ලංකාවේ ක්‍රිකට් තරුවලට කවුරුත් ආදරෙයි.

ඉතින් ජීවන් මෙන්ඩිස් කියන්නෙත් ලංකාවේ දක්ෂ ක්‍රිකට් තරුවක්. හැමෝගෙම ආදරය දිනාගත්ත මේ ක්‍රිකට් තරුවගේ ජීවිතයේ ආදරකතාව හරිම රසවත්. මේ රසවත් ආදර කතාවේ හිමිකාරිය වුණු ජීවන්ගේ ආදරනීය බිරිද වැනේසා මෙන්ඩිස් පුවත්පතකට ඒ ගැන පවසා තිබුණේ මේ විදියට.

මුලින්ම ජීවන්ව හදුනගන්නේ කොහොමද?

මගේ මල්ලිගේ ඉස්කෝලේ බිග් මැච් එකකට ගෙදර කට්ටියත් එකක් ගියා. එතකොට තමයි මුලින්ම දැක්කේ.

දැක්ක පළවෙනි දවසෙම කතා කරන්න අවස්ථාවක් ලැබුණද?

දැක්ක පළවෙනි දවසේ මට කතා කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ජීවන් අපේ මල්ලිගේ යාළුවෙක්. මල්ලිගෙන් විස්තර අහලා තිබුණා. තවත් මගේ ඥාතී වෙන කෙනෙකුගෙනුත් අහලා තිබුණා. ඒ දවස්වල මම ඕලෙවල් ක්ලාස් එකේ හිටියේ. අපේ තාත්තා හරි ආසයි අපේ මල්ලි, අර නෑදෑවෙන මල්ලි ප්ලේ කරනවා බලන්න. ඒ නිසා එයා අපිවත් එක්කගෙන මැච් බලන්න යනවා. කොහොමහරි පළවෙනි මැච් එකෙන් සති දෙකකට විතර පස්සේ අපි ආයේ එන්.සී.සී එකේ තිබුණු මැච් එකකට ගියා. එදා තමයි ජීවන් මුලින්ම කතා කලේ. 2002දී වගේ තමයි මේ සිදුවීම වුණේ.

කොහොමද කතා කරන්න හිතවත්කම වැඩිවෙන්න අවස්තාවක් ලැබුණේ?

අපේ මල්ලි ජීවන් එක්ක ප්ලේ කරන්න හිටිය නිසා මට ඒ නම නිතරම වගේ අහලා පුරුදුයි. නමුත් කවදාවත් දැකලා තිබුණේ නැහැ. කොහොම මගේ නෑදෑ වෙන සහෝදරයාගේ හරි මැච් ඉවර වුණාම ජීවන්ලගේ ගෙදරත් යනවා. එනවා. ඒ නිසා ඒ ගෙදර අයවත් හොදට හදුනනවා. ඉතින් දෙවැනි වතාවේ මැච් එක ඉවරවෙලා ආවහම කට්ටියම අදුනන නිසා කතා කරන්න අවස්තාව ලැබුණා. මුලින්ම මගෙන් ඇහුවේ නම. කොහොමහරි එදා මගේ ෆෝන් නම්බර් එකත් ඉල්ල ගත්තා. මම නම්බර් එක දෙන්නත් කලින් අපේ නෑදෑවෙන මල්ලි නම්බර් එක දිලා තිබුණා. පස්සේ අපේ යාළුකම වැඩිවුණා. මමයි මල්ලියි ඉස්සර සෙනෙසුරාදා ඉරිදා දවස්වල ජීවන්ලගේ ගෙදරත් යනවා. සෙල්ලම් කරනවා. එයාගේ නංගීත් හිටියා. යාවකම නිසා ඒ අවස්ථාව අපිට ගෙදරින් දීලා තිබුණා. 

යාළුකම ආදරය වෙන්න ජීවන් ඒ යෝජනාව වැනේසාට ගෙනාවේ කොහොමද?

කතා කරන්න අරන් ටික දවසක් යද්දී ජීවන් මගෙන් ඇහුවා එයාට කැමතිද කියලා. ඒත් ඒ දවස්වල මං ඉගෙනගන්නවා. ඒ හින්දා මං කිවුවා විභාගය ඉවර කරන්න ඕනි කියලා. විභාගය ඉවර වෙනකන් අපේ අම්මා කැමති නැහැ කියලා. ඉට පස්සේ එයා බල කළෙත් නැහැ. ඉගෙන ගන්න ඒවට මට ගොඩක් උදවු කළා. ඒවගේ දේවල්වලින් අපි ගොඩක් ළංවුණා. අවුරුදු හතක් අපි යාළුවෝ විදියට කතාබහ කළා. ඒ විශ්වාසය බැදීමත් එක්ක නොදැනිම වගේ පටන්ගත්ත ආදර කතාවක් මේ.

ගෙදරින් මේ ආදර කතාව දැනගන්නේ කොහොමද?

ගෙදරට හොරෙන් කිසිදෙයක් කරන්න මට ඕනි වුණේ නැහැ. ඉතින් ජීවන්ගේ යෝජනාව ගැන මං අම්මට කිවුවා. අම්මා නම් මුලින් කැමති වුණේ නැහැ. එයා කිවුවෙත් ඉගෙනගන්න ඒවට මුල් තැන දෙන්න ඕන කියලා. තාත්තාගේ ලොකු අකමැත්තක් තිබුණේ නැහැ. ගෙදර අය මාව විශ්වාස කරපු තරමටම මම ඒ විශ්වාසය රැක්කා. ඒ නිසා පස්සේ ගෙදරින් කැමැත්ත ලැබුණා. අවුරුදු හතක් ගියාට පස්සේ අපට කතා කරන්නවත් දෙයක් තිබුණේ නැහැ. මොකද ඒ වෙද්දී ගොඩක් තේරුම් අරන් හිටියේ. මැරි කරන්න තීරණය කළේ ඊට පස්සේ. 2008 දෙසැම්බර් 28 වෙඩින් එක අරගත්තා. 

ජීවන් මුලින්ම ශ්‍රී ලංකා කණ්ඩායමට තේරුණ දවසේ මොකද හිතුණේ?

අපි මැරි කරද්දී ජීවන්ට ශ්‍රී ලංකා ටීම් එකට ප්ලේ කරන්න අවස්ථාවක් ලැබී තිබුණේ නැහැ. බැදලා අවුරුද්දකට පස්සේ තමයි ලොකු පුතා ලැබුණේ. ඒ ඉද්දී තමයි ජීවන් ශ්‍රී ලංකා ටීම් එකට තේරුණේ. 2010 ඔක්තේම්බර් 02 වැනිදා. කොහොමහරි පුතා ලැබිලා පැය භාගයක්වත් නැහැ. ඒ කෝල් එක ආවේ ඒ වෙලාවේ. කවදාවත් ඒ සිදුවීම අමතක වෙන්නේ නැහැ. ජීවිතේ වැඩිපුරම සතුට දැණුන දවසක් එදා.

පෙම්වතුන් වෙලා හිටිය කාලේ අමතක නොවුණු සිදුවීම් තියෙනවද?

මං කියන්නේ නැතිව ගමනක් ගිහින් සතියක් තරහවෙලා හිටියා. බොහොම අමාරුවෙන් තමයි යාළුකර ගත්තේ. මට එයාගේ පස්සෙන් යන්න වුණා ආපහු යාළු කරගන්න. මං එහෙම කතා නොකර හිටයනම් අදටත් එහෙම කතා නොකර ඉදියි. ඒතරම් එයාගේ හිත රිදිලා තිබුණා. ඇයි එච්චර පස්සෙන් ගියේ කියලා මටම හිතා ගන්න බැහැ. 

ලැබුණු පළවෙනි තෑග්ග ගැන මතකයක් තියෙනවද?

එයා දිනපු මැචි එකකදී එයාට ලැබුණු ගිටේ එකක්. ඇපල් ගෙඩියක හැඩයට හදපු මේස උඩ තියන්න පුළුවන් ඔරලෝසුවක්.

 


Latest News

අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2017-12-14 - ඔබ සැමට යහපතක්ම වේවා!.......  More detail
චන්දිමාල් ප්‍ර‍මුඛ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍ර‍තිවාදී වු සංගා - හේරත් තරගාවලි... චන්දිමාල් ප්‍ර‍මුඛ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍ර‍තිවාදී වු සංගා - හේරත් තරගාවලියෙන් ඉවත් වෙයි 2017-12-14 - එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අද (14දා) සිට 17 වැනිදා දක්වා පැවැත්වෙන T-10 ක්‍රිකට්... More detail
ශාඛා කළමනාකරු නිසා මහජන බැංකු සේවකයන් 7 දෙනෙක්ගේ වැඩ තහනම් ශාඛා කළමනාකරු නිසා මහජන බැංකු සේවකයන් 7 දෙනෙක්ගේ වැඩ තහනම් 2017-12-14 - මහජන බැංකුවේ ශාඛාවක සේවකයින් හට තර්ජනය කිරීම සහ අම්පාර ශාඛා පරිශ‍්‍රය තුළ ... More detail
ගිය වසරේ හදපු නත්තල් ගහට මේ වසරේ වුණ දේ මෙන්න ගිය වසරේ හදපු නත්තල් ගහට මේ වසරේ වුණ දේ මෙන්න 2017-12-14 - ලෝකය පුරාම කිතුනු බැතිමතුන්ට ගොඩක් වැදගත් මාසයක් තමයි උදුවප් මාසය නැත්නම්... More detail
විදුහල්පති නිසා වසර 11ක පාසල් දිවිය අතරමං වුණු දරුවා විදුහල්පති නිසා වසර 11ක පාසල් දිවිය අතරමං වුණු දරුවා 2017-12-14 - පලාගල අධ්‍යාපන කොටඨාසයට අයත් මානේරුව මහා විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ පාසල් ... More detail
හිටපු ජනපතිගෙන් හදිසි ඉල්ලීමක් හිටපු ජනපතිගෙන් හදිසි ඉල්ලීමක් 2017-12-14 - එළැඹෙන පළාත් පාලන ඡන්දයේ දී අනෙක් සියලුම කාරණා පසෙක තබා, තමන් වත්මන් එජාප-ශ... More detail
පෙම්වතිය කෙලෙසා විඩියෝ දර්ශන ෆේස්බුක් දමනවා යැයි පෙම්වතා කළ දේ මෙන්න පෙම්වතිය කෙලෙසා විඩියෝ දර්ශන ෆේස්බුක් දමනවා යැයි පෙම්වතා කළ දේ මෙන්න 2017-12-14 - සිය පෙම්වතියට බීර පොවා මත්කොට ලැඟුමහලකදී ඇය කෙලෙසූ බව කියන පෙට්වතකු එම දර්ශන... More detail
බිරිද එක්ක තිබුණු අඩදබරෙට මැද්දට පැනපු මාමණ්ඩිව බෑණා ඝාතනය කරලා බිරිද එක්ක තිබුණු අඩදබරෙට මැද්දට පැනපු මාමණ්ඩිව බෑණා ඝාතනය කරලා 2017-12-14 - බහින්බස් වීමක්  දුරදිග ගොස් බෑනා විසින් මාමා ඝාතනය කර ඇති බවට පුවතක් දංකොටුව... More detail
පාසලක අසල ගෙන ගිය ගණිකා ජාවාරමක් වටලයි පාසලක අසල ගෙන ගිය ගණිකා ජාවාරමක් වටලයි 2017-12-14 - හම්බනතොට මඩමල්ල පුදේශයේ පාසලක් අසල ලැගුමහලක කාලයක් තිස්සේ  පවත්වා ගෙන ගිය... More detail
“බොරු කරලා ගැහැණුන්ට ගහලා බබා පාට් රගපානවා“ - හොර රහසේ විවාහ වුණු රොෂාන්ගේ ප... “බොරු කරලා ගැහැණුන්ට ගහලා බබා පාට් රගපානවා“ - හොර රහසේ විවාහ වුණු රොෂාන්ගේ පැටිකිරිය එළියට 2017-12-14 - පසුගිය කාලයේ පෙම් සබඳතා සම්බන්ධ පැටලිලි නිසා විවිධ කතාබහට ලක්වූ ටෙලි නළු ර... More detail
නාම යෝජනා දෙන්න පුළුවන් අද 12 වෙනකම් විතරයි නාම යෝජනා දෙන්න පුළුවන් අද 12 වෙනකම් විතරයි 2017-12-14 - පළාත් පාලන ආයතන 93ක් සඳහා නාමයෝජනා පත්‍ර භාරගැනීම අද මධ්‍යහන 12.00න් අවසන් වීමට... More detail
සා.පෙළ විභාගයට පැය 3ක් තියා සිසුවිය සියදිවි නසා ගෙන සා.පෙළ විභාගයට පැය 3ක් තියා සිසුවිය සියදිවි නසා ගෙන 2017-12-14 - මෙවර පැවැත්වෙන අ.පො.ස. සාමාන්‍ය පෙල විභාගය ආරම්භ වීමට පැය තුනකට පෙර යාපනයේ- ... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2017-12-13 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
ගුවන්තොටේ තරු දෙකේ හෝටලයක් හදන්න ලංසු කැඳවයි ගුවන්තොටේ තරු දෙකේ හෝටලයක් හදන්න ලංසු කැඳවයි 2017-12-13 - ගුවන් මගීන්ට සහ සංචාරකයින්ට වඩාත් හොඳ සේවාවක් සැලසීමේ අරමුණින් කටුනායක, බ... More detail
දුම්රිය සේවයට කරන්න යන දේ රාජිත පැහැදිලි කරයි දුම්රිය සේවයට කරන්න යන දේ රාජිත පැහැදිලි කරයි 2017-12-13 - දුම්රිය වර්ජනය අවසන් බවත්,සෞඛ්‍ය,අධ්‍යාපන හා දුම්රිය යන සේවාවන් සංවෘත්ත ස... More detail
ශර්මාගෙන් ද්විත්ව ශතකයක් - ලංකාවට දැවැන්ත ඉලක්කයක් ශර්මාගෙන් ද්විත්ව ශතකයක් - ලංකාවට දැවැන්ත ඉලක්කයක් 2017-12-13 - දෙවන එක්දින තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 ... More detail
පක්ෂය එකතු කරන්න ඕනෑම දෙයක් කරනවා පක්ෂය එකතු කරන්න ඕනෑම දෙයක් කරනවා 2017-12-13 - දෙකඩ වී ඇති නිදහස් පක්ෂය එකතු කිරීමට අවශ්‍ය ඹිනෑම දෙයක් සිදු කරන්නැයි ජනාධ... More detail

 

Gossip

Foreign

62ක හැවිරිදි මිස්ටර් Beenට යළිත් පිය පදවිය 62ක හැවිරිදි මිස්ටර් Beenට යළිත් පිය පදවිය 2017-12-12 - මිස්ටර් බීන් තුන්වැනි වතාවටත් පිය පදවිය ලබන්න සූදානම් වෙනවලු. More detail
සිරියාවට ගිය රුසියන් ජනපති දුන්න නියෝගය මෙන්න සිරියාවට ගිය රුසියන් ජනපති දුන්න නියෝගය මෙන්න 2017-12-12 - සිරියාවේ යොදවා සිටින රුසියානු හමුදා සෙබළුන්ගෙන් කොටසක් ඉන් ඉවත් කිරීමට ජ... More detail
ලොව දෙවන වැඩිම අයකිරීමක් ඇති හෝටලයේ ගන්න කෝලී - අනුෂ්කා විවාහයේ සම්පුර්ණ කතාව... ලොව දෙවන වැඩිම අයකිරීමක් ඇති හෝටලයේ ගන්න කෝලී - අනුෂ්කා විවාහයේ සම්පුර්ණ කතාව මෙන්න 2017-12-11 - ඉන්දු ශ්‍රී ලංකා එක්දින තරගාවලිය අස්සේ නිතර ඇහෙන දෙයක් තමයි සුපිරි ක්‍රීඩක... More detail
පාසලක වෙඩි තැබීමකින් සිසුන් දෙදෙනෙකු මරුට පාසලක වෙඩි තැබීමකින් සිසුන් දෙදෙනෙකු මරුට 2017-12-08 - පාසලක සිදුවූ වෙඩි තැබීමකින් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබේ. More detail
ඉන්දියාවේ භූ චලනයෙන් ලාංකිකයන්ට කිසිදු බලපෑමක් නැහැ ඉන්දියාවේ භූ චලනයෙන් ලාංකිකයන්ට කිසිදු බලපෑමක් නැහැ 2017-12-07 - ඉන්දියවේ නවදිල්ලි නුවර ප්‍රබල භූ  කම්පයනයක් සිදුව තිබේ. එය රික්ටර් මාපකයේ ... More detail
මියගිය බිළිදාට ආදාහනය කිරීමට යද්දී යළි පණ එයි මියගිය බිළිදාට ආදාහනය කිරීමට යද්දී  යළි පණ එයි 2017-12-06 -   මියගිය බිළිදුන් ආදාහනාගාරයට රුගෙන යද්දී එක් බිළිදෙකුට යළි පණ ලැබීමේ අපූරු... More detail
ජනපති ට්‍ර‍ම්ප්ට අරාබි රට වලින් විරෝධය ජනපති ට්‍ර‍ම්ප්ට අරාබි රට වලින් විරෝධය 2017-12-06 - ඊශ්‍රායලයේ අගනුවර වන ටෙල්අවිව් හි පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ජෙරුස... More detail