අමාත්‍ය චන්දිම වීරක්කොඩි කියන්නේ ලංකාවේ හැමෝම දන්න කතා කරන දේශපාලන චරිතයක්.

ඔහුගේ ආදරණිය බිරිද දේවිකා වීරක්කොඩි. ඇය වෘත්තියෙන් නීතීඥවරියක්. ඒ වගේම නීති කෙටුම්පත් සම්පාදන දෙපාර්ථමේන්තුවේ ජ්‍යෙෂ්ට සහකාර නීති කෙටුම්පත් සම්පාදකවරිය ඇයයි. මේ ඇය ගැන පුවත්පතක සදහන් වූ ලිපියක්.

”මගේ අකමැතිම විෂය තමයි දේශපාලනය. දේශපාලඥයෙකුගේ බිරිඳක් හැටියට පෙනී හිටින්නත්  නම් මම අකමැතියි.”

එහෙමනම් ඇයි ඔබ සැමියා හැටියට චන්දිම වීරක්කොඩි කියන දේශපාලනඥයාව තෝරා ගත්තෙ.?

අනේ නෑ...මට චන්දිම හමුවෙන්නෙ ලෝයර් කෙනෙක් හැටියට. අපි මුණගැහුන    කාලෙදිවත් මම කොහෙත්ම දන්නෙ නෑ මෙයා මේ තරම් දේශපාලනයට කැමතියි කියලා. චන්දිම ගේ පවුලේ තියෙන දේශපාලන පසුබිම මම දැනගත්තෙ විවාහය  තීරණය කළාටත්  පස්සෙ. කලින් දන්නව නම් බඳිනවා තියා යාළු වෙන්නෙත් නෑ.

විවාහ වුණ්ට පස්සෙ ඔබට තිබුණනේ ඔහුගේ ගමන නවත්වන්න.?

මුලින්ම නම් මම අකමැති වුණා. ඒත් පළාත් සභා මැතිවරණය ආවම එයා ඒකට ඉදිරිපත්වෙන එකේ උවමනාව මට කිව්වා. එයාගේ පවුල දේශපාලනයට සම්බන්ධ නිසා මට හිතුණා යම් දවසක අනාගතේ මට චෝදනාවක් එල්ලවෙයි චන්දිමගේ ආසම දේ ට මම ඉඩ දුන්නෙ නෑ කියලා. හැබැයි මම කිව්වා මට මගේ පාඩුවේ ඉන්න  ඕනෙ කියලා. ඉතින් මට ඒ අවස්ථාව ලබා දිලා තියෙනවා..අමාත්‍යංශයේ වැඩ බාරගෙන දිවුරැම් දෙන වෙලාවේ විතරයි මම ගියේ.මම දේශපාලන බිරිඳක් හැටියට නෙවෙයි සාමාන්‍යය ගැහැනියක්, චන්දිමගේ බිරිඳ හැටියට.

ඒ කියන්නෙ ඔබ දැන් ඔහුත් සමග ජීවත් වෙන්නෙ බැඳගත්තු බෙරේ ගහනවා වාගේද?

නෑ...නෑ...කොහෙත්ම නෑ..චන්දිම කියන්නෙ පුදුමාකාර උසස් ගතිගුණ හොඳ මනුස්සයෙක්. හරිම ආදරණීය කෙනෙක්. මේ ගතිගුණ එයාට ලැබිලා තියෙන්නෙ එයාගේ දෙමව්පියන්ගෙන්. මටයි දරුවන්ටයි වගේම එයා මිනිස්සුන්ටත් පුදුමාකාර විදියට ආදරෙයි. කවම දාකවත් චන්දිමට කේන්ති යන්නෙ නෑ. මට හරි ඉක්මනට කේන්ති යනවා ඒ වෙලාවට මම මොනවා හරි කිව්වත් එයා නිශ්ශබ්දව අහගෙන ඉන්නවා.හොඳ හික්මීමක් තියෙනවා. ඒ ගුණයට මම ගොඩක් ගරු කරනවා.

ඔබ රටේ වගකිවයුතු රැකියාවක නියුතු කාර්ය බහුල කාන්තාවක්. සැමියාගෙන් ඔබට ලැබෙන සහය මොන වගේද?

චන්දිම මට හොඳ නිදහසක් දීලා තියෙනවා. මට  ඕන දෙයක් කරන්න.  ඕන ගමනක් බිමනක් යන්න. එයා කවදාවත් දේශපාලනේ ගේ ඇතුළට ගේන්නෙ නෑ. මම අකමැති නිසා ඒ ගැන කොහෙත්ම මගේ එක්ක කතා කරන්නෙ නෑ. ඒත් දැන් චන්දිම හරිම කාර්ය බහුලයි. ඉස්සර නම් ගෙදර හැම වැඩක්ම කරනවා. චන්දිමට හොඳට උයන්න පුළුවන්. හරිම රසයි එයා උයන ඒවා. මටත් උයන්න කියලා දුන්නෙ චන්දිම.  ඕනෙම කෑමක් හොඳට හදන්න පුළුවන්. චන්දිමගේ අම්මා ඒ පුතාව හදලා තියෙන විදිය හරි විශිෂ්ටයි. මොන තරම් වැඩ තිබුණත් අපි ගැන හොයලා බලනවා. ඉල්ලූවොත් උදව්වක් එයා නොකර ඉන්නෙ නෑ. විදෙස් සංචාරයකට සහභාගි වුණොත් හැර අනිත් හැම මොහොතෙම අපිත් එක්ක ඉන්න තමයි කැමති. දුවට අම්මයි තාත්තයි දෙන්නම ළඟ ඉන්න  ඕනෙ.

ඡන්දෙකුත් ළඟ ළඟ එන නිසා සැමියා කාර්ය බහුල ඇති. ඉතිං මේ වෙලාවෙවත් ඔබ උදව් කරන්නෙ නැද්ද?

කාර්ය බහුල එක ගැන නම් කතා කරන්න එපා. හුස්ම ගන්නවත් වෙලාවක් තියනවද මන්දා. ප්‍රශ්න ප්‍රශ්න ප්‍රශ්න... මට වෙලාවක පුදුම දුකක් හිතෙනවා. මිනිස්සුන්ගේ ප්‍රශ්න සේරම තියෙන්නෙ මෙයාගේ ඔලූවෙ. කන්න බොන්නවත් වෙලාවක් නෑ. මට කරන්න පුළුවන් හොඳම උදව්ව තමයි නිශ්ශබ්දව ඉන්න එක. අනික මට මේවා තේරෙන්නෙත් නෑ. මම ගෙදර දොරේ  වැඩ, දරුවන්ගේ වැඩ සේරම තනියම කරනවා .ඒ වගකීම් වලින් මෙයාව නිදහස් කරලා තියෙන්නෙ.

ඒත් ඔබ ඉන්නෙ කේන්තියෙන්.?

ඇත්තටම ඔව්. ඉස්සර වගේ නෙවෙයි, දැන් මෙයා ටෙලිෆෝන් එකේ එල්ලූන ගමන්මයි ඉන්නේ. කියවනවා.....කියවනවා.....කියවනවා....මොනවා කියවනවද මන්දා. එක කෝල් එකක් කියවලා ඉවර වුණා විතරයි ඔන්න තව එකක්, ඒක ඉවර වෙනකොට තව එකක්. මේ අපි බලාගෙන ඉන්නවා මෙයා එක්ක කතා කරන්න පැය ගාණක් කොහෙද මේ කියවිල්ල ඉවරයක් නෑනෙ. කන්නෙ බොන්නෙත් ෆෝන් එක කනේ ගහගෙන. මම මෙයා එක්ක වාහනයකවත් යන්නෙ නෑ. විනෝද ගමනක්වත් යන්න එපා වෙනවා. මොකද අපි වාහනේ නැගලා ඔහේ බලාගෙන යනවා.  මෙයා ෆෝන් එකේ එල්ලීගෙන කියව කියව යනවා. වෙන මිනිස්සු  ඕන තරම් තමන්ගෙ දේටත් කාලය වෙන්කර ගන්නවා. ඒකටත් එක්ක චන්දිම... හැබැයි ඉතිං මේ මොනවා කිව්වත් මෙයාට වෙලාවක් තියනවනම් අපි වෙනුවෙන් ,අපේ සතුට වෙනුවෙන් දවසම හරි කැප කරනවා. අපිට වගේම මෙයා මිනිස්සුන්ටත් හරි ආදරෙයි. ගමේ කාට හරි දුකක් කරදරයක් වුණොත් ඒ ගැන හරියට කම්පා වෙනවා. කොහොම වුණත් මෙයාට දේශපාලනේ එක. අපි ඉතින්් දෙක.

ඔබලා දෙන්නම කාර්ය බහුලයි. දෙමව්පියෝ කාර්යබහුල වුණාම දරුවන්ගේ සුන්දර කාලය නේද මේ නොදැනීම අහිමි වන්නෙ.?

ඔව් ඒක ඇත්ත. මම මට විවේකය ලැබෙන හැම අවස්ථාවම දුව වෙනුවෙන් යොදවනාවා. පුතා දැන් ලංකාවේ නෑ. චන්දිම අවිවේකි නිසා ලස්සන ළමා ෆිල්ම් එකක් ආවත් බලන්න යන්නෙ දුවයි මමයි.  දුවගේ සතුට වෙනුවෙන් හැමදේම කරනවා. ඒත්එයා කැමති තාත්තත් ළඟ ඉන්නවනම්. චන්දිමත් හරිම කැමතියි සැහැල්ලූවෙන් විනෝදෙන් ඉන්න. එයාට දැන් වෙලාවක් නෑ  අපිත් එක්ක එන්න. හැබැයි වෙලාවක් ලැබුණ ගමන් කෝල් එකක් දීලා කියනවා ”ලෑසතිවෙලා ඉන්න මට අද පොඩි විවේකයක් තියනවා ,ඇවිදින්න යමු” කියලා. මේ ළඟදි ඔහොම කියලා මම නිවාඩුවකුත් දාලා ආවා. ඇත්තටම අපි හිතුවා කොහෙ හරි දුරක යයි කියලා. බලනකොට මේ ගල්කිස්සට යන්න. කොළඹ ඉඳලා මොකට ගල්කිස්සට යනවද..මට පුදුම කේන්තියක් ආවේ.

වර්තමාන දරු පරපුරේ බහුතරයක් හරිම අකීකරුයි. දෙමව්පියොයි දරුවොයි හරිම දුරස්ත බවක් තියෙනවා. අම්මා කෙනෙක් හැටියට ඔබ මොන වගේ අදහසක්ද මේ ගැන දරන්නේ.?

මේකට සම්පූර්ණයෙන්ම වග කියන්න ඔනේ දෙමව්පියෝ. අද දෙමව්පියෝ කර්ය බහුලයි. දරුවොත් හරිම අවිවේකියි. දරුවන්ගේ ප්‍රශ්න කියන්න කෙනෙක් නෑ. ඒවා අහන්න කෙනෙක් නෑ. දරුවන්ට ආදරේ කරන්න දෙමාපියන්ට වෙලාවක් නෑ. හොඳ නරක කියලා දෙන්න කෙනෙක් නෑ. දරුවෝ වැරදි නෑ. මේ වැරද්ද අපි අතින් නම් වෙන්න අපි ඉඩ තියන්නෙ නෑ. මමත් ගොඩක් දෙමව්පියන්ගේ ආදරේ වින්දා. චන්දිමත් එහෙමයි. ඉතිං ඇයි අපි අපේ දරුවන්ට ඒ වටිනා අවස්ථාව ලබා නොදෙන්නේ. මගේ දරුවෝ ලොකු දරුවෝ කරනවට වඩා හොඳ දරුවෝ කරන්නයි  ඕනේ.

කොහොමද නැන්දා මාමා.?

චන්දිමගේ අම්මයි තාත්තයි මට මගේ දෙමව්පියෝ වගේමයි. මේ නැන්දා නම් පුදුම අම්මා කෙනෙක්. එයාට දරුවන්ගෙන් තොර ලෝකයක් නෑ. චන්දිමට තියෙන්නෙත් මේ අම්මා තාත්තගෙ ගතිගුනමයි. ඇත්තටම මම හරි වාසනාවන්තයි චන්දිම වගේ කෙනෙක්ගෙ බිරිඳ වෙන්න ලැබුන එක.

මේ කියන ආදරවන්තයා ගැන යම් දුෂ්‍යමාන  ආරංචියක් ලැබුණොත් ඔබ මොකද කරන්නෙ.?

එහෙමයි කියලා මම ගහමරාගන්න යන්නෙ නෑ. හිත රිදෙයි. ඒත් බුදු දහමට අනුව කරුනු තේරුම් ගන්න උත්සාහ කරනවා. එයා සමාජයේ ගැවසෙන කෙනෙක් හැටියට එහෙම දෙයක් වෙන්න තියන ඉඩකඩ වැඩියි. මේ මොනවා වුණත් තමන්ටත් මොළයක් කියලා එකක් තියනවනේ.  ඉස්සර වගේ නෙවෙයි අද දේශපාලනේ වැරදි කරලා ගැලවෙන්න හරි අමාරුයි. කොහොමත් මම මෙයාට කියලා තියෙන්නෙ හොඳ නරක තේරුම් අරන් වැඩ කරන්න. වැරදුනොත් හදාගන්න එක ලේසි නෑ කියලා.

ඔබට මේ තරම් ශක්තිමත්ව ජීවිතේ දෙස බලන්න හුරු කළේ් ඔබේ තාත්තා.?

මගේ ළමා කාලය හරිම සුන්දරයි. මගේ තාත්තා ඉං්ජිනේරුවෙක්. අම්මා නම් ගෘහනියක් හැටියට කටයුතු කළේ  මට ඉන්නේ සහෝදරියො තුන්දෙනෙක් විතරයි. අපේ පවුලෙ පිරිමි ළමයි නැති වුණාට අපි හතරදෙනාම හැදුනේ පිරිමි ළමයි වගේ තමයි. මම පාසලේ දි ස්විමිං කළා. ක්‍රීඩාවක් හැටියට දිගටම කළේ එච්චරයි. අපේ තාත්තා අපි හතර දෙනාටම තනියම වැඩ කරගන්න කියලා දුන්නා. කඬේ ගිහිල්ලා බඩු ගේන්න, වත්ත පිටියෙ වැඩ කරන්න අපිව හුරු කළා. හැබැයි කුස්සියේ වැඩවලට නම් අම්මා  අපි සහභාගි කර ගත්තෙ නෑ. මම උසස් පෙළ කළාට පස්සෙ රස්සාවකට ගියා. තාත්තා මට නීතිය හදාරන්න කියද්දි මම කිව්වේ මේ රස්සාව දාලා එන්න බෑ කියලා. මම හැමදාමත් කැමති මහන්සියෙන් උපයන දෙයකින් බොහොම සරලව ජීවත් වෙන්න.

අනාගත බලාපොරොත්තු මොනවද කියලා මම ඇහැව්වොත්.?

මම කැතියි පවුලක් හැටියට සතුටෙන් සාමයෙන් ඉන්න. දරුවො දෙන්නා යහපත් පුරවැසියො කිරීමත් එක බලාපොරොත්තුවක්. චන්දිමගේ දේශපාලන ගමන සාර්ථක වේවා ඉදිරියට යන්න ලැබෙන්න කියලා හිතනවා වගේම මේ රටේ සෑම නෙකෙකුටම යහපතක් වෙන්න කියලා ත්, එහෙම වේවි කියලත් බලාපොරොත්තු වෙනවා.


Latest News

“නළු නිළියන් ජනප්‍රිය වුණේ නාට්‍ය නිසා“ - ගමේ ගිය සමල්කා දෙවැනි ඉනීමෙන් සමුගනී... “නළු නිළියන් ජනප්‍රිය වුණේ නාට්‍ය නිසා“ - ගමේ ගිය සමල්කා දෙවැනි ඉනීමෙන් සමුගනී - කතාවේ ඉදිරියට වෙන දේ අධ්‍යක්ෂක කියයි 2018-10-19 - කාලයක් තිස්සේ ප්‍රේක්ෂකයන් ආදරය කරන ජනප්‍රිය ටෙලි නාට්‍යයක් තමයි දෙවෙනි ඉනිම... More detail
කාන්තා විස්සයි 20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා පිල මෙන්න කාන්තා විස්සයි 20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා පිල මෙන්න 2018-10-19 - බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදි එළැඹෙන මස 09 සිට 24 දක්වා පැවැත්වීමට නියමිත කාන්තා... More detail
මම ප්‍රජාතන්ත්‍රවාදී මුර දේවතාවෙක් - ඕනේ නම් ද්විත්ව පුරවැසිභාවය අහෝසි කර... මම ප්‍රජාතන්ත්‍රවාදී මුර දේවතාවෙක් - ඕනේ නම්  ද්විත්ව පුරවැසිභාවය අහෝසි කරගන්නම් - ගෝඨා කියපු කතාව 2018-10-19 - තමනට අවශ්‍යතාවයක් වූවහොත් ද්විත්ව පුරවැසිභාවය අහෝසි කර ගැනීමට සූදානම් බව... More detail
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීට අත්අඩංගුවට ගැනීමට පියවර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීට අත්අඩංගුවට ගැනීමට පියවර 2018-10-19 - ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවින්ද්‍ර විජේගුණවර්ධන ඉදිරි සතිය තුළ අපරාධ පරී... More detail
සිරකරුවන් සිය ගණනක් ඉදිරිපිට නිරුවත් කලා - ජොන්ස්ටන් කියන ආන්දෝලනාත්මක විඩ සිරකරුවන් සිය ගණනක් ඉදිරිපිට නිරුවත් කලා - ජොන්ස්ටන් කියන ආන්දෝලනාත්මක විඩියෝව 2018-10-19 - තමන් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි කාලය තුලදී මූලික මිනිස් අයිතිවාසිකම් පවා... More detail
අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ අවසන් වාර්තාව එළියට - දැවැන්තයන් කිහිප දෙනෙකුටම තරග...  අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ අවසන් වාර්තාව එළියට - දැවැන්තයන් කිහිප දෙනෙකුටම තරග පාවාදීම් 2018-10-19 - ශ්‍රී ලංකාවට පැමිණ සති තුනක පමණ කාලයක් විමර්ශන කටයුතුවල නිරතවූ ඇලෙක්ස් මාෂල්... More detail
මෛත්‍රී ඉන්දියාව සමග පටලවන්න රනිල්ගෙන් කුමන්ත්‍ර‍ණයක් මෛත්‍රී ඉන්දියාව සමග පටලවන්න රනිල්ගෙන් කුමන්ත්‍ර‍ණයක් 2018-10-19 - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා (16) පැවති කැබිනට් රැස්වීමේ දී ඉන්දියාව... More detail
ගෝඨා විශේෂ මහාධිකරණයට ගෝඨා විශේෂ මහාධිකරණයට 2018-10-19 - හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව විශේෂ මහාධිකරණ නඩු විභාගයක් අද (19)... More detail
මේ වසරේදී පූජිත මිලියන 63ක් තෑගි දීලා මේ වසරේදී පූජිත මිලියන 63ක් තෑගි දීලා 2018-10-19 - නීතිය ක්‍රියාත්මක කිරීමේදී දක්ෂතා දැක්වූ පොලිස් නිලධාරීන්ට හා සහයෝගය දැක්වූ... More detail
කැබිනට් මණ්ඩලයේ ඉන්නත් ලැජ්ජයි කැබිනට් මණ්ඩලයේ ඉන්නත් ලැජ්ජයි 2018-10-19 - කැබිනට් මණ්ඩලය තුළ කතාබහ නොකරන දේවල් විවිධ අන්දමින් නිර්මාණය කර එළියට ලබාදෙන... More detail
ජනපති කිව්වත් BOC - මහජන බැංකුව - BOI අධ්‍යක්ෂකවරු යන්න බැහැ කියයි ජනපති කිව්වත් BOC - මහජන බැංකුව - BOI අධ්‍යක්ෂකවරු යන්න බැහැ කියයි 2018-10-19 - මහජන බැංකුව , ලංකා බැංකුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යන අයතනවල සභාපතිවරුන් හා... More detail
පාසල් යන්න ඇවිත් පෙම්වතියගේ නිවසේ පෙම් සුව විඳලා පියාටත් ගහලා පෙම්වතිය අරන්... පාසල් යන්න ඇවිත් පෙම්වතියගේ නිවසේ පෙම් සුව විඳලා පියාටත් ගහලා පෙම්වතිය අරන් ගිහින් 2018-10-18 - පාසල් යන මුවාවෙන් නිවසින් පිටව ගොස්‌ ඇති සිසුවියන් දෙදෙනකු පාසල් වියේ පෙම... More detail
තාත්තා නැතිව අම්මා රට ගිහින් ආච්චි ළග තනි වුණු සිසුවිය වසර ගණනක් සිට මාමා අතින්... තාත්තා නැතිව අම්මා රට ගිහින් ආච්චි ළග තනි වුණු සිසුවිය වසර ගණනක් සිට මාමා අතින් දුෂණය වෙලා 2018-10-18 - මිත්තනියගේ රැකවරණය යටතේ සිටි වයස අවුරුදු 14 ක දියණියක් සිය මාමා විසින් අපයෝ... More detail
මෛත්‍රී - රනිල් අවුල ලෙහන්න මහින්ද සමරසිංහ මැදිහත් වෙයි - වැරදි බාරගනී මෛත්‍රී - රනිල් අවුල ලෙහන්න මහින්ද සමරසිංහ මැදිහත් වෙයි - වැරදි බාරගනී 2018-10-18 - කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා කැ... More detail
මියුසික් විඩියෝවට මෙලනියා ට්‍ර‍ම්ප් නිරුවත් වෙයිද? - ලොවම මවිත වෙයි මියුසික් විඩියෝවට මෙලනියා ට්‍ර‍ම්ප් නිරුවත් වෙයිද? - ලොවම මවිත වෙයි 2018-10-18 - T.I. නැතහොත් Clifford Harris කියන්නේ බටහිර සංගීතයේ ඉන්න දැවැන්ත චරිතයක්. More detail
පැණිබීම සමාගම් සහන ඉල්ලයි - සුව ඇමැති කියයි පැණිබීම සමාගම් සහන ඉල්ලයි - සුව ඇමැති කියයි 2018-10-18 - ජාතික ආර්ථීක සභාවේ දී පැණිබිම සමාගම් සහන ඉල්ලා සිටි බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය... More detail

 

Gossip

Foreign

මියුසික් විඩියෝවට මෙලනියා ට්‍ර‍ම්ප් නිරුවත් වෙයිද? - ලොවම මවිත වෙයි මියුසික් විඩියෝවට මෙලනියා ට්‍ර‍ම්ප් නිරුවත් වෙයිද? - ලොවම මවිත වෙයි 2018-10-18 - T.I. නැතහොත් Clifford Harris කියන්නේ බටහිර සංගීතයේ ඉන්න දැවැන්ත චරිතයක්. More detail
මයික්‍රෝසොෆ්ට් සම නිර්මාතෘ පෝල් ඇලන් ජිවිතයෙන් සමුගනී මයික්‍රෝසොෆ්ට් සම නිර්මාතෘ පෝල් ඇලන් ජිවිතයෙන් සමුගනී 2018-10-17 - මයික්‍රෝසොෆ්ට් සම නිර්මාතෘ වන පෝල් ඇලන් පසුගිය සදුදා (15) මිය ගිය බව විදෙස් ව... More detail
හැරී සහ මේගන් දරු සුරතල් බලන්න සුදානමින් හැරී සහ මේගන් දරු සුරතල් බලන්න සුදානමින් 2018-10-16 - මහා බ්‍රිතාන්‍යයේ සසෙක්ස් හි ආදිපාදවරිය හෙවත් මේගන් මර්කල් කුමරිය ලබන වසරේ... More detail
27 වෙනි තට්ටුවෙන් පහතට ඇද වැටී මියගිය සුරුපිණිය (PHOTOS/VIDEO) 27 වෙනි තට්ටුවෙන් පහතට ඇද වැටී මියගිය සුරුපිණිය (PHOTOS/VIDEO) 2018-10-15 - සෙල්ෆි ජායාරුපයක් ගැනීමට උත්සහ කළ 27 හැවිරිදි තරුණ කාන්තාවක් සුපිරි මහල් නිවාස... More detail
ට්‍රම්ප් අතහැර මෙලනියා ගිය ගමන ට්‍රම්ප් අතහැර මෙලනියා ගිය ගමන 2018-10-11 - ඇමෙරිකා ජනාධිපති ආර්යාව අප්‍රිකා රටවල නිල සංචාරයක යෙදී තිබෙනවා. More detail
ඉන්දියාවේ දුමිරිය අනතුරින් පුද්ගලයින් හතක් මරුට ඉන්දියාවේ දුමිරිය අනතුරින් පුද්ගලයින් හතක් මරුට 2018-10-10 - ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින්... More detail
ලෝකයේ පළමු වරට සියදිවි නසාගැනීම් වළක්වාලීමේ අමාත්‍ය ධුරයක් ලෝකයේ පළමු වරට සියදිවි නසාගැනීම් වළක්වාලීමේ අමාත්‍ය ධුරයක් 2018-10-10 - දිනෙන් දින ඉහළ යමින් තිබෙන සියදිවි නසා ගැනීමේ ප්‍රවනතාවය වලක්වා ගැනීම සදහා... More detail