පසුගිය කාලයේ පෙම් සබඳතා සම්බන්ධ පැටලිලි නිසා විවිධ කතාබහට ලක්වූ ටෙලි නළු රොෂාන් පිලපිටිය විවාහ දිවියට ඇතුළත්ව තිබේ.

46 හැවිරිදි ඔහු විවාහවී ඇත්තේ රිද්මා සුබසිංහ (ලියා) නමැති 24 හැවිරිදි ඔහුට වඩා බෙහෙවින්  ළාබාල තරුණ නිළියක සමගිනි. ‍

මේ වනවිට මහරගම පිහිටි රොෂාන්ට අයත් නිවසේ මේ දෙදෙනා පදිංචිව සිටින අතර විවාහය සම්බන්ධ උත්සවයක් තවම පවත්වා නැත.

කෙසේ වෙතත් මොවුන් දෙදෙනා විවාහ වී ඇති බවට මාධ්‍ය වාර්තා පළ වීමත් සමග රොෂාන්ගේ කලින් පැවති ප්‍රේම සම්බන්ධතා පිළිබද හෙළිකරමින් මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඔහු ගැන කාලයක් සිට හොදින් දන්නා අයෙකු මෙම හෙළිකිරීම සිදු කර ඇති අතර එහි මෙසේ සදහන් වේ.

“කාලයක් ටෙලි නාට්‍ය නිලි චතුරිකා පීරිස් සමග විවාහ වී සිටි, හඟුරන්කෙතින් පැමිණි ජනප්‍රිය නළු රොෂාන් පිලපිටිය, චතුරිකා සමග අවුරුදු 7ක් පවුල් කා, ඇගෙන් දික් කසාද වුණා. ඒ දවස්වල ඒ සම්බන්ධයෙන් බොහෝ චෝදනා එල්ල වූයේ චතුරිකාටයි. එසේ වූයේ රොෂාන්, ඔහුට සුපුරුදු අහිංසක පෙම්වතාගේ බොරු ප්‍රතිරූපය මාධ්‍ය ඉදිරියේ දිග හරිමින් අහිංසක පාට් එක රඟපෑම නිසා බව දැනටමත් සනාථ වී හමාරයි. වැරදි කරමින්, ගෑණුන්ට පහර දෙමින්, හැමදාම ඔහු දිනුවේ මාධ්‍ය ඉදිරියේ බබා පාර්ට් රඟපාමිනි. ලංකාවේ බොහෝ පොලිසි වල සහ වෙනත් ආයතන වල රොෂාන් ට විරුද්ධව ගොනුවූ පැමිණිලි බොහෝ තිබෙන බවට දැන් ආරංචි ලැබෙමින් පවතී. මේවා බොහොමයක් ඔහු අමාරුවේ දැමූ කාන්තාවන්ගෙන් එල්ල වූ ඒවා බවයි පැවසෙන්නේ.

දිය යටින් ගින්දර ගෙනයාමේ හපනෙක් වන රොෂාන්, ඉන් අනතුරුව ඔහුගේ ඥාති සහෝදරියක් වන ඇමරිකාවේ පදිංචිව සිටි, සුනාලී රත්නායක සමග වසර පහක ප්‍රේම සම්බන්දතාවයක් පවත්වාගෙන ගියේ, ඇයව විවාහ කරගන්න පොරොන්දු දීය. රොෂාන් ගේ සහ සුනාලී ගේ පවුල් වලින්ද මෙම සම්බන්ධයට ආශීර්වාද ලැබී තිබුණ නමුදු, රොෂාන් දවසින් දවස විවාහය කල් යවමින්, සුනාලී ගෙන් යැපෙමින්, ආර්ථික වාසි ලබමින්, සුනාලී ගේ වියදමින් විදෙස් සංචාර ගණනාවකට සහභාගී වෙමින්, ඇමරිකාවේ ලාස් වෙගාස් නුවර සුපිරි සංගීත සංදර්ශන පවා සුනාලී ගේ වියදමින් නරඹමින්, මැලේසියාව, තායිලන්තය වැනි රටවල පවා ඇය ගානේ විනෝද සංචාර යමින්, ඇගේ පෙම්වතා ලෙස වසර පහක් පුරාවටම ඇගෙන් දැඩි ලාභ ප්‍රයෝජන ලබමින් ඇයව රවටමින් ජොලියේ ජීවත් වුණා.

සුනාලී රත්නායකගෙන් රුපියල් ලක්ෂ පනහකට අධික මුදලක් ද රොෂාන් ලබාගෙන තිබෙන බවට හෙළි වී ඇත. ඒ, විටින් විට ඔහුගේ ආර්ථික අපහසුතා ඇයට පවසමිනි. ඇයද ඔහු සමග අනාගතයක් පතමින්, ඔහුට ප්‍රිය බිරිඳක් වීමේ අපේක්ෂාවෙන්, ඔහුව විශ්වාස කරමින්, ඔහුට අවංකව ආදරේ කළ බැවින්, රොෂාන් ට අත දිගහැර වියදම් කිරීමට සුනාලී කිසිවිටෙකවත් පැකිලුනේ නැත. නමුත් රොෂාන් අයටද දිගින් දිගටම කළේ වංචාවකි. සුනාලී මේ දිනවල මේ දුක් ගැනවිල්ල ඇගේ facebook පිටුව හරහා කෙලින් සහ ව්‍යංගාර්ථයෙන් පවසමින් සිටිනු පෙනේ.

රොෂාන් ව සුනාලි විසින් මේ වසර මැදදී අතහැර දැමුවේ, දිගින් දිගටම ඔහු ඇයට බොරු කරමින්, බොරු කියමින්, ඇගෙන් ලාභ ලබමින්, වෙනත් ගෑණුන් සමග හොර රහසේ සම්බන්ධතා පැවැත්වීම නිසා බව ව්ශ්වාසවන්ත ආරංචි මාර්ග හෙළි කරයි.

මේ සියල්ල මෙසේ සිදුවෙද්දී, රොෂාන් පිලපිටිය මීට දින කීපයකට පෙර අළුත්ම පිම්මක් පැන්නේය. ඒ, රඟපෑමේ අවස්ථාව ලබා දෙන බව පවසා, පොළොන්නරුවේ යුවතියක් වන රිද්මා දිසානායක නමැත්තියක් කොළඹට කැදවාගෙන, ඇයගේ ද පවුල කඩාකප්පල් කර, ඇයව විවාහ කරගනිමිනි. රොෂාන් රිද්මා සමග සම්බන්ධතාවය ආරම්භ කර ඇත්තේ facebook හරහාය. රඟපෑමේ සහ ඕනෑම දෙයක් කර ප්‍රසිද්ධ වීමේ දැඩි උණෙන් පෙළුණු රිද්මා, ඇය වසර තුනක් පුරාවට ආදර සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය චතුරංග නමැති ව්‍යාපාරික ක්ෂේත්‍රයේ සිටින ඇගේ පෙම්වතාටද, කිසිඳු හේතුවක් නැතුව බූට් එක දී, රොෂාන් ගේ කරේ එල්ලුනේ ඇසුරු සැනින්ය. චතුරංග සමග රිද්මා විවාහ වීමට සිටියේ ලබන වසරේය. ඇයව කොළඹට එක්කගෙන නවාතැනක් ද සොයා දී, ඇගේ සියලු අවශ්‍යතා ද මැනවින් ඉටු කර දී, නිළියක් වීමේ ඇගේ ආශාව ඉටුකරදීමට ඉදිරිපත්වෙමින්, චතුරංග ඉල්ලගෙන කෑවේ පරිප්පුවකි. ඒ, ඔහු රිද්මාට සැබවින්ම ආදරය කළ නිසා විය යුතුයි.

ඒ වනවිටත් රිද්මා, චතුරංගව වසර තුනක් පුරාවට හොඳින් සුද්ද කර තිබුණි. මාස පහක් වැනි කෙටි කාලයක් ඇතුළත රොෂාන් ව විවාහය සඳහා ඇය පොළඹවා ගත් අතරම, රොෂාන්ට ද අවශ්‍ය වූයේ, දිනෙන් දින හෙළි වෙමින් තිබූ, සුනාලී ට ඔහු කළ චෝදනා වලින් පැන යාමටය. ඊට හොඳම මාර්ගය, ඔහුට පැනල දුන් රිද්මාව විවාහ කරගැනීම බව ඔහු සිතන්නට ඇත.

රිද්මා ද නැති දේ පෙන්නන්නට කැමති, පුහු ආකල්ප වලින් පෙලෙන්නියක බව ඇයව දන්නා කියන උදවිය පවසයි. ඇගේ facebook ගිණුම් වල ඈ පවසන්නේ ඇය ඉතාලියේ වාසය කරන, නුවර ප්‍රදේශයේ තැනැත්තියක බවයි. නමුත්, ගුවන් බලපත්‍රයක්වත් නොමැති, ඉතාලිය දැකලාවත් නැති රිද්මා, තෝපාවැව ප්‍රදේශයේ පාසල් ගිය, පොළොන්නරුවේ ගැමි කාන්තාවක් බව දැනගන්නට ලැබී ඇත. හම සුදු වුවද, ඇගේ පෙනුම පොෂ් වී ඇත්තේ මෑතකදීය. ඇය කොතරම් පොෂ් වීද යත්, අම්මා සහ තාත්තාට, මමී පප්පා කීමට ඈ පටන් ගෙන තිබේ. ඇගේ දෙමාපියන් වෙන්වී ජීවත් වෙති. රිද්මා ඇගේ අම්මා ඉන්දියානු බව පැවසුවද, සැබවින්ම ඇය දමිල උරුමයක් හොබවන, පිටරටක සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාවකි.

රොෂාන් සහ රිද්මා දෙදෙනාම බොරුවෙන් ජීවත් වන දෙදෙනෙක් නිසා ඔවුන්ගේ වයසද අසත්‍ය අවුරුදු ගණන් පවසා මාධ්‍ය වෙත ලබා දී ඇත. රිද්මා 1993 ඉපදුනු අවුරුදු 24ක යුවතියක් වන අතර, රොෂාන් 1972 හඟුරන්කෙත ඉපදී 46 වන වියේ පසුවෙයි. එනම්, ඔවුන්ගේ වයස් පරතරය අවුරුදු 22කි. තවද රිද්මා, ඇගේ පෙම්වතා වන චතුරංග සමග වසර තුනක් පෙම්වතුන් ලෙස එක්ව සිටීමට ප්‍රථම, කොරියාවේ සේවය කළ වෙනින් ශ්‍රී ලාංකික පුද්ගලයෙකු සමග ඇය වසර දෙකක් විවාහ වී සිට දික්කසාද වූ තැනැත්තියකි. මේ අතීත තොරතුරු සියල්ල රොෂාන් ගෙන් වසන් කොට, ඈ රොෂාන් සමග විවාහ වී ඇත්තේ මීට දින කීපයකට ප්‍රථමය.

මේ අනුව රිද්මා සහ රොෂාන් යන දෙදෙනාම එකිනෙකාගෙන් හා ලෝකයාගෙන් සත්‍ය වසන් කොට, මාධ්‍ය ඔස්සේ බොරු ප්‍රතිරූප මවා, ප්‍රේක්ෂකයින් ද රවටමින්, තමන්ට තමාවද රවටාගනිමින් අපූරු රංගනයක යෙදෙන්නට සමත් තොත්ත බබාලා දෙදෙනෙක් බව නම් පෙනී යයි.“


Latest News

පුතා විවාහවීමට සිටි තරුණිය අපයෝජනය කළ පියා පුතා විවාහවීමට සිටි තරුණිය අපයෝජනය කළ පියා 2018-09-25 - තම පුත්‍රයා විවාහ වීමට අපේක්ෂාවෙන් සිටි තරුණිය නිවසේදි අපයෝජනය කළ පියෙකු ... More detail
තාත්තාගේ කරදරයෙන් බේරෙන්න පියාගේ මිතුරා හා පැටළුණ පුංචි දැරියට වුණු දේ තාත්තාගේ කරදරයෙන් බේරෙන්න පියාගේ මිතුරා හා පැටළුණ පුංචි දැරියට වුණු දේ 2018-09-25 - එකලොස් හැවිරිදි දැරියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කර නිවසක රඳවාගෙන... More detail
ඓතිහාසික පිදුරංගල ගල උඩ නිරුවතින් ජායාරූප ගත් අයට වැඩ වරදී ඓතිහාසික පිදුරංගල ගල උඩ නිරුවතින් ජායාරූප ගත් අයට වැඩ වරදී 2018-09-25 - ඓතිහාසික සීගිරිය - පිදුරංගල රජමහා විහාරස්ථානයේ පිදුරංගල ගල මත සිට තරුණ තරු... More detail
ධනුෂ්ක ගුණතිලක මුදල් වෙනුවෙන් මවුබිම පාවා දෙයි - රක්ෂණ මුදල් වෙනුවෙන් රට උකසට... ධනුෂ්ක ගුණතිලක මුදල් වෙනුවෙන් මවුබිම පාවා දෙයි - රක්ෂණ මුදල් වෙනුවෙන් රට උකසට තබමින් නායක මැතිවුස් එක්ක කළ නාටකයක් 2018-09-25 - වර්තමාන බොහෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ක්‍රීඩා කරන්නේ මුදල් වෙනුවෙන්... More detail
විවේචන මැද කුසල්ගේ ස්ථානය අහිමි වෙද්දී පිතිකරු ලැයිස්තුවේ ප්‍ර‍බල වෙනසක් විවේචන මැද කුසල්ගේ ස්ථානය අහිමි වෙද්දී පිතිකරු ලැයිස්තුවේ ප්‍ර‍බල වෙනසක් 2018-09-25 - එළඹෙන එංගලන්ත තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පිතිකරු ලැයිස්තුවේ වෙනසක්... More detail
සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් ජිනසිරි දඩල්ලගේ ඉවත් කළේ ඇයි? මෙන්න හේතුව සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් ජිනසිරි දඩල්ලගේ ඉවත් කළේ ඇයි? මෙන්න හේතුව 2018-09-21 - සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් ජිනසිරි දඩල්ලගේ මහතා වහා ක්‍රියාත්මක වන පරිදි එම... More detail
නව සුඛෝපභෝගී දුම්රියක් නව සුඛෝපභෝගී දුම්රියක් 2018-09-21 - විදේශීය සංචාරකයින් ඉලක්ක කර ගත් නව සුඛෝපභෝගී විශේෂ දුම්රියක් ලබන 25වනදා සිට... More detail
චීන හමුදාවට අමෙරිකාව සම්බාධක පනවයි චීන හමුදාවට අමෙරිකාව සම්බාධක පනවයි 2018-09-21 - චීන හමුදාවට අමෙරිකාව සම්බාධක පනවා තිබෙනවා. More detail
විමල්ට හා ප්‍රසන්නට පාර්ලිමේන්තුව තහනම් කරයි විමල්ට හා ප්‍රසන්නට පාර්ලිමේන්තුව තහනම් කරයි 2018-09-21 - පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන විමල් වීරවංශට හා ප්‍රසන්න රණවීරට පාර්ලිමේ... More detail
අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ වැව් ප‍්‍රතිසංස්කරණය ඇරඹේ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ වැව් ප‍්‍රතිසංස්කරණය ඇරඹේ 2018-09-21 - ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි ක‍්‍රියාත්මක වන... More detail
පුතාගේ පෙම්වතිය අපයෝජනය කරන්න හදපු මාමන්ඩියට වැඩ වරදියි පුතාගේ පෙම්වතිය අපයෝජනය කරන්න හදපු මාමන්ඩියට වැඩ වරදියි 2018-09-21 - බුත්තල පොලිස් බල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු තම බාල පුතා විවාහ වීමට සිටි තර... More detail
තවදුරටත් රුපියල අවප‍්‍රමාණය වීමේ අවධානමක් වාහන මිලත් ඉහළට තවදුරටත් රුපියල අවප‍්‍රමාණය වීමේ අවධානමක්  වාහන මිලත් ඉහළට 2018-09-21 - අමෙරිකානු ඩොලරයේ අගය ඉහළ යාමෙන් වාහන මිලද ඉහල යමින් පවතින බව ලංකා වාහන ආනය... More detail
අයිස් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට අයිස් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට 2018-09-21 - පෑලියගොඩ, මීගහවත්ත, වැලිපාර ප්‍රදේශයේදී අයිස් නමැති මත්ද්‍රව්‍ය සමඟ පුද්... More detail
12 හැවිරිදි දැරිය දූෂණය කළ ලොකු තාත්තා අත්අඩංගුවට 12 හැවිරිදි දැරිය දූෂණය කළ ලොකු තාත්තා අත්අඩංගුවට 2018-09-21 - 12 හැවිරිදි දැරියක් දූෂණය කළැයි සැකපිට දැරියගේ  43 හැවිරිදි  ලොකුතාත්තා (20) දා ... More detail
ඉදිරි දින කිහිපයේදී පොලිස්පති CID යට කැදවන  ලකුණු ඉදිරි දින කිහිපයේදී පොලිස්පති CID යට කැදවන  ලකුණු 2018-09-21 - පොලිස්පති පූජිත් ජයසුන්දර ඉදිරි දින කිහිපය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන... More detail
මාලිංග ආසියානු කුසලානයේ පරාජය ගැන කියු දේ මාලිංග ආසියානු  කුසලානයේ  පරාජය ගැන කියු දේ 2018-09-20 - ආසියානු කුසලානයේදී කණ්ඩායම ලැබූ පරාජය පිළිබඳව දුක්වන බවත් ඉක්මනට වැරදි හ... More detail
ඥානසාර හිමියන්ගෙන් අභියාචනයක් ඥානසාර  හිමියන්ගෙන් අභියාචනයක් 2018-09-20 - හෝමාගම අධිකරණ ශාලාව තුළ කලහකාරී ලෙස හැසිරීමෙන් අධිකරණයට අපහාස කිරීමේ වරදට වසර... More detail

 

Gossip

Foreign

සිරියානු ගුවනේදී රුසියානු ගුවන් යානයක් සැගව යයි සිරියානු ගුවනේදී රුසියානු ගුවන් යානයක් සැගව යයි 2018-09-19 - පුද්ගලයන් 14 දෙනෙකු සමග රුසියානු හමුදා ගුවන් යානයක් සිරියානු ගුවන් සීමාවේද... More detail
උතුරු කොරියා සහ දකුණු කොරියානු නායකයින් ප්‍ර‍ථම වතාවට සාකච්ඡා අරඹයි උතුරු කොරියා සහ දකුණු කොරියානු  නායකයින්  ප්‍ර‍ථම වතාවට සාකච්ඡා අරඹයි 2018-09-18 - උතුරු කොරියානු සහ දකුණු කොරියානු නායකයන් ප්‍රථම වරට උතුරු කොරියාවේ ප්යොන... More detail
ප්‍රියංකා - නික් විවාහයට නික්ගේ කලින් පෙම්වතිය කියපු කතාව මෙන්න ප්‍රියංකා - නික් විවාහයට නික්ගේ කලින් පෙම්වතිය කියපු කතාව මෙන්න 2018-09-17 - Olivia Culpo කියන්නේ ඇමරිකාවේ ඉන්න දක්ෂ වගේම ජනප්‍රිය නිරූපිකාවක්. More detail
පණ වගේ ආදරය කළ සුරූපී බිරිඳ අනියම් පුරුෂයෙකු සමඟ යහන්ගතව සිටිනු දැක ඇයගේ ගෙළ... පණ වගේ ආදරය කළ සුරූපී බිරිඳ අනියම් පුරුෂයෙකු සමඟ යහන්ගතව සිටිනු දැක ඇයගේ ගෙළ කපා පොලිසියට රැගෙන යයි 2018-09-13 - තම බිරිඳගේ අනියම් සම්බන්ධතාවය සැලවී කෝපයට පත් සැමියා ඇයගේ ගෙළ කපා එයද රැගෙන... More detail
එකට කෑම ගනිමින් ජෝඩුව ගත් වීඩියෝවෙන් පැය කිහිපයකට පසු දෙදෙනාම පොලිස් අත්අඩ... එකට කෑම ගනිමින් ජෝඩුව ගත් වීඩියෝවෙන් පැය කිහිපයකට පසු දෙදෙනාම පොලිස් අත්අඩංගුවට 2018-09-12 - තම සේවා ස්ථානයේදි උදෑසන ආහාර වේල එකට ගත් ඊජිප්තු ජාතිකයෙක් සහ සවුදි කාන්තාවක්... More detail
ලොවම ආදරය කරන සුපිරි නළු ශාරුක් ඛාන්ගෙන් කිසිවෙකු නොසිතූ සුවිශේෂී පරිත්‍ය ලොවම ආදරය කරන සුපිරි නළු ශාරුක් ඛාන්ගෙන් කිසිවෙකු නොසිතූ සුවිශේෂී පරිත්‍යාගයක් 2018-09-04 - ලෝකයේ දැන්වත් සුපිරි නළුවන් අතර ඉදිරියෙන්ම සිටින සුපිරි තරුවක් තමයි ශාරුක්... More detail
සමලිංගික සේවනයේ යෙදුනු තරුණියන් දෙදෙනෙකුට ප්‍රසිද්ධියේ කස පහර සමලිංගික සේවනයේ යෙදුනු තරුණියන් දෙදෙනෙකුට ප්‍රසිද්ධියේ කස පහර 2018-09-04 - සමලිංගික සේවනයේ යෙදුනු මැලේසියානු තරුණියන් දෙදෙනෙකුට අද (03) ප්‍රසිද්ධියේ කස... More detail