කාලෙන් කාලෙට කරළියට එන පියුමි හංසමාලි ජීවිතයේ ලොකු වෙනසක් ළඟදීම සිද්ධ වෙනවා කියලා වාර්තා වෙනවා.

ඒ ගැනයි පියුමිගේ අලුත්ම විස්තර ගැනයි පියුමි මාධ්‍යයට කියලා තිබුණේ මෙහෙමයි.

කේරළයේ චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න පියුමිට හොඳ අවස්ථාවක් ලැබිලා නේද?

ඔව්. ඒක මට හිතාගන්නවත් බැරි අවස්ථාවක්. හරිම සතුටුයි මට ලැබුණු ඒ අවස්ථාව ගැන. මේ මාසේ මැද වගේ චිත්‍රපටයේ ෂූටින් පටන් ගන්නවා.

කොහොමද පියුමිට මේ පුදුම හිතෙන අවස්ථාව ලැබුණේ?

මේ චිත්‍රපටයේ නිෂ්පාදකවරිය තමයි බීනා උන්නික්‍රිෂ්ණන් කියන්නේ. ෆේස්බුක් එකේ මාව දැකල තමයි එයා මාව චිත්‍රපටයට සම්බන්ධ කර ගත්තේ. මීට මාස හතරකට විතර කලින් තමයි මට චිත්‍රපටයට ආරාධනා කළේ. පියුමිට රංගනයට සම්බන්ධ වෙන්න තියෙන්නේ ප්‍රවීණ රංගන ශිල්පියෙක් වන ජැක්සන් ඇන්තනී එක්ක.

පියුමිව තෝර ගනිද්දී ඒ ගැන දැනගෙන හිටියාද?

ඔව්. ජැක්සන් ඇන්තනී මහත්මයා එක්ක තමයි මට රංගනයට සම්බන්ධ වෙන්න තියෙන්නේ. ඇත්තටම ඔහු මම ගරු කරන රංගන ශිල්පියෙක්. කේරළවලට ගිහින් ඔහු එක්ක රඟපාන්න අවස්ථාව ලැබීමම සතුටක්. ජැක්සන් ඇන්තනී මහත්මයාගේ බිරිය වෙන්න තමයි මට අවස්ථාව ලැබුණේ.

පියුමි වැඩිය රඟපාලත් නෑනේ. මේ නිර්මාණයට පියුමිව තෝරගන්න ඇත්තේ පෙනුම නිසාවත්ද?

මම වැඩිය රඟපාලා නෑ. මම රඟපාලා තියෙන්නෙත් එක ටෙලි නාට්‍යයක විතරයි. මම සම්බන්ධ වුණු චිත්‍රපටයත් තාම තිරගත වුණේ නැහැ. ඒ නිසා මගේ පෙනුම බලලා වෙන්න ඇති මාව තෝරගත්තේ. එයාලට ඕන වුණේ ඉතාම අහිංසක සාරියක් අන්දලා තියන්න පුළුවන් චරිතයක්. වයසින් වැඩි සැමියෙක් එක්ක ජීවත්වෙන ළාබාල ගංගා කියන තරුණියගේ චරිතයට මාව ගැළපෙනවා කියලා හිතන්න ඇති.

සරාගී විදියට දකින පියුමි අහිංසක චරිතයකට ගළපා ගැනීමත් පුදුමයක් නේද?

ඇත්තටම නිෂ්පාදකවරිය මගේ ෆේස්බුක් එකේ යහළුවෙක්. එයාලා මාව දැකලා තියෙන්නේ හොට් විදියට. ඒත් මාව තෝරගෙන තියෙන්නේ අහිංසක චරිතයකට. මටත් පුදුමයි. ඇත්තටම ඒ නිෂ්පාදකවරිය මට, මගේ බබාට පුදුම විදියට ආදරෙයි.

පියුමි මුහුරත් උළෙලටත් ගියා. හැබැයි වැඩි සද්ද බද්ද දැම්මේ නෑ?

ජනවාරි 9 තමයි අපි මුහුරත් උළෙල වෙනුවෙන් ඉන්දියාවට ගියේ. මම ඉන්දියාවට යනකල් කිසිම කෙනෙක්ට කිව්වේ නෑ. හැබැයි සමහරු මම ඉන්දියාවට ගිය එක ගැනත් බොරු ගොසිප් දාලා තිබුණා. 

හැම දෙයක් ගැනම ප්‍රසිද්ධ කරන පියුමි මෙච්චර ලොකු අවස්ථාවක් ලැබිලත් සද්ද බද්ද නොදැම්මේ කට පරිස්සම් කරගත්තොත් හොඳයි කියලා හිතුණු නිසාද?

ඇත්තටම ඔව්. මම මේ සැරේ කට පරිස්සම් කරගත්තා. මට ලංකාවෙදි ලැබුණු සමහර අවස්ථා පවා සමහර නිළියෝ නැති කළා. මේ පාර මම සද්ද නැතුව හිටපු නිසා තමයි මට මේ අවස්ථාව ලැබුණේ. මම වැඩිය රඟපාලත් නෑ. ඉතිං මම හිතන්නේ වැඩිය රඟනොපා ඉඳලත් මේ වගේ ලොකු අවස්ථාවක් ලංකාවේ නිළියක්ට ලැබුණු පළමු අවස්ථාව මේක.

ජැක්සන් ඇන්තනී එක්ක මේ නිර්මාණය ගැන කතාබහ කළාද?

මුහුරත් උළෙලට යද්දි එයාර්පෝට් එකේදි තමයි මට ඔහු එක්ක කතා කරන්න ලැබුණේ. ඔහුගේ නිර්මාණ බලලා තිබ්බට ඔහු එක්ක පළමුවැනි වතාවට කතා කළෙත් එදාමයි. මම ඔහුට කිව්වා මට එච්චර රඟපාන්න තේරෙන්නේ නෑ කියලා. මට ඕන සහයෝගයක් දෙන්නම් රඟපාමු කියලා තමයි ජැක්සන් ඇන්තනී මහත්තයා මට කිව්වේ. ඔහු ගුරුවරයෙක් වගේ. හොඳ මනුස්සයෙක් ඔහු.

මේ නිර්මාණය පියුමිගේ ජීවිතේ පෙරළියක් ඇති කරයිද?

ඇත්තටම මේක මට වාසනාවට ලැබිච්ච අවස්ථාවක්. මේක මගේ ජීවිතයට ලොකු පෙරළියක් වෙයි. මේ වැඩේදි මට ගහපු දේවල් මම බීනාට යැව්වා. ඇය මට කිව්වේ “පියුමි ඔයා ඉන්දියාවටත් ඇවිත් පෙරළියක් කරන්න” කියලා.

එහෙනම් පියුමි ඉන්දියාවත් හොල්ලන්නද ලෑස්ති වෙන්නේ?

දැනටම මට ඉන්දියන් චිත්‍රපට දෙකකට ආරාධනා කරලා තියෙනවා. හැබැයි බීනා මට කිව්වා ඒවා භාරගන්න එපා. එයාලගේ වැඩේට සහයෝගය දෙන්න කියලා. ඒ නිසා ලැබිච්ච අනෙක් නිර්මාණ දෙක මම භාරගත්තේ නැහැ.

ලංකාවේ වැඩවලටත් දැන් පියුමි ගණන් උස්සයිද?

මම කොහොමත් මගේ මුදලට හරියන්නේ නැත්තම් වැඩ භාරගන්නේ නැහැ. ටෙලි නාට්‍ය නම් මට හරියන එකක් ලැබුණේ නැහැ. මියුසික් වීඩියෝ වුණත් මම කරන්නේ මගේ මුදලට කැමැති නම් විතරයි.

එච්චර තෝරාගැනීම් කරන්න තරම් පියුමිගේ අතමිට දැන් සරුයි වගේ?

ජීවත්වෙන්න තරම් අතමිට සරුයි. මම ආස කරන දේවල්වලට විතරයි මම දඟලන්නේ. වෙලාව ආවම හිමින් සැරේ හැමදේම ලැබෙයි.


Latest News

පසද - ජනාසි දරු සුරතල් බලන්න දිනක්ෂි - ශනුද්‍රි ගිය හැටි - වීඩියෝව පසද - ජනාසි දරු සුරතල් බලන්න දිනක්ෂි - ශනුද්‍රි ගිය හැටි - වීඩියෝව 2018-11-12 - පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේගුණවර්ධන ගේ පුතු වන පළාත් සභා මන්... More detail
සජිත් ගැන තවම තීරණයක් නැහැ - එජාපය යලි යලිත් අභ්‍යන්තර සාකච්ජා සජිත් ගැන තවම තීරණයක් නැහැ - එජාපය යලි යලිත් අභ්‍යන්තර සාකච්ජා 2018-11-12 - ඉදිරි මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස හිටපු පාර්ලිම... More detail
හම්බන්ෙතාට අතහැරලා මහින්ද ජන්ෙද් ඉල්ලන්න ආයෙත් කුරුණෑගලට යයි හම්බන්ෙතාට අතහැරලා මහින්ද ජන්ෙද් ඉල්ලන්න ආයෙත් කුරුණෑගලට යයි 2018-11-12 - අග්‍රමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මෙවරද කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය ක... More detail
ඩිල්ෂාන් පොහොට්ටුවෙන් මැතිවරණයට ඩිල්ෂාන් පොහොට්ටුවෙන් මැතිවරණයට 2018-11-12 - ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න දිල්ෂාන් ඉදිරි මහ මැ... More detail
එජාපය අැතුළු පක්ෂ කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණයට එජාපය අැතුළු පක්ෂ කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණයට 2018-11-12 - පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව පක්ෂ කිහිපයක් අද (12) දිනයේ ශ්‍රේෂ්ඨා... More detail
මහින්ද - මෛත‍්‍රී තවත් තීරණාත්මක සාකච්ඡාවක මහින්ද - මෛත‍්‍රී තවත් තීරණාත්මක සාකච්ඡාවක 2018-11-12 - ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර... More detail
ශ්‍රීලනිපයේ තවත් 4ක් පිටතට ශ්‍රීලනිපයේ තවත් 4ක් පිටතට 2018-11-12 - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අවසන් පාර්ලිමේන්තුව නියෝජනය කළ ශ්‍රී... More detail
මන්ත්‍රීවරු විකුණුනු හැටි ගැන ජනපති කියයි - සම්පුර්ණ කතාව මන්ත්‍රීවරු විකුණුනු හැටි ගැන ජනපති කියයි - සම්පුර්ණ කතාව 2018-11-12 - පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ වටිනාකම රුපියල් මිලියන 500ක් දක්වා ඉහළ ගිය ... More detail
දයාසිරි අැතුළු මැර බලයට මුහුණදීමට සූදානම් - එජාපය දයාසිරි අැතුළු මැර බලයට මුහුණදීමට සූදානම් - එජාපය 2018-11-09 - එළැඹෙන 14 දා පාර්ලිමේන්තුවේදී ප්‍රචණ්ඩතා ඇතිවුවහොත් ඊට මුහුණ දීමට සූදානම් බව... More detail
ඇමරිකා උප ජනාධිපති සහ ඉන්දීය අගමැති හමුවක් ඇමරිකා උප ජනාධිපති සහ ඉන්දීය අගමැති හමුවක් 2018-11-09 - ඇමරිකා උප ජනාධිපති මයික් පෙන්ස් සහ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර... More detail
අාණ්ඩුව දැඩි සටනක - බැදුම්කර වංචනික අර්ජුන් මහේන්ද්‍රන් ඉදිරි දින වලදී ලංක අාණ්ඩුව දැඩි සටනක - බැදුම්කර වංචනික අර්ජුන් මහේන්ද්‍රන් ඉදිරි දින වලදී ලංකාවට 2018-11-09 - බැඳුකම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන... More detail
අඩු කළ බස් ගාස්තු අද සිට ක්‍රියාත්මකයි අඩු කළ බස් ගාස්තු අද සිට ක්‍රියාත්මකයි 2018-11-09 - අද (09) සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික බස් ගාස්තුව සියයට 02කින් පහල දමා තිබ More detail
මහ බැංකුව - රාජ්‍ය බැංකු මහින්ද යටතට මහ බැංකුව - රාජ්‍ය බැංකු මහින්ද යටතට 2018-11-09 - ශ‍්‍රී ලංකා මහ බැංකුව, සියලූ රාජ්‍ය බැංකු හා ඒවා යටතේ ඇති සමාගම් සහ මහජන උපය... More detail
පොලිසිය සහ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය ජනපති යටතට පොලිසිය සහ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය ජනපති යටතට 2018-11-09 - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 වැනි ව්‍යවස්ථාව යටතේ පත් කරන ලද අමාත්‍යවරුන් සඳහා... More detail
ජනපති සමග වැඩ කරන්න රනිල් කැමතියි ජනපති සමග වැඩ කරන්න රනිල් කැමතියි 2018-11-09 - තමන්ට පාර්ලිමේන්තුවේදී බහුතරය පෙන්වීමට අවස්ථාවක් ලබාදෙන්නේ නම් ජනපති මෛ... More detail
මම තාම තුරුම්පු එලියට දැම්මේ නැහැ - මෛත්‍රී 14 කරන්න යන දේ ගැන කියයි මම තාම තුරුම්පු එලියට දැම්මේ නැහැ - මෛත්‍රී 14 කරන්න යන දේ ගැන කියයි 2018-11-09 - තමා පාවිච්චි කළේ එක තුරුම්පුවක් පමණක් බවත් අවශ්‍ය වුවහොත් පාවිච්චි කිරීමට... More detail
දුෂණ කරලා රිමාන්ඩ් කරපු නිවාස අමාත්‍යාංශ යලිත් විමල්ටම දෙයි දුෂණ කරලා රිමාන්ඩ් කරපු නිවාස අමාත්‍යාංශ යලිත් විමල්ටම දෙයි 2018-11-09 - විමල් වීරවංශ මීට සුළු වේලාවකට පෙර නිවාස සහ සමාජ සුබසාධන අමාත්‍යවරයා වශයෙන්... More detail

 

Gossip

Foreign

ඇමරිකා උප ජනාධිපති සහ ඉන්දීය අගමැති හමුවක් ඇමරිකා උප ජනාධිපති සහ ඉන්දීය අගමැති හමුවක් 2018-11-09 - ඇමරිකා උප ජනාධිපති මයික් පෙන්ස් සහ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර... More detail
ජමාල් ඛෂෝගිගේ ඝාතන හඩ පටය පරික්ෂාවට - ඔහුගේ වැඩිමහල් පුතු සෞදිය අතහැර යයි ජමාල් ඛෂෝගිගේ ඝාතන හඩ පටය පරික්ෂාවට - ඔහුගේ වැඩිමහල් පුතු සෞදිය අතහැර යයි 2018-10-26 - සෞදි මාධ්‍යවේදී ජමාල් ඛෂෝග්ජි ඝාතනය කරන අවස්ථාවේ පටිගත වී ඇති බව කී  හඬ පටයට... More detail
ප්‍රේක්ෂකයන්ගේ වැළපීම් මත රෙස්ලින් පිටියෙන් සමුගත් රෝමන් දිවියෙනුත් සමුග ප්‍රේක්ෂකයන්ගේ වැළපීම් මත රෙස්ලින් පිටියෙන් සමුගත් රෝමන් දිවියෙනුත් සමුගනී 2018-10-26 - රෙස්ලින් එහෙමත් නැතිනම් මල්ලවපොර කියන්නේ බොහෝ දෙනා නරඹන්න කැමති ක්‍රීඩා More detail
CNN පුවත් සේවය වෙත පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සල් යැවීම ත්‍රස්ත ක්‍රියාවක් CNN පුවත් සේවය වෙත පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සල් යැවීම ත්‍රස්ත ක්‍රියාවක් 2018-10-25 - අමෙරිකානු ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රබල නායකයන් කිහිපදෙනෙකු සහ CNN පුවත් සේවය... More detail
දරුවෙක් හදාගන්න ගර්භාෂයක් වුණත් අද මුදලට ගන්න පුළුවන් දරුවෙක් හදාගන්න ගර්භාෂයක් වුණත් අද මුදලට ගන්න පුළුවන් 2018-10-23 - අද මුදලට විකිණෙන්නේ නැත්තේ මොනවද..? More detail
මියුසික් විඩියෝවට මෙලනියා ට්‍ර‍ම්ප් නිරුවත් වෙයිද? - ලොවම මවිත වෙයි මියුසික් විඩියෝවට මෙලනියා ට්‍ර‍ම්ප් නිරුවත් වෙයිද? - ලොවම මවිත වෙයි 2018-10-18 - T.I. නැතහොත් Clifford Harris කියන්නේ බටහිර සංගීතයේ ඉන්න දැවැන්ත චරිතයක්. More detail
මයික්‍රෝසොෆ්ට් සම නිර්මාතෘ පෝල් ඇලන් ජිවිතයෙන් සමුගනී මයික්‍රෝසොෆ්ට් සම නිර්මාතෘ පෝල් ඇලන් ජිවිතයෙන් සමුගනී 2018-10-17 - මයික්‍රෝසොෆ්ට් සම නිර්මාතෘ වන පෝල් ඇලන් පසුගිය සදුදා (15) මිය ගිය බව විදෙස් ව... More detail