නිරූපණ ක්ෂේත්‍රය වගේම රංගන ක්ෂේත්‍රය තුළත් කතා බහට ලක් වෙන අනුජ් රණසිංහ ගැන පසුගිය කාලය පුරාවටම විවිධ කතා පැතිරුණා. ඒ කතා ගැන වගේම ඔහු ගැන අලුත් තොරතුරු පුවත්පතක සදහන් වෙලා තිබුණේ මේ විදිහටයි.

අනුජ් රණසිංහ ඉස්‌සරහදී දකින්න පුළුවන් නිර්මාණ මොනවද?

ටෙලි නාට්‍ය කිහිපයක්‌ එන්න තියෙනවා. චිත්‍රපට ගත්තොත් උදයකාන්ත වර්ණකුලසූරියගේ ‘වස්‌සානේ සඳ’ චිත්‍රපටය. මං හිතන්නේ ඊළඟ අවුරුද්දේ තිරගතවෙයි. ඒක තමයි මගේ ලොකුම බලාපොරොත්තුව. ඒ වගේම බර්මින් ලයිලි ප්‍රනාන්දුගේ ‘අග පිපි මල්’ සහ සේනක විජේසිංහගේ මෙඝා නිර්මාණ එන්න තියෙනවා. ඉස්‌සරහට ටෙලි නාට්‍ය වලට වඩා චිත්‍රපට සඳහා වැඩි ප්‍රමුඛතාවක්‌ දීලා කටයුතු කරන්න තමයි හිතාගෙන ඉන්නේ.

මේ හැම නිර්මාණයකම අනුඡ් පෙම්වතාද?

නෑ…..නෑ…අග පිපි මල් චිත්‍රපටයේ පොලිස්‌ නිලධාරියකුගේ චරිතයක්‌. දේදුණු පාළමේ ගුරුවරයෙක්‌. ගොඩක්‌ වෙලාවට ලැබුණේ සහ ලැබෙන්නේ පෙම්වතාගේ චරිතය තමයි. නමුත් වෙනස්‌ චරිත කිහිපයකුත් තියෙනවා.

රෙඩ් අනුජ්ගේ පළමු නිෂ්පාදනයද?

ඔව්…මගේ පළමුවැනි නිෂ්පාදනය.

මොකක්‌ද නිෂ්පාදනය කරන්නෙ ?

හර්ෂ උඩකන්ද එක්‌ක එකතුවෙලා චිත්‍රපටයක්‌ කරන්න කටයුතු සූදානම් කරමින් ඉන්නවා. ඒකට අවශ්‍ය දේවල් පිළිබඳ තමයි අපි දෙන්නා මේ දවස්‌වල කතා බහ කරමින් ඉන්නේ. ඒකෙ තිර රචනය සඳහා මම තමයි හර්ෂට අදහස දුන්නේ. අපි දෙන්නා කාලයක්‌ තිස්‌සේ යාළුවෝ සහ සිනමාව ගැන අපි නිතර කතා කරනවා. ඉතිං මේ වැඩේ හොඳට කරන්න තමයි හිතාගෙන ඉන්නේ.

දැන් ක්‌ෂේත්‍රයට ඇවිත් කොච්චර කල්ද?

චිත්‍රපට ක්‌ෂේත්‍රයට ඇවිත් වසර තුනක්‌ විතර. නමුත් මෝස්‌තර නිරූපණ ශිල්පියෙක්‌ විදියට 2010 ඉඳන් කටයුතු කරනවා. ඒ වගේම වෙළෙඳ දැන්වීම් නිරූපණයේ පවා යෙදී සිටිනවා. ඉතිං එහෙම හිතුවොත් අවුරුදු හතක විතර කාලයක්‌ වෙනවා.

ඔබ වෘත්තියෙන් රංගන ශිල්පියෙක්‌ද?

මෙහෙමයි කාලයක්‌ මං පරිගණක ඉංජිනේරුවරයෙක්‌ විදිහට වැඩ කළා. මම දැනටත් පරිගණක ඉංජිනේරු විෂයට අදාළව දේශන පවත්වනවා. කොහොම වුණත් දැනට වෘත්තීමය නළුවෙක්‌ විදිහට තමයි කටයුතු කරන්නේ. නමුත් මං හිතන්නේ නෑ එක දිගට එතැනත් ඉඳීවි කියලා. මොකද මගේ අරමුණ මගේම කියලා ව්‍යාපාරයක්‌ ආරම්භ කරන එක.

අනුජ් සම්බන්ධ වුණේ අඩු නිර්මාණ ප්‍රමාණයකට කියලා හිතෙන්නේ නැද්ද?

මෙහෙමයි මීට වැඩිය නිර්මාණ ප්‍රමාණයකට මට ටෙලිනාට්‍ය පැත්තෙන් දායක වෙන්න තිබුණා. මෙගා නාට්‍ය ගොඩකට මට ආරාධනා ලැබුණා. නමුත් මට තේරුණ විදිහ මාව වැඩිපුර ගැලපෙන්නේ සිනමාවට. ඉතිං ලංකාවේ චිත්‍රපට නිෂ්පාදනය වන වේගය සහ අනුපාතය හැමෝම දන්නවා. එහෙම හිතද්දී අවුරුදු තුනට මං චිත්‍රපට හතරක්‌ කරලා තියෙනවා. ඒ ගැන යම් තරමකට මං සෑහීමකට පත්වෙනවා. හැබැයි ටෙලි නාට්‍ය කළා නං ගොඩක්‌ දුර යන්න තිබුණා. නමුත් මට එහෙම වුවමනාවක්‌ තිබුණේ නෑ. හෙමින් හෙමින් සිනමාවේ ගමනක්‌ යන්න තමයි හිතාගෙන ඉන්නේ.

අනුජ්ට ගෙදරින් කියන්නේ නැද්ද දැන් විවාහ වෙන්න කියලා?

කියනවා…කලින් නං එහෙම බලපෑමක්‌ කළේ නෑ. හැබැයි දැන් නං කියනවා, මොකද අම්මා එහෙම අදහසක තමයි ඉන්නේ. හැබැයි ඒ දේවල් වලට තව ටික කාලයක්‌ යයි. මොකද මමත් ක්‌ෂේත්‍රයට ආව විතරයි. ඉදිරියට කරන්න ගොඩක්‌ දේවල් තියෙනවා. තව වසර කිහිපයක්‌ යනකං මේ විදිහටම ඉඳීවි.

මේ දවස්‌වල අනුජ්ගේ නම සඳහන්ව වෙබ් අඩවිවල පළවෙන කතා ගැන මොකද කියන්නේ?

ම්..මෙහෙමයි. ඕවා ගැන මම කතා කරන්න කැමැති නෑ. මීට කලින් ඒ ගැන අදහස්‌ පළකරන්න මට ඕනකමක්‌ තිබ්බා. නමුත් ඒ දේවල් බලද්දී මම දැකපු එකම දේ තමයි ඒ ගොසිප් වලට සාමාන්‍ය මිනිස්‌සු අදහස්‌ පළකරලා තිබීම. ඒ අදහස්‌ දැක්‌කහම මට හිතුනා ඒ දේවල් ගැන මම ආයේ කතා කරන්න කිසිම අවශ්‍යතාවක්‌ නැති බව. මිනිස්‌සු ඇත්ත මොකක්‌ද බොරුව මොකක්‌ද, මොකක්‌ද වෙලා තියෙන්නේ කියන දේ තේරුම් අරගෙන තියෙනවා. කවුරුහරි යකඩ කෑල්ලක්‌ පෙන්නලා මේක රත්තරං මේක රත්තරං කියලා කොච්චර කෑ ගැහුවත් ඒක රත්තරන් නෙමෙයි යකඩ කියලා මිනිස්‌සු දන්නවා. ඉතිං ඒ සාමන්‍ය අයගේ අදහස්‌ ඔක්‌කොම කියෙව්වට පස්‌සේ මම තේරුම් ගත්තා නිහඬව සිටීම හොඳයි කියලා. අනික මං ඉගෙනගත්ත කෙනෙක්‌, මොළයක්‌ තියෙනවා. මේ වගේ වෙබ්සයිට්‌, හරහා තමුන්ගේ අතිශය පෞද්ගලික ජීවිතය එළියට දානවා කියන්නේ ඒක තමන්ට විතරක්‌ නෙමෙයි අම්මා තාත්තා දරුවෝ ඉන්නවා නං ඒ හැම කෙනකුටම කාලයක්‌ යනකං ඒක බලපානවා. එහෙම තැනකට වැටෙන්න තරං මං මෝඩයෙක්‌ වෙන්න ඕන නැහැ කියන තැන ඉන්නවා. ඉතිං ඒකයි මට කිසිදෙයක්‌ කියන්න වුවමනාවක්‌ නැති වුණේ. මිනිස්‌සු ඇත්ත දන්නවා. ආයේ මේක යකඩ කිය කිය මට පෙන්නන්න වුවමනාවක්‌ නැහැ. ඉතිං ඒ හින්දා මං නිහඬව මගේ වැදගත්කම පෙන්නගෙන ඉන්නවා.

පෙම්වතිය කවුද?

පෙම්වතියක්‌ නැහැ. හැමදාම මං ආදරය කරපු මනුස්‌සයෙක්‌. මං ආදරය කරන මගේ වටේ ඉන්න කීපදෙනෙක්‌ ඉන්නවා, ඒ තමයි මගේ අම්මා තාත්තා ඇතුළු කීප දෙනෙක්‌. පෙම්වතියක්‌ කියලා විශේෂ කෙනෙක්‌ නැහැ. දැනට එහෙම වුවමනාවකුත් නැහැ. එහෙම දෙයක්‌ ඇතිවෙනවා නං මං දැන් ඉන්න තත්ත්වයේ හැටියට ඒක විවාහය කරා යන සම්බන්ධයක්‌ වෙන්න ඕන. ඉතිං මේ වෙලාවේ විවාහය කරා යන සම්බන්ධයක්‌, ගැන මං හිතලා නැහැ. හොඳ කෙනෙක්‌ව හම්බවෙනකන් සහ ටික කාලයක්‌ ගන්නවා මං ඒ කාරණාවට. මිනිස්‌සුන්ව තේරුම් ගන්න කල් යනවා. ඉතිං කාලෙත් එක්‌කම ඒ දේවල් සිද්ධ වෙයි.

ඔබේ පෙම්වතිය කියල ඇතැම් තැන් වල නමක්‌ සඳහන් වෙනවා මේ කතාවේ ඇත්ත නැත්ත මොකක්‌ද?

ඔය වගේ කට කතා කීපයක්‌ හැදුනා. ඉස්‌සරහට චිත්‍රපටයක්‌ එන්න තියෙනවා එතකොටත් තව කට කතාවක්‌ හැදෙයි. මේ වගේ කටකතාවක්‌ චිත්‍රපටය තිරගත වුණ වෙලාවෙත් ලොකුවට හැදුනා. එහෙම තැනක තමයි ඔය කතාවත් තියෙන්නේ. එහෙම දෙයක්‌ තියෙනවාද නැති ද කියලා කාලයත් එක්‌ක තේරෙයි. අපි බලමු ඉතිං මේක කොයි ආකාරයට වෙයි ද කියලා.


Latest News

සූරූපී නිල් චිත්‍රපට නිළිය හදිසියේ දිවි ගමනට සමු දුන්නු හැටි මෙන්න සූරූපී නිල් චිත්‍රපට නිළිය හදිසියේ දිවි ගමනට සමු දුන්නු හැටි මෙන්න 2018-01-22 - වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපටවල රඟපෑ ජනප්‍රිය නිළියක් වූ ඔලිවියා නොවා... More detail
එජාපයෙන් රවී කැපෙයිද? එජාපයෙන් රවී කැපෙයිද? 2018-01-22 - ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකට එක... More detail
වේගය තරුණ ජිවිත දෙකක් බිලි ගනී වේගය තරුණ ජිවිත දෙකක් බිලි ගනී 2018-01-22 - වළස්මුල්ල - හක්මන ප්‍රධාන මාර්ගයේ ජූලේ මංසන්ධියේදී යතුරුපැදියක් ලොරි රථයක... More detail
එජාපයේ දුෂණ වංචා වැරදිකරුවන්ට කරන දේ සාගල කියයි එජාපයේ දුෂණ වංචා වැරදිකරුවන්ට කරන දේ සාගල කියයි 2018-01-22 - එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කර ඇති අපේකෂකයින් මැතිවරණ ජයග්‍රහණයෙන් පසු... More detail
මැතිව්ස් නැවතත් ලංකාවට මැතිව්ස් නැවතත් ලංකාවට 2018-01-22 - ශ්‍රී ලංකා සීමිත ඕවර කණ්ඩායම් දෙකේම නායකයා වන ඇන්ජලෝ මැතිව්ස්ට බංග්ලාදේශයේදී... More detail
මෙන්ඩිස්ගේ උඩ පන්දුව තරගය වෙනස් කළ හැටි සිම්බාබ්වේ නායකයා කියයි මෙන්ඩිස්ගේ උඩ පන්දුව තරගය වෙනස් කළ හැටි සිම්බාබ්වේ නායකයා කියයි 2018-01-22 - පළමු තරගයෙන් ශ‍්‍රී ලංකාව පරාජයට පත්කළත් දෙවැනි තරගය කඩුලු 05කින් පරාජයට ප... More detail
ලෝකයේම මනස විනාශ කරන ෆේස්බුක් වලින් ඈත්වෙන්න - ලංකාවේ ඉපිද බිලියනපතියෙකු වු... ලෝකයේම මනස විනාශ කරන ෆේස්බුක් වලින් ඈත්වෙන්න - ලංකාවේ ඉපිද බිලියනපතියෙකු වු ෆේස්බුක් හිටපු උපසභාපති කියන කතාව 2018-01-22 - වර්තමාන ලෝකයේ සුපිරි කෝටිපති ව්‍යාපාරිකයන් , ව්‍යවසායකයන් බොහෝ දෙනා තාක්ෂණය... More detail
දීපිකා දියමන්ති වලින් නැහැවෙයි දීපිකා දියමන්ති වලින් නැහැවෙයි 2018-01-22 - මේ දිනවල බොලිවුඩි සිනමාව රසවතුන්ගේ අවධානය යොමු වී ඇත්තේ ළගදීම යුග දිවි ගමන්... More detail
මහින්ද බෙදා ගත්තු බත් එක හලා ගත්තු හැටි ගැන ඇමති කියයි මහින්ද බෙදා ගත්තු බත් එක හලා ගත්තු හැටි ගැන ඇමති කියයි 2018-01-22 - චන්ද්‍රිකා දෙසැරයයි, මහින්ද රාජපක්ෂ මහත්තයත් එක සැරයක් කරලා, දෙවෙනි බත් පිඟාන... More detail
ඌව පළාත් මහ ඇමති අත්අඩංගුවට? ඌව පළාත් මහ ඇමති අත්අඩංගුවට? 2018-01-22 - බදුල්ල දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පතිනිය දණගැස්වුවා යැයි කියන සිද්ධියට අ... More detail
රනිල්ට පස්සේ චන්ද්‍රිකා නටන අලුත්ම නැටුම මෙන්න රනිල්ට පස්සේ චන්ද්‍රිකා නටන අලුත්ම නැටුම මෙන්න 2018-01-22 - පසුගිය දින කිහිපයේ අගමැතිතුමාගේ වීඩියෝවක් සමාජ ජාල වෙබ් අඩවී ඔස්සේ කතාබහකට... More detail
මායි ශ්‍රියන්තයි මහ රෑ වෙනකම් ලොකු දුවගෙයි, චූටි දුවගෙයි පුංචි කාලේ ගැන බොහෝ... මායි ශ්‍රියන්තයි මහ රෑ වෙනකම් ලොකු දුවගෙයි, චූටි දුවගෙයි පුංචි කාලේ ගැන බොහෝ දේවල් කියව කියවා හිටියා 2018-01-22 - පුංචි තිරයේත් රීදී තිරයේත් දස්කම්පාමින් ප්‍රේක්ෂක ජනාදරයට පත් කුසුම් රේණු... More detail
අත්අඩංගුවට ගත් 58 දෙනෙක් ඇප පිට නිදහස් - තවදුරටත් එස්.ටී.එෆ් ආරක්ෂාව අත්අඩංගුවට ගත් 58 දෙනෙක් ඇප පිට නිදහස් - තවදුරටත් එස්.ටී.එෆ් ආරක්ෂාව 2018-01-22 - කතරගම නගරයේ නොසන්සුකාරි ලෙස හැරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැ... More detail
සිංගප්පූරු අගමැතිවරයාගේ පැමීණීම නිසා විශේෂ රථ වාහන සැලැස්මක් සිංගප්පූරු අගමැතිවරයාගේ පැමීණීම නිසා විශේෂ රථ වාහන සැලැස්මක් 2018-01-22 - සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයාගේ පැමිණීම හේතුවෙන් අද (22) මාර්ග කිහිපයක විශේෂ... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-01-21 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
අන්ත පරාජයෙන් ලංකාව ජන්මේ බේරාගනී අන්ත පරාජයෙන් ලංකාව ජන්මේ බේරාගනී 2018-01-21 - බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා ... More detail
කතරගම යුධ පිටියක් වෙයි - 63 දෙනෙක් අත්අඩංගුවට කතරගම යුධ පිටියක් වෙයි - 63 දෙනෙක් අත්අඩංගුවට 2018-01-21 - කතරගම නගරයේ දී අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින්... More detail

 

Gossip

Foreign

සූරූපී නිල් චිත්‍රපට නිළිය හදිසියේ දිවි ගමනට සමු දුන්නු හැටි මෙන්න සූරූපී නිල් චිත්‍රපට නිළිය හදිසියේ දිවි ගමනට සමු දුන්නු හැටි මෙන්න 2018-01-22 - වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපටවල රඟපෑ ජනප්‍රිය නිළියක් වූ ඔලිවියා නොවා... More detail
දීපිකා දියමන්ති වලින් නැහැවෙයි දීපිකා දියමන්ති වලින් නැහැවෙයි 2018-01-22 - මේ දිනවල බොලිවුඩි සිනමාව රසවතුන්ගේ අවධානය යොමු වී ඇත්තේ ළගදීම යුග දිවි ගමන්... More detail
2040 දී ගුවන් යානා විදුලියෙන් පමනයි 2040 දී ගුවන් යානා විදුලියෙන් පමනයි 2018-01-19 - නෝර්වේ රාජ්‍ය තුළ කෙටි දුර ගුවන් ගමන් සදහා යොදා ගන්නා යානා සියල්ල 2040  වසර වන විට... More detail
හිටපු ජනපති බිරිදට ලැබුණු අපුරු උපන්දින තැග්ග මෙන්න හිටපු ජනපති බිරිදට ලැබුණු අපුරු උපන්දින තැග්ග මෙන්න 2018-01-18 - ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමාගේ බිරිඳ වන මිෂෙල් ඔබාමා ඇයගේ 54 වැනි ජන්ම... More detail
බාල වයස්කාර විවාහ ගැන උසාවියෙන් අලුත් තීන්දුවක් බාල වයස්කාර විවාහ ගැන උසාවියෙන් අලුත් තීන්දුවක් 2018-01-17 - බාලවයස්කාර විවාහ සම්බන්ධයෙන් අධිකරණයක් විසින් ලබාදුන් සුවිශේෂී තීන්දුවක්... More detail
දකුණු චීන මුහුදට තෙල් පැල්ලමක් දකුණු චීන මුහුදට තෙල් පැල්ලමක් 2018-01-16 - දකුණු චීන මුහුදේ ගිලූණු ඉරාන සාංචි තෙල් නැව හේතුවෙන් එහි විශාල තෙල් පැල්ලමක්... More detail
පේරු රාජ්‍යයේ ප්‍රබල භූකම්පනයක් පේරු රාජ්‍යයේ ප්‍රබල භූකම්පනයක් 2018-01-15 - දකුණු ඇමරිකාවේ පේරු රාජ්‍යයේ දකුණ ප්‍රදේශයේ රික්ටර් පරිමාණයේ 7.1 ක ප්‍රබලත... More detail