ලංකාවේ ප්‍රසිද්ධ ක්‍රිකට් තරුවක් තමයි දුෂ්මන්ත චමීර කියන්නේ. ඉතින් මේ ළගදී දුෂ්මන්ත විවාහ දිවියටත් එළඹුණා. ඔහුගේ ජිවිතයේ සහකාරිය වෙන්න වසානවා ලද ළගින්ම හිද ඔහුට දිරි දෙන ඇය තමයි සුලෝචනා දිල්රුක්ෂි. ඉතින් මේ දෙනන්ගේ ආදර කතාව ගැන සුලෝචනා මේ විදියට පුවත්පතකට පවසා තිබුණා.

කොහොමද මුලින්ම දුෂ්මන්තව හදුනා ගතතේ?

අපි දෙන්න මිගමුව හරිශ්චන්ද්‍ර ජාතික පාසලේ ඉගෙනගත්තේ. පොඩි කාලේ ඉදන් එකම පාසලේ හිටියට මම මෙයාව දැක්කේ 2005දී වගේ.

දුෂ්මන්ත පාසල් කාලයේ ඉදලම සුලෝචනා ගැන උනන්දුවෙන් කියන දේ දැනිලා තිබුණද?

ඔය දේවල් වෙද්දි මම අට වසරේ. දුෂ්මන්ත නවය වසරේ. මම පන්තියෙන් එළියට යද්දි දවසක් මාව දැකලා මෙයා තමයි පස්සෙන් ආවේ. දිගටම ඉස්කෝලේදී දහම්පාසලේදී මං දිහා බලන් ඉන්නවා. ඊට පස්සේ මල්ලි කෙනෙක් අතේ පණිවිඩ එවන්නත් පටන් ගත්තා. එයා මට කැමතියි. කතා කරන්න ඕනෑ. ඒවගේ දේවල් පන්තියේ යාළුවන්ට කියනවා. අපේ ගෙවල් ලග හිටියා එයාගේ පන්තියේ අයියා කෙනෙක්. මාව බලන්න ඒනෑ නිසා එයා ඉස්කොලේ ඇරුණම ඒ අයියාව ගෙදරට ගෙනත් දාන්න පටන් ගත්තා. එහෙම ආපු දවසක මමත් ඉස්කොලේ ඇරිලා ගෙදර ආව විතරයි. දුස්මන්ත ගේටුට්ව ළග ඉන්නව දැක්ම මං හොදටම බය වුණා. මං අපේ තාත්තට කිවුවා. කොහොම හරි එදා රෑ මට උණත් හැදුණා. තාත්තා කිවුවා එයාට මේ ගැන කෙළින්ම ඇවිත් මේ ගැන තාත්තාගෙන් අහන්න කියලා.

ඒ විදියට හොරෙන් බල බලා කොච්චර විතර කාලයක් පස්සෙන් ආවද?

එහෙම පණිවුඩ හුවමාරු කර කර හොරෙන් බල බල අවුරුදුදක් විතර හිටියා. මං පන්තියේ මිස්ටයි. අපේ ගෙදරටයි කිවුවා මෙහෙම කෙනෙක් මට කරදර කර කර පස්සෙන් එනවා කියලා. අවුරුදු එකහමාරක් විතර පස්සෙන්ම ආවා. සාමාන්‍ය පෙළින් පස්සේ එයා වෙන ඉස්කෝලේකට ගියා. ක්ලාස් යද්දී, ඉස්කෝලේ යද්දි ඉදල හිටලා දැක්කා. ඊට පස්සේ මං අකමැති නිසා වෙන්න ඇති එයා පස්සෙන් එන එක නවත්තලා දැම්මා.

ඒ විදියට මහහැරුණු දුෂමන්තව ආපහු වතාවක් මුණගැහුණේ කෙහොමද?

ඉස්කොලේ යන කාලේ සම්බන්ධයක් ඇති වුණේම නැහැ. අවුරුද පහකට විතර පස්සේ උසස් පෙළත් ඉවර වෙලා ගෙදර ඉද්දි මං දැම්ම ෆෝසට් එකකට දුෂ්මන්ත කමෙන්ට් කරලා තිබුණා. එදා තමා දැනගත්තේ එයා මගේ ෆේස්බුක් ෆ්‍රෙන්ඩ් කෙනෙක් කියලා. මේ මගේ පස්සෙන් ආව කෙනාමද කියලා එයාගේ ෆේස්බුක් එකට ගිහින් බැලුවා. මං දුෂ්මන්තගේ නම මොකක්ද කියලවත් දැනගෙන හිටියේ නැහැ. මං ටිකක් හොයලා බැලුවා. ඊට පස්සේ චැට් කළා. දවසක් මගේ යාලුවෙක් ජෝක් මැසේජ් එකක් එවලා තිබුණා. මං හිතුවේ නැහැ ඒ මැසේජ් එකට මට දුෂ්මන්ත කෝල් කරයි කියලා. පළවෙනි වතාවට අපි කතා කළේ එහෙම. අවුරුදු ගාණකට පස්සේ අපි ආයෙමත් දකින්නේ 2012 දි. ඒ පන්සලේදි. අපි පන්සල් එනව කිවුවම දුෂ්මන්ත එයාගේ ගෙදර අයත් එක්ක පන්සල් ඇවිති හිටියා. කතා කරන්න වුණේ නැහැ. දකින්න විතරයි ඕනි වුණේ.

පාසල් කාලයේදී දුෂ්මන්තට අකමැති වුණ් සුලෝචනා පස්සේ ආපහු කැමති වෙන්න විශේෂ හේතුවක් තිබුණද?

ආපහු මුණ ගැහුණට පස්සේ කාලයක් ගත වෙද්දි චැට් කරද්දී කතා කරද්දී මට හිතුණා මෙයා ගොඩක් හොද කෙනෙක් කියලා. මං එයාට කැමතිද කියන එක දෙවැනි වතාවෙදි එයා ඇහුවේ නැහැ. තිබුනු හිතවත්කම වැඩි වෙලා මෙයා හොද කෙනෙක් කියලා හිතුණට පස්සේ නොදැනීම ඇතිවුණු ආදරයක්. දුෂ්මන්තගේ අපන්දිනේට කලින් දවසේ තමයි මං කැමතියි කියලා කිවුවේ. ඒ 2012 ජනවාරි 10 වැනිදා.

පෙම්වතුන් වුණාට පස්සේ දෙන්නා තනිවම මුණ ගැහුණ දවස ගැන මතකයක් තියෙනවද?

ගම්පහ පාර්ක් එකේදී. මම ආවේ ක්ලාස් යනවා කියලා බොරු කියලා. එයා ප්‍රැක්ටිස් යනවා කියලා ඇවිල්ලා තිබුණා.

ඒ කාලේදී දුෂ්මන්ත ක්‍රිකට්වලට මොනවිදියට සම්බන්ධවෙලා ඉන්නවා කියලද සුලෝචනා දැනගෙන හිටියේ?

ඉස්කෝලේ යද්දී යාළුවෝ නම් මට ඇහෙන්න කියලා තියෙනවා මෙයා පාස්ට් බෝලර් කෙනෙක්. යාව වුණාට පස්සේ එයාගේ ෆේස්බුක් එක බැලුවම තමයි ක්‍රිකට්වලට සම්බන්ධයි එන්.සී.සී එකට සෙල්ලම් කරනවා කියලා දැනගත්තේ. 2014 අන්තිම වගේ තමයි නැෂනල් ටීම් එකට තේරුණේ.

මේ හැම සම්බන්ධයක්ම ගෙවල්වලින් දැන ගන්නේ කොහොමද?

නැෂනල් ටිම් එකේ එයාගේ පළවෙනි සංචාරය ගිහින් එද්දී තමයි දුෂ්මන්තගේ ගෙදරින් දැනගත්තේ. 2015 මුල වගේ. යාළුවෙලා අවුරුදු තුනකට විතර පස්සේ. අපේ අම්මට මං කියලා තිබුණා. දුඹ්මන්ත කියලා තිබුණේ නැහැ. හැමෝටම හොරෙන් ටික කාලයක් අපි සම්බන්ධය පැවැත්වුවා. අපේ තාත්තයි දුසමන්තගේ තාත්තයි යාළුවෝ. ඒත් ඒක දැනගත්තේ සම්බන්ධයෙන් ගොඩක් කාලයකට පස්සේ. අපේ තාත්තා දුෂ්මන්තගේ තාත්තට කියලා තිබුණා එයාගේ ගමනට මේ දේවල් බාධාවක් වෙයි කියලා. එයාලගේ ගදෙරින් එකපාරටම කැමැත්ත දුන්නේ නැහැ. අපි සම්බන්ධය නතර කළේ නැහැ. ඒත් අපේ සම්බන්ධය එයාගේ ගමනට බාධාවක් කර ගත්තේ නැහැ. ඒ නිසාම ටික කාලයක් ගිහින් ගෙවල්වලින් ආශිර්වාදය ලැබුණා. 2017 සැම්තැම්බර් 07 වනෙිදා වෙඩින් එක ගත්තා.

ලැබුණු පළවෙනි තෑග්ග ගැන මතකයක් තියෙනවද?

යාළු වුණු අවුරුද්දේ මගේ බර්ත් ඩේ එකකෙරුබු දෙකකුයි. බේස්ලට් එකකුයි ලැබුණා.


Latest News

බැදුම්කර කොමිසම මාමාටයි බැණාටයි නඩු පවරන්න නිතීපතිට ලියයි බැදුම්කර කොමිසම මාමාටයි බැණාටයි නඩු පවරන්න නිතීපතිට ලියයි 2017-10-21 - සීමාසහිත පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ජෝශප් ඇලෝසියස් සහ ඔ... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2017-10-20 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
ලංකාව විලි ලැජ්ජාවෙන් ගලවාගත් ප්‍රහාරකයා ලකුණු නොලබාම අද ක්‍රීඩාගාරයට ලංකාව විලි ලැජ්ජාවෙන් ගලවාගත් ප්‍රහාරකයා ලකුණු නොලබාම අද ක්‍රීඩාගාරයට 2017-10-20 - ශ්‍රි ලංකාව සහ පාකිස්ථානය අතර සාජා ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙන සිවුවැනි ... More detail
දුම්රිය වර්ජනය අත්හරී දුම්රිය වර්ජනය අත්හරී 2017-10-20 - දුම්රිය සේවකයින් අද(20)  මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය... More detail
පොලීසියෙන් සැගව සිටි අරඹේපොල රතනසාර හිමි අත්අඩංගුවට පොලීසියෙන් සැගව සිටි අරඹේපොල රතනසාර හිමි අත්අඩංගුවට 2017-10-20 - ගල්කිස්ස ප්‍රදේශයේ මියෙන්මාර සරණාගතයින් පිරිසක් රදවාසිටි ස්ථානයක් අසල න... More detail
රට පුරා සහල් මිල අඩු වෙයි  රට පුරා සහල් මිල අඩු වෙයි 2017-10-20 - ලංකා සතොස මඟින් සහල් වර්ග 4ක් සඳහා නියම කර ඇති සහන මිල රට පුරා පාරිභෝගිකයන්ට... More detail
දෙවැනි ඉනීමේ අනුහස් - දෙව්මි දෙවැනි ගමන යයි දෙවැනි ඉනීමේ අනුහස් - දෙව්මි දෙවැනි ගමන යයි 2017-10-20 - මේ දිනවල රූපවාහිනියේ වඩාත් ජනප්‍රියම යුවළක් වන රවීන් හා නයනතාරා විවාහ මංග... More detail
නව ව්‍යවස්ථාව ගැන ජනපතිගෙන් ජනතාවට පණිවුඩයක් නව ව්‍යවස්ථාව ගැන ජනපතිගෙන් ජනතාවට පණිවුඩයක් 2017-10-20 - තවමත් කෙටුම්පත් කර නොමැති නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් සමාජය නොමග යැවීමට ... More detail
කෑගල්ලේ වෙළදසැලක් තුළ පුද්ගල ඝාතනයක් කෑගල්ලේ වෙළදසැලක් තුළ පුද්ගල  ඝාතනයක් 2017-10-20 - කෑගල්ල - පරගම්මන ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සැලක තිබී ඝාතනය කරන ලද... More detail
ජේ ආර්ගේ මුණුබුරා ශ්‍රීලනිපයෙන් පුංචි ඡන්දයට ජේ ආර්ගේ මුණුබුරා ශ්‍රීලනිපයෙන් පුංචි ඡන්දයට 2017-10-20 - ඉදිරි පළාත් පාළන මැතිවරණය සඳහා තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ කොළඹ නගර ... More detail
දුම්රිය මාර්ග වල සෙල්ෆි වලට 24ක් බිලි වෙලා දුම්රිය මාර්ග වල සෙල්ෆි වලට 24ක් බිලි වෙලා 2017-10-20 - මේ වසරේ ගත වූ මාස 9 තුළ මෙරට දුම්රියවල සහ දුම්රිය මාර්ගවල සිට සෙල්ෆි ඡායාරූප... More detail
හැදෑරු උපාධිය හැර වෙනත් විෂයන්ට ගුරුපත්වීම් නැහැ හැදෑරු උපාධිය හැර වෙනත් විෂයන්ට ගුරුපත්වීම් නැහැ 2017-10-20 - තමන් හැදෑරූ උපාධිය හැර වෙනත් විෂයන් ඉගැන්වීම සඳහා ගුරුවරුන් බඳවා ගැනිම නැ... More detail
බඩගින්නට වමනේ ගිය සිසුවිය ගැබිණියක් කියලා පාසලෙන් ඉවත් කරලා බඩගින්නට වමනේ ගිය සිසුවිය ගැබිණියක් කියලා පාසලෙන් ඉවත් කරලා 2017-10-20 - පාසලකදී ශිෂ්‍යයෙක් හෝ ශිෂ්‍යාවක් වැරැද්දක් කළ විට ඒ වෙනුවෙන් ඒ වැරදි කරපු ... More detail
අද තරගයේදී සධීරට එක්දින වරම් හිමි වෙයි? අද තරගයේදී සධීරට එක්දින වරම් හිමි වෙයි? 2017-10-20 - ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර අද(20) සජා හී පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයේදී... More detail
ප්‍රවීණ රංගන ශිල්පි සෝමසිරි අලකොලාංග ගිහි දිවියට සමුදෙයි ප්‍රවීණ රංගන ශිල්පි සෝමසිරි අලකොලාංග ගිහි දිවියට සමුදෙයි 2017-10-20 -  මෙරට රංගන ක්ෂ්ත්‍රයේ සිටි දැවැන්ත ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පියෙකු වූ සෝමසිරි... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2017-10-19 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
තාජුදීන් ඝාතන සිදුවීම-හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයාට ඇප ලැබෙයි තාජුදීන් ඝාතන සිදුවීම-හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයාට ඇප ලැබෙයි 2017-10-19 - රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන සිද්ධියේ සාක්ෂි වසන් කිරිමේ චෝදනා එල්ල වී... More detail

 

Gossip

Foreign

පළමු විවාහක ක්‍රීඩා යුවළ ඉතිහාසයට එක් වුණු හැටි පළමු විවාහක ක්‍රීඩා යුවළ ඉතිහාසයට එක් වුණු හැටි 2017-10-19 - ප්‍රධාන පෙළේ තරගාවලියක එකම දිනයකදී විවෘත කාන්තා ශූරතාවත්, විවෘත පිරිමි ශූ... More detail
ජනපති බිරිදගේ සරාගී විලාසිතාව ඇමරිකාව කළඹයි ජනපති බිරිදගේ සරාගී විලාසිතාව ඇමරිකාව කළඹයි 2017-10-17 - ඇමරිකානු ජනපති ට්‍රම්ප් බිරිය මෙලනියා පසුගිය සිකුරාදා හිස්පැනික් සංස්කෘතිය... More detail
සැමියා අකමැති වුණු නිසා ගුරුවරිය සිසුන් 4 දෙනෙකු සමග ලිංගිකව එක්වෙලා සැමියා අකමැති වුණු නිසා ගුරුවරිය සිසුන් 4 දෙනෙකු සමග ලිංගිකව එක්වෙලා 2017-10-13 - පාසල් ගුරුවරියක් තම ත්‍යානුකූල ස්වාමි පුරුෂයා තමා සමග ලිංගිකව එකතු නොවන බව... More detail
ඇමරිකාවේ ලැව්ගින්නෙන් මිදි රට ඇවිලෙයි - 20, 000කට පිඩා ඇමරිකාවේ ලැව්ගින්නෙන් මිදි රට ඇවිලෙයි - 20, 000කට පිඩා 2017-10-10 - ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ වයින් නිෂ්පාදනය කෙරෙන මිදි රට ලෙස හැදින්වෙන... More detail
ගමක් බය කළ දැවැන්තයා මෙන්න ගමක් බය කළ දැවැන්තයා මෙන්න 2017-10-04 - දැවැන්ත සර්පයෙකු සමඟ සටන් කර සර්පයා මරා දැමූ පුද්ගලයෙකු පිළිබඳව පුවතක් වි... More detail
ලොවම කැළඹු ලාස්වේගාස් ප්‍රහාරය ISIS බාරගනී - ලාංකිකයන්ට අනතුරක් නැහැ ලොවම කැළඹු ලාස්වේගාස් ප්‍රහාරය ISIS බාරගනී - ලාංකිකයන්ට අනතුරක් නැහැ 2017-10-03 - ඇමෙරිකාවේ ලාස්වේගාස් නුවරට එල්ල වූ ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයින්ට අනතුරක්... More detail
ඇමරිකාවේ සංගිත ප්‍රසංගයකට වෙඩි ප්‍රහාරයක් - 20 දෙනෙකු ජීවිතක්ෂයට ඇමරිකාවේ සංගිත ප්‍රසංගයකට වෙඩි ප්‍රහාරයක් - 20 දෙනෙකු ජීවිතක්ෂයට 2017-10-02 - ඇමෙරිකාවේ ලාස්වේගාස්හි සංගීත ප්‍රසංගයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ග... More detail