රජිත හිරාන් පුංචි තිරයේ මෙන්ම සිනමාවද ජය ගත් තරුවක්.

විකට රංගන‍යෙන් කලාවට පිවිසි රජිත පසුගිය දිනවල දෙවන වතාවටත් පියෙකු වී තිබෙනවා. ඒ සිගිති දියණියකට. ඒ පිළිබදව සහ කලා කටයුතු පිළිබදව පුවත්පතක් සමග එක්වූ රජිත හිරාන් අදහස් දක්වා තිබුනා.

පුතෙක් බලාපොරොත්තුවෙන් හිටපු රජිතට තවත් දුවෙක්ගේ තාත්තා කෙනෙක් වෙන්න වුණානේ?

ඔව්. මම බලාපොරොත්තුවෙන් හිටියේ පුතෙක්ව. ලැබුණේ දුවෙක්ව. කවුරු ලැබුණත් ඒ අපේ දරුවනේ. ඒ නිසා හරිම සතුටුයි.

 දැන් දුවට වයස කීයද?

දැන් දුවට මාසයයි. පසුගිය 2 වැනිදා තමයි දුව ඉපදුණේ.

 හිතේ තියාගෙන හිටපු නම දුවට තිබ්බද?

ඔව්. මම හිතාගෙන හිටියේ පුතෙක් ඉපදුණොත් ආර්යන් කියලා නම තියන්න. දුවෙක් ඉපදුණොත් අරියානා කියලා නම තියන්න. ඉතින් ආර්යන් නම තියන්න පුතෙක් ලැබුණේ නෑනේ. ඒ නිසා දුවට අරියානා කියලා නම තිබ්බා.

 ඉපදෙන්න ඉන්නේ දුවෙක් කියලා ඩොක්ටර්ස්ලා කියලා තිබ්බනේ. ඇයි එහෙම කියලත් ඉපදෙන්නේ පුතෙක් කියලා හිතුවේ?

ඩොක්ටර් අපිට හිතවත්. එයා දන්නවා මම පුතෙක්ට කැමැත්තෙන් ඉන්නවා කියලා. ස්කෑන් කරලා ඩොක්ටර් කිව්වා ලැබෙන්නේ දුවෙක් කියලා. ඒත් මම හිතුවේ ඩොක්ටර් විහිළුවක් කරලා මාව බයිට් කරනවාද කියලා. අපි පාට දෙකෙන්ම ඇඳුම් ලෑස්ති කරගෙන හිටියේ. ඉතින් ලැබුණේ දුවෙක්. ඉස්සර පවුලකට පුතෙක් ඕනෙ වුණේ තියෙන කුඹුරු ටික භාර දෙන්න නේ. ඒත් ඉතින් අපිට දෙන්න කියලා කුඹුරුත් නෑනේ. ඒ නිසා ලැබිච්ච දුව අපිට හොඳයි.

 චූටි දුව ලැබෙද්දී රජිත තියටර් එකෙත් විකට ජවනිකා රඟපෑවා කියන්නේ ඇත්තද?

ඩොක්ටර් අජිත් කියන්නේ ගොඩක් දෙ වෛද්‍යවරයෙක්. ඔහු අපිට හරි හිතවත්. බබා ලැබෙන වෙලාවේ මම වයිෆ් ගාව හිටියේ. ඒ වෙලාවේ මම ඩොක්ටර්ටත් විහිළු කර කර හිනා වෙවී හිටියා. තියටර් එකේ හිටිය හතර දෙනාම මාත් එක්ක හිතවත්. ඉතින් විහිළුවෙන් තහළුවෙන් එක එක දේවල් කිය කිය හිටියා.

 දුවගේ පෙනුමේ හුරුව ඇන්ඩ්‍රියා වගේද?

චූටි දුව ලොකු දුවගේ කපාපු පළුව. චූටි දුවගේ පෙනුම මම වගේ. කකුලේ ඇඟිලි විතරයි වයිෆ්ගේ වගේ. ඉතින් වයිෆ් දුවගේ ඇඟිලි එයාගේ වගේ කියලා සතුටු වෙනවා.

 ලොකු දුව චූටි නංගි පිළිගත්තේ කොහොමද?

මල්ලියෙක් හරි නංගියෙක්ව හරි ගේන්න කියලා ලොකු දුව තමයි වැඩිපුරම ඉල්ලුවේ. චූටි දුව ඉතින් දැන් වැඩිපුරම කරන්නේ කිරි බොන එකයි නිදා ගන්න එකයිනේ. ලොකු දුව ඉතින් කරන්නේ නංගිව අතපත ගාන එක තමයි.

 ආදරේ බෙදා ගන්නත් ලොකු දුව උත්සාහ කරනවා ඇති?

ඔව්. චූටි දුව ඉපදුණ ගමන් එයාට නුහුරුයි. බබෙක් ගේනවා කිව්වම නංගි ආපු ගමන් එයත් එක්ක සෙල්ලම් කරයි කියලා තමයි ලොකු දුව හිතුවේ. එත් එහෙම වුණේ නෑනේ. අපි ඉතින් දැන් මොකකට හරි එයාට බනින්න වුණොත් චූටි දුවටත් බනිනවා වගේ පෙන්නලා දෙන්නටම තමයි බනින්නේ. අපි එයාට ආදරේ අඩුවක් දැනෙන්න තියන්නේ නැහැ.

 කෙල්ලෝ දෙන්නෙක් හදන එක ලේසි නෑනේ?

අම්මෝ ඔව්. දුවලා දෙන්නෙක් කියන්නේ වගකීමක් තමයි. හැබැයි මගේ දුවලා දෙන්නා එයාගේ අම්මා වගේ වුණොත් මට බරක් දැනෙන එකක් නෑ.

ඇයි එහෙම කියන්නේ?

මගේ වයිෆ් පවුලට ආර්ථික වශයෙනුත් ලොකු හයියක් දෙන ඒ වගේම හොඳ අවබෝධයක් දැනුමක් තියෙන කෙනෙක්. තාත්තාව  Followනොකර අම්මව  Follow කරන දුවලා දෙන්නෙක් වුණොත් හොඳයි.

 දුවලා දෙන්නා රජිත වගේ හැදෙනවාට කැමැති නැද්ද?

මගේ කට තමයි හරි නැත්තේ. මගේ කටෙන් උඩ තියෙන ඇස්, කොණ්ඩේ වගේ දේවල් ලස්සනයි. නහයෙන් පහළ තමයි අවුල් කියලා කියන්නේ. ඒ නිසා නහයෙන් උඩ තියෙන ඇස්, කොණ්ඩේ මං වගේ තිබිලා ඉතිරි දේවල් බිරියගේ වගේ වෙන එක හොඳයි. හැබැයි මගේ පළමුවැනි දුවත් මං වගේ කටකාරයි. මං වගේම අනවශ්‍ය උදවු පදවු කරන්න ගිහින් එයත් බැනුම් අහනවා. ඒ නිසා මම කැමැති දුවලා දෙන්නා එයාගේ අම්මා වගේ වෙනවාට.

 දුවලා අනාගතයෙදි නිළියෝ වෙනවට රජිත කැමැතිද?

අනිවාර්යයෙන්ම කැමැතියි. මොකද මට මිනිස්සු ආදරේ කළේ කලාකරුවෙක් නිසා. මම අවුරුදු දහහතක් ජීවත් වෙන්නේ නළුකමෙන්. මේ රැකියාව මට උතුම්. ලෝකේ හැමෝටම මේ රැකියාව කරන්න ලැබෙන්නේ නැහැ. මම නළුවෙක් වීම ගැන ආඩම්බර වෙන කෙනෙක්. මම කැමැතියි මගේ දුවලා ස්වර්ණා මල්ලවආරච්චි වගේ නිළියන් වෙනවාට. එයාලට හැකියාව, පෙනුම, වාසනාව තියෙනවා නම් ඒ තැනට ගේන්න මමත් ශක්තියක් වෙනවා. හැබැයි ඉගෙනීම අතහැරලා නෙවෙයි. මම කැමැතියි නීති සම්බන්ධ රැකියාවක් කරන ගමන් දුවලා කලාවට සම්බන්ධ වෙනවාට.

 දුවලා නීතිය සම්බන්ධ රැකියාවලට යොමු කරන්න හීන දකින්නේ ඇයි?

මම නීතිමය පැත්තට සම්බන්ධ දේවල් කරන්න කැමැත්තෙන් හිටියා. හැබැයි මට ඒක කරන්න බැරි වුණා. මට බැරි වුණ දේවල්ම මගේ දුවලා දෙන්නා කරනවාට මම කැමැතියි.

දැන් ආර්යන් කෙනෙක් හදන හීනය අතහැරලා දැම්මාද?ඒ හීනය අතහැරලා දැම්මේ නැහැ. තව අවුරුදු දෙක තුනක් ගිහින් ආර්යන් කෙනෙක් ගේන්න පුළුවන්ද කියලා බලනවා.

 අලුත් වැඩක් එහෙම කළා කියලා ආරංචියි?

ඔව්. මමයි සුරේෂ් ගමගේයි එකතු වෙලා ගීතයක් කළා. ස්විස්, ඉතාලි, ජර්මන් වලදී තමයි ඒ ගීතයේ විෂුවල් එක ෂූට් කළේ. ඒ ගීතය ළඟදීම එළියට එනවා.

 ඊට අමතරව කලා කටයුතු පැත්තෙන් මොනවද මේ දවස්වල සිද්ධ වෙන්නේ?

මම රඟපාපු චිත්‍රපට දහයක් විතර තිරගත වෙන්න තියෙනවා. ඊට අමතරව ගයන්නයි වයන්නයි වැඩසටහනත් ඉදිරිපත් කරනවා. ගායනා වැඩකටයුතුවලටත් සම්බන්ධ වෙනවා.

 


Latest News

මංගල, කබීර්, මලික්ගේ ඇමැතිධූර වෙනස්වෙයි? - සිදුකරන වෙනස මෙන්න මංගල, කබීර්, මලික්ගේ ඇමැතිධූර වෙනස්වෙයි? - සිදුකරන වෙනස මෙන්න 2018-02-22 - කැබිනට් සංශෝධනය තුළ මෙවර අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ප්‍රධාන අමාත්‍ය ධුර කි... More detail
බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍ර‍නාන්දු දිවයිනට බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍ර‍නාන්දු දිවයිනට 2018-02-22 - බ්‍රිතාන්‍ය යේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ උපදේශක... More detail
පියුමි - ජැක්සන් අලුත් ගමන එකට අරඹයි පියුමි - ජැක්සන් අලුත් ගමන එකට අරඹයි 2018-02-22 - ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන අනිල් කුමාර්ගේ අලුත්ම චිත්‍රපටය වන... More detail
කිරිඇල්ල සභාව අමතද්දී ජනපති හදිසියේ ම පාර්ලිමේන්තුවට කිරිඇල්ල සභාව අමතද්දී ජනපති හදිසියේ ම පාර්ලිමේන්තුවට 2018-02-22 - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (22) පාර්ලිමේන්තු සභාවට පැමිණ තිබේ. More detail
බස් බෝම්බය ගැන කොටි බොරු මෙහෙයුමක බස් බෝම්බය ගැන කොටි බොරු මෙහෙයුමක 2018-02-22 - දියතලාවේ පුද්ගලික බස් රථයක් තුළ පුපුරාගිය අත් බෝම්බය සම්බන්ධයේන කොටි හිත... More detail
ප්‍ර‍බල ඇමති ධූර ශ්‍රීලනීපයට දෙන්න එජාපය බාල්දි පෙරලයි - සංශෝධනයට තවමත් බා... ප්‍ර‍බල ඇමති ධූර ශ්‍රීලනීපයට දෙන්න එජාපය බාල්දි පෙරලයි - සංශෝධනයට තවමත් බාලගිරි දෝෂය 2018-02-22 - කැබිනට්‌ සංශෝධනයේදී එක්‌සත් ජාතික පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් තිදෙනකුගෙන්... More detail
පුංචියට වුණත් සාර්ථක ගමනක් ආරම්භ කරන්න පුළුවන් - හැකියාවෙන් වසර 12ක ව්‍යාපාරික... පුංචියට වුණත් සාර්ථක ගමනක් ආරම්භ කරන්න පුළුවන් - හැකියාවෙන් වසර 12ක ව්‍යාපාරික ගමනක් ආ නයනා කුමාරි 2018-02-22 - කලා ක්ෂේත්‍රය, රූපලාවන්‍ය ක්ෂේත්‍රය යන ක්ෂේත්‍රයන් කිහිපයක් තුළ එක් කෙනෙක්... More detail
අත්බෝම්බය සාක්කුවෙන් අරන් බැග් එකට දාද්දී පින් එක ගැලවිලා සීට් එක යටට වැටු අත්බෝම්බය සාක්කුවෙන් අරන් බැග් එකට දාද්දී පින් එක ගැලවිලා සීට් එක යටට වැටුණා 2018-02-22 - දියතලාව, කහගොල්ල ප්‍රදේශයේ දී මගී බස් රථයක් තුළ ඊයේ (21) අලුයම පුපුරා ගියේ හමුදා... More detail
මුදල් - වත්කම් කොල්ලකෑවා කියා රනිල්ට විරුද්ධව නඩුදාලා මුදල් - වත්කම් කොල්ලකෑවා කියා රනිල්ට විරුද්ධව නඩුදාලා 2018-02-22 - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව ... More detail
උදේ පාසල් ආපු දැරිය විදුහල්පති කාමරයට ඇදන් ගිහින් දුෂණය කරලා උදේ පාසල් ආපු දැරිය විදුහල්පති කාමරයට ඇදන් ගිහින් දුෂණය කරලා 2018-02-22 - වයස අවුරුදු නවයක පාසැල් දැරියක් දූෂණය කළ යාපනයේ කයිට්ස් නාරායන ප්‍රදේශයේ ... More detail
දයාසිරි දේශපාලන වැඩ අතහරී - දයාසිරි දේශපාලන වැඩ අතහරී - 2018-02-22 - ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර දේශපාලන වැඩ අත්හැරීමේ ක්‍රියාවලියක යෙදී සිටින... More detail
නිදහස් කුසලාන තරගාවලිය සුපිරි ක්‍රිඩකයන් දෙදෙනෙකුට අහිමි වෙයි - සිව්දෙනෙක්... නිදහස් කුසලාන තරගාවලිය සුපිරි ක්‍රිඩකයන් දෙදෙනෙකුට අහිමි වෙයි - සිව්දෙනෙක් තාම වැඩඋඩ 2018-02-22 - බංග්ලාදේශය - ඉන්දියාව - ශ‍්‍රී ලංකාව අතර මාර්තු මාසයේ පැවැත්වෙන නිදහස් කුසලාන... More detail
මෛත්‍රී හිතුන හිතුන විදිහට වැඩ කරනවා - මහින්දගෙන් චෝදනා මෛත්‍රී හිතුන හිතුන විදිහට වැඩ කරනවා - මහින්දගෙන් චෝදනා  2018-02-22 - ජාතික ආණ්ඩුවේ කාලය පැහැදිලි ලෙසම නිමා වී ඇති බවත් ඒ අනුව පියවර ගත යුතු බවත් ... More detail
අත් බෝම්බය පිපිරීම ගැන සැකයක් - යුධ හමුදා පරික්ෂණ අරඹයි අත් බෝම්බය පිපිරීම ගැන සැකයක් - යුධ හමුදා පරික්ෂණ අරඹයි 2018-02-22 - දියතලාව - කහගොල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් තුළ සිදුවූ පිපිරීම සම්බන... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-02-21 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
මෛත්‍රී - රනිල් - බැසිල් අවුලේ කතාව එළියට මෛත්‍රී - රනිල් - බැසිල් අවුලේ කතාව එළියට 2018-02-21 - පළාත් පාලන ආයතනවල බලය අල්ලන්නේ කවුද යන්න අවිනිශ්චිත වී ඇත්තේ ජාතික දේශපාලනයේ... More detail
දියතලාවේ බස් බෝම්බය ගැන රනිල් කට අරී දියතලාවේ බස් බෝම්බය ගැන රනිල් කට අරී 2018-02-21 - යාපනයේ සිට දියතලාව දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථය ගිනි ගත්තේ ග්‍රෙනේඩ් වර... More detail

 

Gossip

Foreign

කුණු කන්දක් කඩා වැටී 17 ක් මරුට කුණු කන්දක් කඩා වැටී 17 ක් මරුට 2018-02-20 - විශාල කසල කන්දක් කඩාවැටීම හේතුවෙන් මොසැම්බික් රාජ්‍යයේ අගනුවර වන මපුටෝහි... More detail
පාසලක වෙඩි තැබීමකින් සිසුන් 17 දෙනෙකු මරුට පාසලක වෙඩි තැබීමකින් සිසුන් 17 දෙනෙකු මරුට 2018-02-16 - ඇමෙරිකාවේ ෆ්ලොරිඩා හි උසස් පාසලක වෙඩි තැබීමකින් අවම වශයෙන් 17 දෙනෙකු මියගොස්... More detail
රෝහලේ බිල නොගෙවූ නිසා අලුත උපන් බිළිදා මාස 5ක්ම රෝහලේ රෝහලේ බිල නොගෙවූ නිසා අලුත උපන් බිළිදා  මාස 5ක්ම රෝහලේ 2018-02-15 - බිල නොගෙවීම හේතුවෙන් රෝහලෙන් මාපියන් සමඟ පිටත් කිරීම වළක්වා අලූත උපන් බිල... More detail
ජනපතිට පැය 48ක් ඇතුළත ඉල්ලා අස්වෙන්න කියයි ජනපතිට පැය 48ක් ඇතුළත ඉල්ලා අස්වෙන්න කියයි 2018-02-14 - දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකෝබ් පූමාට ඉල්ලා අස්වීම සඳහා එරට පාලක පක්ෂය වන... More detail
මම මේ ආණ්ඩුවේ අගමැති වෙන්නේ නැහැ - ගෝඨා කියයි මම මේ ආණ්ඩුවේ අගමැති වෙන්නේ නැහැ - ගෝඨා කියයි 2018-02-12 - පවතින ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධූරය දැරීමට තමන්ගේ සුදානම්ක් නැති බව හිටපු ආරක්ෂක... More detail
තයිවානේ ප්‍රබල භූ කම්පනයක් තයිවානේ ප්‍රබල භූ කම්පනයක් 2018-02-08 - තායිවානයේ ඇතිවූ රිච්ටර් මාපාංක 6.4ක ප්‍රබල භූ කම්පනයකින් දෙදෙනකු මියගොස් තවත්... More detail
අගමැති බිරිද මාරක අනතුරකින් දිවි ගලවා ගනී අගමැති බිරිද මාරක අනතුරකින් දිවි ගලවා ගනී 2018-02-08 - ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීගේ බිරිද ජශෝදා බෙන් මාරක රිය අනතුරකිනි... More detail