‘‘සමල්කා සහ අනුහස්’’ මේ තමයි මේ දිනවල ටෙලිනාට්‍ය තිරයේ ආදරණීය පෙම්වතුන් යුවළ.

මේ දෙදෙනාට තාරුණ්‍යයේ බොහෝ දෙනා වෙතින් ලැබෙන ප‍්‍රතිචාර ගැන ආයේ අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. ඉතිං පසුගියදා  රවීන් - ශනුද්‍රි දෙන්නා එකිනෙකා ගැන මාධ්‍යයට කියලා තිබුණේ මේ විදිහටයි.

රවීන්, ටෙලි තිරයේ අද ආදරණීයම පෙම්වතා?

එහෙමද, හොඳ ප‍්‍රතිචාර නම් ලැබෙනවා තමයි. ඒක මට විතරක් පෞද්ගලිකව ලැබෙන ප‍්‍රතිචාර නොවෙයි. මුළු කතාවටම ලැබෙන ප‍්‍රතිචාර. එහි රඟපාන මට වගේම ෂනුද්‍රිටත්, අනෙක් සියළුම දෙනාටත් ලොකු ආදරයක් ලැබෙන්නෙ.

ෂනුද්‍රි, ෂනු කියන්නද? ෂනුද්‍රි කියන්නද? සමල්කා කියන්නද?

ගෙදර අයයි, යාළුවොයි ඔක්කොමලා කියන්නෙ ෂනූ කියලානෙ. ඉතින් එහෙම හොඳයි.

‘‘ෂනූ’’ ඔබ හිතන විදියට ‘රවීන්’ සැබෑ ජීවිතයේදී මොන විදියේ ආදරවන්තයෙක් කියලද දැනෙන්නෙ?

මං කොහොමද ඒක කියන්නෙ රවීන්ගෙන්ම තමයි නේද ඒක අහන්න ඕනෑ.

ආදරණීය ජවනිකා කරද්දි රවීන්ගෙන් ලැබෙන දායකත්වය මොන වගේද?

ඇත්තටම හරි ලෙහෙසියි රඟපාන්න. මොකද එයා හරි දක්‍ෂ විදියට රඟපානවා. මේ එයා රඟපාන පළමු චරිතය කියලා කියන්නත් අමාරුයි. හොඳට රඟපානවා.

මුලදි දෙන්නා අඳුරන්නෙ නැහැ කිව්වා. මොනවද වෙච්ච දේ?

මුලදි එයා මාව ගණං ගත්තේ නැහැ. ඒ වාගේම මාත් එයාව ගණං ගත්තෙ නැහැ. මුලදි එයා ටිකක් ආඩම්බරෙන් වගේ හිටියෙ. අපි තමයි ඉතින් ගිහින් කතා කළේ. ඊට පස්සෙ හොඳ යාළුවෙක් වුණා.

රවීන්, ෂනූව අමතන්නෙ කොහොමද?

විශේෂයකින් කියන නමක් නැහැ. ‘නංගි’ කියලා තමයි කියන්නෙ. වෙලාවකට ඉතින් අක්කා වගේ හිටියට මම ඉතින් නංගි කියලයි කියන්නෙ.

එතකොට ෂනූ රවීන්ව අමතන්නෙ?

එයා ඉතින් අයියනෙ.

අයියා තමයි.

රවීන් ෂනූගෙ දකින හොඳම ගුණාංග?

එයා හරිම නිහතමානියි. කොච්චර ප‍්‍රසිද්ධ වුණත්, ඒ ගැන දැනෙනවත් හිතනවන් කෙනෙක් නෙවෙයි. හරිම සැහැල්ලූවෙන් සාමාන්‍ය විදියට සිටින කෙනෙක්. නිතරම එයාගෙ මූණේ හිනාව තමයි. ඒක හොඳ දෙයක්. ඕනෑ දේටයි. එපා දේටයි ඔක්කෝටම හිනාවෙලා ඉන්න කෙනෙක්. ඒක ඇත්තටම මම දකින හොඳම දෙයක්.

නරක කියලා කියන්න දෙයක් නැද්ද?

මට ෂනූව හමුවන්නෙ අපි වැඩ කරන මේ දර්ශන තලයේදිනෙ. ඒ වෘත්තියේදී මම කවදාවත් එයාගෙන් නරක දේ දැකලා නැහැ.

ඔයා එයාගෙ අයියානෙ. ඉතින් අයියා නංගිට දෙන උපදෙස මොකක්ද?

වෙලාවට කෑම ටික කන්න. මට එයාට කියන්න තියෙන ලොකුම උපදෙස එයයි. වැඬේට මුල්තැන දෙනවා වගේම තමුන්ගෙ ශරීර සෞඛ්‍ය ගැනත් හිතන්න.

‘ෂනු’ රවීන්ගෙ හොඳක් ගැන කිව්වොත්?

එයාට කේන්ති යන්නෙම නැහැ. ඒක එච්චර හොඳ දෙයක් නොවෙයි. ටිකක් හරි කේන්ති යන වෙලාවට කේන්ති ගන්නත් ඕනෙ.

පෞද්ගලික දේ ගැන දෙන්නා කතා කරලා තියෙනවද?

අනේ නැහැ. අපි දෙන්නාටම පෞද්ගලික ජීවිතේ කියන්නේ පෞද්ගලිකයි. අපි මේ දෙවැනි ඉනිම කණ්ඩායමම එක පවුලක පිරිසක් වගෙයි.

පේ‍්‍රක්‍ෂකයින් දෙදෙනා හමුවුණාම, දෙන්නා හොඳටම ගැලපෙනවා. එහෙම කියලා කියනවා නේද?

අනේ ඔව්. ඒ වගේ ප‍්‍රතිචාර ලැබෙනවා. හැබැයි අපි දෙන්නට නෙවෙයි එයාලා කැමති. සමල්කාටයි අනුහස්ටයි. ඒ දෙන්නට නම් හොඳ ප‍්‍රතිචාර ලැබෙන්නෙ.

රවීන් ඔබට ආදරේ කියනදේ දැනෙන්නෙ කොහොමද? ආදරේ කියන්නෙ මොකක්ද?

අපට ජීවත්වීමට අහාරපාන නැතුව බැහැනෙ. ආන් ඒ වගේම ආදරයත් නැතුව අපට ජීවත් වෙන්න බැහැ. ඒක සෑම මිනිසකුටම අත්‍යවශ්‍ය දෙයක්.

ෂනූ? මොකද කියන්නෙ? ඔබට ආදරේ ගැන කොහොමද කියන්න පුළුවන්?

රවීන් අයියා කිව්ව විදියටම තමයි ආදරේ නැතුව ජීවත් වෙන්න බැහැනෙ.

ෂනුද්‍රි ඔබ කැමතිම ආදරණීය ගීතය?

එකක් කියලා කියන්න බැහැ. බොහෝමයක් තියෙනවා.

රවීන් ගැයූ ගී අතරින්?

එයාගෙත් ඔක්කොම වාගේ ගීත අහලා තියෙනවා. එකක් කියලාම කියන්න බැහැ.

ෂනුද්‍රි හිතන විදියට රවීන් වඩා දක්‍ෂ රඟපෑමටද? ගායනයටද?

ඇත්තෙන්ම එයා මේ අංශ දෙකටම දක්‍ෂයි. මුලින්ම අපි දැක්කෙ එයාගෙ ගායනයයි. රඟපාන්න ආවාම තමයි ඒ දක්‍ෂතාවය දැක්කෙ. ඇත්තෙන්ම එයා රඟපෑමටත් හරිම දක්‍ෂයි. එකට රඟපාද්දි මට නම් පුදුමත් හිතෙනවා.

ෂනුද්‍රිට හොඳට ගයන්න පුළුවන්නෙ. ඇය ගායිකාවක වුණොත් හොඳයි කියලා රවීන් හිතන්නෙ නැද්ද?

එයාට හොඳ ස්වර ඥානයක් තියෙනවා. එයා ස්වර හොඳට හඳුනන බව පෙනෙනවා. ගායනය ප‍්‍රගුණ කළොත් ඇයට හොඳ ගායිකාවක් වෙන්නත් පුළුවනි. මම ඒ ගැන එයාට කියලත් තියෙනවා.

දෙන්නා එකතුවෙලා හොඳ යුග ගීතයක් නිර්මාණය කළොත්?

ඒක හොඳට හිතල, බලලා කළ යුතු දෙයක්. මට හරියන ගීතයක් විතරක් නෙවි. දෙදෙනාගෙම හඬට ගැලපෙන ගීතයක් වුණොත් හොඳයි. හොඳ සම්මිශ‍්‍රණයක් ඇති නිර්මාණයක් වුණොත් අනිවාර්යෙන්ම එය වේවි.

ෂනුද්‍රි මේ හැර රවීන් වෙතින් ඔබ දකික තවත් දක්‍ෂතා මොනවද?

එයාට හොඳට නටන්නත් පුළුවනි.

රවීන් ඔබ ෂනුද්‍රි වෙතින් දකින වෙනත් දක්‍ෂතා මොනවද?

එයා කලා පවුලකින් එන කෙනෙක්නෙ. ඉතින් ගහේ කටු උල්කරන්න ඕනෑ නැහැ වගේ එයා ගැයුමටxරැුඟුමට වගේම නර්තනයටත් එක වගේ දක්‍ෂයි. එයාලගේ උත්පත්තියෙන්ම ඒවා ඇවිත්.


Latest News

පුතා විවාහවීමට සිටි තරුණිය අපයෝජනය කළ පියා පුතා විවාහවීමට සිටි තරුණිය අපයෝජනය කළ පියා 2018-09-25 - තම පුත්‍රයා විවාහ වීමට අපේක්ෂාවෙන් සිටි තරුණිය නිවසේදි අපයෝජනය කළ පියෙකු ... More detail
තාත්තාගේ කරදරයෙන් බේරෙන්න පියාගේ මිතුරා හා පැටළුණ පුංචි දැරියට වුණු දේ තාත්තාගේ කරදරයෙන් බේරෙන්න පියාගේ මිතුරා හා පැටළුණ පුංචි දැරියට වුණු දේ 2018-09-25 - එකලොස් හැවිරිදි දැරියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කර නිවසක රඳවාගෙන... More detail
ඓතිහාසික පිදුරංගල ගල උඩ නිරුවතින් ජායාරූප ගත් අයට වැඩ වරදී ඓතිහාසික පිදුරංගල ගල උඩ නිරුවතින් ජායාරූප ගත් අයට වැඩ වරදී 2018-09-25 - ඓතිහාසික සීගිරිය - පිදුරංගල රජමහා විහාරස්ථානයේ පිදුරංගල ගල මත සිට තරුණ තරු... More detail
ධනුෂ්ක ගුණතිලක මුදල් වෙනුවෙන් මවුබිම පාවා දෙයි - රක්ෂණ මුදල් වෙනුවෙන් රට උකසට... ධනුෂ්ක ගුණතිලක මුදල් වෙනුවෙන් මවුබිම පාවා දෙයි - රක්ෂණ මුදල් වෙනුවෙන් රට උකසට තබමින් නායක මැතිවුස් එක්ක කළ නාටකයක් 2018-09-25 - වර්තමාන බොහෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ක්‍රීඩා කරන්නේ මුදල් වෙනුවෙන්... More detail
විවේචන මැද කුසල්ගේ ස්ථානය අහිමි වෙද්දී පිතිකරු ලැයිස්තුවේ ප්‍ර‍බල වෙනසක් විවේචන මැද කුසල්ගේ ස්ථානය අහිමි වෙද්දී පිතිකරු ලැයිස්තුවේ ප්‍ර‍බල වෙනසක් 2018-09-25 - එළඹෙන එංගලන්ත තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පිතිකරු ලැයිස්තුවේ වෙනසක්... More detail
සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් ජිනසිරි දඩල්ලගේ ඉවත් කළේ ඇයි? මෙන්න හේතුව සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් ජිනසිරි දඩල්ලගේ ඉවත් කළේ ඇයි? මෙන්න හේතුව 2018-09-21 - සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් ජිනසිරි දඩල්ලගේ මහතා වහා ක්‍රියාත්මක වන පරිදි එම... More detail
නව සුඛෝපභෝගී දුම්රියක් නව සුඛෝපභෝගී දුම්රියක් 2018-09-21 - විදේශීය සංචාරකයින් ඉලක්ක කර ගත් නව සුඛෝපභෝගී විශේෂ දුම්රියක් ලබන 25වනදා සිට... More detail
චීන හමුදාවට අමෙරිකාව සම්බාධක පනවයි චීන හමුදාවට අමෙරිකාව සම්බාධක පනවයි 2018-09-21 - චීන හමුදාවට අමෙරිකාව සම්බාධක පනවා තිබෙනවා. More detail
විමල්ට හා ප්‍රසන්නට පාර්ලිමේන්තුව තහනම් කරයි විමල්ට හා ප්‍රසන්නට පාර්ලිමේන්තුව තහනම් කරයි 2018-09-21 - පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන විමල් වීරවංශට හා ප්‍රසන්න රණවීරට පාර්ලිමේ... More detail
අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ වැව් ප‍්‍රතිසංස්කරණය ඇරඹේ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ වැව් ප‍්‍රතිසංස්කරණය ඇරඹේ 2018-09-21 - ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි ක‍්‍රියාත්මක වන... More detail
පුතාගේ පෙම්වතිය අපයෝජනය කරන්න හදපු මාමන්ඩියට වැඩ වරදියි පුතාගේ පෙම්වතිය අපයෝජනය කරන්න හදපු මාමන්ඩියට වැඩ වරදියි 2018-09-21 - බුත්තල පොලිස් බල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු තම බාල පුතා විවාහ වීමට සිටි තර... More detail
තවදුරටත් රුපියල අවප‍්‍රමාණය වීමේ අවධානමක් වාහන මිලත් ඉහළට තවදුරටත් රුපියල අවප‍්‍රමාණය වීමේ අවධානමක්  වාහන මිලත් ඉහළට 2018-09-21 - අමෙරිකානු ඩොලරයේ අගය ඉහළ යාමෙන් වාහන මිලද ඉහල යමින් පවතින බව ලංකා වාහන ආනය... More detail
අයිස් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට අයිස් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට 2018-09-21 - පෑලියගොඩ, මීගහවත්ත, වැලිපාර ප්‍රදේශයේදී අයිස් නමැති මත්ද්‍රව්‍ය සමඟ පුද්... More detail
12 හැවිරිදි දැරිය දූෂණය කළ ලොකු තාත්තා අත්අඩංගුවට 12 හැවිරිදි දැරිය දූෂණය කළ ලොකු තාත්තා අත්අඩංගුවට 2018-09-21 - 12 හැවිරිදි දැරියක් දූෂණය කළැයි සැකපිට දැරියගේ  43 හැවිරිදි  ලොකුතාත්තා (20) දා ... More detail
ඉදිරි දින කිහිපයේදී පොලිස්පති CID යට කැදවන  ලකුණු ඉදිරි දින කිහිපයේදී පොලිස්පති CID යට කැදවන  ලකුණු 2018-09-21 - පොලිස්පති පූජිත් ජයසුන්දර ඉදිරි දින කිහිපය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන... More detail
මාලිංග ආසියානු කුසලානයේ පරාජය ගැන කියු දේ මාලිංග ආසියානු  කුසලානයේ  පරාජය ගැන කියු දේ 2018-09-20 - ආසියානු කුසලානයේදී කණ්ඩායම ලැබූ පරාජය පිළිබඳව දුක්වන බවත් ඉක්මනට වැරදි හ... More detail
ඥානසාර හිමියන්ගෙන් අභියාචනයක් ඥානසාර  හිමියන්ගෙන් අභියාචනයක් 2018-09-20 - හෝමාගම අධිකරණ ශාලාව තුළ කලහකාරී ලෙස හැසිරීමෙන් අධිකරණයට අපහාස කිරීමේ වරදට වසර... More detail

 

Gossip

Foreign

සිරියානු ගුවනේදී රුසියානු ගුවන් යානයක් සැගව යයි සිරියානු ගුවනේදී රුසියානු ගුවන් යානයක් සැගව යයි 2018-09-19 - පුද්ගලයන් 14 දෙනෙකු සමග රුසියානු හමුදා ගුවන් යානයක් සිරියානු ගුවන් සීමාවේද... More detail
උතුරු කොරියා සහ දකුණු කොරියානු නායකයින් ප්‍ර‍ථම වතාවට සාකච්ඡා අරඹයි උතුරු කොරියා සහ දකුණු කොරියානු  නායකයින්  ප්‍ර‍ථම වතාවට සාකච්ඡා අරඹයි 2018-09-18 - උතුරු කොරියානු සහ දකුණු කොරියානු නායකයන් ප්‍රථම වරට උතුරු කොරියාවේ ප්යොන... More detail
ප්‍රියංකා - නික් විවාහයට නික්ගේ කලින් පෙම්වතිය කියපු කතාව මෙන්න ප්‍රියංකා - නික් විවාහයට නික්ගේ කලින් පෙම්වතිය කියපු කතාව මෙන්න 2018-09-17 - Olivia Culpo කියන්නේ ඇමරිකාවේ ඉන්න දක්ෂ වගේම ජනප්‍රිය නිරූපිකාවක්. More detail
පණ වගේ ආදරය කළ සුරූපී බිරිඳ අනියම් පුරුෂයෙකු සමඟ යහන්ගතව සිටිනු දැක ඇයගේ ගෙළ... පණ වගේ ආදරය කළ සුරූපී බිරිඳ අනියම් පුරුෂයෙකු සමඟ යහන්ගතව සිටිනු දැක ඇයගේ ගෙළ කපා පොලිසියට රැගෙන යයි 2018-09-13 - තම බිරිඳගේ අනියම් සම්බන්ධතාවය සැලවී කෝපයට පත් සැමියා ඇයගේ ගෙළ කපා එයද රැගෙන... More detail
එකට කෑම ගනිමින් ජෝඩුව ගත් වීඩියෝවෙන් පැය කිහිපයකට පසු දෙදෙනාම පොලිස් අත්අඩ... එකට කෑම ගනිමින් ජෝඩුව ගත් වීඩියෝවෙන් පැය කිහිපයකට පසු දෙදෙනාම පොලිස් අත්අඩංගුවට 2018-09-12 - තම සේවා ස්ථානයේදි උදෑසන ආහාර වේල එකට ගත් ඊජිප්තු ජාතිකයෙක් සහ සවුදි කාන්තාවක්... More detail
ලොවම ආදරය කරන සුපිරි නළු ශාරුක් ඛාන්ගෙන් කිසිවෙකු නොසිතූ සුවිශේෂී පරිත්‍ය ලොවම ආදරය කරන සුපිරි නළු ශාරුක් ඛාන්ගෙන් කිසිවෙකු නොසිතූ සුවිශේෂී පරිත්‍යාගයක් 2018-09-04 - ලෝකයේ දැන්වත් සුපිරි නළුවන් අතර ඉදිරියෙන්ම සිටින සුපිරි තරුවක් තමයි ශාරුක්... More detail
සමලිංගික සේවනයේ යෙදුනු තරුණියන් දෙදෙනෙකුට ප්‍රසිද්ධියේ කස පහර සමලිංගික සේවනයේ යෙදුනු තරුණියන් දෙදෙනෙකුට ප්‍රසිද්ධියේ කස පහර 2018-09-04 - සමලිංගික සේවනයේ යෙදුනු මැලේසියානු තරුණියන් දෙදෙනෙකුට අද (03) ප්‍රසිද්ධියේ කස... More detail