පියුමි හංසමාලි කියන්නේ ගොසිප් මවන රංගන ශිල්පිනියක්.

ඇය පසුගිය දවසක සහභාගි වුණු කොරියාවේ සංචාරයේදී මුහුණු දීමට සිදු වුණු සිද්ධියක් පිළිබදව පළවුණු පුවත් ගැන මාධ්‍යයට අදහස් දක්වා තිබුණේ මේ විදියට.

කොරියා ගිහින් පියුමිට මොකද්ද මේ වුණා කියන්නේ?

ඔය ගොසිප්වල යන තරම් දෙයක් වුණේ නැහැ. නමුත් හිතාමතාම දහ දෙනෙක් විතර එකතුවෙලා මට පහරදීමක් කළා කියලා එයාලම වීඩියෝ කරලා එයාලම ඒ වීඩියෝ සමාජ මාධ්‍යවලට අප්ලෝඩ් කරලා තියෙනවා. මට බනින වීඩියෝ වුණත් ප්ලෑන් කරලා වීඩියෝ කරලා තියෙන්නේ. ඒ සිද්ධ වුණ දේ ගැන මට හරි දුකයි.

පියුමිට විරෝධයක් එල්ල වුණේ බැනුම්වලින් විතරද?

ප්‍රසංගයේ සංවිධායකවරයා මට කිව්වා ප්‍රසංගයට ඇවිත් ඉන්න අයට හායි කියන්න කියලා. ස්ටේජ් එකට අඩි දහයක් විතර අෑතින් යකඩ වැටක් තිබුණා. මම ස්ටේජ් එකට නැඟලා විනාඩියක් වගේ යන්න කලින් ඒ ඔක්කොම කට්ටිය වැට කඩාගෙන ඉස්සරහට ආවා. මට හිතාගන්න බැරිවුණා මෙච්චර ප්‍රේක්ෂක පිරිසක් මට ඉන්නවද කියලා. ඒ අතරේ ප්‍රසංගයේ ආරක්ෂාවට හිටපු අයත් ස්ටේජ් එකට ආවා. ආරක්ෂාවට හිටපු අය ප්‍රේක්ෂකයෝ ඉස්සරහට එන එක වළක්වද්දී ප්‍රේක්ෂකයෝ ඒ අයටයි බෝතල්වලින් ගැහුවේ. ඒ ගහපු බෝතලයක් තමයි මගේ ඔළුවට උඩින් ගියේ. ඒ ගහපු එක බෝතලයක්වත් මට වැදුණේ නෑ.

හැබැයි ගොසිප් පළවෙන්නේ පියුමිට කෙසෙල් ගෙඩිවලින් පහර දුන්නා කියලනේ?

අනේ නැහැ. ඒක තනිකර බොරුවක්. එක කෙසෙල් ගෙඩියක්වත් ගැහුවෙ නැහැ. ඒ ප්‍රසංගයට ගිය කලාකරුවෝ ඉන්නවා. බෑන්ඩ් එකේ අය ඉන්නවා. ඒ ඕන කෙනකුගෙන් අහන්න පුළුවන්. කිසිම කෙනෙක් කෙසෙල් ගෙඩිවලින් ප්‍රහාර එල්ල කළේ නැහැ.

පියුමිව බලන්න කට්ටිය පොරකෑවා නම් පියුමිට විරෝධය පළ කරන්න ඕන වුණේ කාටද?

මම කොරියාවට යනවට විරුද්ධව කිහිප දෙනෙක් හිටියා. ඒ අය තමයි පියුමි අපිට එපා කියලා කිය කියා ඒක වීඩියෝ කරලා ගොසිප් සයිට්වලට දාලා තියෙන්නේ.

පියුමි කොරියා යනවට විරුද්ධ පිරිසක් ඉන්නවා කියලා කලින් දැනගෙන හිටියද?

මට සංවිධායකවරයා දුරකතන ඇමතුමක් දීලා කිව්වා ලංකාවේ සමහර නිළියෝ ඇහුවලු ඇයි පියුමි හංසමාලි ගෙන්නන්නේ කියලා. පියුමි හංසමාලි සිංදු කියන්න දන්නෙත් නෑ. නටන්නෙත් නෑ කියලා. ඒ නිසා ප්‍රශ්න ඇතිවෙයිද දන්නෑ කියලා සංවිධායකවරයා කිව්වා. මගේ ජොබ් එක සිංදු කියන එකවත් නටන එකවත් නෙවෙයි. මම මොඩ්ල් කෙනෙක්. එහේ කට්ටිය මාව බලන්න ආසයි කියපු නිසා තමයි මම ඒ ප්‍රසංගයට ගියේ. මම සිංදු කියන්නවත් නටන්නවත් නෙවෙයි ස්ටේජ් නැග්ගේ.

ප්‍රශ්නයක් ඇතිවෙයි කියලා කිව්වා නම් පියුමිට කොරියා ප්‍රසංගයට නොයා ඉන්න තිබ්බනේ?

සංවිධායකවරයා එහෙම කිව්වම මම කිව්වා ප්‍රසංගයට එන්න බෑ කියලා. එතකොට මට ප්‍රසංගය වෙනුවෙන් ඇඩ්වාන්ස් දීලාත් ඉවරයි. මම ඇඩ්වාන්ස් එක ආපහු දෙන්නම් කිව්වම ඔවුන් මට කිව්වා එහෙම කරන්න එපා එන්න කියලා. ඊට පස්සේ තමයි මම ප්‍රසංගයට එන්නම් කිව්වේ. කොරියාවේ සිඟිති පාතාලය ඉන්නවා. ඒ අය තමයි ඔය වීඩියෝ අරගෙන දැම්මේ.

පියුමි කොරියා ප්‍රසංගයට සහභාගි වෙනවට ක්ෂේත්‍රයේ අයද විරුද්ධ වෙලා තියෙන්නේ?

සමහර විට එහෙම ක්ෂේත්‍රයේ කිහිප දෙනෙක් එකතු වෙලා කරපු දෙයක් වෙන්න පුළුවන්. මම ඒ ටුවර් එක යනවා කියලා දැන ගත්තම සමහර රංගන ශිල්පිනියන් කතා කරලා මගෙන් ඇහුවා ඔයා යනවා නේද අපිත් ගිය සැරේ ගියා කියලා. ඒ කතා කරපු අයත් මගෙන් ඇහුවා මට සිංදු කියන්න පුළුවන්ද කියලා. මාව බලන්න ඉන්න ප්‍රේක්ෂක පිරිසට මාව පෙන්නන්න තමයි මාව ලොකු ගාණක් දීලා ගෙන්න ගත්තේ. ඒක අපේ ගොඩක් අයට දරා ගෙන ඉන්න බැහැ.

ඇයි ඒ?

සමහරු මුළු ප්‍රසංගයටම ගන්න ගාණ තමයි මම ස්ටේජ් නැඟලා විනාඩි පහකින් ගත්තේ. මට ඒකට කරන්න දෙයක් නැහැ.

පියුමි ප්‍රසංගයෙදි සිංදු කිව්වා නේද?

මම සිංදු කිව්වේ නැහැ. අවන්ති කලින් දවසේ රෑ ඉඳන් සිංදුව පුහුණු වුණා. එයා කියද්දි මමත් මාව අල්ල ගන්න හදන වීරයා කියලා සිංදුව කියාගෙන හිටියා. අවන්ති ප්‍රසංගයෙදී ඒ කොටස කියන්න මට මයික් එක දුන්නා. මට කර කියාගන්න දෙයක් නැති නිසා මම ඒ කොටස කිව්වේ.

පළමුවැනි ප්‍රසංගයේදී ඒ වගේ ප්‍රශ්නයක් මතුවෙලත් පියුමි ඊළඟ ප්‍රසංගයකත් ස්ටේජ් නැග්ගා නේද?

පුළුවන්නම් ආයේ ස්ටේජ් නඟින්න කියලා සමහරු මට කිව්වා. මම තුන්වැනි වතාවටත් ස්ටේජ් නැග්ගා. තුන්වැනි ෂෝ එක සංවිධානය කළේ මහේෂ් කියලා කෙනෙක්. එයාලා ගානට වග බලා ගත්තා මට කරදරයක් නොවෙන්න. ප්‍රේක්ෂකයන්ට මාව බලන්න ඕන කිව්ව නිසා තමයි එක විනාඩියකට හරි ස්ටේජ් නැග්ගේ. ඒ විනාඩියටත් මම මගේ ගාණ ගත්තා.

මේ වෙච්ච දේ ගැන සංවිධායකවරුන්ගෙන් මොන වගේ ප්‍රතිචාරයක්ද ලැබුණේ?

කියන්න ලැජ්ජයි. රණ්ඩුව ඇතිවුණු ෂෝ එක දවසේ සංවිධායක මණ්ඩලයේ ප්‍රභාෂ් කියන පුද්ගලයා මට සොරි කිව්වෙවත් නැහැ. පියුමි හංසමාලිට ආයේ කොරියා එන්න බෑ කියලා වොයිස් කට් එකක් දීලා තියෙන කොල්ලා සම්බන්ධයෙන් නම් අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා ඉදිරියේදී.

සමහර නිළියෝ ගොසිප් වෙබ් අඩවිවලට තමන්ගේ ගොසිප් දීලා ජනප්‍රිය වෙන්න බලනවා. පියුමිත් ඒ වගේ කෙනෙක්ද?

මම ගොසිප් දෙනවා නම් ඕන කෙනකුට පුළුවන් ඒක ඔප්පු කරන්න. මම අද වෙනකල් කිසිම ගොසිප් පේජ් එකකට කියලා ගොසිප් එකක් දාගෙන නැහැ. සමහරු නම් ඒ වගේ දේවල් කරනවා. මට ඒ වගේ දේවල් කරන්න ඕනෙ නැහැ. මම මොන දෙයක් කළත් ඒක ගොසිප්. නිදාගෙන නැඟිටිද්දිත් ඒක ගොසිප් එකේ ගිහින්.

මේ සිදුවුණ සිද්ධියත් එක්ක ක්ෂේත්‍රයේ සමහර අයත් පියුමිට මඩ ගහලා තිබුණා?

ඔව්. රජිත හිරාන්ගේ වීඩියෝ එක දැක්කම මට ලැජ්ජ හිතුණා. ලංකාවේ නිළියක් ගැන පිරිමියෙක් එහෙම කතා කරපු විදිය ලැජ්ජා සහගතයි. මට ගැහුවා කියලා ඒකට කොරියාවල කොල්ලන්ට සුබ පතනවා කියලා ඔහු කියලා තිබ්බා. ඇත්තටම මොකක්ද එතකොට ඔහුගේ තත්ත්වය.

හැබැයි රජිත ඒ පළ කරපු වීඩියෝවෙන් කිව්ව දේ නිවැරැදි කරලා තිබුණා නේද?

රජිත හිරාන් කියන විකට නළුවා විකටයෙක් කියලා මේ වීඩියෝවෙන් දැන ගත්තා. පළමුවැනි වීඩියෝවේ ඔහු කියනවා පියුමි හංසමාලි රටට මොනවද කළේ කියලා. මම ජාත්‍යන්තරයට ගිහින් රට වෙනුවෙන් ඕඥඵබ ථධඤඥත ධට බඩඥ ඹධපතඤ කිරුළ 2016දී ලංකාවට ගෙනාවා. පින්පොන් කළේ ගොන් ජෝක් දදා හිනාවෙවී හිටපු එක විතරයි. ඔහුට ඉරාජ් එක්ක තරහක් තියෙනවා නම් ඒක ඉරාජ් එක්ක විසඳගන්න ඕනෑ. සෙල්ෆි වීඩියෝවක් අරගෙන පොර වෙන්න ගිහින් එයා බලු වෙලා ඉන්නේ. පස්සේ එයා සමාව ඉල්ලලා වීඩියෝවක් දාලා තිබුණා. තුන්වැනි වීඩියෝවේ එයා කියනවා ඔහු එහෙම කිව්වේ මමයි ඉරාජුයි ඔහුට එහෙම කියන්න කියපු නිසාලු.

ඉරාජ් සහ පියුමි, රජිතට එහෙම නිවැරැදි කිරීමක් කරන්න බල කළේ නැද්ද?ඒ වීඩියෝව අයින් කර ගන්න කියලා මම කිසිම මොහොතක ඔහුට කිව්වේ නැහැ. මම ඔහුට කතා කරලා ඇහුවේ ඇයි මෙහෙම දෙයක් කළේ? මාත් එක්ක තියෙන තරහා මොකක්ද කියලා විතරයි. ඔහු තමයි කිව්වේ එයාට අවුල ඉරාජ් එක්ක. ඔයාට අවුලක් නම් වීඩියෝව අයින් කර ගන්නම් කියලා. ඔහු කිව්ව දේවල් මගේ දුරකතනයේ රෙකෝඩ් වෙලා තියෙනවා. රජිතගේ සිංහ නාද බලු කෙඳිරි. මම නම් පින්පොන් ගැන කතා කරන්නවත් කැමැති නැහැ.

ඉරාජ්ගේ මියුසික් වීඩියෝවේ රඟපාපු නිසා මේ විරෝධය මතු වුණා කියලනේ බොහෝ අය කියන්නේ. ඒ වගේ මියුසික් වීඩියෝවට සම්බන්ධ වීම ගැන පියුමි කනගාටු වෙන්නේ නැද්ද?ඒක ගැන දැන් කනගාටු වෙලා කිසිම තේරුමක් නැහැ. ඒක මම කරලා ඉවරයි. ලංකාවේ මිනිස්සු තේරුම් ගන්නවා මේක එක රඟපෑමක් විතරයි කියලා.

ලංකාවේ ප්‍රවීණ ගායකයෙක්ට මඩ ගහන්න කරපු වීඩියෝවක් නිසා නේද ඒ වීඩියෝවට විරෝධය මතු වෙන්නේ?

ඒ විරෝධය මතු වෙන්න ඕන මට නෙවෙයි. ඒ විරෝධය මතුවෙන්න ඕනෑ ඉරාජ් වීරරත්නට. මම රංගන ශිල්පිනියක් විදිහට එයට රංගනයෙන් දායක වුණා පමණයි.

සල්ලි හම්බ වෙනවා නම් රංගන ශිල්පිනියක් විදිහට පියුමි ඕනම නිර්මාණයකට සම්බන්ධ වෙනවද?

සල්ලි හම්බවෙන නිසා මම හැම නිර්මාණයකටම සම්බන්ධ වෙන්නේ නැහැ. මට ගොඩක් මීට කලින් වැඩ ආවා. ඉල්ලන මුදල දෙන්න කැමැති වුණා. ලිප් කිස් තියෙන දේවල් මම භාර ගත්තේ නැහැ. මම බ්ලූ ෆිල්ම් එකක් වගේ කළා නම් තමයි ලංකාවේ මිනිස්සු දඟලන්න ඕනෑ. ලංකාවේ බොහෝ නිළියන් ඉන්නවා ඒ වගේ චිත්‍රපට කරපු. මියුසික් වීඩියෝවේ මගේ පිට පේන එකටද මිනිස්සු ඔච්චර දඟලන්නේ. මම,කරන්න පුළුවන්, මම කැමැති නිර්මාණ භාර ගන්නවා.

නිර්මාණ කටයුතු පැත්තෙන් මොනවද සිද්ධ වෙන්නේ?

උදයකාන්ත වර්ණසූරියගේ වස්සානයේ සඳ චිත්‍රපටය එළි දැක්වෙන නිසා ලබන සතියේ මම ඕස්ට්‍රේලියා යනවා. මට එන ගොන් ෆිල්ම්ස් මම භාර ගන්නේ නැහැ. මම වැදගත් අධ්‍යක්ෂවරයෙක්ගේ චිත්‍රපටයක්, ටෙලි නාට්‍යයක් ආවොත් විතරයි භාර ගන්නේ. මට ජනප්‍රිය වෙන්න නිර්මාණ අවශ්‍ය නැහැ. මගේ මුදල ගෙවලා ගන්න නිර්මාණවලට මම සම්බන්ධ වෙනවා. මට හැම චිත්‍රපටයකම ඉන්න අවශ්‍යත් නැහැ.

 

 


Latest News

නිපුන සහල් අධිපතිගේ දියණිය හදිසියේ මිය යයි නිපුන සහල් අධිපතිගේ දියණිය හදිසියේ මිය යයි 2018-01-18 - රටම දන්නා “නිපුන සහල්” අධිපති තුමා වන, ප්‍රභල මන්ත්‍රීවරයෙක් වූ සිරිපාල ගම... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-01-18 - ඔබ සැමට යහපතක්ම වේවා!.......  More detail
පර්පචුවල් සමාගමෙන් මුළු මුදලම ගන්නවා - හවුල්කරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන පර්පචුවල් සමාගමෙන් මුළු මුදලම ගන්නවා - හවුල්කරුවන්ට නීතිය ක්‍රියාත්මක කරනවා 2018-01-18 - කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න අපි උපරිමයෙන් ක්‍රියාමාර්ග ගන්නා බව අග... More detail
හිටපු ජනපති බිරිදට ලැබුණු අපුරු උපන්දින තැග්ග මෙන්න හිටපු ජනපති බිරිදට ලැබුණු අපුරු උපන්දින තැග්ග මෙන්න 2018-01-18 - ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමාගේ බිරිඳ වන මිෂෙල් ඔබාමා ඇයගේ 54 වැනි ජන්ම... More detail
ප්‍ර‍ශ්න ආවොත් මාව ඇපේට තියන්න එපා - කාවිංග ගැන මතුපිටින් නොබලා දුව දුන් දුකා... ප්‍ර‍ශ්න ආවොත් මාව ඇපේට තියන්න එපා - කාවිංග ගැන මතුපිටින් නොබලා දුව දුන් දුකා මාමා කියයි 2018-01-18 - කාංවිග පෙරේරා ගැන පසුගියදා අලුත් කතාබහක් ඇතිවුනේ ඔහු විවාහ වීමත් සමගයි. More detail
ගුවන් ගමන් වාර වල වෙනසක් ගුවන් ගමන් වාර වල වෙනසක් 2018-01-18 - ඉන්දියානු ගුවන් සීමාවේ අත්හදා බැලීමේ ගුවන් ගමනක් ක්‍රියාත්මක විම හේතුවෙන්... More detail
මත්පැන් ඉල්ලා ජනප්‍රිය නිළි සමනලී උසාවි යයි මත්පැන් ඉල්ලා ජනප්‍රිය නිළි සමනලී උසාවි යයි 2018-01-18 - කාන්තාවන්ට මත්පැන් අලෙවි සැල්වල සේවය කිරීමට හා මත්පැන් මිලදී ගැනීමට තිබූ ... More detail
මහින්ද - රනිල් එක්ක ආණ්ඩු හදපු හැටි ගැන හෙළිවෙයි මහින්ද - රනිල් එක්ක ආණ්ඩු හදපු හැටි ගැන හෙළිවෙයි 2018-01-18 - එක්සත් ජාතික පක්ෂයත් එක්ක ඉස්සෙල්ලම ආණ්ඩුවක් හැදුවේ මෛත්‍රිපාල සිරිසේන නොව... More detail
ශශිකා නැවතත් විවාහ වෙයි ශශිකා නැවතත් විවාහ වෙයි 2018-01-18 - ජනප්‍රිය ගායන ශිල්පි ශශිකා නිසංසලා ආයෙත් පාරක් විවාහ වෙලා තියෙනවා. More detail
එජාපයට රිදුනට මෛත්‍රී ඉන්නකම් අගමැතිට බැදුම්කර හොරකම වහන්න බැහැ එජාපයට රිදුනට මෛත්‍රී ඉන්නකම් අගමැතිට බැදුම්කර හොරකම වහන්න බැහැ 2018-01-18 - මෛත්‍රිගේ ආණ්ඩුවට හෙණ ගැහුවා වගේ සිදු වුණු  ශ්‍රී ලංකා මහ බැංකුවේ මහ හොරකම ... More detail
භූමිතෙල් කලවම් කරන ඉන්දන පිරවුම්හල් වලට සීල් තියයි භූමිතෙල් කලවම් කරන ඉන්දන පිරවුම්හල් වලට සීල් තියයි 2018-01-18 - නාවල පාරේ විවෘත විශ්ව විද්‍යාලය ඉදිරිපිට ඉන්ධන පිරවුම් හලේ පොම්ප සියල්ලට ... More detail
මාළු කපන පිහිය බෙල්ලට තියලා පුතා තමන්ගේම අම්මව කෙලෙසලා මාළු කපන පිහිය බෙල්ලට තියලා පුතා තමන්ගේම අම්මව කෙලෙසලා 2018-01-18 - පුතෙකු තම 70 වියැති මවගේ බෙල්ලට මාළු කපන පිහියක් තබා බිය කර ඇයව දුෂණය කොට පලා ... More detail
ඊළග ජනපතිවරණයටත් මෛත්‍රී එයි ඊළග ජනපතිවරණයටත් මෛත්‍රී එයි 2018-01-18 - යම් අවස්ථාවක ව්‍යවස්ථාව වෙනස් කිරීමට නොහැකි වුවහොත් මීළඟ ජනාධිපති වශයෙන්... More detail
බැදුම්කර ගනුදෙනුවේ වගකිවයුත්තන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි බැදුම්කර ගනුදෙනුවේ වගකිවයුත්තන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි 2018-01-18 - මහබැංකු බැඳුම්කර වංචාව පිළිබඳව සෙවීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිසමේ සහ ... More detail
ශ්‍රී ලංකාවට අන්තිම මොහොතේ වුණ වැඩේ මෙන්න - තිසරගේ උත්සහය ව්‍යර්ථ වෙයි ශ්‍රී ලංකාවට අන්තිම මොහොතේ වුණ වැඩේ මෙන්න - තිසරගේ උත්සහය ව්‍යර්ථ වෙයි 2018-01-18 - බංගලාදේශය පැවැත්වෙන තුන්කොන් එක්දින තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ  සිම... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-01-17 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
මහින්දයේ නවෝද්‍ය අන්තර් පාසල් ක්‍ර‍ිකට් වල නව වාර්තාවක් තියයි මහින්දයේ නවෝද්‍ය අන්තර් පාසල් ක්‍ර‍ිකට් වල නව වාර්තාවක් තියයි 2018-01-17 - සිංගර් කුසලාන අන්තර් පාසල් වයස අවුරුදු 13 පහල හා 15 පහල (පලමු පෙල) ඉතිහාසයේ පලමු... More detail

 

Gossip

Foreign

හිටපු ජනපති බිරිදට ලැබුණු අපුරු උපන්දින තැග්ග මෙන්න හිටපු ජනපති බිරිදට ලැබුණු අපුරු උපන්දින තැග්ග මෙන්න 2018-01-18 - ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමාගේ බිරිඳ වන මිෂෙල් ඔබාමා ඇයගේ 54 වැනි ජන්ම... More detail
බාල වයස්කාර විවාහ ගැන උසාවියෙන් අලුත් තීන්දුවක් බාල වයස්කාර විවාහ ගැන උසාවියෙන් අලුත් තීන්දුවක් 2018-01-17 - බාලවයස්කාර විවාහ සම්බන්ධයෙන් අධිකරණයක් විසින් ලබාදුන් සුවිශේෂී තීන්දුවක්... More detail
දකුණු චීන මුහුදට තෙල් පැල්ලමක් දකුණු චීන මුහුදට තෙල් පැල්ලමක් 2018-01-16 - දකුණු චීන මුහුදේ ගිලූණු ඉරාන සාංචි තෙල් නැව හේතුවෙන් එහි විශාල තෙල් පැල්ලමක්... More detail
පේරු රාජ්‍යයේ ප්‍රබල භූකම්පනයක් පේරු රාජ්‍යයේ ප්‍රබල භූකම්පනයක් 2018-01-15 - දකුණු ඇමරිකාවේ පේරු රාජ්‍යයේ දකුණ ප්‍රදේශයේ රික්ටර් පරිමාණයේ 7.1 ක ප්‍රබලත... More detail
පොලේ බඩු විකුණනවා වගේ පොලේ තියන් තරුණියන් විකුණලා පොලේ බඩු විකුණනවා වගේ පොලේ තියන් තරුණියන් විකුණලා  2018-01-15 - මුදලට හැමදේම විකිණෙන අද කාලේ අදහාගන්න බැරි දේවලුත් සිද්ධ වෙනවා. More detail
පොලීසියේ ඉද්දී තරුණියන් 22ක් දුෂණය කර මරලා පොලීසියේ ඉද්දී තරුණියන් 22ක් දුෂණය කර මරලා 2018-01-12 - හිටපු රුසියානු පොලිස් නිලධාරියෙකු තරුණියන් 22 ක් දුෂණය කර මරා දැමිමේ  බියකරු... More detail
සචින් ටෙන්ඩුල්කාර්ගේ දියණියව පැහැරගන්න ගිය කෙනාට සිදු වුණු දේ මෙන්න සචින් ටෙන්ඩුල්කාර්ගේ දියණියව පැහැරගන්න ගිය කෙනාට සිදු වුණු දේ මෙන්න 2018-01-12 - ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්ගේ දියණිය වූ සාරා තෙන්ඩුල්කාර්ට ... More detail