පාසලකදී ශිෂ්‍යයෙක් හෝ ශිෂ්‍යාවක් වැරැද්දක් කළ විට ඒ වෙනුවෙන් ඒ වැරදි කරපු කෙනාට තරාතිරම නොබලා දඬුවම් කරනවා.

එහෙම කරන්නේ ඒ අයත් එක්ක තියෙන තරහකට නෙවෙයි ඒ වැරැද්ද නැවත කරන්නේ නැති වෙන්න. හැබැයි මොකක්හරි දඬුවමක් දෙන්න කළින් වැරැද්ද මොකද්ද? ඇයි වැරදි කළේ කියලා හොයලා බලලා තමයි ගුරුවරු දඬුවම් දෙන්නේ. හැබැයි අද අපිට ආරංචි වූ සිද්ධිය නම් එහෙම එකක් නෙවෙයි.

මේ සිද්ධිය වෙලා තියෙන්නේ කැකිරාව අධ්‍යාපන කලාපයට අයත් ඩාටුගම ප්‍රදේශයේ රජයේ පාසලකයි.

10 වැනි වසරේ ඉගෙන ගන්නා සිසුවියකට එහි විනය පාලක කමිටුව සහ විදුහල්පතිවරිය විසින් ලබා දුන් අපූරු දඬුවමක් නිසා ඇය මේ වෙද්දි දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මඩාටුගම හැවැන්තැන්නේගම ප්‍රදේශයේ පදිංචි ඉතා දිළිඳු පවුලක දියණියක වන මෙම සිසුවිය මීට දින කිහිපයකට පෙර සුපුරුදු පරිදි උදේ ආහාරය නොගෙන පාසැලට ගොස් තිබෙනවා.

පසුව ඇය පාසලේදී වමනය කර ඇති අතර තවත් සිසුවියන් තිදෙනෙකු විදුහල්පතිනියට මේ බව දැනුම් දීලා තියෙන්නේ අදාළ සිසුවිය ගැබ් ගෙන ඇති බවයි.

මේ සිද්ධිය දැනුම් දීමත් එක්කම විදුහල්පතිනිය විසින් කිසිම සොයාබැලීමක් නොකර විනය මණ්ඩලයේ ගුරුවරුන් කිහිප දෙනෙක් සමග සාකච්ඡා කර ඒ මොහොතේම සිසුවියගේ මව්පියන් පාසලට ගෙන්වා සිසුවිය ගැබ් ගෙන ඇති බව දන්වා අස්වීමේ ලිපිය ලබා දී පාසලෙන් පිටත් කර යවා තිබෙනවා.

අනතුරුව දැරියගේ දෙමව්පියන් දැරිය දඹුල්ල මුලික රෝහලට ඇතුළත් කොට විදුහල්පතිනිය කී කථාව වෛද්‍යවරුන්ට පවසා තිබෙන අතර වෛද්‍යවරුන් දැරිය දින කිහිපයක් තබා ගෙන පරික්ෂා කර මෙම දැරියට කිසිදු අතවරයක් හෝ ගැබ් ගැනීමක් සිදුව නැති බවට ප්‍රකාශ කර තිබෙනවා.

දඹුල්ල මූලික රෝහලේ නාරි හා ප්‍රසව වෛද්‍යවරියත් අධිකරණ වෛද්‍ය නිලධාරියාත් මෙම සිසුවිය දැඩි ලෙස පරීක්ෂා කර බලා ඇති නමුත් විදුහල්පතිනිය කියන ආකාරයේ කිසිදු හානියක් දැරියට සිදු ව නොමැති නිසා රෝහල මගින් මේ පිළිබඳව ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කර ඇත.

මෙම සිද්ධියෙන් සිසුවිය දැඩි මානසික පීඩනයකට පත්ව සිටින නිසා ඇයගේ මනස සැකසීම සඳහා ඇයව තවදුරටත් රෝහලේ ප්‍ර‍තිකාර ලබමින් සිටී.

මෙම අවාසනාවන්ත සිදුවීමට මූණ පෑ දැරියගේ මව්පියන් කුඩා පැලක පදිංචිව සිටින දැරියගේ මව්පියන් ජීවිතය ගැට ගසා ගන්නේ කුලීවැඩ කරමින් ය.

දැරියගේ මව වූ ඩී. එම්. සෝමාවතී (57 )මහත්මිය කියා සිටියේ තම දියණිය පිළිබඳව පසුගිය දොළොස් වැනිදා විද්‍යාලයේ ගුරුවරයකු විසින් තමන්ට දුරකථනයෙන් කතාකොට පියා ද සමඟ පාසලට එන ලෙස දැනුම් දුන් බවයි.

එහි ගිය පසු තම දියණිය ගැබිනියක වී ඇති බව දැනුම් දී පාසලෙන් රැගෙන යන ලෙස තමන්ට දැනුම් දුන් බව ද ඇය පවසා තිබෙනවා. එහෙත් එම චෝදනාව තම දියණිය ප්‍රතික්ශේප කළ ද ගුරුවරුන් තනි මතයක සිටි බවද ඇය සඳහන් කළා.

ඉගෙනීමට වඩා දක්ෂතා ඇති තම දියණිය ට විරුද්ධව යම් කිසි සිසුවියන් පිරිසක් සිදුකළ චෝදනාවක් නිසා තමන්ට දියණිය පිළිබඳව බලවත් දුකක් ඇති වූ බවත් ගුරුවරුන් නගන චෝදනාව නිසාම තමන් රුපියල් 500ක මුදලක් ණයට ඉල්ලාගෙන තම දියණිය දඹුල්ල රෝහලට රැගෙන ගිය බවත් ඇය වැඩිදුරටත් සඳහන් කර ඇති අතර රෝහලේදී දුවගේ නිර්දෝෂිභාවය ඔප්පු වූ බවද ඇය හැඬු කඳුලින් පවසා තිබෙනවා.

මේ පිළිබඳව කරුණු විමසීම සඳහා අප මඩාටුගම රේවත ආදර්ශ විද්‍යාලයේ විදුහල්පති එස් .කේ . ගොඩකන්ද මහත්මියට දුරකතනයෙන් කතා කොට මේ පිළිබඳව විමසූ අවස්ථාවේ ඇය කියා සිටියේ මෙම සිසුවියගේ කල්කිරියාව හොඳ නැති නිසා මේ තීරණයට පැමිණි බවයි. මෙම සිසුවිය ගැබිනියක් බවට එම සිසුවිය විසින්ම තවත් සිසුවියන් දෙදෙනෙකු සමග සඳහන් කොට තිබූ නිසා ඇය විද්‍යාලයෙන් ඉවත් කිරීමට සිදු වූ බව ද ඇය ප්‍රකාශ කළා.

උද්ගත වූ තත්ත්වය මත සිසුවිය පාසලේ තබා ගැනීමට නොහැකි නිසා මව්පියන් විසින්ම සිසුවිය පාසලෙන් ඉවත් කර ගෙන ගිය බවද ඇය වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේවෙතත් සිසුවියගේ මවුපියන් පවසා ඇත්තේ තමන්ගේ එකම බලාපොරොත්තුව දියණියව එම පාසලට ඇතුලත් කිරීම බවයි. ගම්මුන් පවා මේ සිද්ධිය නිසා ගම අතහැර යන ලෙස පවසන බවද ඇය හැඬු කඳුලින් පවසා තිබෙනවා.


Latest News

අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-07-20 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
ලංකාවට ජපන් වාහන ගෙන්වීම නවතී - අධි වියදම් යුරෝපා වාහන ගෙන්වයි ලංකාවට ජපන් වාහන ගෙන්වීම නවතී - අධි වියදම් යුරෝපා වාහන ගෙන්වයි 2018-07-20 - ඛනිජ තෙල් අමාත්‍යාංශය විසින් යූරෝ ෆෝ නමින් නව ඉන්ධන ප්‍රමිතියක් වෙළඳපොලට ... More detail
"මලීක්ට ගහද්දි ඇයි චංචලා අඬන්නේ?" ඇමති මලීක්ට එරෙහි විවාදය මග හැරි අනුර කුමාර... 2018-07-20 - පාර්ලිමේන්තුවේ ඊයේ දින (19) පැවැති විවාදයකදි ඒකාබද්ධ විපක්ෂ පාර්ලීමේන්තු ම... More detail
ජ්‍යෙෂ්ඨ භික්ෂු උත්තමයෝ නවක භික්ෂුවගේ සිවුර ගලවා නිරුවත් කරලා - දස වද දීලා ජ්‍යෙෂ්ඨ භික්ෂු උත්තමයෝ නවක භික්ෂුවගේ සිවුර ගලවා නිරුවත් කරලා - දස වද දීලා 2018-07-20 - රුහුණු විශ්වවිද්‍යාලයේ පළමු වසරේ අධ්‍යාපනය හැදෑරීමට පැමිණි 26 හැවිරිදි නවක... More detail
ජනප්‍රිය නිළි තිසුරි යුවනිකාගේ මංගල දා නොදුටු ජායාරූප මෙන්න ජනප්‍රිය නිළි තිසුරි යුවනිකාගේ මංගල දා නොදුටු ජායාරූප මෙන්න 2018-07-20 - රසිකයින්ගේ ආදරය දිනාගත් දක්ෂ යොවුන් නිළියක වන තිසුරි යුවනිකා ඊයේ (19) යුග දිවියට... More detail
පොලිස් නිලධාරීන් දෙදෙනෙක් එක්ක පොලිස් කාන්තාවක් කාමරයක් ඇතුලේ කරපු වැඩේ - ... පොලිස් නිලධාරීන් දෙදෙනෙක් එක්ක පොලිස් කාන්තාවක් කාමරයක් ඇතුලේ කරපු වැඩේ - විඩියෝව 2018-07-20 - පොලිස් කාන්තාවක් සමග පොලිස් නිලධාරීන් දෙදෙනෙක් කාමරයක් තුළ කරන අමුතු සෙල්... More detail
ගාල්ල ක්‍රීඩාංගණය ගැන රජය ගත් තීරණය මෙන්න ගාල්ල ක්‍රීඩාංගණය ගැන රජය ගත් තීරණය මෙන්න 2018-07-20 - ගාල්ල ක්‍රීඩාංගණය වෙනත් ස්ථානයකට රැගෙන යාමේ සැලැස්මක් නොමැති බවත් ආන්දෝල... More detail
ඇලෝසියස්ගේ කූඩුවේ තිබූූ සිම්වලින් පාතාලයන්ට කෝල් අරන් ඇලෝසියස්ගේ කූඩුවේ තිබූූ සිම්වලින් පාතාලයන්ට කෝල් අරන් 2018-07-20 - බැඳුම්කර සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටින පර්පචුවල් ට්‍රෙෂරිස් ... More detail
උසස් පෙළ විභාගයට පෙනී සිටින පෞද්ගලික අපේක්ෂකයන්ට විශේෂ නිවේදනයක් උසස් පෙළ විභාගයට පෙනී සිටින පෞද්ගලික අපේක්ෂකයන්ට විශේෂ නිවේදනයක් 2018-07-20 - මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටිමට විභාග ප්‍රවේශ... More detail
සුරූපී රංගන ශිල්පිණිය අධ්‍යක්ෂකවරුන් ඉල්ලූ ලිංගික අල්ලස් ගැන හෙළිකරයි සුරූපී රංගන ශිල්පිණිය අධ්‍යක්ෂකවරුන් ඉල්ලූ ලිංගික අල්ලස් ගැන හෙළිකරයි 2018-07-20 - සුරූපී බොලිවුඩ් නිළියක්වන මල්ලිකා ශෙරාවට් සිදුකළ ප්‍රකාශයක් වෙත මේ වනවිට... More detail
වාර්තා පොත් අලුත් කරමින් කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පිත්ත අතට ගනී වාර්තා පොත් අලුත් කරමින් කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පිත්ත අතට ගනී 2018-07-20 - සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට්... More detail
යහපාලන ආණ්ඩුව හදන්න ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 585 ගත්තාද යහපාලන ආණ්ඩුව හදන්න ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 585 ගත්තාද 2018-07-20 - මේ රටේ යහපාලන ආණ්ඩුවක් ඇති කිරීමට ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව ලබාදුන් බව... More detail
සුරංගගේ නායකත්වයෙන් දකුණු අප්‍රිකාව සමග දෙවන ටෙස්ට් තරගය අද සුරංගගේ නායකත්වයෙන් දකුණු අප්‍රිකාව සමග දෙවන ටෙස්ට් තරගය අද 2018-07-20 - ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන ටෙස්ට් තරඟය කොළඹ එස්.එස්.සී. ක්‍රීඩ... More detail
මේක කරන්න එපා‘‘ - ගාල්ල ක්‍රීඩාංගණය ගැන පළමු වරට හිටපු නායකයාත් කතා කරයි මේක කරන්න එපා‘‘ - ගාල්ල ක්‍රීඩාංගණය ගැන පළමු වරට හිටපු නායකයාත් කතා කරයි 2018-07-20 - ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය එම ස්ථානයෙන් ඉවත් කිරීමට රජය ගෙන ඇති... More detail
18 හැවිරිදි තරුණියගේ කාමරයට නිරුවතින් ඇතුළු වූ තිදරු පියා වහලයේ තහඩුවකුත් ක... 18 හැවිරිදි තරුණියගේ කාමරයට නිරුවතින් ඇතුළු වූ තිදරු පියා වහලයේ තහඩුවකුත් කඩාගෙන පැන ගිහින් 2018-07-20 - අක්මිමන බටදුව හිරළුගොඩ ප්‍රදේශයේ නිවසකට නිරුවතින් ඇතුල් වු තිදරු පියෙකු අද... More detail
පාර්ලිමේන්තුවට පිරිමි ගණිකාවෝ ඇවිත් පාර්ලිමේන්තුවට පිරිමි ගණිකාවෝ ඇවිත් 2018-07-19 - පාර්ලිමේන්තුවේ පිරිමි ගණිකාවන් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේ... More detail
සිංගප්පූරුවට පැනලා යන්න එපා - හැංගෙන්න එපා - කෙලින් ඇවිත් උත්තර දෙන්න - රංජන් ... සිංගප්පූරුවට පැනලා යන්න එපා - හැංගෙන්න එපා - කෙලින් ඇවිත් උත්තර දෙන්න - රංජන් පාර්ලිමේන්තුවේදී මහින්දට අභියෝග 2018-07-19 - චීන සමාගම්වලින් මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ... More detail

 

Gossip

Foreign

සුරූපී රංගන ශිල්පිණිය අධ්‍යක්ෂකවරුන් ඉල්ලූ ලිංගික අල්ලස් ගැන හෙළිකරයි සුරූපී රංගන ශිල්පිණිය අධ්‍යක්ෂකවරුන් ඉල්ලූ ලිංගික අල්ලස් ගැන හෙළිකරයි 2018-07-20 - සුරූපී බොලිවුඩ් නිළියක්වන මල්ලිකා ශෙරාවට් සිදුකළ ප්‍රකාශයක් වෙත මේ වනවිට... More detail
ට්‍ර‍ම්ප් - පුටින් එකතුවේ,දෙරටේ මිත්‍ර‍ත්වය රැකගනී ට්‍ර‍ම්ප් - පුටින් එකතුවේ,දෙරටේ මිත්‍ර‍ත්වය රැකගනී 2018-07-17 - ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්... More detail
අවසන් මහා තරගයට තේරුනු පාපන්දු උන්මාදයත් සමග සූරූපි ක්‍රොඒෂියානු ජනපතිවරියගේ... අවසන් මහා තරගයට තේරුනු පාපන්දු උන්මාදයත් සමග සූරූපි ක්‍රොඒෂියානු ජනපතිවරියගේ අසැබි වීඩියෝවක් ලීක් වෙලා? 2018-07-13 - මේ දිනවල ලෝකවාසී බොහෝ දෙනාගේ අවධානය යොමුවෙලා තියෙන්නේ ක්‍රොඒෂියාව පැත්තට.... More detail
පෙම්වතියට ගහන්න මාස 18ක දරුවා ක්‍රිකට් පිත්තක් කරගත් පියාගේ විඩියෝව එළියට පෙම්වතියට ගහන්න මාස 18ක දරුවා ක්‍රිකට් පිත්තක් කරගත් පියාගේ විඩියෝව එළියට 2018-07-12 - සිය පෙම්වතිය සමග උරණ වූ සැමියෙක් ඇයට මාස 18ක් වයසැති සිය දරුවා පිත්තක් ලෙස භ... More detail
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් බුද්ධි අංශ නිලධාරීන් 2ක් සහ තවත් 10ක් මරුට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් බුද්ධි අංශ නිලධාරීන් 2ක් සහ තවත් 10ක් මරුට 2018-07-11 - ඇෆ්ගනිස්ථානයේ ජලාලාබාද් නගරයේ සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයින්... More detail
දුම්රිය පීලි පැනීමකින් පුද්ගලයින් 10ක් මරුට දුම්රිය පීලි පැනීමකින් පුද්ගලයින් 10ක් මරුට 2018-07-09 - තුර්කියේ, ටැකිර්ඩෑග් ප්‍රදේශයේ සිදු වූ දුම්රිය පීලි පැනීමකින් පුද්ගලයින්... More detail
බෝට්ටුවක් පෙරලි 49ක් අතුරුදහන් බෝට්ටුවක් පෙරලි 49ක් අතුරුදහන් 2018-07-06 - තායිලන්තයේ ෆුකට් දුපත ආසන්නයේදී සංචාරක බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් පුද්ග... More detail