් ගේ බිරිය තුන්වන දරු ප්‍රසුතියට සුදානම් වෙමින් සිටින්නීය. දෙවස වරට ඇය සමූහ දූණණයට ලක්කළ නුගේගොඩ හමුදා වෛද්‍ය නිවාසය ද පොලිසිය පරික්ෂා කළේය. ඒ අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුවය. එම නිවෙසේ තිබී වාජීකරණ ඖෂධ, කෘතිම පුරුෂ ගංගයන් සහ ගංජා කොටයක් ද හමුවිය. හෙදිය වෛද්‍ය පරීක්ෂණකට යොමු කළ අතර ඇය බරපතල ලිංගික අතරවරයට ලක්ව ඇති බව එම වාර්ථාවේ සඳහන් විය.

යුද හමුදා පොලිස් කපිතන් අමිත් පොලිසිය කළ දැනුම් දීමට අනුව පැමිණියේ නැත. එබැවින් යුද හමුදා පොලිසිය හරහා ඔහු පොලිසියට ගෙන්වා ගැනීමට සිදුවිය. මෙම ස්ත්‍රී දුෂණ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ කිරීම පොලිසියට යම් අපහසු කරුණක් විය. ඒ කපිතාන්වරුන්ට මෙන්ම ඉංජිනේරු වරයාට ද රටේ ඉහළ නතතුරු හොබවන ඥාතීන් සිටීමය. මෙලෙස ඉතා අසික්කිත ලෙස කාන්තාවක දුෂණය කළ නරුමයන් වෙනුවෙන් පොලිසියට බලපෑම් කිරීමට ඔවුන්ගේ ඥාතීන් ඉදිරිපත්වීම ද පුදුම සහගතය. ඔවුන් එලෙස සැලසුම් කන්නට ඇත්තේ ඔවුන් ද මෙම ක්‍රියාදාමය අනුමත කරන නිසා විය යුතුය.


Latest News

අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-06-21 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
අනුරාධපුර නගරය ගණිකාවන්ගේ රජදහනක් වෙයි - සුරූපි කතුන් 14ක් පොලිස් දැලට හසුවූ... අනුරාධපුර නගරය ගණිකාවන්ගේ රජදහනක් වෙයි - සුරූපි කතුන් 14ක් පොලිස් දැලට හසුවූ හැටි 2018-06-21 - අනුරාධපුර නගරයේ පෙරේදා (19 දා)  සිදු කළ මෙහෙයුමකදී ගණිකා වෘත්තියේ නරත වූ කාන්... More detail
සිසුවෙකුට දඩුවම් කළායැයි සිසුන් පිරිසක් එක්වී ගුරුවරයාට පහරදීලා සිසුවෙකුට දඩුවම් කළායැයි සිසුන් පිරිසක් එක්වී ගුරුවරයාට පහරදීලා 2018-06-21 - ආණමඩුව නගරයේ පාසලක ගුරුවරයකුට එම පාසලේ සිසුන් පිරිසක් සිදු කළ පහරදීමක් හ... More detail
චන්දිමාල් පෙරලා සටන් කරයි - තෙවන තරගයට අවස්ථාව ලැබෙයි චන්දිමාල් පෙරලා සටන් කරයි - තෙවන තරගයට අවස්ථාව ලැබෙයි 2018-06-21 - ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කන්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරඟයේදී ප... More detail
යුරෝපා සංගමය ද ඇමරිකාව සමග ගැටෙයි යුරෝපා සංගමය ද ඇමරිකාව සමග ගැටෙයි 2018-06-21 - ඇමරිකාවට එරෙහිව නව තීරු බදු පැනවීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ. More detail
විභාග අපේක්ෂකයන්ට රජයෙන් දැනුම්දීමක් විභාග අපේක්ෂකයන්ට රජයෙන් දැනුම්දීමක් 2018-06-21 - 2018 වසර සඳහා පෙනී සිටින අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග අපේක්ෂකයන් තම ජාතික... More detail
ලිංගික අල්ලස් හෙළිවෙයි - ඇමති විජේදාස - නියෝජ්‍ය ඇමති හාරිස් එළිපිට ගැටෙති ලිංගික අල්ලස් හෙළිවෙයි -  ඇමති විජේදාස - නියෝජ්‍ය ඇමති හාරිස් එළිපිට ගැටෙති 2018-06-21 - උසස් අධ්‍යාපන ඇමති විජේදාස රාජපක්‍ෂ හා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය ඇමති... More detail
කදානේ “ඔලීවා හර්බල්“ සම්බාහනය අස්සේ කරගෙන ගිය ගණිකා ජාවාරම ඇල්ලු හැටි කදානේ “ඔලීවා හර්බල්“ සම්බාහනය අස්සේ කරගෙන ගිය ගණිකා ජාවාරම ඇල්ලු හැටි 2018-06-21 - කඳාන ප්‍රදේශයේ සම්භාහන ආයතනයක් මුවාවෙන් පවත්වාගෙන ගිය මහ පරිමාණ ගණිකා නි... More detail
රට හදන්න හිට්ලර් වෙලාවත් ගෝඨාට එන්න කියයි රට හදන්න හිට්ලර් වෙලාවත් ගෝඨාට එන්න කියයි 2018-06-21 - හිට්ලර් කෙනෙක් වී මිලිටරි පාලනයක් කරගෙන ගොසින් හෝ මේ රට හදන්නැයි හිටපු ආරක... More detail
සම්මත වුණ සයිටම් පනත ගැනත් සැකයක් සම්මත වුණ සයිටම් පනත ගැනත් සැකයක් 2018-06-21 - සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂත විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුළත් කිරීමට... More detail
බැදුම්කර කොමිසමේ තීරණාත්මක කරුණු ජනාධිපති කාර්යාලය සගවලා - බැදුකර හොරුන්ට මහ... බැදුම්කර කොමිසමේ තීරණාත්මක කරුණු ජනාධිපති කාර්යාලය සගවලා - බැදුකර හොරුන්ට මහ බැංකුවේ සමහරු තවත් උදව් කරනවා 2018-06-21 - පාර්ලිමේන්තු මන්ත්‍රිවරු තිදෙනෙක් ඔවුන්ගේ ඥාතීන්ගේ නම්වලට මෙන්ඩිස් සමා... More detail
මෛත්‍රී සිනහා වෙද්දී බුද්ධිකට වුණු අපත වැඩේ මෛත්‍රී සිනහා වෙද්දී බුද්ධිකට වුණු අපත වැඩේ 2018-06-21 - මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා පෙරේදා... More detail
රැකියා විරහිත උපාධිධාරීන් බඳවා ගැනීම තාවකාලිකව නතර කරයි රැකියා විරහිත උපාධිධාරීන් බඳවා ගැනීම තාවකාලිකව නතර කරයි 2018-06-21 - කඩඉම් ලකුණු ලබාදීමේදී සිදුවූ ආරවුලක් විසඳන තුරු රැකියා විරහිත උපාධිධාරීන්... More detail
ගෝඨාටත් ඒකාබද්ධයේ කැපිල්ල ගෝඨාටත් ඒකාබද්ධයේ කැපිල්ල 2018-06-20 - ගෝටාභය රාජපක්‍ෂගේ සභාපතීත්වයෙන් යුත් ‘වියත්මග’ සංවිධානය විසින් ඉදිරිපත්... More detail
බැදුම්කර මගඩිය විශ්වවිද්‍යාල අර්ථ සාධක අරමුදලේ (UPF) මිලියන 880ක් අරන් බැදුම්කර මගඩිය විශ්වවිද්‍යාල අර්ථ සාධක අරමුදලේ (UPF) මිලියන 880ක් අරන් 2018-06-20 - බැදුම්කර වංචාව විශ්වවිද්‍යාල අධ්‍යයන හා අනධ්‍යන සේවකයින් 15,000 කගේ විශ්වවිද... More detail
බාල වයස්කාර දැරිය පැහැරගෙන ගොස් දුෂණය කළ දෙදෙනාට අද ලැබුණු තීන්දුව බාල වයස්කාර දැරිය පැහැරගෙන ගොස් දුෂණය කළ දෙදෙනාට අද ලැබුණු තීන්දුව 2018-06-20 - බාල වයස්කාර දැරියක් පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කිරීම ඇතුළු චෝදනා දෙකකට ... More detail
රනිල් බලන්ඉද්දී සජිත් මෛත්‍රීට කටු ගසයි රනිල් බලන්ඉද්දී සජිත් මෛත්‍රීට කටු ගසයි 2018-06-20 - ජූනි 23 වනදාට යෙදෙන ජාතික නිවාස දිනය වෙනුවෙන් ප්‍රකාශයට පත්කර ඇති කොඩි සතිය ... More detail

 

Gossip

Foreign

යුරෝපා සංගමය ද ඇමරිකාව සමග ගැටෙයි යුරෝපා සංගමය ද ඇමරිකාව සමග ගැටෙයි 2018-06-21 - ඇමරිකාවට එරෙහිව නව තීරු බදු පැනවීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ. More detail
සැමියා ගෙදර එද්දී අලුත ගෙනා බිරිදගේ රැවුලත් වැවිලා - කට හඩත් වෙනස් වෙලා සැමියා ගෙදර එද්දී අලුත ගෙනා බිරිදගේ රැවුලත් වැවිලා - කට හඩත් වෙනස් වෙලා 2018-06-20 - අලුත විවාහපත් සිය බිරිඳගේ මුහුණේ රැවුල වැවී තිබීමත් ,කටහඩ පිරිමියෙකු ලෙස බවත්... More detail
ඇමරිකාව ජගත් මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවතට ඇමරිකාව ජගත් මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවතට 2018-06-20 - ජගත් මානව හිමිකම් කවුන්සිලය පක්ෂග්‍රාහීව කටයුතු කරන බව පවසමින් ඇමරිකා එක්සත්... More detail
ට්‍ර‍ම්ප්ගෙන් චීනයට අනතුරු ඇගවීමක් ට්‍ර‍ම්ප්ගෙන් චීනයට අනතුරු ඇගවීමක් 2018-06-19 - චීන භාණ්ඩ මත නව තීරුබද්දක් පනවන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අ... More detail
200ක් තුවාල ලබා තිදෙනෙක්ට මරු කැදවු ජපානයේ ඛේදවාචකය 200ක් තුවාල ලබා තිදෙනෙක්ට මරු කැදවු ජපානයේ ඛේදවාචකය 2018-06-19 - ජපානයේ ඔසාකා නගරය ආසන්නයේ ඇතිවූ බලවත් භූ කම්පනයකින් දැරියක් ඇතුළු තිදෙනෙක්... More detail
උතුරු කොරියාවේ 2020 ගැන ඇමරිකාව කියන කතාව උතුරු කොරියාවේ 2020 ගැන ඇමරිකාව කියන කතාව 2018-06-14 - උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් 2020 වසර වන විට නතර කිරිමට හැකිවනු... More detail
ජනපති කිම් වැසිකිලියත් රැගෙන සිංගප්පුරුවට ආ ගමන ජනපති කිම් වැසිකිලියත් රැගෙන සිංගප්පුරුවට ආ ගමන 2018-06-13 - උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් සිය සිංගප්පුරු සංචාරය අතරවාරයේදී බෙහෙවින්... More detail