රංගන ශිල්පී අර්ජුන් කමල්නාත් සහ රංගන ශිල්පිනී අමීෂා කාවින්දි ගැන නොදන්නා කෙනෙකු නැති තරම්. කලා ක්ෂේත්‍රයේ නමක් දිනා සිටින මොවුන් දෙදෙනා මේ වන විට විවාහ වී සිටිනවා. මේ දිනවල විලාසිතාවක් වෙලා තියෙන විවාහය පිළිබඳ සතිඅන්ත පුවත්පතකට වෙනස්ම කතාවක් තමයි අර්ජුන් කියලා තියෙන්නේ. 

"අමීෂයි මායි දෙන්නාම කතා කරලා තමයි වෙඩින් එකට වෙන් කරපු සල්ලි වලින් "කුසල්" චිත්‍රපටය කළේ. නිස්කාරණේ එක දවසකට වියදම් කරන සල්ලි වලින් අපි හොඳ යමක් කළා. 

අද වෙඩින් කරන එක විලාසිතාවක් වෙලානේ. අඩුම ගානේ වෙඩින් ඇල්බම් එක ගන්නවත් මිනිස්සුන්ට සල්ලි නැහැ. ණයවෙලා හතර වටේ. මේක බොරුවක්නේ. මොකක්දෝ රැල්ලකට අපේ මිනිස්සු අහුවෙලා. එක දවසේ ආතල් එකට තමන් හම්බකරපු ඔක්කොම සල්ලි යට කරනවා.

අපි වෙඩින් එකක් ගත්තේ නැහැ. ළඟම අයට කියලා මවුපියන්ගේ ආශිර්වාදය, ධර්මයේ ආශිර්වාදය ඇතුව අපි පොතේ ලියලා අත්සන් කළා. කවදාවත් ණයවෙලා මඟුල් කන්න එපා. ඒක හිතට බරක්.

අපි දෙන්නාට අපල කාලයක් තිබුණා. එතකොට අපි විවාහ වෙලා නෑ. ඒ නිසා අමීෂාගේ අක්කා කෙනෙක් කටාර් වල හිටියා. එයා එහෙ ගියා. ගිහින් මාස 03න් ආයේ ආවා. හැබැයි ගිය එක ගැන රාවයක් ගියා. ආව එක ගැන කවුරුත් කතා වුණේ නැහැ. ගොඩක් අය කිව්වේ අමීෂා අර්ජුනව දාලා රට ගියා කියලයි."