අංජලී ලියනගේ කියනවට වඩා ඇය දෙවැනි ඉනිමේ දෙවිමිගේ අම්මා කිවුවම ගොඩක් ජනප්රියයි.
මේ දිනවල වඩාත් කතාබහට ලක්වෙන ජනප්රිය රංගන ශිල්පිනි අංජලී එයාගේ පාසල් කාලයේ වෙච්ච රස සිදුවීම් ගැන පසුගිය දිනෙක පුවත්පතකට පවසා තිබුණේ මේ විදියට.
ගණිතය විෂයට මම ආසම නැහැ.අපිට ගණන් උගන්නපු මිස්ගේ නම දයාසේන.එයා හරිම වයසයි.මගේ වෙලාවටම මාව වැටෙන්නෙත් ඒ මිසගේ පන්තියටමයි.මම කවදාවත් ගණන් හදන්නේ නැහැ.හැමදාම උදෙන්ම ඉස්කොලේ ලිහිල්ලා මගේ හොදම යාළුවා සුභාෂිනිගේ පොත ඉල්ලගෙන එයා හදපු ගණන් ටික ඔක්කෝම කොපි කරගෙන ලියා ගන්නවා. එක දවසක් ගණන් මිස් එක එක්කෙනා පොත බලන්න ළගට කතා කළා. සුභාෂිනිට පස්සේ මම තමයි පොත පෙන්නන්න හිටියේ. ඊට පස්සේ මිස් මගේ පොත බලලා ගාණ හදපු විදිහ කියන්න කීව්වා.ඉතින් උත්තරේ ආපු විදිහ කියන්න මට තේරෙන්නේ නැහැනේ.සුභාෂිනිගේ ගාන වැරදි නිසා මගේ ගාණත් වැරදියි. මිස් මගේ පොත උඩින් විසි කරා. තට්ටු තුනක බිල්ඩින් එකකින් පහළට වැටෙන්න.ඊට පස්සේ මිස් ගිහින් පොත අහුලගෙන එනවා කියලා කීව්වා. ඉතින් මම පහළට ගිහිල්ලා පොත අහුලගෙන ආවා. ඒ වගේ දඩුවම් නම් ඉතින් මට ගොඩන් ලැබිලා තියෙනවා. මට ගණන් බැරි නිසා මම අමතර පන්තිවලටත් ගියා. සර් බෝඩ් එකේ ගාණ හදලා ඉවරවෙලා ළමන්ගෙන් තේරුණා ද කියලා හයියෙන් අහනවා. ඔන්න එක දවසක් සර් බෝඩ් එලේ ගාණ හදලා ඉවර වෙලා මගෙන් පුර්ණිකා තේරුණාද කියලා ඇහුවා. මම ඉතින ඔව් කියලා කිව්වා. ඊට පස්සේ සර් හරි පුදුමයි කියලා හයියෙන් කිව්වා. ගණන් බැරි නිසා ඒ වගේ චාටර් වුණු අවසථාත් තියෙනවා.