ඉතා කෙටි කලකදී ජනප්‍රියත්වයෙන් ඉහළටම ගිය උදාරී වර්ණකුලසුරීය මේ දින වල ආයෙත් වැඩ පටන් අරන් තියෙනවා. ඇය රංගනයෙන් එකතුවුණු අලුත් නාට්‍ය වගේම චිත්‍ර‍පට ගැනත් ඇය මාධ්‍යයට කියලා තිබුණේ මෙහෙමයි.

උදාරි ආයෙත් වැඩ පටන් අරගෙන නේද..?

ඔව්. පොඩි නිවාඩුවකට පස්සේ ශාන්ත සොයිසා මහත්මයා අධ්‍යක්ෂණය කරන පිනි ටෙලි ඩ්‍රාමා එකට සම්බන්ධ වුණා. මේ දවස්වල පිනි ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට සම්බන්ධ වෙනවා. ඊට අමතරව චිත්‍රපට දෙකකටත් දායක වුණා.

මේ දවස්වල උදාරිට අලුත් නමක් පටබැඳිලා නේ..?

ඔව්. කාලෙන් කාලෙට මම නිරූපණය කරන චරිතවල නම්වලින් මට කතා කරනවා. පිනි ඩ්‍රාමා එක නිසා මේ දවස්වල මට ගොඩක් අය කතා කරන්නේ සුද්දි කියලා.

මිෂෙල් සහ සුද්දි උදාරිගේ රංගනයට හොඳ වෙනසක්ද..?

ඇත්තටම ඔව්. මට ගොඩක් ලැබුණේ තැන්පත් පෙම්වතියගේ චරිත. ඉතිං මේ චරිත නිරූපණය අහිංසක පෙම්වතියකට වඩා ජීවිතය ගොඩදාගන්න පොරබදන ගැහැනියකගේ චරිතයක්. තැනට සුදුසු විදියට ඇණේ ගහන චරිතයක්. මට ලැබුණ චරිතත් එක්ක බලද්දි මේ චරිතය නිරූපණය කිරීමේදී යම් අභියෝගයක් තිබුණා.

එකිනෙකට වෙනස් චරිත නිරූපණයක් කරන්න මහන්සි වෙන්න ඇති..?

සුද්දිගේ චරිතයට ආරාධනා ලැබෙද්දි ශාන්ත සොයිසා මහත්මයාගෙන් සහ මහේෂ් සත්සර අයියාගෙන් මම මුලින්ම ඇහුවා මාව මේ චරිතයට ගැළපෙනවද කියලා. වැල්ලේ කෙල්ල සහ වෙස්ටන් විදියට ඉන්න මිෂෙල් එකිනෙකාට වෙනස්. මේ චරිතයට මගෙන් මොකක්ද වෙන්න ඕන ඇහුවම ඔවුන් මට කිව්වා “උදාරි ඔයා මිෂෙල්ගේ චරිතයට ඔය ඉන්න විදිහටම ඉන්න. නිම්සරාගේ චරිතයට හැඩගැහෙන්න කියලා”.

උදාරිගේ සැබෑව කොහොමද මිෂෙල්ගේ චරිතයට ගැළපුණේ..?

මිෂෙල් කියන්නේ Forward කෙනෙක්. හැබැයි නිම්සරා කියන්නේ බියගුලු, තනිවුණ කෙල්ලෙක්. සැබෑ ජීවිතයේ මම තැන්පත් කෙනෙක් නෙවෙයි. ඒ නිසා මිෂෙල්ගේ චරිතය මගේ විදිහට නිරූපණය කරන්න පුළුවන්.

උදාරි තැන්පත් නෑ කියන්නේ, අඳින පලඳින විදිහෙන්ද…? කතා බහෙන්ද..? හැසිරීමෙන්ද..?

මම මටම අඳින පලඳින විදිහක් හොයාගෙන තියෙනවා. මම දිග ඇඳුම් වගේම කොට ඇඳුම් අඳිනවා.මම කාලෙන් කාලෙට අඳින පලඳින විදිහ වෙනස් කරනවා. මොකද මම ඒකාකාරී වෙන්න කැමැති නැහැ. ඒ වගේම මම හරිම දඟකාරයි. හරියට කියවනවා. මගේ සැමියත් කැමැතියි මම කියවනවට හිනාවෙලා දඟලල ඉන්නවට. ඉතිං මම තැන්පත් නැහැ.

තැන්පත් වගේ පෙන්නන්න වුවමනා නැද්ද..?

අනේ නැහැ. මම හරි විනිවිදයි. මම තවත් මනුස්සයෙක් නිසා මගේ විදිහ වෙනස් කරගන්න කැමැති නැහැ. මම කොහේ ගියත් ඒ ඉන්නේ මම තමයි. මම වෙන කෙනෙක් වෙන්න කැමැති නැහැ.

උදාරි කාලයක් ලංකාවේ. කාලයක් රට. මේ ඇවිදින සෙල්ලම නිසා උදාරිගේ වැඩවලට ගැටලුවක් වෙලා නැද්ද..?

මම කොහොමත් වැඩ කරන්නේ හරි අඩුවෙන්. මේ දවස්වලත් මම වැඩ කරන්නේ පිනි ටෙලිඩ්‍රාමා එකේ විතරයි. වෘත්තියක් විදිහට නෙවෙයි මම කලාව කරන්නේ. මම කලාව කරන්නේ ප්‍රේක්ෂකයන් පිනවන්න. මගේ සැමියා මටයි දරුවටයි කන්න අඳින්න දීලා සැපවත් කරනවා. ඉතිං පහුගිය අවුරුදු දහය පුරාවට මම සැමියා ඉන්න සිංගප්පූරුවට යනවා එනවා. වැඩ අඩුවෙන් කරන නිසා මට යන්න එන්නත් පුළුවන්. මම කරන වැඩවලට ඒ ගමන බාධාවක් කරගන්නෙත් නෑ.

උදාරිට ආරාධනා අඩු නිසා නෙමෙයිද අඩුවෙන් රඟපාන්නේ?

කොහෙත්ම නැහැ. මට නිර්මාණ ගොඩකට ආරාධනා ලැබෙනවා. මම මවක්, බිරියක්, ඒ වගේම මගේ මවුපියන්ට දියණියක්. මම හරිම කෑදරයි පවුලට. ඉතිං එයාලා වෙනුවෙන් මම කාලය වෙන් කරන්න ඕනේ. මගේ දුවගේ හැම වැඩක්ම මමමයි කරන්නේ. මම එයාට දෙන ආදරය එයාට කවදා හරි මතකයේ තියෙයි. මගේ පවුල අංක එක නිසා පවුලට මුල් තැන දීලා තමයි නිර්මාණ භාර ගන්නේ.

උදාරි රංගන කටයුතුවල නිරත වෙනවට සැමියාගේ අකමැත්තක් නැද්ද..?

නැහැ. එයා මාව ගොඩක් තේරුම් ගත්ත කෙනෙක්. සැමියා වෛද්‍යවරයෙක් වුණාට එයා අපේ වෘත්තීන් පටලවා ගෙන නැහැ. ඔහුගෙන් ලැබෙන ආශීර්වාදය සහයෝගය නිසා තමයි මම සාර්ථක ගමනක් ඇවිත් තියෙන්නේ.

සැමියා උදාරිව කවදාහරි සැක කරලා තියෙනවද?

නැහැ. අපි අනේ‍යාන්‍ය අවබෝධයකින් ජීවත්වන දෙන්නෙක්. අපිට අපිව සැක කරන්න ඕන කාලයක් නෙවෙයි මේක. අපේ දරුවාට හොඳට උගන්නලා එයා හොඳ සතුටින් තියන්න අපි දෙන්නම උත්සාහ කරනවා. අපි අතර කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි සතුටින් ජීවත් වෙනවා.

විවාහක කාන්තාවක් වුණත් තාමත් උදාරිට ආදර යෝජනාවලින් අඩුවක් නැතුව ඇති..?

එහෙම ආදර යෝජනා ඇවිත් තියෙනවා. ඒක ස්වාභාවිකයි. හැබැයි ආදරේ ඉල්ලුවට හැමෝටම ආදරේ කරන්න මට ඕනෙ නැහැ. තමන්ගේ වගකීම් ගැන අවබෝධයකින් ජීවත් වුණොත් ඒ ප්‍රශ්නවලින් මිදෙන්න පුළුවන්.

කාලෙන් කාලෙට උදාරිත් විවිධ ගොසිප්වල ඉලක්කයක් වෙනවා නේද..?

රංගන ජීවිතයට එද්දිත් මට ඕන තරම් කටකතා හැදුණා. හැබැයි මං වටේ හිටපු ප්‍රේක්ෂකයෝ මට හරි ආදරෙයි. කටකතා ඇත්ත වුණත් බොරු වුණත් ඒ අය මට ආදරෙයි. සැමියා මාව සීයට සීයක් විශ්වාස කරනවා. ඒ නිසා මට අනෙක් අය දෙන චරිත සහතික අදාළ නැහැ.

අම්මා වගේ දුවත් රඟපාන්න එනවට උදාරි කැමැතිද..?

මම දුවගේ දඟකාර වැඩ වීඩියෝ කරලා ෆේස්බුක් දානවනේ. ඒවා ගොඩක් අය බලනවා. ඒ වීඩියෝ දැකලා වෙන්න ඇති දුවට චිත්‍රපට හතරකට විතර ප්‍රධාන චරිතයට කතා කළා.

නමුත් මම ඇයව දැන්ම රංගනයට යොමු කරන්න කැමැති නැහැ. මොකද ඇයගේ ජීවිතය අයිති ඇයට. එයා ලොකු වෙලා රඟපාන්න තීරණය කළොත් ඒ එයාගේ තීරණය. අපි කරන්නේ හරිම සැහැල්ලු මනසකින් යුතු හොඳ දරුවෙක් හදන එක.


Latest News

ජනපති අද කටාර් යයි ජනපති අද කටාර් යයි 2017-10-24 - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දෙදින නිල සංචාරයක් සඳහා අද (24) දිනයේ කටාර් රාජ්‍ය... More detail
ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම තැබූ නව වාර්තාව මෙන්න ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම තැබූ නව වාර්තාව මෙන්න 2017-10-24 - වසරක් තුළ තරග 5කින් සමන්විත එක්දින තරගාවලි 3කින් 5-0ක් ලෙස පූර්ණ පරාජයක් අත්ක... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2017-10-23 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
පස්වන තරගය ආරම්භයේදීම ලංකාව අසරණ වෙයි - ප්‍රබල කඩුලු පහක් දැවී යයි පස්වන තරගය ආරම්භයේදීම ලංකාව අසරණ වෙයි -  ප්‍රබල කඩුලු පහක් දැවී යයි 2017-10-23 - ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් එක් දින තරගයේදීත් අසීරුතාවයකට පත් කරමින් පන්දුවාර... More detail
අවසාන තුරුම්පුවේ කාසිය වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට - ගෞරවය රැක ගැනීමේ සටනට සි... අවසාන තුරුම්පුවේ කාසිය වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට -  ගෞරවය රැක ගැනීමේ සටනට සිංහයන් සැරසෙයි 2017-10-23 -   සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් එක්දින... More detail
කට්ටල 2ක් එකිනෙක ගැටිලා-සේවකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් වුණු හැටි මෙන්න කට්ටල 2ක් එකිනෙක ගැටිලා-සේවකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් වුණු හැටි මෙන්න 2017-10-23 - අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයේදී බලවේග කට්ටල දෙකක් එකිනෙක ගැටීමේ සිද්ධියක්... More detail
රයන්ට ජයලත්ට ඇප රයන්ට ජයලත්ට ඇප 2017-10-23 - වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් ඇප මත මුදාහැරීමට... More detail
පරාජයට සැබෑ හේතුව තිරිමාන්න හෙළි කරයි පරාජයට සැබෑ හේතුව තිරිමාන්න හෙළි කරයි 2017-10-23 - ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගට පරාජයන් ලැබීමට හේතුව දක්ෂතා වල ඇති අඩුවක් නොවන... More detail
තිසරගේ නායකත්වයෙන් යුත් ශ්‍රි ලංකා කණ්ඩායමේ අවසාන සංචිතය මෙන්න තිසරගේ නායකත්වයෙන්  යුත් ශ්‍රි ලංකා කණ්ඩායමේ අවසාන සංචිතය මෙන්න 2017-10-23 - ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර පැවැත්වෙන තරඟාවලියේ විස්සයි විස්ස තරඟ සඳහා ... More detail
සංගීත් එදා කැමති දේවල් අතහැරියේ ඇයි? - ඒක මම හිතාමතාමයි කලේ සංගීත් එදා කැමති දේවල් අතහැරියේ ඇයි? - ඒක මම හිතාමතාමයි කලේ 2017-10-23 - කාලයක් පුංචි තිරයේ ජනප්‍රිය වුණු සංගිත් සතරසිංහ පසුගිය කාලේ ඇමරිකාවේ හිටියේ... More detail
මම බ්‍ලු ෆිල්ම් එකක් වගේ කළා නම් තමයි ලංකාවේ මිනිස්සු දගලන්න ඕනෑ - පියුමි කියන... මම බ්‍ලු ෆිල්ම් එකක් වගේ කළා නම් තමයි ලංකාවේ මිනිස්සු දගලන්න ඕනෑ -  පියුමි කියන කතාව මෙන්න 2017-10-23 - පියුමි හංසමාලි කියන්නේ ගොසිප් මවන රංගන ශිල්පිනියක්. More detail
ශ්‍රී ලංකා – පාකිස්තාන තරග පාවාදීමට ලැබුණු ආරාධනාව ගැන සර්ෆ්‍රාස් හෙළි කර   ශ්‍රී ලංකා – පාකිස්තාන තරග පාවාදීමට ලැබුණු ආරාධනාව ගැන සර්ෆ්‍රාස් හෙළි කරයි 2017-10-23 - ශ්‍රී ලංකා – පාකිස්තාන් තරගාවලියේදී මුදලට තරග පාවාදීම සම්බන්ධයෙන් ඔට්ටුක... More detail
ශ්‍රී ලංකා කණ්ඩායම සජා පිටියේ අවසන් ගැටුමට - අවමානයෙන් ගැලවීමේ සටනක ශ්‍රී ලංකා කණ්ඩායම සජා පිටියේ අවසන් ගැටුමට - අවමානයෙන් ගැලවීමේ සටනක 2017-10-23 -  සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පිට පිට දෙවැනි වතාවටත් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට්... More detail
ආදරේ විඳවන්නේ නැතිව විඳින්නයි මට ඕනේ - මට බයයි ඩිල්ෂාන් දරුවා ඉල්ලනවා ආදරේ විඳවන්නේ නැතිව විඳින්නයි මට ඕනේ - මට බයයි ඩිල්ෂාන් දරුවා ඉල්ලනවා 2017-10-23 - තිලකරත්න ඩිල්ෂාන් කියන්නේ අපේ රටේ ක්‍රිකට් පිටියේ සුපිරි දස්කම් පෑ සුපිරි... More detail
පවුල් ආරවුල දුරදිග ගොස් සැමියා තරුණ බිරිදට කරපු දේ මෙන්න පවුල් ආරවුල දුරදිග ගොස් සැමියා තරුණ බිරිදට කරපු දේ මෙන්න 2017-10-23 - අඹුසැමි යුවළක් අතර ඇති වු පවුල් ආරවුලක් දුරදිග ගොස් සැමියා විසින් සිය බිරිදගේ... More detail
බැංකු නිලධාරියාට ජීවිතය එපා වෙයි බැංකු නිලධාරියාට ජීවිතය එපා වෙයි 2017-10-23 -   වව්නියාව, මිල්වීදිය ප‍්‍රදේශයේ  බැංකු නිලධාරියෙකු  ගෙල වැලලාගෙන ජීවිතක්ෂයට... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2017-10-22 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail

 

Gossip

Foreign

පළමු විවාහක ක්‍රීඩා යුවළ ඉතිහාසයට එක් වුණු හැටි පළමු විවාහක ක්‍රීඩා යුවළ ඉතිහාසයට එක් වුණු හැටි 2017-10-19 - ප්‍රධාන පෙළේ තරගාවලියක එකම දිනයකදී විවෘත කාන්තා ශූරතාවත්, විවෘත පිරිමි ශූ... More detail
ජනපති බිරිදගේ සරාගී විලාසිතාව ඇමරිකාව කළඹයි ජනපති බිරිදගේ සරාගී විලාසිතාව ඇමරිකාව කළඹයි 2017-10-17 - ඇමරිකානු ජනපති ට්‍රම්ප් බිරිය මෙලනියා පසුගිය සිකුරාදා හිස්පැනික් සංස්කෘතිය... More detail
සැමියා අකමැති වුණු නිසා ගුරුවරිය සිසුන් 4 දෙනෙකු සමග ලිංගිකව එක්වෙලා සැමියා අකමැති වුණු නිසා ගුරුවරිය සිසුන් 4 දෙනෙකු සමග ලිංගිකව එක්වෙලා 2017-10-13 - පාසල් ගුරුවරියක් තම ත්‍යානුකූල ස්වාමි පුරුෂයා තමා සමග ලිංගිකව එකතු නොවන බව... More detail
ඇමරිකාවේ ලැව්ගින්නෙන් මිදි රට ඇවිලෙයි - 20, 000කට පිඩා ඇමරිකාවේ ලැව්ගින්නෙන් මිදි රට ඇවිලෙයි - 20, 000කට පිඩා 2017-10-10 - ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ වයින් නිෂ්පාදනය කෙරෙන මිදි රට ලෙස හැදින්වෙන... More detail
ගමක් බය කළ දැවැන්තයා මෙන්න ගමක් බය කළ දැවැන්තයා මෙන්න 2017-10-04 - දැවැන්ත සර්පයෙකු සමඟ සටන් කර සර්පයා මරා දැමූ පුද්ගලයෙකු පිළිබඳව පුවතක් වි... More detail
ලොවම කැළඹු ලාස්වේගාස් ප්‍රහාරය ISIS බාරගනී - ලාංකිකයන්ට අනතුරක් නැහැ ලොවම කැළඹු ලාස්වේගාස් ප්‍රහාරය ISIS බාරගනී - ලාංකිකයන්ට අනතුරක් නැහැ 2017-10-03 - ඇමෙරිකාවේ ලාස්වේගාස් නුවරට එල්ල වූ ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයින්ට අනතුරක්... More detail
ඇමරිකාවේ සංගිත ප්‍රසංගයකට වෙඩි ප්‍රහාරයක් - 20 දෙනෙකු ජීවිතක්ෂයට ඇමරිකාවේ සංගිත ප්‍රසංගයකට වෙඩි ප්‍රහාරයක් - 20 දෙනෙකු ජීවිතක්ෂයට 2017-10-02 - ඇමෙරිකාවේ ලාස්වේගාස්හි සංගීත ප්‍රසංගයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ග... More detail