අභිෂේකා විමලවීර කියන්නේ පාසල් කාලයේ පටන් නිවේදිකාවක් ලෙස වගේම ගායිකාවක් ලෙසත් ප්‍රේක්ෂක ආදරය දිනාගත් කලා ශිල්පිනියක්.

ඇය මේ දිනවල රූපවාහිනී රියැලිටි වැඩසටහනක විනිශ්චයකාරිනියක් ලෙස කටයුතු කරනවා. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යෙය් විවිද කතා බහ ඇති වුණා. ඊට බෙහෙවින් බලපා තිබුණේ ඇය උගත් බුද්ධිමත් කලා ශිල්පිනියක් බව බොහෝදෙනෙක් නොදන්නා කරුණක් වීම. මේ ගැන අභිෂේකා පසුගිය දිනෙක මාධ්‍යයට අදහස් දක්වා තිබුණේ මේ විදියට.

මේ අභිෂේකා රියැලිටි වැඩසටහනක විනිශ්චයකාරිනියක් ලෙස කටයුතු කරන පළමු අවස්ථාව නේද?

ඔව්. මේක මගේ ජීවිතේට අලූත් අද්දැකීමක් පටන් ගත්තු පළමු වැඩසටහනින්ම නොසිතපු විදිහේ ලොකු ප‍්‍රතිචාරයක් ලැබුණා. එක රැයකින් රියැලිටි කලාවේ ඉහළටම ඔසවා තබන්නට තරම් පේ‍්‍රක්ෂකයෝ අපි එක්ක එකතු වේවි කියලා වැඩසටහන ආරම්භ කරද්දී හීනෙකින්වත් හිතුවේ නැහැ.

විශාල පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාරයක් වගේම අභිෂේකාට ගල් මුල් එල්ලකරපු පේ‍්‍රක්ෂක පිරිසකුත් ඒ අතර හිටියා නේද?

ඒ සිදුවීම් පිළිබඳව නම් මම ගොඩක් කළකිරුණා. අනේ මන්දා ඉතින් මිනිස්සු බොරු කට කතා ප‍්‍රචාරය කරන්නේ ඇයිද කියලා මට හිතාගන්න බැහැ. මම අවුරුදු පහළොවක් ස්වාධීන රූපවාහිනී සේවයේ සිංහල මාධ්‍යයේ නිවේදිකාවක් විදිහට කටයුතු කළා. එතකොට මම කොණ්ඩ කරල් දෙකක් ගොතලා ආපු කළු, කැත හරිම ගොඬේ ළමයෙක්. එතකොට අවුරුදු පහළොවක් හොඳට සිංහල කතා කරපු අර ගොඬේ කෙල්ල එකපාරටම මොකද මේ ඉංග‍්‍රීසි කතා කරන්න ගත්තේ. අර ගොඬේ කෙල්ල කොහොමද සුදු වුණේ. මම මේ රියැලටියේ විනිශ්චයකාරිනියක් විදිහට ආපු වෙලාවේ පැත්තක බලා ඉඳපු අයට මෙන්න මේ මම කියපු ප‍්‍රශ්න ටික ආවා. ඒ වගේම මේ විනිශ්චය මණ්ඩලේ වාඩි වෙන්න මට මොනවද තියෙන සුදුසුකම්. සින්දුවක් දෙකක් කිව්වා කියලා විනිශ්චයක් දෙන්න පුළුවන්ද? මෙන්න මේවා ප‍්‍රශ්න කර ගත්ත අය ගොඩක් හිටියා.

මේවා ප‍්‍රශ්න කරගත්ත අයට අභිෂේකා උත්තරයක් නොදෙන්නේ ඇයි?

සිරස ඇතුළට මම එන්නේ නිවේදිකාවක් විදිහටවත්, ගායිකාවක් විදිහටවත් නෙමෙයි. මම එන්නේ විනිශ්චයකාරියක් විදිහට. තව දෙයක් තමයි මේ රියැලිටිවල විනිසුරු මඩුල්ල හැසිරිය යුතු ආකාරයක් තියෙනවා. ජූනියර් සුපර් ස්ටාර් එකට මාවත්, ප‍්‍රදීප්වත්, හේශාන්වත් තෝරාගන්න හේතුවක් තිබුණා. මටත් තිබුණා සාම්ප‍්‍රදායික විදියට ‘පුතේ ඔයාට සුබ පැතුම් ඊළඟ වටේ හමුවෙමු.’ කියලා, යවන්න අන්න එතකොට පේ‍්‍රක්ෂකයෝ කියයි. අම්මේ ඒ තුන්දෙනා හරිම හොඳයි කියලා. සම්ප‍්‍රදායිකව අත්දෙක බදාගෙන පුංචි පැටවුන්ට ගුණ දොස් කිව්වට තේරෙන්නේ නැහැ. මම කළේ දරුවන්ට හදවතින් ළංවුණ එක විතරයි. මම අම්මා කෙනෙක් දරුවෝ එක්ක ඉන්න ඕන විදිහ මම දන්නවා. මම දරුවෝ ඉදිරියට අසංවර විදිහට ඇඳගෙන ගියේ නැහැ. මම දරුවන්ගේ ඔලූවට අසංවර දේවල් දාලා නැහැ. ඒ වගේ වැඩසටහන් ඕන තරම් තියෙනවා. ඒවා ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. මම පොඞ්ඩක් හිනාවෙලා ඉංග‍්‍රීසි වචනයක් කිව්වා කියලා වෙබ් සයිට් කාරයෝ පොඩි කෑල්ලක් අල්ලන් කෑ ගහනවා. මට බලා ඉන්න බැරිම තැන සමහර වෙබ් සයිඞ්වලට කතා කරලා ඇහුවා ඇයි මල්ලි මේ වගේ දේවල් කරන්නේ කියලා. මම සංගීතය දන්නවා කියලා මිනිස්සුන්ට ඇහෙන්න මට කියන්න ඕන නැහැ. මට ඕන වේදිකාවේ ඉන්න දරුවාට යම් දැනුමක් දෙන්න පමණයි.

ඉංග‍්‍රීසි බසින් දරුවන්ට විනිශ්චය දීම විනිසුරු මඩුල්ලකට සාධාරණද?

ඒක තමයි ආන්දෝලනාත්මක වුණේ. අනේ මම කියන්නේ අපේ දරුවන් ගැන අඩු තක්සේරුවට හිතන්න එපා. අපි ඉංග‍්‍රීසි කතා කරන ජාතියක් නොවුනට අපේ දරුවොත් ඇමෙරිකාවේ දරුවෝ තරම්ම දක්ෂයි.

විනිශ්චය මණ්ඩලයක වාඩි වෙන්න අභිෂේකාට මොනවද තියෙන සුදුසුකම්. මේවා ප‍්‍රශ්න කර ගත්ත අයට දැන් අභිෂේකාට උත්තර දෙන්න පුළුවන්?

මම නිවේදිකාවක් සංගීත විශාරදවරියක්, ආර්ථික විද්‍යාව හා මාධ්‍ය පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත‍්‍රවේදිනියක්, ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යාවක්, රූපලාවන්‍ය ශිල්පිණියක්, දැනට මගේ උපාධි සියල්ලම වගේ අවසන් කරලා ඉවරයි. මේ වනකොට කැලණිය විශ්වවිද්‍යාලයේ සංගීත අංශයෙන් ශාස්ත‍්‍රපති උපාධිය හැදෑරීම කරගෙන යනවා. හැබැයි දැන් මම නිවේදනයට තිත තියලා අවුරුදු දහයක් වෙනවා.

මෙවැනි භාරදුර කටයුත්තකට නවකයෙන් විදිහට මේ කටයුත්ත භාරගනිද්දී අභිෂේකාත් මොනවද හිතුණේ?

මාව ගොඩක් අය අඳුරන්නේ නිවේදිකාවක් විදිහට. මට සංගීතය ගැන දැනුමක් තියෙනවා කියලා හිතනවා තමයි. ඒත් මට වඩා මේ පුටුවේ වාඩි වෙන්න සුදුසු අය ඕන තරම් ඉන්නවනේ කියන එක මට මුලින්ම කතා කරපු වෙලාවෙම මම කිව්වා. මම මේකට සුදුසු නැහැ කියලා මටම හිතුණා. මට සම්මාන ලැබිලා නැහැ. මම සිංදු කියලා තියෙන්නේ බොහොම සුළු ප‍්‍රමාණයක්. ඇයි මට කතා කළේ කියන ප‍්‍රශ්නය පේ‍්‍රක්ෂකයන්ට වගේම මටත් දැනුණ දෙයක්. ඒ වගේ ආරාධනාවක් ලැබුණ එක ගැන සතුටුයි. අවුරුදු පහළවක් ක්ෂේත‍්‍රයේ හිටියට ගොඩක් අය මාව අඳුරන්නේ ජුනියර් සුපර් ස්ටාර් එක්ක. මම ක්ෂේත‍්‍රයට ඇවිත් පොඩි කාලයක් වුණත් මම කලා ජීවිතේ වගේම පෞද්ගලික ජීවිතෙත් බොහෝ දේවල් ජය අරගෙන තියෙනවා. ව්‍යාපාරික කාන්තාවක් විදිහට ඒ ගැන මට හරිම ආඩම්බරයි. කාන්තාව හැමදාම දෙවැනි පේළියේම ඉන්න ඕන කියන සමාජ මතය අපි කඩන්න ඕන.

 


Latest News

අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-01-17 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
මහින්දයේ නවෝද්‍ය අන්තර් පාසල් ක්‍ර‍ිකට් වල නව වාර්තාවක් තියයි මහින්දයේ නවෝද්‍ය අන්තර් පාසල් ක්‍ර‍ිකට් වල නව වාර්තාවක් තියයි 2018-01-17 - සිංගර් කුසලාන අන්තර් පාසල් වයස අවුරුදු 13 පහල හා 15 පහල (පලමු පෙල) ඉතිහාසයේ පලමු... More detail
මහින්ද ඊළගට ගහන පෝස්ටරය ගැන ලක්ෂ්මන් යාපා කියයි මහින්ද ඊළගට ගහන පෝස්ටරය ගැන ලක්ෂ්මන් යාපා කියයි 2018-01-17 - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  පෝස්ටර් ගහගෙන ආණ්ඩු හදන්න දගලන ආකාරයටම ඊළගට... More detail
විද්‍යා, තාක්ෂණ සහ පර්යේෂණ ක්ෂේත්‍ර ඉහළනංවන්න රුසියාව සමග සාකච්ජා විද්‍යා, තාක්ෂණ සහ පර්යේෂණ ක්ෂේත්‍ර ඉහළනංවන්න රුසියාව සමග සාකච්ජා 2018-01-17 - දිවයිනට පැමිණ සිටින රුසියාවේ රොසැටම් රාජ්‍ය සංස්ථාවේ නියෝජිත පිරිසක් හා ... More detail
මෛත්‍රී ඉවත්වෙනවා නම් රනිල් ජනාධිපති කරන්න අපි සුදානම් මෛත්‍රී ඉවත්වෙනවා නම් රනිල් ජනාධිපති කරන්න අපි සුදානම් 2018-01-17 - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිධූරයේ සිටිය නොහැකි යැයි ඉවත් වනවා නම්... More detail
මෛත්‍රී නැගිට ගිය වේදනාව රාජිත හෙළිකරයි මෛත්‍රී නැගිට ගිය වේදනාව රාජිත හෙළිකරයි 2018-01-17 - පිට ඉදන් ගහනවට වඩා ආණ්ඩුව ඇතුලේ සිට ගහද්දී වේදනාව වැඩි බව කැබිනට් සම මාධ්‍ය... More detail
වික්ටර්ගේ බිරිදට අද ලැබුණු තීන්දුව මෙන්න වික්ටර්ගේ බිරිදට අද ලැබුණු තීන්දුව මෙන්න 2018-01-17 - රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ර... More detail
කැබිනට්ටුව අතරතුර මෛත්‍රී නැගිට යාම ගැන රාජිත අමුතු කතාවක් කියයි කැබිනට්ටුව අතරතුර මෛත්‍රී නැගිට යාම ගැන රාජිත අමුතු කතාවක් කියයි 2018-01-17 - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (16) පැවති කැබිනට් රැස්වීම අතරතුර නැගිට ගියේ... More detail
ඩිංගියෙන් ගෙනියන්න හැදු රත්තරන්වලට වුණු දේ මෙන්න ඩිංගියෙන් ගෙනියන්න හැදු රත්තරන්වලට වුණු දේ මෙන්න 2018-01-17 - රුපියල් මිලියන 50කට වැඩි වටිනාකමකින් යුත් රත්‍රන් තොගයක් උතුරු මුහුදේ දී නාවික... More detail
ජල රොකට්ටුවෙන් කොළඹ රාජකීයන් ගිනස් පොතට ගිය හැටි මෙන්න ජල රොකට්ටුවෙන් කොළඹ රාජකීයන් ගිනස් පොතට ගිය හැටි මෙන්න 2018-01-17 - තත්පර පහක කාලයක් තුළ ජල රොකට් 2000 ක් ගුවන්ගත කිරීමෙන් ගිනස් වාර්තාවක් තැබීමට... More detail
කාසියේ වාසිය දිනා ගනිමින් ඇන්ජි දෙවැනි ගමන අරඹයි කාසියේ වාසිය දිනා ගනිමින් ඇන්ජි දෙවැනි ගමන අරඹයි 2018-01-17 - බංගලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා කන්ඩායම මුහුණ දෙන... More detail
බැදුම්කර මුලික වාර්තාව ලබාදීම ගැන රවී කියන තද කතාව මෙන්න බැදුම්කර මුලික වාර්තාව ලබාදීම ගැන රවී කියන තද කතාව මෙන්න 2018-01-17 - ජනාධිපති කාර්යාලයේ කිහිප දෙනෙකුගේ අවශ්‍යතාව මත බැදුම්කර කොමිසමේ මූලික වා... More detail
ගායන ශිල්පි රජිව් අත්අඩංගුවට ගැනීමට නියෝග ගායන ශිල්පි රජිව් අත්අඩංගුවට ගැනීමට නියෝග 2018-01-17 - සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට රුපියල්  ලක්ෂ තුනක අත්තිකාරමක් ලබාගෙන එම ප්‍... More detail
ශ්‍රීලනීපයට වුණ දේට වගකියන්න ඕනේ මහින්දයි ශ්‍රීලනීපයට වුණ දේට වගකියන්න ඕනේ මහින්දයි 2018-01-17 - එජාපය එක්ක ආණ්ඩු කිරිම ගැන චෝදනා කළත්, ශ්‍රී ලනිපක්ෂයට එවැනි තත්ත්වක් ඇති කළේ... More detail
බාල වයස්කාර විවාහ ගැන උසාවියෙන් අලුත් තීන්දුවක් බාල වයස්කාර විවාහ ගැන උසාවියෙන් අලුත් තීන්දුවක් 2018-01-17 - බාලවයස්කාර විවාහ සම්බන්ධයෙන් අධිකරණයක් විසින් ලබාදුන් සුවිශේෂී තීන්දුවක්... More detail
බේරුවලදී තරුණියක් දුම්රියට බිලි වෙයි බේරුවලදී තරුණියක් දුම්රියට බිලි වෙයි 2018-01-17 -  මරදාන සිට අළුත්ගම දක්වා ධාවනය වු දුම්රියක ගැටීමෙන් ඊයේ (16) බේරුවල, මරක්කලාවත්ත... More detail
මැතිව්ස් අද දෙවැනි ගමන අරඹන හැටි මෙන්න මැතිව්ස් අද දෙවැනි ගමන අරඹන හැටි මෙන්න 2018-01-17 - ඇන්ජෙලෝ මැතිව්ස් ඔහුගේ නායකත්වයේ දෙවැනි ගමන අද (17) බංග්ලාදේශයේ ඩැකා නුවරදී ... More detail

 

Gossip

Foreign

බාල වයස්කාර විවාහ ගැන උසාවියෙන් අලුත් තීන්දුවක් බාල වයස්කාර විවාහ ගැන උසාවියෙන් අලුත් තීන්දුවක් 2018-01-17 - බාලවයස්කාර විවාහ සම්බන්ධයෙන් අධිකරණයක් විසින් ලබාදුන් සුවිශේෂී තීන්දුවක්... More detail
දකුණු චීන මුහුදට තෙල් පැල්ලමක් දකුණු චීන මුහුදට තෙල් පැල්ලමක් 2018-01-16 - දකුණු චීන මුහුදේ ගිලූණු ඉරාන සාංචි තෙල් නැව හේතුවෙන් එහි විශාල තෙල් පැල්ලමක්... More detail
පේරු රාජ්‍යයේ ප්‍රබල භූකම්පනයක් පේරු රාජ්‍යයේ ප්‍රබල භූකම්පනයක් 2018-01-15 - දකුණු ඇමරිකාවේ පේරු රාජ්‍යයේ දකුණ ප්‍රදේශයේ රික්ටර් පරිමාණයේ 7.1 ක ප්‍රබලත... More detail
පොලේ බඩු විකුණනවා වගේ පොලේ තියන් තරුණියන් විකුණලා පොලේ බඩු විකුණනවා වගේ පොලේ තියන් තරුණියන් විකුණලා  2018-01-15 - මුදලට හැමදේම විකිණෙන අද කාලේ අදහාගන්න බැරි දේවලුත් සිද්ධ වෙනවා. More detail
පොලීසියේ ඉද්දී තරුණියන් 22ක් දුෂණය කර මරලා පොලීසියේ ඉද්දී තරුණියන් 22ක් දුෂණය කර මරලා 2018-01-12 - හිටපු රුසියානු පොලිස් නිලධාරියෙකු තරුණියන් 22 ක් දුෂණය කර මරා දැමිමේ  බියකරු... More detail
සචින් ටෙන්ඩුල්කාර්ගේ දියණියව පැහැරගන්න ගිය කෙනාට සිදු වුණු දේ මෙන්න සචින් ටෙන්ඩුල්කාර්ගේ දියණියව පැහැරගන්න ගිය කෙනාට සිදු වුණු දේ මෙන්න 2018-01-12 - ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්ගේ දියණිය වූ සාරා තෙන්ඩුල්කාර්ට ... More detail
අයහපත් කාලගුණයෙන් 13 දෙනෙක් මරුට අයහපත් කාලගුණයෙන් 13 දෙනෙක් මරුට 2018-01-11 - දකුණු දිග කැලිෆෝනියාවට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින්... More detail