දසුන් නිශාන් සියදිවි නසාගැනීමෙන් පසු ඒ සම්බන්ධයෙන් නොයෙක් දෙනා නොයෙක් අයුරින් කතාකළා.

විවිධ පාර්ශවයන්ට විවිධ චෝදනා එල්ල කරන අතර දසුන් එක්ක එකට කොට්ටාවේ බොඩිමේ ජිවත් වුණු මිතුරන් දෙදෙනා එදින සිදුවීම ගැන වගේම දසුන් ගැනත් කතාකරලා තිබුණා. 

සංගීත් ප්‍රභූ

දසුන් අයියාව අඳුන ගන්න ලැබුණේ සාලින්ද අයියා හරහා. පස්සේ අපි තුන්දෙනා එක ගෙදරක පදිංචියට ආවා. හරිම පිළිවෙළකට පිරිසිදුව ඉන්න කැමති කෙනෙක් තමයි දසුන් අයියා.

මම පිළිවෙළක් නැතුව ගත්තු දේවල් තැන තැන දාලා ඉන්න නිසා දසුන් අයියගෙන් බැණුම් අහලත් තියෙනවා. හැබැයි ඒ විදියට බණින්නේ හිතේ කහටක් තියාගෙන නොවෙයි. එයා හරිම මිත්‍රශීලි කෙනෙක්. දසුන් අයියට හරි පුළුල් දැකීමක් තිබුණේ. අපිට ප්‍රශ්නයක් වුණත් කතා කරන්නේ එයත් එක්කයි.

අපේ ප්‍රශ්නවලට විසඳුම් දෙන දසුන් අයියා මෙහෙම දෙයක් කරගැනීම හිතාගන්නවත් බැහැ. දසුන් අයියා බැඳලා බව නම් මම දැනගෙන හිටියා. හැබැයි ඔය නිළියත් එක්ක තියෙන සම්බන්ධය ගැන වැඩි විස්තර මම දැනගෙන හිටියේ නැහැ. දසුන් අයියයි, සාලින්ද අයියයි යාළුවෝ විදියට ප්‍රශ්න කතාකළාට ඒ දෙන්නා මට සැලකුවේ මල්ලි කෙනෙකුට වගේ. මට එයාලගේ ප්‍රශ්න කිව්වේ නැහැ.

මිය යන්න කලින් දවසේ අපි රෑ කෑම කෑවේ එකට. පහුවදා පාන්දර සාලින්ද අයියා ගියා. මමත් 8ට විතර ෂූටිං ගියා. මම යද්දී දසුන් අයියා නැගිටලා හිටියේ. මම අල්මාරියක් ගෙන්නන්න ඕඩරයක් දීලා තිබුණා. එදා දවල් ඒක ගෙනෙනවා කියලා ඒ අය කිව්වා.

ඒක ගෙනාවොත් භාර ගන්න කියලා දසුන් අයියට මම කිව්වා. ඊට පස්සේ මම ගියා. දවල් කෝල් කරලා අල්මාරිය ගෙනාවද ඇහුවාම තවම නෑ ගෙනාවොත් භාර ගන්නම් කියලා දසුන් අයියා කිව්වා. ඊට පැය භාගෙට විතර ආයෙම මම දසුන් අයියට කෝල් කළේ අල්මාරිය ගෙනාවද අහන්න. දිගින් දිගටම කෝල් කළත් දසුන් අයියා ෆෝන් එක ඉස්සුවේ නැහැ. ඒ වෙනකොටත් එයා අපිව දාලා ගිහින්.

අවසන් පැය කිහිපය තුළ සිදුවූ දෙයක් හෝ දුරකතන ඇමතුමක් නිසා දසුන් මේ තීරණය ගත්තාද කියලා මට සැකයි.

සාලින්ද රත්නායක

දසුන් රඟපෑ පළමු ටෙලි නාට්‍යය ‘අපේක්ෂා’ ටෙලිනාට්‍යයේ සහය අධ්‍යක්ෂවරයා වුණේ මමයි.

එදා ඇති වූ මිතුදම මියෙනතුරුම තිබුණා. දසුන් හරිම මිත්‍රශීලියි. අවුරුදු එකහමාරකට විතර කලින් අපි ඔය නිවසට ගියා. සංගීත්වත් එකතු කර ගත්තා. එදා දසුන් මිය ගිය දිනට කලින් දවසේ රෑ මම යද්දී 11ට විතර ඇති. සංගීත් දසුන් දෙදෙනාම කෑම කාලා නිදි. මම කෑම එකත් අරගෙ ගිය නිසා දෙන්නාම නැගිට්ටෙව්වා.

ඊට පස්සේ තුන්දෙනාම ඒ බත් එක කාලා නිදා ගත්තා. පසුවදා පාන්දර 5.30ට මම යද්දී දසුන් නිදි. සංගීතුත් 8.30ට විතර ගිහින්. දවල් සංගීත් තමයි මට කෝල් කරලා කිව්වේ යාළුවෙක් මේ අවාසනාවන්ත ආරංචිය කිව්වා කියලා. මම ඒ වෙලාවෙම ෂූටිං නවත්තලා බෝඩිමට ගියා. ඒ යද්දී දසුන් එල්ලිලා ඉන්නවා දැක්කා. ඒ වෙද්දිත් පණ තියෙනවද බලන්න මම ගිහින් මිනිය බදාගෙන කෑ ගැහුවා. ඒත් ඒ වෙද්දී දසුන් අපිව දාලා ගිහින්.

මම ඊට පස්සේ කට්ටියට කෝල් කරලා ආරංචිය කිව්වා. දසුන් ඔය කියන නිළිය එක්ක සම්බන්ධයක් තිබෙනව බව මට කිව්වා. ඒ වෙද්දිත් ඔහු විවාහකයෙක්. ඒ ගැන මම ඇහුවම දසුන් කිව්වේ තමන්ට ඒ නිළිය නැතුව බැහැ කියලයි. හැම ප්‍රශ්නයක්ම අවසන් කරලා නිළියවම විවාහ කරගන්නවා කියන දැඩි තීරණය තුළ තමයි දසුන් හිටියේ. අපි යාළුවෝ වුණත් පුද්ගලිකත්වයට බලපෑම් කරගන්නේ නැහැ.

මෙච්චර ළඟින් ආශ්‍රය කළත් දසුන්ගේ අම්මවයි, බිරිඳවයි මම දැක්කෙත් ඔහුගේ මරණයෙන් පස්සේ. ප්‍රශ්නය හින්දා ගැටලු සහගත බවක හිටියත් ජීවිතය නැතිකර ගන්න තරම් මට්ටමකට වැටිලා හිටිය බවක් මට දසුන් තුළ පෙනුණේ නැහැ. එක දිගට දවස් 10ක් විතර මම පාන්දර 5.30ට ගිහින් රෑ 10.00ට ආවේ. ඒ දවස් 10 තුළදී අපි දෙන්නට කතා කරන්න ලැබුණේම නැහැ.

ඒ දවස් 10 තුළ ප්‍රශ්නය උග්‍ර වුණාද නැතිනම් මියගිය දවසේ මමයි සංගීතුයි ගියාට පස්සේ තනියම ගෙදර ඉන්න අතරේ සිදුවූ දෙයක්. එහෙමත් නැතිනම් ලැබුණු දුරකතන ඇමැතුමක් දසුන්ට ජීවිතේ එපා කළාද කියලා මම දන්නේ නැහැ.

දසුන් මත්ද්‍රව්‍ය පාවිච්චි කළ බව හා මරණය සැලසුම් කළ බව මාධ්‍යවල පළවී තිබෙනවා. ඒ කතා සහමුලින්ම බොරු. දසුන් ඇත්තටම ගෙලවැලලා ගත්තද කියන සැකයටයි මමත් ඔහුගේ දිවිතොර කර ගැනීම පටිගත කළ වීඩියෝව බැලුවේ. නැතුව එය බලන්න තරම් මානසික මට්ටමක් ඒ වෙලාවේ මට තිබුණේ නැහැ.

 


Latest News

ජනපති අද කටාර් යයි ජනපති අද කටාර් යයි 2017-10-24 - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දෙදින නිල සංචාරයක් සඳහා අද (24) දිනයේ කටාර් රාජ්‍ය... More detail
ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම තැබූ නව වාර්තාව මෙන්න ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම තැබූ නව වාර්තාව මෙන්න 2017-10-24 - වසරක් තුළ තරග 5කින් සමන්විත එක්දින තරගාවලි 3කින් 5-0ක් ලෙස පූර්ණ පරාජයක් අත්ක... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2017-10-23 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
පස්වන තරගය ආරම්භයේදීම ලංකාව අසරණ වෙයි - ප්‍රබල කඩුලු පහක් දැවී යයි පස්වන තරගය ආරම්භයේදීම ලංකාව අසරණ වෙයි -  ප්‍රබල කඩුලු පහක් දැවී යයි 2017-10-23 - ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් එක් දින තරගයේදීත් අසීරුතාවයකට පත් කරමින් පන්දුවාර... More detail
අවසාන තුරුම්පුවේ කාසිය වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට - ගෞරවය රැක ගැනීමේ සටනට සි... අවසාන තුරුම්පුවේ කාසිය වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට -  ගෞරවය රැක ගැනීමේ සටනට සිංහයන් සැරසෙයි 2017-10-23 -   සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් එක්දින... More detail
කට්ටල 2ක් එකිනෙක ගැටිලා-සේවකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් වුණු හැටි මෙන්න කට්ටල 2ක් එකිනෙක ගැටිලා-සේවකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් වුණු හැටි මෙන්න 2017-10-23 - අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයේදී බලවේග කට්ටල දෙකක් එකිනෙක ගැටීමේ සිද්ධියක්... More detail
රයන්ට ජයලත්ට ඇප රයන්ට ජයලත්ට ඇප 2017-10-23 - වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් ඇප මත මුදාහැරීමට... More detail
පරාජයට සැබෑ හේතුව තිරිමාන්න හෙළි කරයි පරාජයට සැබෑ හේතුව තිරිමාන්න හෙළි කරයි 2017-10-23 - ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගට පරාජයන් ලැබීමට හේතුව දක්ෂතා වල ඇති අඩුවක් නොවන... More detail
තිසරගේ නායකත්වයෙන් යුත් ශ්‍රි ලංකා කණ්ඩායමේ අවසාන සංචිතය මෙන්න තිසරගේ නායකත්වයෙන්  යුත් ශ්‍රි ලංකා කණ්ඩායමේ අවසාන සංචිතය මෙන්න 2017-10-23 - ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර පැවැත්වෙන තරඟාවලියේ විස්සයි විස්ස තරඟ සඳහා ... More detail
සංගීත් එදා කැමති දේවල් අතහැරියේ ඇයි? - ඒක මම හිතාමතාමයි කලේ සංගීත් එදා කැමති දේවල් අතහැරියේ ඇයි? - ඒක මම හිතාමතාමයි කලේ 2017-10-23 - කාලයක් පුංචි තිරයේ ජනප්‍රිය වුණු සංගිත් සතරසිංහ පසුගිය කාලේ ඇමරිකාවේ හිටියේ... More detail
මම බ්‍ලු ෆිල්ම් එකක් වගේ කළා නම් තමයි ලංකාවේ මිනිස්සු දගලන්න ඕනෑ - පියුමි කියන... මම බ්‍ලු ෆිල්ම් එකක් වගේ කළා නම් තමයි ලංකාවේ මිනිස්සු දගලන්න ඕනෑ -  පියුමි කියන කතාව මෙන්න 2017-10-23 - පියුමි හංසමාලි කියන්නේ ගොසිප් මවන රංගන ශිල්පිනියක්. More detail
ශ්‍රී ලංකා – පාකිස්තාන තරග පාවාදීමට ලැබුණු ආරාධනාව ගැන සර්ෆ්‍රාස් හෙළි කර   ශ්‍රී ලංකා – පාකිස්තාන තරග පාවාදීමට ලැබුණු ආරාධනාව ගැන සර්ෆ්‍රාස් හෙළි කරයි 2017-10-23 - ශ්‍රී ලංකා – පාකිස්තාන් තරගාවලියේදී මුදලට තරග පාවාදීම සම්බන්ධයෙන් ඔට්ටුක... More detail
ශ්‍රී ලංකා කණ්ඩායම සජා පිටියේ අවසන් ගැටුමට - අවමානයෙන් ගැලවීමේ සටනක ශ්‍රී ලංකා කණ්ඩායම සජා පිටියේ අවසන් ගැටුමට - අවමානයෙන් ගැලවීමේ සටනක 2017-10-23 -  සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පිට පිට දෙවැනි වතාවටත් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට්... More detail
ආදරේ විඳවන්නේ නැතිව විඳින්නයි මට ඕනේ - මට බයයි ඩිල්ෂාන් දරුවා ඉල්ලනවා ආදරේ විඳවන්නේ නැතිව විඳින්නයි මට ඕනේ - මට බයයි ඩිල්ෂාන් දරුවා ඉල්ලනවා 2017-10-23 - තිලකරත්න ඩිල්ෂාන් කියන්නේ අපේ රටේ ක්‍රිකට් පිටියේ සුපිරි දස්කම් පෑ සුපිරි... More detail
පවුල් ආරවුල දුරදිග ගොස් සැමියා තරුණ බිරිදට කරපු දේ මෙන්න පවුල් ආරවුල දුරදිග ගොස් සැමියා තරුණ බිරිදට කරපු දේ මෙන්න 2017-10-23 - අඹුසැමි යුවළක් අතර ඇති වු පවුල් ආරවුලක් දුරදිග ගොස් සැමියා විසින් සිය බිරිදගේ... More detail
බැංකු නිලධාරියාට ජීවිතය එපා වෙයි බැංකු නිලධාරියාට ජීවිතය එපා වෙයි 2017-10-23 -   වව්නියාව, මිල්වීදිය ප‍්‍රදේශයේ  බැංකු නිලධාරියෙකු  ගෙල වැලලාගෙන ජීවිතක්ෂයට... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2017-10-22 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail

 

Gossip

Foreign

පළමු විවාහක ක්‍රීඩා යුවළ ඉතිහාසයට එක් වුණු හැටි පළමු විවාහක ක්‍රීඩා යුවළ ඉතිහාසයට එක් වුණු හැටි 2017-10-19 - ප්‍රධාන පෙළේ තරගාවලියක එකම දිනයකදී විවෘත කාන්තා ශූරතාවත්, විවෘත පිරිමි ශූ... More detail
ජනපති බිරිදගේ සරාගී විලාසිතාව ඇමරිකාව කළඹයි ජනපති බිරිදගේ සරාගී විලාසිතාව ඇමරිකාව කළඹයි 2017-10-17 - ඇමරිකානු ජනපති ට්‍රම්ප් බිරිය මෙලනියා පසුගිය සිකුරාදා හිස්පැනික් සංස්කෘතිය... More detail
සැමියා අකමැති වුණු නිසා ගුරුවරිය සිසුන් 4 දෙනෙකු සමග ලිංගිකව එක්වෙලා සැමියා අකමැති වුණු නිසා ගුරුවරිය සිසුන් 4 දෙනෙකු සමග ලිංගිකව එක්වෙලා 2017-10-13 - පාසල් ගුරුවරියක් තම ත්‍යානුකූල ස්වාමි පුරුෂයා තමා සමග ලිංගිකව එකතු නොවන බව... More detail
ඇමරිකාවේ ලැව්ගින්නෙන් මිදි රට ඇවිලෙයි - 20, 000කට පිඩා ඇමරිකාවේ ලැව්ගින්නෙන් මිදි රට ඇවිලෙයි - 20, 000කට පිඩා 2017-10-10 - ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ වයින් නිෂ්පාදනය කෙරෙන මිදි රට ලෙස හැදින්වෙන... More detail
ගමක් බය කළ දැවැන්තයා මෙන්න ගමක් බය කළ දැවැන්තයා මෙන්න 2017-10-04 - දැවැන්ත සර්පයෙකු සමඟ සටන් කර සර්පයා මරා දැමූ පුද්ගලයෙකු පිළිබඳව පුවතක් වි... More detail
ලොවම කැළඹු ලාස්වේගාස් ප්‍රහාරය ISIS බාරගනී - ලාංකිකයන්ට අනතුරක් නැහැ ලොවම කැළඹු ලාස්වේගාස් ප්‍රහාරය ISIS බාරගනී - ලාංකිකයන්ට අනතුරක් නැහැ 2017-10-03 - ඇමෙරිකාවේ ලාස්වේගාස් නුවරට එල්ල වූ ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයින්ට අනතුරක්... More detail
ඇමරිකාවේ සංගිත ප්‍රසංගයකට වෙඩි ප්‍රහාරයක් - 20 දෙනෙකු ජීවිතක්ෂයට ඇමරිකාවේ සංගිත ප්‍රසංගයකට වෙඩි ප්‍රහාරයක් - 20 දෙනෙකු ජීවිතක්ෂයට 2017-10-02 - ඇමෙරිකාවේ ලාස්වේගාස්හි සංගීත ප්‍රසංගයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ග... More detail