තරුණ්‍යයේ ඉහළ සහභාගිත්වයක් මෙවර පළාත් පාලන මැතිවරණය තුළ දකින්න ලැබෙනවා. ඒ තරුණ අපේක්ෂක අපේක්ෂිකාවන් අතර පැහැදිලි දේශපාලන ගමනක් යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් තමයි ධනුෂ්ක රාමනායක කියන්නේ. පරිණත වෘත්තීයවේදීයෙක් විදිහට දේශපාලනයට පිවිසෙන ඔහු ඒ ගමන ගැන කිව්වේ මෙහෙමයි.  

ඇයි දේශපාලනයට එන්න ඕනේ කියලා හිතුවේ?

එක් පැත්තකින් දේශපාලනයට එනවා කියන අදහස මගේ පුංචි කාලේ ඉදන්ම තිබුණ දෙයක්. අනෙක් පැත්තෙන් මම සමාජයේ දැකපු දේවල් එක්ක ඇතිවුණු ආසාවක්. රාජ්‍ය නිලධාරීයාගේ පටන් මන්ත්‍රීවරු ඇමතිවරු එක්ක මේ දේශපාලන සමාජයේ පවතින අර්බුද හැසිරීම් තත්ත්වයන් මම දැක්කා. ඒ වගේම රටට වැඩ කරන අත‍ළොස්සක් දෙනත් මම දැකලා තියෙනවා. ඒ හා සමානව ඉන්න කොට අමාත්‍ය චම්පික රණවක මැතිතුමාගෙන් මට ආරාධනාවක් ලැබෙනවා. රටට ආගමට ජාතියක වැඩ කරන්න ලැබුණු ඒ අවස්ථාව ඉල්ලීම අනුව මම දේශපාලනයට ප්‍රවිශ්ට වෙන්න හොදම අවස්ථාව කියලා හිතුවා.

 දේශපාලනය කරන්න ඔබට මොනවගේ සුදුසුකමක් ද තියෙන්නේ?

ලෝක දේශපාලනය තුළ පරිපුර්ණ කළ යුතු සුදුසුකම් සපුරලා තියෙනවා කියලා මම හිතනවා. රටක් දියුණු කරන්න නම් පරිපාලනයට උගත්, බුද්ධිමත්, දක්ෂ සුදුස්සන් සිටිය යුතුයි. අපේ රටේ බහුතරයකට එවැනි සුදුසුකම් නොමැති වුවත් එවැනි සුළු පිරිසක් සිටිනවා. ලංකාවේ දේශපාලනයට එන්න සුදුසුකම් අනවශ්‍ය වුණාට මට ව්‍යාපාර කළමණාකරණය, සන්නිවේදනය, මානව සම්පත් කළමණාකරණය හා අලෙවිකරණය පිළිබද උසස් අධ්‍යාපනික උපාධිධාරියෙක්. එවගේම මම රාජ්‍ය ආයතනයේ ලිපිකරුවාගේ සිට විධායක නිලධාරියා දක්වා වසර 7 පරිචයක් ලබපු කෙනෙක්. ඒ නිසා මම විධිමත් දේශපාලනයෙහි නියැලිය හැකි සුදුස්සෙක් කියලා මම හිතනවා.

ඔබ දේශපාලනයට එන්න එක්සත් ජාතික පක්ෂය තෝරාගන්නේ ඇයි?

එක්සත් ජාතික පක්ෂය කියන්නේ කවදාවත් කැඩි බිදි නොගිය නිර්මල පක්ෂයක් කිව්වොත් නිවැරදි. අනිත් හැම පක්ෂයක්ම කැඩිලා ගිය ඒවා. එක පක්ෂයක් එක අරමුණක් එක කණ්ඩායමක් විදිහට ඉදිරියට යන නිසා එජාපයත් එක්ක දේශපාලන ප්‍රවේශය ගන්න හිතුවා.

එජාපයෙන් ආවට ඉදිරියේ දී ඔබේ පක්ෂයත් වෙනස් වෙයිද?

දේශපාලනය කියන්නේ ගතික දෙයක්. පක්ෂය හෝ ‍අනෙකුත් වෙනස්කම් වලට වෙනස් විය යුතුයි. පරිපාලකයෝ වැරදි නම් එක පක්ෂයක එළඹ ගෙන ඉන්න එක හෝ ලාභ සත්කාර මත පක්ෂ වල ඉන්නේ නැහැ. ජනතා සේවය මුලික කරගෙන පක්ෂය තුළ විකල්ප ක්‍රියාමාර්ග වලට අවතීරණ වෙන්න උත්සහ කරනවා. එහෙම බැරි වුණොත් පක්ෂය අතහරින්න වෙනවා. එහෙම නැතිව රට දියුණු කරන්න බැහැ. තරුණ වෘත්තීයවේදීන් විදිහට අපිට දේශපාලන විනයගරුකභාවයත් එක්ක ඉදිරියට යන්න ඒ පුළුල් දැක්මත් එක්ක කටයුතු කරන්න වෙනවා. 

කවුද ඔබේ නායකයා කියලා ඇහුවොත් ?

මගේ දේශපාලන නායකත්වය විදිහට ගරු පාඨලී චම්පික රණවක මැතිතුමාත් ඉන් එහාට පක්ෂ නායකත්වය විදිහට ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මැතිතුමා ඉන්නවා

මහරගමට බිහිවෙන තරුණ වෘත්තීයවේදියෙක් විදිහට මොනවගේ  වෙනස්කම් මහරගම ජනතාව වෙනුවෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ?

මම හිතන්නේ සංවර්ධනය වියයුත්තේ මානව සම්පතේ බුද්ධි සංවර්ධනයයි. අද බහුතරයක් උපාධිධාරීන් රටින් පිටවෙන්න හදනවා. මේ රටේ ඒ සුදුසු නැති තත්ත්වයට දේශපාලඥයින් ඍජුව හෝ වක්‍ර‍ව වගකිව යුතුයි. මොකද දේශපාලනය අද මාධ්‍ය, වෘත්තිකයන්, සමාජය තමන්ට අවශ්‍ය ලෙස නම්මගෙන ක්‍රියාකරනවා. මේ තත්ත්වය වෙනස් කරන්න මේ මැතිවරණයෙන් පසුව අපි කටයුතු කරනවා. ඒ තුළ මානව සම්පත්, ආර්ථික, සිවල් සංවර්ධනයක් සමග ආදර්ශමත් ජවසම්පන්න නගරයක් විදිහට මහරගම ගොඩනගන්න කටයුතු කරනවා. 

පරිණත වෘත්තීයවේදීයෙක් විදිහට ඔබ මේ වෙනස ඇති කරන්න පුංචි ජන්දෙන් ආරම්භය ගන්න හිතුවේ ඇයි?

රාජ්‍ය නිලධාරියෙක් විදිහට මම වසර හතක් කටයුතු කරලා තියෙනවා. දේශපාලනයේ මොන දේ දැක්කත් ගම ඇතුලේ තත්ත්වය වෙනස්. ඒ නිසා ගම් මට්ටමේ සිට දේශපාලන අවබෝධය අවශ්‍යයි. ඒසී කාමර වල ඉදන් ගමේ මට්ටම දකින්න බැහැ. ඒ නිසා මම ඉපදුණු මහරගම වත්තේගෙදරින් මගේ ගමන පටන් ගන්න හිතුවා. අද මම මෙවැනි තත්ත්වයක ඉන්න මුල ආරම්භය දුන්න සියලු දෙනාට ගෞරවයක් විදිහට මම ඉපදුණු තැනින් මගේ දේශපාලන ගමන ආරම්භ කරන්න හිතුවා.

ඉදිරියේදී ඔබේ දේශපාලන ගමන මොනවගේ වෙයිද?

මගේ දේශපාලන ගමන ජනතාව තීරණය කරයි. එහි සාර්ථකත්වය තිරණය වෙන්නෙත් ජනතාව මතයි. ඒවගේම කියන්න අවශ්‍යයි මේ පාර තියෙන්නේ ආණ්ඩු පෙරලන මැතිවරණයක් නෙවෙයි. ගම දිනවන පළාත් පාලන මැතිවරණයට ගමේ උගත් බුද්ධිමතුන් වෙනුවෙන් ගමේ ජනතාවගේ යුතුකම වගකීම ඉටු කරන්න අවස්ථාව ලැබුණු අවස්ථාවෙන් ජනතාව බුද්ධිමත්ව තීරණයක් ගනී කියලා අපි බලාපොරොත්තු වෙනවා. 


Latest News

අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-02-25 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
මේක කොමඩියක් - හොදින් හරි නරකින් හරි රනිල් එලවනවා - ආණ්ඩුවේ ඇමැතිකෙනෙකුගෙන් කනේ... මේක කොමඩියක් - හොදින් හරි නරකින් හරි රනිල් එලවනවා - ආණ්ඩුවේ ඇමැතිකෙනෙකුගෙන් කනේ පාරක් 2018-02-25 - කැබිනට් සංශෝධනය ආණ්ඩුවේ කොමඩි නාට්‍යයේ පළමු කොටස බවත් හොදින් හෝ නරකින් අග... More detail
තවත් කැබිනට් සංශෝධනයක් ළගදීම? තවත් කැබිනට් සංශෝධනයක් ළගදීම? 2018-02-25 - එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන්ගේ වෙනසක් කළ ආකාරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇ... More detail
කවුරුත් බලාසිටි කැබිනට් සංශෝධනය මෙන්න - අලුත් ඇමැති ලේඛනය එළියට කවුරුත් බලාසිටි කැබිනට් සංශෝධනය මෙන්න - අලුත් ඇමැති ලේඛනය එළියට 2018-02-25 - මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේදී අලුත් කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙමින්... More detail
සාගලගෙන් ගැලවුණ නීතිය හා සාමය රනිල්ට - අලුත් ඇමැතිවරු මෙන්න සාගලගෙන් ගැලවුණ නීතිය හා සාමය රනිල්ට - අලුත් ඇමැතිවරු මෙන්න 2018-02-25 - සාගල රත්නායක ඇමැතිවරයාගෙන් ගැලවුන නීතිය හා සාමය ඇමැතිධූරය අගමැති රනිල් ව... More detail
අපි පුත්තලම් බූරුවෝ - කැබිනට් සංශෝධනයට ආරාධනා නොලැබුණ ඇමැති කියන කතාව අපි පුත්තලම් බූරුවෝ - කැබිනට් සංශෝධනයට ආරාධනා නොලැබුණ ඇමැති කියන කතාව 2018-02-25 - රටේ හැමෝම පුත්තලම් බූරුවෝ යැයි කියන බවත් කැබිනට් මණ්ඩල සංශෝධනයට තමන්ට ආරාධනා... More detail
බාලගිරි දෝශය ඉවරයි - අලුත් කැබිනට්ටුවක් අද බාලගිරි දෝශය ඉවරයි - අලුත් කැබිනට්ටුවක් අද 2018-02-25 - කැබිනට් මණ්ඩල සංශෝධනයට පැවති බාලගිරි දෝශය නිමා කරමින් අද දිනයේදී කැබිනට් ... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-02-24 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
කොටින්ට අභියෝග කළ බ්‍රිගෙඩියර් ගෙන්වූ හේතුව හෙළිවේ කොටින්ට අභියෝග කළ බ්‍රිගෙඩියර් ගෙන්වූ හේතුව හෙළිවේ 2018-02-24 - නිල කාලය අවසන්වීමට පෙර බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ලංකාවට ගෙන්වාගත්තේ... More detail
ඇලෝසියස් (බෑනා) හා විධායක පළිහසේන රෝහල් ගත කළ ‘ඔපරේෂන් කොන්දේ අමාරුව‘ ඇලෝසියස් (බෑනා) හා විධායක පළිහසේන රෝහල් ගත කළ ‘ඔපරේෂන් කොන්දේ අමාරුව‘ 2018-02-24 - ඇලෝසියස් බෑනා සහ අල්ලස් විධායක පළිහ-සේන රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමෙන් පසුව... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-02-23 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
වැඩසටහන අතරතුර නිවේදිකාව දරුවෙකු ප්‍ර‍සුත කරලා වැඩසටහන අතරතුර නිවේදිකාව දරුවෙකු ප්‍ර‍සුත කරලා 2018-02-23 - ගුවන් විදුලි වැඩසටහනක් සජීවීව සිදුකරන අතරතුරදී දරුවකු බිහිකරන ලද නිවේදික... More detail
තර්ස්ටන් - ඉසිපතන ක්‍රිකට් වසන්තය ඇරඹේ තර්ස්ටන් - ඉසිපතන ක්‍රිකට් වසන්තය ඇරඹේ 2018-02-23 - පාසල් ක්‍රිකට් වසන්තයේ මහා ක්‍රිකට් තරඟ වාරය අරඹමින්, තර්ස්ටන් - ඉසිපතන සහ... More detail
ඇමතිකම තියෙනවද කියලා මම දන්නේත් නෑ ඇමතිකම තියෙනවද කියලා මම දන්නේත් නෑ 2018-02-23 - තමාගේ ඇමතිකම තිබේද නැද්ද යන්න තමා නොදන්නා බවත් එය ජනාධිපති මෛත්‍රිපාල සිර... More detail
අර්ජුන හොද දේශපාලන නායකයෙක් - යෝජිත මාධ්‍යයට ඇවිත් කියපු කතාව අර්ජුන හොද දේශපාලන නායකයෙක් - යෝජිත මාධ්‍යයට ඇවිත් කියපු කතාව 2018-02-23 - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සම්බන්ධයෙන් ද විවිධ කතා... More detail
මේ දවස්වල අව්වෙන් ඇස් වලට අනතුරක් මේ දවස්වල අව්වෙන් ඇස් වලට අනතුරක් 2018-02-23 - මේ දිනවල දිවයින තුළ පවතින අධික හිරු රශ්මිය හේතුවෙන් ඇස්වල පෙනීමට බාධා මතු වීමේ... More detail
පැරණි පෙම්වතියට පෙම්වතා මග මගදී කරපු දේ පැරණි පෙම්වතියට පෙම්වතා මග මගදී කරපු දේ 2018-02-23 - පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප... More detail

 

Gossip

Foreign

වැඩසටහන අතරතුර නිවේදිකාව දරුවෙකු ප්‍ර‍සුත කරලා වැඩසටහන අතරතුර නිවේදිකාව දරුවෙකු ප්‍ර‍සුත කරලා 2018-02-23 - ගුවන් විදුලි වැඩසටහනක් සජීවීව සිදුකරන අතරතුරදී දරුවකු බිහිකරන ලද නිවේදික... More detail
අසභ්‍ය චිත්‍ර‍පට හැදු ප්‍ර‍වීණ චිත්‍ර‍පට අධ්‍යක්ෂක අත්අඩංගුවට අසභ්‍ය චිත්‍ර‍පට හැදු ප්‍ර‍වීණ චිත්‍ර‍පට අධ්‍යක්ෂක අත්අඩංගුවට 2018-02-23 - ඉන්දියාව කළඹමින් අන්තර්ජාලයට එක්වූ නවතම කෙටි චිත්‍රපටයක් වෙත මේ වනවිට බොහෝ... More detail
බස් එකේ දී කළ අතවරය සරසවි සිසුවිය විඩියෝ කරලා පොලීසියට දීලා බස් එකේ දී කළ අතවරය සරසවි සිසුවිය විඩියෝ කරලා පොලීසියට දීලා 2018-02-23 - දිල්ලි විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවක් විසින් මැදි වයසේ පුද්ගල... More detail
කුණු කන්දක් කඩා වැටී 17 ක් මරුට කුණු කන්දක් කඩා වැටී 17 ක් මරුට 2018-02-20 - විශාල කසල කන්දක් කඩාවැටීම හේතුවෙන් මොසැම්බික් රාජ්‍යයේ අගනුවර වන මපුටෝහි... More detail
පාසලක වෙඩි තැබීමකින් සිසුන් 17 දෙනෙකු මරුට පාසලක වෙඩි තැබීමකින් සිසුන් 17 දෙනෙකු මරුට 2018-02-16 - ඇමෙරිකාවේ ෆ්ලොරිඩා හි උසස් පාසලක වෙඩි තැබීමකින් අවම වශයෙන් 17 දෙනෙකු මියගොස්... More detail
රෝහලේ බිල නොගෙවූ නිසා අලුත උපන් බිළිදා මාස 5ක්ම රෝහලේ රෝහලේ බිල නොගෙවූ නිසා අලුත උපන් බිළිදා  මාස 5ක්ම රෝහලේ 2018-02-15 - බිල නොගෙවීම හේතුවෙන් රෝහලෙන් මාපියන් සමඟ පිටත් කිරීම වළක්වා අලූත උපන් බිල... More detail
ජනපතිට පැය 48ක් ඇතුළත ඉල්ලා අස්වෙන්න කියයි ජනපතිට පැය 48ක් ඇතුළත ඉල්ලා අස්වෙන්න කියයි 2018-02-14 - දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකෝබ් පූමාට ඉල්ලා අස්වීම සඳහා එරට පාලක පක්ෂය වන... More detail