සෞදි මාධ්‍යවේදී ජමාල් ඛෂෝග්ජි ඝාතනය කරන අවස්ථාවේ පටිගත වී ඇති බව කී  හඬ පටයට අමෙරිකානු රහස් ඔත්තු සේවයේ අධ්‍යක්ෂ (CIA) ජීනා හැස්පල් විසින් සවන් දෙනු ලැබ තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, තුර්කියේ සංචාරය අතරතුර හැස්පල් ඊයේ මෙම හඬ පටයට සවන් දී ඇති බවයි.

සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුගේ දැඩි විවේචකයෙකු වූ වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ මාධ්‍යවේදී ජමාල් ඛෂෝග්ජි පසුගිය 2 වන දා තුර්කියේ ඉස්ථාන්බුල් නුවර පිහිටි සෞදි කොන්සල් කාර්යාලයට ඇතුළු වීමෙන් පසු අතුරුදන් විය.

59 හැවිරිදි ඛෂෝග්ජි එලෙස කොන්සල් කාර්යාලයට ගොස් ඇත්තේ, සිය තුර්කි ජාතික අනාගත සහකාරිය විවාහ කර ගැනීම සඳහා හිටපු සෞදි බිරිඳගෙන් දික්කසාද වූ බවට සහතික කෙරෙන ලේඛනයක් ලබා ගැනීම සඳහායි.

අතුරුදන් ඛෂෝග්ජි කොන්සල් කාර්යාලය තුළදී ඝාතනයට ලක්ව ඇති බව තුර්කිය පැවසූ අතර සෞදි රජය එකී චෝදනා තරයේ ප්‍රතික්ෂේප

කරමින් කියා සිටියේ, ඛෂෝග්ජි සිය කටයුත්ත අවසන් වීමෙන් පසු කොන්සල් කාර්යාලයෙන් පිටව ගිය බවයි.

කෙසේ වෙතත් ඛෂෝග්ජි ඝාතනය කරන අවස්ථාවේ පටිගත වූ හඬ පටයක් ඇතුළු ප්‍රබල සාක්ෂි තමන් සතු බව කියමින් තුර්කිය දිගින් දිගට ම චෝදනා කළේ, ඛෂෝග්ජි කොන්සල් කාර්යාලය තුළදී ම ඝාතනය කර ඇති බවටයි.

එහෙත් අදාළ හඬ පටය මාධ්‍යට හෝ වෙනත් කිසිවෙකුට ලබා නොදීමට තුර්කි බලධාරීහු වගබලා ගත්හ.

මේ අතර මුළු ලෝකයේ ම අවධානය ඛෂෝග්ජිගේ අතුරුදන් වීම වෙත යොමු වූ අතර ඛෂෝග්ජිට සිදුවූයේ කුමක් ද? යන්න සම්බන්ධයෙන්

නිවැරදි පැහැදිලි කිරීමක් අවශ්‍ය බවට ලෝක බලවතුන්ගෙන් සෞදියට දැඩි බලපෑම් එල්ල වන්නට විය.

මෙකී පසුබිම යටතේ සෞදිය පැවසුවේ, කොන්සල් කාර්යාලය තුළදී ඇති වූ ගැටුමකින් ඛෂෝග්ජි ජීවිතක්ෂයට පත්ව ඇති බව ත් ඔහුගේ සිරුර ඇති ස්ථානය සම්බන්ධයෙන් තොරතුරු කිසිවක් තමන් නොදන්නා බව ත් ය.

කොන්සල් කාර්යාලය තුළදී ඔහු හමුවූ පුද්ගලයින් පිරිසක් සමග ඇතිවූ ගැටුමකින් ඛෂෝග්ජි මියගොස් ඇති බව පැවසූ සෞදිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ඊට අදාළව සෞදි රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනකුගේ වැඩ තහනමට ලක් කර තවත් 18 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

එහෙත් තුර්කි බලධාරීන් ඛෂෝග්ජිගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් දිගින් දිගටම සිය විමර්ශන සිදු කළ අතර මීට දින දෙකකට පෙර තුර්කි පොලීසිය සෞදි අරාබි කොන්සල් ජනරාල්වරයාගේ නිවස සහ අවට කළ සෝදිසි කිරීම්වලදී ඔහුගේ ගෙවත්තේ තිබී ඛෂෝග්ජිගේ සිරුරු කොටස් සොයා ගත්තේ ය.

ජමාල්ගේ සිරුර කැබලි කර ඇති බවත්, ඔහුගේ මුහුණ හඳුනා ගැනීමට නොහැකි වන සේ කපා කොටා තිබූ බවත් තුර්කි පොලීසිය උපුටා

දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණ.

කෙසේ වෙතත් ඛෂෝග්ජිගේ ඝාතන සිද්ධියත් සමග සෞදිය ලොව රටවල දැඩි දෝෂදර්ශනයට ලක්වන්නට වූ අතර අමෙරිකාව ප්‍රමුඛ සිය මිතුරු රටවල් සමග තිබූ සබඳතා පළුදු වන්නට තරම් එය ප්‍රබල සිදුවීමක් බවට පත්ව තිබේ.

මේ අතර ඛෂෝග්ජිගේ සිරුරු කොටස් හමුවීමත් සමග සෞදියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් කුමරු අවධාරණය කර සිටියේ, මාධ්‍යවේදියාගේ ඝාතනයේ වග කිවයුත්තන්ට දඬුවම් කරන බවයි.

කෙසේ වෙතත් තුර්කි ආරක්ෂක අංශ පවසන්නේ, සල්මාන් කුමරුගේ අනුදැනුම යටතේ මෙම ඝාතන මෙහෙයුම දියත් වී ඇති බවටයි.

මේ අතර ජමාල් ඛෂෝගිගේ වැඩිමහල් පුත්‍රයා වන සාලා සෞදිය අතහැර අමෙරිකාවේ වොෂින්ටන් නුවර බලා ගොස් තිබේ.

ඔහු සිය පවුලේ සාමාජිකයින් ද සමග වොෂින්ටන් නුවර බලා පිටත්ව ගොස් ඇති බව විදෙස් වාර්තා අනාවරණය කළේ ය.

සාලා, අමෙරිකානු හා සෞදි ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙකි.

ඝාතන සිද්ධියට පෙර, සෞදි රජය ඛෂෝගි පවුලට සංචාරක තහනමක් පනවා තිබූ අතර මානව හිමිකම් සංවිධානයක් අනාවරණය කළේ එම තහනම ඉවත් කිරීමත් සමග ඔවුන් වොෂින්ටන් බලා පිටත්ව ගොස් ඇති බව ය.


Latest News

එක්දින සහ 20 යි 20 තරගාවලියේ නායකත්වය මාලිංගට එක්දින සහ 20 යි 20 තරගාවලියේ නායකත්වය මාලිංගට 2018-12-14 - නවසීලන්තයට එරෙහි එක්දින සහ පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී... More detail
පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට එරෙහි තීන්දුව පිටු 88ක් - සම්පුර්ණ තීන්දුව මෙ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට එරෙහි තීන්දුව පිටු 88ක් - සම්පුර්ණ තීන්දුව මෙතැනින් 2018-12-14 - පාර්ලිමේන්තුව විසිරුවාලීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුවේ ශ්‍ර... More detail
රනිල්ගේ ඉල්ලීම ඉවතට මහින්දගේ පෙත්සම ඊවා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්... රනිල්ගේ ඉල්ලීම ඉවතට මහින්දගේ පෙත්සම ඊවා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග වෙයි 2018-12-14 - අග්‍රාමාත්‍යධුරයේ කටයුතු කිරීම වළක්වමින් අභියාචනාධිකරනය නිකුත්කළ අතුරු... More detail
සිරිසේනට ළගදීම දෝශාභියෝගයක් සිරිසේනට ළගදීම දෝශාභියෝගයක් 2018-12-14 - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභ... More detail
සිරිසෙන් ඊයේ රෑ - රනිල් - කරූ හමුවෙයි සිරිසෙන් ඊයේ රෑ - රනිල් - කරූ හමුවෙයි 2018-12-14 - ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා, කථානායක කරු ජයසූරිය මහතා හා එක්සත් ජාතික පක... More detail
ලක්බිම මාධ්‍යවේදීන් සහ සේවකයන් එළියට දමයි - සුමතිපාලටත් වාරණ නියෝගයක් ලක්බිම මාධ්‍යවේදීන් සහ සේවකයන් එළියට දමයි - සුමතිපාලටත් වාරණ නියෝගයක් 2018-12-14 - තිලංග සුමතිපාල මහතා විසින් පවත්වා ගෙන ගිය දිනපතා ලක්බිම පුවත් පත වසා දමා එහි... More detail
ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් වෙනම හමුවී සිරිසේන ඊයේ රෑ කළ අමුතු ඉල්ලීම ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් වෙනම හමුවී සිරිසේන ඊයේ රෑ කළ අමුතු ඉල්ලීම 2018-12-14 - එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් පසු ජනාධිපතිවරයා ... More detail
අගමැති අැතුළු අමාත්‍ය මණ්ඩලය අහෝසි ද? නැද්ද? - අදත් තීරණාත්මක තීන්දුවක් 2018-12-14 - අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ කටයුතු වළක්වමින් අභියාචනාධිකරණය දුන් අතුරු ... More detail
යාපා කිව්වේ බොරු - බහුතරය තියෙන කෙනාට අගමැතිකම දෙනවා - සිරිසේන කියලා  යාපා කිව්වේ බොරු - බහුතරය තියෙන කෙනාට අගමැතිකම දෙනවා - සිරිසේන කියලා 2018-12-14 - ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීරණයට එකහෙලා එකඟ බවත් ඒ අනුව පාර්ලිමේන්තුවේ... More detail
තීන්දුවෙන් පස්සේ ට්විටර් ගිණුමේ රනිල් - මෙෙත්‍රී ගැන ලියපු දේ මෙන්න තීන්දුවෙන් පස්සේ ට්විටර් ගිණුමේ රනිල් - මෙෙත්‍රී ගැන ලියපු දේ මෙන්න 2018-12-14 - ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ග... More detail
මහින්දට නැති බහුතරය පෙන්නන්න එස්.බී මන්ත්‍රීවරු 161 සමග සාකච්ජා කරලා මහින්දට නැති බහුතරය පෙන්නන්න එස්.බී මන්ත්‍රීවරු 161 සමග සාකච්ජා කරලා 2018-12-14 - මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලබාගැනීම සඳහා තමා පාර්ලිමේන්තු... More detail
ශ්‍රීලනීපයේ අලුත් මහලේකම් දයාසිරි ශ්‍රීලනීපයේ අලුත් මහලේකම් දයාසිරි 2018-12-14 - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා නව මහ ලේකම්වරයෙකු පත්කිරීමේ සූදානමක් පිළිබඳ ... More detail
රටම ලබා සිටි තීන්දුව - ශ්‍රේෂ්ඨාධිකරණය අවට විශේෂ අාරක්ෂාවක් රටම ලබා සිටි තීන්දුව - ශ්‍රේෂ්ඨාධිකරණය අවට විශේෂ අාරක්ෂාවක් 2018-12-13 - අගවිනිසුරු නලින් පෙරේරා මහතා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින්... More detail
රනිල් සමග කිසිම ගිවිසුමක් නැහැ - බොරු කිව්වොත් නාමල්ගේ ගිවිසුම් ඒළියට දානවා... රනිල් සමග කිසිම ගිවිසුමක් නැහැ - බොරු කිව්වොත් නාමල්ගේ ගිවිසුම් ඒළියට දානවා - TNA අනතුරු අගවයි 2018-12-13 - එක්සත් ජාතික පක්ෂය සමඟ රහස්  ගිවිසුමක් ඇති බවට දිගින් දිගටම චෝදනා කළහොත් ප... More detail
TNA - ඒජාපය වගේ හොර ගිවිසුම් හදලා - අධිකරණ තීරණ හමුවේ යටි යන කුමන්ත්‍රණ ඒළිය  TNA - ඒජාපය වගේ හොර ගිවිසුම් හදලා - අධිකරණ තීරණ හමුවේ යටි යන කුමන්ත්‍රණ ඒළියට 2018-12-13 - ඒක්සත් ජාතික පක්ෂය හා ද්‍රවිඩ සන්ධානය අතර අත්සන් කෙරුණු ගිවිසුමක් අාකාරයේ... More detail
කුමාරසිංහ සිරිසේන ටෙලිකොම් වනසයි කුමාරසිංහ සිරිසේන ටෙලිකොම් වනසයි 2018-12-13 - ජනාධිපති සිරිසේනගේ සහෝදරයා වන කුමාරසිංහ සිරිසේනගේ අත්තනෝමතික පාලනයට එරෙහිව... More detail
ඉල්ලන දෙයක් දෙන්නම් මට සහය දෙන්න - TNA හමුවේ මෙෙත්‍රී වැඳ වැටෙයි ඉල්ලන දෙයක් දෙන්නම් මට සහය දෙන්න - TNA හමුවේ මෙෙත්‍රී වැඳ වැටෙයි 2018-12-13 - ද්‍රවිඩ ජාතික සන්ධානය සහ ජනාධිපති සිරිසේන අතර විශේෂ හමුවක් ඊයේ (12) උදෑසන සිදුව... More detail

 

Gossip

Foreign

හිටපු ජනපති බිරිදට සිර දඩුවම් හිටපු ජනපති බිරිදට සිර දඩුවම් 2018-12-13 - පිලිපීනයේ හිටපු ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාර්කෝස්ගේ 89 හැවිරිදි බිරිය වන ඉමෙල්ඩා... More detail
අාරාධිතයන් ගෙන්න ගුවන් යානා 100ක් - හිලරි ක්ලින්ටන්, බොලිවුඩ් තාරකාවන් ඒන ඉන්... අාරාධිතයන් ගෙන්න ගුවන් යානා 100ක් - හිලරි ක්ලින්ටන්, බොලිවුඩ් තාරකාවන් ඒන ඉන්දියාවේ පළමු ධනවතාගේ දියණියගේ විවාහය 2018-12-11 - ඉන්දියාවේ අවධානය දිනා ගත් බොලිවුඩ් තරු විවාහ දෙකකින් පසු යළිත් නිළියක නොවන... More detail
Huawei ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය අත්අඩංගුවට Huawei ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය  අත්අඩංගුවට 2018-12-06 - චීනයේ ක්‍රියාත්මක ප්‍රධාන දුරකතන සමාගමක් වන හුවාවි ආයතනයේ නිර්මාතෘවරයාගෙ... More detail
යුටියුබ් වැඩිම අාදායම් ලාභියාට අවුරුදු 7යි - අාදායම ඩොලර් මිලියන 22ක් යුටියුබ් වැඩිම අාදායම් ලාභියාට අවුරුදු 7යි - අාදායම ඩොලර් මිලියන 22ක් 2018-12-06 - සෙල්ලම් බඩු පිළිබඳ විචාර ඉදිරිපත් කරන අවුරුදු හතක් වයසැති දරුවෙකු යූටියුබ්හි... More detail
එච්.අයි.වී ආසාදිතයකු බව මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවේදී කියයි එච්.අයි.වී ආසාදිතයකු බව මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවේදී කියයි 2018-11-30 - බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරයකු අද තමන් එච්.අයි.වී ආසාදිතයකු බව... More detail
පකිස්ථානයේ පැවැත්වෙන සාක් සමුළුවට ඉන්දියාව නැහැ පකිස්ථානයේ පැවැත්වෙන සාක් සමුළුවට ඉන්දියාව නැහැ 2018-11-29 - පකිස්ථානයේ පැවැත්වෙන 20 වැනි සාක් සමුළුව සඳහා සහභාගී නොවීමට ඉන්දියාව තීරණය... More detail
අවුරුදු 14ක බාල වයස්කාර දැරියක් දූෂණය කර ඝාතනය කරලා පසුව මළසිරුර සමඟ ලිංගිකව... අවුරුදු 14ක බාල වයස්කාර දැරියක් දූෂණය කර ඝාතනය කරලා පසුව මළසිරුර සමඟ ලිංගිකව එකතු වෙලා 2018-11-28 - 14 හැවිරිදි බාලවයස්කාර දැරියක් දූෂණය කර ඝාතනය කිරීමෙන් අනතුරුව මළ සිරුර සමඟ... More detail