කාවින්ද්‍යා අධිකාරි කිව්වොත් දැන් නොදන්න කෙනෙක් නෑ.

මේ තමයි අතුල අධිකාරිගේ සහ සමිතා මුදුන්කොටුවගේ දියණිය. දැන් අතුල සමිතා වගේම කාවින්ද්‍යත් හැමෝම අතර ජනප්‍රිය චරිතයක්. මේ ඇය පුවත්පත් සාකච්ඡාවක් හා එක්වී දැක්වූ අදහස් කිහිපයක්.

කාවින්ද්‍යා මේ වැඩ කටයුතු එක්ක අම්මා, මල්ලී එක්ක ගතකරන කාලය හරි අඩුයිද?

මල්ලියා එහෙම ගොඩක් කතා කරන්නේ නැති තරම්. ගොඩක් වෙලාවට රෑට තමයි අපි තුන්දෙනාම එකතු වෙන්නේ. ඒ වෙලාවට අපි එදිනෙදා දේවල් ගැන කතාබහ කරන්නේ.

කාවින්ද්‍යාට ඔයාගේ අම්මගේ ආදරය තදින්ම දැනුණු දවසක් මතකද?

ගොඩක් අයට ඔය ප්‍රශ්නයට උත්තර දෙන්න දවස් තියේවී. ඒත් මට මගේ අම්මි එකවගේම ආදරෙයි. ඒක මටයි මල්ලිටයි දෙන්නටම පොදුයි. ඒ ආදරේ කවදාවත් අඩුවෙන්නේ නෑ. විශේෂ දවසක් නෑ. හැමදාකම ඒ ආදරේ එක හා සමානව තියෙනවා.

තාත්තයි, අම්මයි දෙන්නම එක ළඟ නැති අඩුව තදින්ම දැනුණේ කවදද?

ඒක එහෙම විශේෂයක් නෑ. අම්මගෙන් මට කිසිම අඩුවක් දකින්නේ නෑ. ඒ හැම ආදරේ මට උපරිමයටත් වඩා අම්මගෙන් ලැඛෙනවා. ආදරේ විතරක් නෙවේ පුදුමාකාර රැකවරණයක්, ආරක්ෂාවක් ඒ ආදරේ ඇතුළෙ තියෙනවා. අම්මා මට දෙන ආදරේ මගේ ජීවිතේට හොඳටෝම ඇති.

කාවින්ද්‍යා කියලා තිබුණා ඔබ ඉන්නේ මේ හැම දෙයක් ගැන කලකිරිලා. ඒ නිසා දවසක රට අතහැරලා යනවා කියලා?

නෑ.. ඒ කතාව ඇත්තටම බොරුවක්. එහෙම කිසිම තැනක කියලා තිබුණේ නෑ. ඒත් එක්තරා පත්තරයක එහෙම ගිහිල්ලා තිබුණා. ජීවිතේ කිසිම දවසක මම කිසිම දෙයක් ගැන කලකිරිලා නෑ. එහෙම කිව්වොත් ඒක ලොකු විහිළුවක්. මම දවස ගානේ සතුටින් ගත කරන කෙනෙක්. ජීවිතේට මොන ප්‍රශ්න ආවත් මම ඒවාට හොඳින් මූණ දෙනවා.

ඇත්ත කියන්න තාත්තා අම්මිට දක්වපු ආදරය තාත්තා තව කෙනෙකුට දක්වද්දී දුකක් දැනුණේ නැද්ද?

තාත්තා කියන්නේ අම්මිගේ ජීවිතේ. අම්මිටත් තාත්තටත් නිදහස තියෙනවා ඕනෑම කෙනෙක්ට ආදරේ කරන්න. මගේ ජීවිතේත් නිදහස තියෙනවා ඕනෑම කෙනෙක්ට ආදරේ කරන්න. මල්ලිගේ ජීවිතෙත් එහෙමයි. අපේ හැමෝගෙම ජීවිතේ ඕනෑම කෙනෙක්ට ආදරේ කරන්න අයිතිය තියෙනවා. ඒවාට අපි තහංචි දාගෙන නෑ.

ආදරවන්තයින්ගේ දිනයත් පහු වුණානේ. මේ වෙනකොට කාවින්ද්‍යා ආදරවන්තියක් නේද?

ඔව්. මම ආදරවන්තියක් තමයි. ඔහු කලාවට සම්බන්ධ කෙනෙක්. දැන්ම ඒ දේවල් කියන්න කාලය වැඩියි. ඉදිරියේදී ඒ හැම දෙයක්ම කියන්නම්. මට මගේ අම්මා වගේම ආදරයක්, ආරක්ෂාවක් එයාගෙන් ලැඛෙනවා.

කාවින්ද්‍යා විලාසිතාවලට තියෙන කැමැත්ත කොහොමද?

ඇත්තම කිව්වොත් විලාසිතා ගැන මම වැඩිය හිතන කෙනෙක් නෙවේ. මම එහෙම මේක්අප් ගැන වුණත් හිතන්නේ නෑ. ඇඳුම් තෝරද්දී වුණත් අම්මි තමයි මට ඇඳුම් තෝරලා දෙන්නේ.

මල්ලි සහ ඔයා අතර තියෙන බැඳීම කොහොමද?

මල්ලි මට වඩා අවුරුදු හයක් බාලයි. මගේ මල්ලී තමයි මේ ලෝකේ ඉන්න හොඳම හොඳ මල්ලී. මට අම්මිගෙන් ලැඛෙන ලොකුම ආදරේ එක්කම මල්ලිගෙනුත් ඒ හා සමානව ලොකුම ලොකු ආදරයක් ලැඛෙනවා. අම්මිටයි මටයි දෙන්නටම මගේ මල්ලී ලොකු හයියක්.

අම්මිගෙයි තාත්තගෙයි ජීවිත දිහා බලලා ඔයා ඉගෙනගත්තු පාඩම් මොනවද?

ජීවිතේ අපි හිතන්නේ නැති වෙලාවක බොහෝ දේවල් වෙන්න පුළුවන්. ඒ දෙන්නගේ ජීවිතෙත් සහ වර්තමාන සමාජයෙත් මම ඉගෙන ගත්තු ලොකුම දේ තමයි ඉවසීම.

මොකක්ද ඊළඟ ඉලක්කය?

මගේ ලොකුම ඉලක්කය තමයි ජාත්‍යන්තර සංගීතවේදියක් වෙන්න. ඒකට තව මට ගොඩාක් ඉගෙන ගන්න තියෙනවා. තාම මම ඒ ජීවිතේට මුල් අඩි තියමිනුයි පවතින්නේ.


Latest News

අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2017-11-19 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2017-11-18 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
පොලිස්පති ගිංතොටදී උම්බෑ කියයි - කුණුහරුපයෙනුත් බැණ වැදිලා පොලිස්පති ගිංතොටදී උම්බෑ කියයි - කුණුහරුපයෙනුත් බැණ වැදිලා 2017-11-18 - ගිංතොට ගැටුම් සිදුවූ ස්ථානයට ගිය පොලිස්පති පූජිත ජයසුන්දර ගැටුම තවදුරටත්... More detail
බැසිල් - විමල් ගැටුමක් - නාමයෝජනා සකස් කිරීමේත් අවුලක් බැසිල් - විමල් ගැටුමක් - නාමයෝජනා සකස් කිරීමේත් අවුලක් 2017-11-17 - ඉදිරි පළාත් පාලන මැතිවරණයට ජාතික නිදහස් පෙරමුණට ශ්‍රී ලංකා නිදහස් පෙරමුණෙන්... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2017-11-17 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
දකුණු කොරියාවේ භූ කම්පනයක් දකුණු කොරියාවේ භූ කම්පනයක් 2017-11-17 - දකුණු කොරියාවේ පෝහැන්ග් වරාය නගරයේ භූ කම්පනයක් ඇතිව තිබේ. More detail
සුරංග ලක්මාල්ගෙන් සුපිරි ලෝක වාර්තාවක් සුරංග ලක්මාල්ගෙන් සුපිරි ලෝක වාර්තාවක් 2017-11-17 -   ලෝක ටෙස්ට් පිටියේ අඛණ්ඩව වැඩිම නිලකුණු පන්දු සංඛ්‍යාවක් යොමුකළ පන්දුයවන්නා... More detail
ලෝකයාගේ දහසකුත් කතා මැද ශලනි හෘද සාක්ෂිය අවදි කරයි ලෝකයාගේ දහසකුත් කතා මැද ශලනි හෘද සාක්ෂිය අවදි කරයි 2017-11-17 - ජනප්‍රිය රංගන ශිල්පිණි ශලනි තාරකා සම්බන්ධයෙන්  පසු ගිය දිනවලදී සමාජ මාධ්‍ය... More detail
නාම යෝජනා කැදවීමේ නිවේදනය නිකුත් කිරීම 27 වනදා නාම යෝජනා කැදවීමේ නිවේදනය නිකුත් කිරීම 27 වනදා 2017-11-17 - මැතිවරණ කොමිසම් සභාව කලින් තීරණය කර තිබූ පරිදි 2017 නොවැම්බර් මස 27 වන දින නාම ය... More detail
පොලිස් නිලධාරීන් දෙදෙනකු මහ දවල් කැපූ ආවා නායකයා අධිකරණයට ගෙන යද්දී කළ වැඩේ... පොලිස් නිලධාරීන් දෙදෙනකු මහ දවල් කැපූ ආවා නායකයා අධිකරණයට ගෙන යද්දී කළ වැඩේ මෙන්න 2017-11-17 - යාපනය - කෝපායි - කොන්ඩාවිල් ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තියුණු ... More detail
අතුරුදන් වූ තරුණිය එක්ක කුඩු කේ.පී හයේ කල්ලිය මෙහෙයුමකිල් ඇල්ලුව හැටි මෙන් අතුරුදන් වූ තරුණිය එක්ක කුඩු කේ.පී හයේ කල්ලිය මෙහෙයුමකිල් ඇල්ලුව හැටි මෙන්න 2017-11-17 - අනුරාධපුර මූලස්ථාන පොලීසියේ විශේෂ වැටලීම් ඒකකය හදිසියේ දියත් කළ මෙහෙයුමකදී... More detail
තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් හෆීස්ට පන්දු යැවීම තහනම් කරයි තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් හෆීස්ට පන්දු යැවීම තහනම් කරයි 2017-11-17 - වහාම ක්‍රියාත්මක වන පරිදි පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක... More detail
පොරව පහරකින් සැමියා ඝාතනය කළ දෙවැනි බිරිද පොලීසියට භාරවෙයි පොරව පහරකින් සැමියා ඝාතනය කළ දෙවැනි බිරිද පොලීසියට භාරවෙයි 2017-11-17 - අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ අරුණෝදා  ගම ප්‍රදේශයේදී පොරවකින් පහරදී සැමියා ... More detail
හත් වරක් මිය යන්න උත්සහ කළ කතට අටවැනි වාරයේදී සිදු වූ දේ මෙන්න හත් වරක් මිය යන්න උත්සහ කළ කතට අටවැනි වාරයේදී සිදු වූ දේ මෙන්න 2017-11-17 - මීට පෙර 7 වතාවක්‌ එල්ලී සහ දුම්රියට පැන දිවිනසාගැනීමට තැත් කළ 88 හැවිරිදි මහලු... More detail
කොළඹ ෂැන්ග්‍රි-ලා විවෘත වෙයි කොළඹ ෂැන්ග්‍රි-ලා විවෘත වෙයි 2017-11-17 - කොළඹ ගාලුමුවදොර ඉදිකළ ෂැන්ග්‍රි-ලා හෝටලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප... More detail
කෝප් කමිටු සාමාජිකයන් 5 දෙනෙක් ඇලෝසියස් එක්ක දුරකථන සංවාදයේ යෙදිලා කෝප් කමිටු සාමාජිකයන් 5 දෙනෙක් ඇලෝසියස් එක්ක දුරකථන සංවාදයේ යෙදිලා 2017-11-17 - මහබැංකු බැදුම්කර වංචාව පිළිබද විමර්ශන පැවැත්වෙමින් තිබෙන අතරතුර කෝප් කමිටු... More detail
දෙවැනි දිනය ආරම්භයේදීම සිංහයන් ඉන්දියාවේ සිවු වැනි කඩුලලත් දවා ගනී දෙවැනි දිනය ආරම්භයේදීම  සිංහයන් ඉන්දියාවේ සිවු වැනි කඩුලලත් දවා ගනී 2017-11-17 - ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන ... More detail

 

Gossip

Foreign

දකුණු කොරියාවේ භූ කම්පනයක් දකුණු කොරියාවේ භූ කම්පනයක් 2017-11-17 - දකුණු කොරියාවේ පෝහැන්ග් වරාය නගරයේ භූ කම්පනයක් ඇතිව තිබේ. More detail
ලෝකයාගේ දහසකුත් කතා මැද ශලනි හෘද සාක්ෂිය අවදි කරයි ලෝකයාගේ දහසකුත් කතා මැද ශලනි හෘද සාක්ෂිය අවදි කරයි 2017-11-17 - ජනප්‍රිය රංගන ශිල්පිණි ශලනි තාරකා සම්බන්ධයෙන්  පසු ගිය දිනවලදී සමාජ මාධ්‍ය... More detail
සිම්බාවෙහි පාලනය හමුදාව යටතට සිම්බාවෙහි පාලනය හමුදාව යටතට 2017-11-16 - සිම්බාබ්වේ පාලනය මේ වන විට හමුදාව යටතේ පවතින බව විදෙස් මාධ්‍ය පවසයි. More detail
කොන්ගෝහි දුම්රිය අනතුරකින් 33කට ජීවිත අහිමි වෙයි කොන්ගෝහි දුම්රිය අනතුරකින් 33කට ජීවිත අහිමි වෙයි 2017-11-15 - කොන්ගෝ ජන රජයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 33 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව... More detail
ලොව සරාගීම පිහිනුම් ශූරියන් 10 දෙනා මෙන්න ලොව සරාගීම පිහිනුම් ශූරියන් 10 දෙනා මෙන්න 2017-11-14 - ලෝකයේ එක් එක් අංශවල ජනප්‍රිය වුණු ජනතා ආකර්ෂණයට පාත්‍රවුණු පුද්ගලයන් බොහ... More detail
ශ්‍රී ලංකාවට එරෙහි ට්‍රම්ප්ගේ තීරණයට සෙනෙට් සභාවේ විරෝධය ශ්‍රී ලංකාවට එරෙහි ට්‍රම්ප්ගේ තීරණයට සෙනෙට් සභාවේ විරෝධය 2017-11-08 -   මෙරට භූගෝලීය හා මූලෝපායික පිහිටීම ගැන සඳහන් කරමින් ඩොනල්ඞ් ට්‍රම්ප් පාලනය... More detail
අයිශ්වර්යාගේ රහසක් එළියට අයිශ්වර්යාගේ රහසක් එළියට 2017-11-07 - මීට බොහෝ කලකට පෙර ලෝක රූ රැජිණ ලෙසින් කිරුළු පැලඳි අයිශ්වර්යා රායි තවමත් ස... More detail