පසුගියදා පැවැති ලෝක රූ රැජින තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වුණේ 2017 ශ්‍රී ලංකා රූ රැජින විදියට කිරුළ දිනූ දුෂේනි මියුරංගියි. නමුත් තරගයේදී අවසන් තරගකාරියන් 40 දෙනා අතරටවත් ඒමට ඇයට නොහැකි වුණා.

2017 ලෝක රූ රැජින තරගයට සහභාගි වීමට ලැබුණු අවස්ථාව ගැන මොකද හිතෙන්නේ ?

මගේ ජීවිතයේ ලැබූ ලොකුම අත්දැකීමක් තමයි මේ.

මම මේ වගේ ජාත්‍යන්තර තරගයකට මුහුණ දුන්නේ පළමු අවස්ථාවටයි. නෑදෑ හිතවතුන්ගෙන් වගේම රටෙනුත් ඈත්වෙලා සති පහකට වැඩි කාලයක් මම තරගය වෙනුවෙන් චීනයේ ගත කළා.

එතැනදී නම් පුංචි පාළුවක් හිතට දැනුණා. ඒත් ටික දවසක් යනකොට අනෙක් තරගකාරියෝ එක්ක මිත්‍රශීලිව ඉන්න කොට ඒ පාළුව තනිකම මැකිලා ගියා.

අවසන් තරගකාරියන් අතරට එක්වන්නට අවස්ථාව නොලැබිම ගැන දුකක් නැද්ද?

නැහැ. මොකද ඒ වන විට මම කිරුළ පිළිබඳ ආශාව අතහැර දාලයි හිටියේ.

ඒකට හේතුව සෙසු තරගකාරියන් ඔබට වඩා ඉහළින් සිටීමද?

නැහැ. ඒ වනවිට මගේ හිතේ “තරගාවලිය” ගැන ඇතිව තිබූ අදහස්.

ඒ මොනවාද?

ඇතැම් රටවල් බොහොමයක ජනතාව තමන්ගේ රට නියෝජනය කළ තරගකාරිය වටා හිටියා. එවැනි අයට තරගය තුළ ලොකු විශේෂත්වයක් තිබුණා.

ඒ වගේම දියුණු රටවල අයටත් විශේෂත්වයක් තිබුණා.

මම ඉදිරිපත් වුණේ ලංකාව නියෝජනය කරමින්. ලංකාව පිළිබඳ ඒ අය තුළ ලොකු පිළිගැනීමක් තිබුණේ නැහැ. ඒ වගේම මගේ රටෙන් මට අනුග්‍රාහකත්වය දක්වන්න කෙනෙක් හිටියෙත් නැහැ. මම තරග බිම තුළ හුදකලා වූ චරිතයක් විදිහට හිටියේ. ඒ හින්දා මට කලින්ම දැනුණා අවසන් 40ට මම ඇතුළත් නොවන බව.

ඒත් දුෂේනි තරගයට පිටව ගියේ පිබිදුණු සිතකින්?

ඔව්, මට බලා‍පොරොත්තු ගොඩක් තිබුණා. ඒත් එහෙට ගිහින් දවස් ගෙවිලා යද්දී තමයි මම දැකපු හීන බොඳ වෙන බව තේරුණේ

තරගයේ සෙසු තරගකාරියන් ඔබට දැක්වූ ප්‍රතිචාර මොන වගේද?

රටවල් 130ක අය ඇවිත් හිටියා. ඒ අය අතරින් “අප්ලර් ස්ටේල් (මිස් ටර්නි), ෆ(ර්) අර්න් (මිස් කොරියා) හා කොරිනා ජෝෂුවා (මිස් රුසියා) තුන්දෙනා තමයි මගේ හොඳම මිතුරියන් වුණේ. ඔවුන් සමග ගෙවී ගිය දවස් නම් හරිම සුන්දරයි.

අනෙකුත් තරගකාරියන් ගැන කතා කළොත් ?

විවිධ මානසික මට්ටම් තියෙන අය ඕනෑම තැනක ඉන්නවානේ. ඇතැම් රටවල අය තමන් පිළිබඳ ලොකු අභිමානයකින් හිටියා. ඒ අයට ලංකාව පිළිබඳ තිබුණේ පහත් ආකල්පයක්. එවැනි අයගෙන් යම් යම් සිත් රිදෙන ප්‍රතිචාරත් ලැබුණා. හැබැයි මම ඒ හැම දෙයක්ම සම සිතින් දරාගෙන හිනා වෙලා හැමෝටම සුහදශීලී ප්‍රතිචාර දැක්වූවා.

ඉදිරියටත් මෙබඳු තරග සඳහා යාමට අදහස් කරගෙන සිටිනවාද?

නැහැ. ‘මිස් ශ්‍රී ලංකා’ විදිහට මම කිරුළ දිනුවා. ලෝක රූ රැජින තරගයට සහභාගි වුණා. මීට වඩා දැවැන්ත තරග නැහැනේ. ඉතින් වෙන තරගයකට ආයෙ සහභාගි වෙන්න බැහැ.

මෙම තරගයත් එක්ක දුෂේනිගේ රංගන ජීවිතයත් තාවකාලිකව නතර වුණා ?

ඔව්. මම ඒ කැප කිරීම කරලා තමයි මේ තරගයට ගියේ.

“ශ්‍රී ලංකා රූ රැජින” විදියට කිරුළ ලැබුවට පස්සේ ටෙලි නාට්‍ය හා සිනමාවට ලැබෙන ආරාධනා වැඩි වුණා. ඉදිරියේදී ඒවායින් හොඳ නිර්මාණවලට එකතු වනවා.


Latest News

අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2017-12-16 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2017-12-15 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
ලක්ෂ 6ක දුරකථන කාඩ්පත් කොල්ලකෑ දෙදෙනාට වුණු වැඩේ මෙන්න ලක්ෂ 6ක දුරකථන කාඩ්පත් කොල්ලකෑ  දෙදෙනාට වුණු වැඩේ මෙන්න 2017-12-15 - බොරලැස්ගමුව ප්‍රදේශයේදී මුදල් සහ කාඩ්පත් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්... More detail
2017 හොදම නිරූපණ ශිල්පියා මෙන්න 2017 හොදම නිරූපණ ශිල්පියා මෙන්න 2017-12-15 -   මෙවර Future fation world 2017 හි මෙරට පැවති තරග වටයෙන් හොඳම නිරූපණ ශිල්පියා ලෙස ජනුක රාජපක්ෂ... More detail
පානදුරේ ගණිකා නිවාසයක් කොටු වෙයි පානදුරේ ගණිකා නිවාසයක් කොටු වෙයි 2017-12-15 - සම්බාහන මධ්‍යස්‌ථානයක මුවාවෙන් ගණිකා මධ්‍යස්‌ථානයක්‌ පවත්වාගෙන ගිය බව කියන... More detail
අවුරුදු 16ක් ගම්පොළ රජ කළ 'වන් ෂොට්' හොර දොස්තරට වැඩ වැරදුණු හැටි අවුරුදු  16ක් ගම්පොළ රජ කළ 'වන් ෂොට්' හොර දොස්තරට වැඩ වැරදුණු හැටි 2017-12-15 -   වසර 16 ක් පුරා වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් මහජනයාට ප්‍ර‍තිකාර කිරීම හා ... More detail
කෝලිගේ විවාහ සාදයට අපූරු ආරධනා පත්‍රයක් කෝලිගේ විවාහ සාදයට අපූරු ආරධනා පත්‍රයක් 2017-12-15 - සුපිරි ක්‍රීඩක විරාත් කෝලිගේ සහ අනුෂ්කා ෂර්මාගේ විවාහයෙන් පසු එළඹෙන 21 වැනිදා... More detail
ආගමික උත්සවයට යද්දී 11ක් අවසන් ගමන් යයි-12ට තුවාලයි ආගමික උත්සවයට යද්දී 11ක් අවසන් ගමන් යයි-12ට තුවාලයි 2017-12-15 - මෙක්සිකෝ  නගරයේ වාර්ෂිකව පැවැත්වෙන  ආගමික උත්සවයක් සඳහා  ගමන් කරමින් සිටි... More detail
ශ්‍රි ලංකාව තුන්කොන් එක්දින ගැටුමක - ගැටෙන්න එන අනෙක් රටවල් මෙන්න ශ්‍රි ලංකාව තුන්කොන් එක්දින ගැටුමක - ගැටෙන්න එන අනෙක් රටවල් මෙන්න 2017-12-15 - ශ‍්‍රී ලංකා කණ්ඩායම ලබන මස බංග්ලාදේශයේ දී තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගා... More detail
යහළුවන් වෙනුවට සාමාන්‍ය පෙළ ලියූ දෙදෙනෙකුට වැඩ වරදී යහළුවන් වෙනුවට සාමාන්‍ය පෙළ ලියූ දෙදෙනෙකුට වැඩ වරදී 2017-12-15 - ලුණුගල මහා විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේ අන් අය ලෙස පෙනී සිටි පුද්ගලයින් ... More detail
අලුතෙන් පත්වුණු පළාත් පාලන සහ පළාත් සභා රාජ්‍ය ඇමති මෙන්න අලුතෙන් පත්වුණු පළාත්  පාලන සහ පළාත් සභා රාජ්‍ය ඇමති මෙන්න 2017-12-15 - පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍ය ධූරය සදහා ශ්‍රියාණි විජේවික්‍රම දි... More detail
ගෘහසේවයට සෞදි ගිය අම්මාගේ මෘත දේහයවත් දෙන්න - දරුවන්ගේ කදුළු කතාව මෙන්න ගෘහසේවයට සෞදි ගිය අම්මාගේ මෘත දේහයවත් දෙන්න - දරුවන්ගේ කදුළු කතාව මෙන්න 2017-12-15 - සෞදියේ ගෘහ සේවයට ගොස් තෙමහල් ගොඩනැගිල්ලකින් වැටී වසර තුනක කාලයක් එරට රෝහලක... More detail
ලොව විශාලතම මගී ගුවන්යානය ලංකාවට ඇවිත් ලොව විශාලතම මගී ගුවන්යානය ලංකාවට ඇවිත් 2017-12-15 -   ලොව විශාලතම මගී ගුවන් යානයක් වන A -380 එයා බස් වර්ගයේ ගුවන් යානයක් හදිසියේ ඉන්ධන... More detail
විදුලිබල සේවකයන්ට ඇමතිතුමාගෙන් කොළ එළියක් විදුලිබල සේවකයන්ට ඇමතිතුමාගෙන් කොළ එළියක් 2017-12-15 - සේවක පිරිස් තෘප්තිමත් වන ආකාරයෙන් ලංවිම ප‍්‍රසාද දීමනා ලබාදෙන බව විදුලිබල... More detail
ආපසු හරවා ගෙදර යැවූ පෞද්ගලික අපේක්ෂිකාවට විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ  ආපසු හරවා  ගෙදර යැවූ පෞද්ගලික අපේක්ෂිකාවට විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ අවසරයක් 2017-12-15 - පාට ඇදුමක් ඇද  විභාගය  සදසා පාසලට පැමිණී   පෞද්ගලික  අපේක්ෂිකාවටඊයේ (14) ආරක්ෂක... More detail
මුළු කොළඹම මීදුමෙන් වැසෙයි මුළු කොළඹම මීදුමෙන් වැසෙයි 2017-12-15 -   අද (15) උදැසන කොළඹ නගරය ඝන මීදුමකින් වැසි පැවති බවට වාර්තා වේ. More detail
පිහි ඇනුමකින් මරාන්තික තත්වයේ සිට පිය - පුතු දෙදෙනාට වෛද්‍යවරයෙකු නිසා ලැබුණු...  පිහි ඇනුමකින් මරාන්තික තත්වයේ සිට පිය - පුතු දෙදෙනාට වෛද්‍යවරයෙකු නිසා ලැබුණු දේ මෙන්න 2017-12-15 - දෙපාර්ශ්වයක් අතර ගැටුමක් ඇතිවී එල්ල වූ පිහි ප්‍රහාරයකින් පපු කුහරය ආසන්නයටම... More detail

 

Gossip

Foreign

ආගමික උත්සවයට යද්දී 11ක් අවසන් ගමන් යයි-12ට තුවාලයි ආගමික උත්සවයට යද්දී 11ක් අවසන් ගමන් යයි-12ට තුවාලයි 2017-12-15 - මෙක්සිකෝ  නගරයේ වාර්ෂිකව පැවැත්වෙන  ආගමික උත්සවයක් සඳහා  ගමන් කරමින් සිටි... More detail
62ක හැවිරිදි මිස්ටර් Beenට යළිත් පිය පදවිය 62ක හැවිරිදි මිස්ටර් Beenට යළිත් පිය පදවිය 2017-12-12 - මිස්ටර් බීන් තුන්වැනි වතාවටත් පිය පදවිය ලබන්න සූදානම් වෙනවලු. More detail
සිරියාවට ගිය රුසියන් ජනපති දුන්න නියෝගය මෙන්න සිරියාවට ගිය රුසියන් ජනපති දුන්න නියෝගය මෙන්න 2017-12-12 - සිරියාවේ යොදවා සිටින රුසියානු හමුදා සෙබළුන්ගෙන් කොටසක් ඉන් ඉවත් කිරීමට ජ... More detail
ලොව දෙවන වැඩිම අයකිරීමක් ඇති හෝටලයේ ගන්න කෝලී - අනුෂ්කා විවාහයේ සම්පුර්ණ කතාව... ලොව දෙවන වැඩිම අයකිරීමක් ඇති හෝටලයේ ගන්න කෝලී - අනුෂ්කා විවාහයේ සම්පුර්ණ කතාව මෙන්න 2017-12-11 - ඉන්දු ශ්‍රී ලංකා එක්දින තරගාවලිය අස්සේ නිතර ඇහෙන දෙයක් තමයි සුපිරි ක්‍රීඩක... More detail
පාසලක වෙඩි තැබීමකින් සිසුන් දෙදෙනෙකු මරුට පාසලක වෙඩි තැබීමකින් සිසුන් දෙදෙනෙකු මරුට 2017-12-08 - පාසලක සිදුවූ වෙඩි තැබීමකින් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබේ. More detail
ඉන්දියාවේ භූ චලනයෙන් ලාංකිකයන්ට කිසිදු බලපෑමක් නැහැ ඉන්දියාවේ භූ චලනයෙන් ලාංකිකයන්ට කිසිදු බලපෑමක් නැහැ 2017-12-07 - ඉන්දියවේ නවදිල්ලි නුවර ප්‍රබල භූ  කම්පයනයක් සිදුව තිබේ. එය රික්ටර් මාපකයේ ... More detail
මියගිය බිළිදාට ආදාහනය කිරීමට යද්දී යළි පණ එයි මියගිය බිළිදාට ආදාහනය කිරීමට යද්දී  යළි පණ එයි 2017-12-06 -   මියගිය බිළිදුන් ආදාහනාගාරයට රුගෙන යද්දී එක් බිළිදෙකුට යළි පණ ලැබීමේ අපූරු... More detail