උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් සිය සිංගප්පුරු සංචාරය අතරවාරයේදී බෙහෙවින් අපහසුතාවයට පත්ව සිටි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (12) සවස පැවති ප්‍රවෘත්ති සාකච්ජාව අතරවාරයේදී හෙළිදරව් කළා. මෙහිදී අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ මාධ්‍යවේදීන් විශාල පිරිසක් ඉදිරියේ කිම් ජොංග් උන් අපහසුතාවයට පත්වූ බවත් ද්විපාර්ශවික සාකච්ජා අවසන් වූ විගස ඔහු යලි උතුරු කොරියාව බලා පිටත්ව ගිය බවයි.

මේ අතර උතුරු කොරියානු නායකයා සිය රටේ සිට සිංගප්පුරුව බලා ඒම සඳහා ගුවන් යානා තුනක් යොදා ගෙන තිබුනා. ඉන් ගුවන් යානා දෙකක් සතුරන් නොමග යැවීම සඳහා (Decoy Flights) යොදා ගන්නා ගුවන් යානා ලෙසයි හදුන්වා තිබුනේ. එම ගුවන් යානා 03 වුයේ IL-76, එයාර් චයිනා බොයිං 747 ගුවන් යානාවක් සහ සෝවියට් රුසියාවේ නිෂ්පාදිත Ilyushin IL62 ගුවන් යානාවක් බවයි වාර්තා වන්නේ. 

උතුරු කොරියානු නායකයා සිංගප්පුරුව බලා පැමිණියේ එයාර් චයිනා බොයිං 747 දරණ ගුවන් යානයෙනි. අනෙක් ගුවන් යානා දෙකෙන් එකක් වන  IL-76 දරණ ගුවන් යානය මගින් උතුරු කොරියානු නායකයාගේ නිල රථය, සමුළුව පැවැත්වෙන කාලය තුලදී අවශ්‍ය කරනු ලබන ඔහුගේ ආහාර පාන ද ජංගම වැසිකිලිය රැගෙන පැමිණියා.

උතුරු කොරියානු නායකයාගේ සහෝදරිය සහ අනෙක් උතුරු කොරියානු නියෝජිතයින් රැගත් සෝවියට් රුසියාවේ නිෂ්පාදිත Ilyushin IL62 දරණ ගුවන් යානය සිංගප්පුරුව බලා පැමිණියා.

සාමාන්‍ය වශෙයන් ගත් කළ උතුරු කොරියාවේ සිට සිංගප්පුරුව බලා ඒමට ගුවන් යානයකට පැය 6.5 ක කාලයක් ගත වුවත් උතුරු කොරියානු නායකයා රැගත් ගුවන් යානයට සිංගප්පුරුව බලා ඒමට පැය 10 ක කාලයක් ගතව තිබුනා. එයට හේතුව වී ඇත්තේ උතුරු කොරියානු නායකයා පැමිණියේ චීනය හරහා වෙන්වූ ආරක්‍ෂිත ගුවන් මාර්ගයකින් වීමයි. චීනයේ ආරක්ෂක අංශ උසස් බලධාරියෙක් විදෙස් පුවත් සේවයකට පවසා සිටියේ උතුරු කොරියානු නායකයා සිය රටට ඉහළින් පියාසර කරන විට ඒ වෙනුවෙන් තම රටට සුවිශේෂි වූ ආරක්ෂක උපක්‍රම කිහිපයක් අනුගමනය කිරීමට සිදුවූ බවයි.

මෙම සංචාරය අතර වාරයේදී උතුරු කොරියානු නායකයා සිය ආහාර සඳහා ලබා ගත්තේ ඔහුගේ ආරක්ෂකයින් ගේ අධීක්ෂණය යටතේ පිසන ලද ආහාර වීමද විශේෂත්වයක් ගනු ලැබුවා.

එමෙන්ම ඔහු සිය ශරීර කෘත්‍ය සඳහා භාවිත කිරීම සඳහා ජංගම වැසිකිලියක් රැගෙන විත් තිබුනා. ඒ යම් හෙයකින් හෝ තමාගේ මළමුත්‍රා CIA ඇතුළු විදෙස් රහස් ඔත්තු සේවාවන් අතට පත්වීම වැළැක්වීම සඳහා ඔහු මෙලෙස සිය ආරක්ෂාව වෙනුවෙන් ගනු ලැබූ පියවරක් වුවා. 

මෙලෙස පුද්ගලයෙකු ගෙන් ලබා ගන්නා මළමුත්‍රා වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීම මගින් එම පුද්ගලයාගේ පෙලෙන්නාවූ රෝගාබාධා, ඔහු ප්‍රතිකාර ලබමින් සිටිනවාද යන්න ගැන තොරතුරු අනාවරණය කර ගැනීමට හැකියාවක් තිබෙනවා.

මිට පෙර අවස්ථා කිහිපයකදී මේ අයුරින් විදෙස් සංචාරයන් හිදී රාජ්‍ය නායකයින් ගේ මළමුත්‍රා සාම්පල් ලබා ගත් බුද්ධි අංශ ඒ හරහා තොරතුරු එක් රැස්කර ගත් බවට ඉතිහාසයේ සාක්ෂි තිබෙනවා.

උදාහරණයක් වශයෙන් ගත් කළ සෝවියට් රුසියාවේ නායකයෙක් වන ලේනොයිඩ් බ්රෙස්නව් ප්‍රංශයේ සංචාරයක් නිරත වෙමින් සිටියදී ඔහු නවාතැන් ගෙන සිටි හෝටල් කාමරයේ තිබු වැසිකිලි නලය හරහා රජුගේ මුත්‍රා සාම්පල් ලබා ගෙන ඒවා වෛද්‍ය පරීක්ෂණයට ලක් කළ බව ප්‍රංශයේ හිටපු බුද්ධි අංශ ප්‍රධානි ඇලේක්සන්ඩර් ඩි මැරෙන්චස් පුවත්පතකට පවසා තිබුනා.

උතුරු කොරියානු නායකයා මෙලෙස තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වෙහෙස වන්නේ ඔහුව කුමන මොහොතක හෝ ඝාතනය කරනු ඇති බවට විශ්වාසයක් ඔහු තුල පවතින නිසාවෙන් බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට හින්දු කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමැති ලෙස ඉස්ලාම් ආගමිකයෙකු පත් කලේ මෙම යහපාලනය වීම දැඩි කණගාටුවට කරුණක් බව ශ්‍රී ටෙලෝ පක්ෂයේ මහ ලේකම් පි. උදයරාසා පවසා ඇත. වන්නි දිස්ත්‍රික් පා. මන්ත්‍රි කාදර් මස්තාන්ට ඊයේ (12) හින්දු කටයුතු නියෝජ්‍ය ඇමැති ධුරය ලබාදීමට විරෝධය පල කරමින් උදයරාසා විසින් නිකුත් කර ඇති නිවේද‍නයේ ඉහත ආකාරයෙන් පවසා ඇත. ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාවගේ ඡන්දයෙන් පදවියට පත් ජනාධිපති මෙසේ කටයුතු කිරීම නිසා හින්දු ජනතාව තුල ජනාධිපති කෙරෙහි තිබු ගෞරවය හීන වී ගොස් ඇත. එසේම මෙය ජනාධිපති කල්පනා නොකර කල ක්‍රියාවක්ද යන ප්‍රශ්ණාර්ථය මතු වි ඇත. එම නිසා අතිගරු ජනාධිපති තුමා මෙම කරුණ සම්බන්ධයෙන් නැවත සලකා බැලිය යුතු බවට කරුණාවෙන් ඉල්ලා සිටින්නෙමු. යනුවෙන් එම නිවේදනයෙන් පවසා ඇත.

 


Latest News

මෛත්‍රී - ගෝඨා මරන්න ආවේ රෝ ඔත්තුකරුවෙක් - මෙන්න ඇත්ත කතාව මෛත්‍රී - ගෝඨා මරන්න ආවේ රෝ ඔත්තුකරුවෙක් - මෙන්න ඇත්ත කතාව 2018-10-20 - ‍ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය ර... More detail
කොඩියාගේ විචාරයට අධ්‍යක්ෂකගෙන් මරණ තර්ජන - හර්ෂ උඩකන්ද දුන්න උත්තරය මෙන්න කොඩියාගේ විචාරයට අධ්‍යක්ෂකගෙන් මරණ තර්ජන - හර්ෂ උඩකන්ද දුන්න උත්තරය මෙන්න 2018-10-20 - කොළඹ සන්නිය චිත්‍රපටය ගැන විචාරයක් ඉදිරිපත් කර තිබූ ප්‍රියන්ත කොඩිප්පිලි... More detail
“නළු නිළියන් ජනප්‍රිය වුණේ නාට්‍ය නිසා“ - ගමේ ගිය සමල්කා දෙවැනි ඉනීමෙන් සමුගනී... “නළු නිළියන් ජනප්‍රිය වුණේ නාට්‍ය නිසා“ - ගමේ ගිය සමල්කා දෙවැනි ඉනීමෙන් සමුගනී - කතාවේ ඉදිරියට වෙන දේ අධ්‍යක්ෂක කියයි 2018-10-19 - කාලයක් තිස්සේ ප්‍රේක්ෂකයන් ආදරය කරන ජනප්‍රිය ටෙලි නාට්‍යයක් තමයි දෙවෙනි ඉනිම... More detail
කාන්තා විස්සයි 20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා පිල මෙන්න කාන්තා විස්සයි 20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා පිල මෙන්න 2018-10-19 - බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදි එළැඹෙන මස 09 සිට 24 දක්වා පැවැත්වීමට නියමිත කාන්තා... More detail
මම ප්‍රජාතන්ත්‍රවාදී මුර දේවතාවෙක් - ඕනේ නම් ද්විත්ව පුරවැසිභාවය අහෝසි කර... මම ප්‍රජාතන්ත්‍රවාදී මුර දේවතාවෙක් - ඕනේ නම්  ද්විත්ව පුරවැසිභාවය අහෝසි කරගන්නම් - ගෝඨා කියපු කතාව 2018-10-19 - තමනට අවශ්‍යතාවයක් වූවහොත් ද්විත්ව පුරවැසිභාවය අහෝසි කර ගැනීමට සූදානම් බව... More detail
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීට අත්අඩංගුවට ගැනීමට පියවර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීට අත්අඩංගුවට ගැනීමට පියවර 2018-10-19 - ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවින්ද්‍ර විජේගුණවර්ධන ඉදිරි සතිය තුළ අපරාධ පරී... More detail
සිරකරුවන් සිය ගණනක් ඉදිරිපිට නිරුවත් කලා - ජොන්ස්ටන් කියන ආන්දෝලනාත්මක විඩ සිරකරුවන් සිය ගණනක් ඉදිරිපිට නිරුවත් කලා - ජොන්ස්ටන් කියන ආන්දෝලනාත්මක විඩියෝව 2018-10-19 - තමන් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි කාලය තුලදී මූලික මිනිස් අයිතිවාසිකම් පවා... More detail
අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ අවසන් වාර්තාව එළියට - දැවැන්තයන් කිහිප දෙනෙකුටම තරග...  අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ අවසන් වාර්තාව එළියට - දැවැන්තයන් කිහිප දෙනෙකුටම තරග පාවාදීම් 2018-10-19 - ශ්‍රී ලංකාවට පැමිණ සති තුනක පමණ කාලයක් විමර්ශන කටයුතුවල නිරතවූ ඇලෙක්ස් මාෂල්... More detail
මෛත්‍රී ඉන්දියාව සමග පටලවන්න රනිල්ගෙන් කුමන්ත්‍ර‍ණයක් මෛත්‍රී ඉන්දියාව සමග පටලවන්න රනිල්ගෙන් කුමන්ත්‍ර‍ණයක් 2018-10-19 - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා (16) පැවති කැබිනට් රැස්වීමේ දී ඉන්දියාව... More detail
ගෝඨා විශේෂ මහාධිකරණයට ගෝඨා විශේෂ මහාධිකරණයට 2018-10-19 - හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව විශේෂ මහාධිකරණ නඩු විභාගයක් අද (19)... More detail
මේ වසරේදී පූජිත මිලියන 63ක් තෑගි දීලා මේ වසරේදී පූජිත මිලියන 63ක් තෑගි දීලා 2018-10-19 - නීතිය ක්‍රියාත්මක කිරීමේදී දක්ෂතා දැක්වූ පොලිස් නිලධාරීන්ට හා සහයෝගය දැක්වූ... More detail
කැබිනට් මණ්ඩලයේ ඉන්නත් ලැජ්ජයි කැබිනට් මණ්ඩලයේ ඉන්නත් ලැජ්ජයි 2018-10-19 - කැබිනට් මණ්ඩලය තුළ කතාබහ නොකරන දේවල් විවිධ අන්දමින් නිර්මාණය කර එළියට ලබාදෙන... More detail
ජනපති කිව්වත් BOC - මහජන බැංකුව - BOI අධ්‍යක්ෂකවරු යන්න බැහැ කියයි ජනපති කිව්වත් BOC - මහජන බැංකුව - BOI අධ්‍යක්ෂකවරු යන්න බැහැ කියයි 2018-10-19 - මහජන බැංකුව , ලංකා බැංකුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යන අයතනවල සභාපතිවරුන් හා... More detail
පාසල් යන්න ඇවිත් පෙම්වතියගේ නිවසේ පෙම් සුව විඳලා පියාටත් ගහලා පෙම්වතිය අරන්... පාසල් යන්න ඇවිත් පෙම්වතියගේ නිවසේ පෙම් සුව විඳලා පියාටත් ගහලා පෙම්වතිය අරන් ගිහින් 2018-10-18 - පාසල් යන මුවාවෙන් නිවසින් පිටව ගොස්‌ ඇති සිසුවියන් දෙදෙනකු පාසල් වියේ පෙම... More detail
තාත්තා නැතිව අම්මා රට ගිහින් ආච්චි ළග තනි වුණු සිසුවිය වසර ගණනක් සිට මාමා අතින්... තාත්තා නැතිව අම්මා රට ගිහින් ආච්චි ළග තනි වුණු සිසුවිය වසර ගණනක් සිට මාමා අතින් දුෂණය වෙලා 2018-10-18 - මිත්තනියගේ රැකවරණය යටතේ සිටි වයස අවුරුදු 14 ක දියණියක් සිය මාමා විසින් අපයෝ... More detail
මෛත්‍රී - රනිල් අවුල ලෙහන්න මහින්ද සමරසිංහ මැදිහත් වෙයි - වැරදි බාරගනී මෛත්‍රී - රනිල් අවුල ලෙහන්න මහින්ද සමරසිංහ මැදිහත් වෙයි - වැරදි බාරගනී 2018-10-18 - කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා කැ... More detail

 

Gossip

Foreign

මියුසික් විඩියෝවට මෙලනියා ට්‍ර‍ම්ප් නිරුවත් වෙයිද? - ලොවම මවිත වෙයි මියුසික් විඩියෝවට මෙලනියා ට්‍ර‍ම්ප් නිරුවත් වෙයිද? - ලොවම මවිත වෙයි 2018-10-18 - T.I. නැතහොත් Clifford Harris කියන්නේ බටහිර සංගීතයේ ඉන්න දැවැන්ත චරිතයක්. More detail
මයික්‍රෝසොෆ්ට් සම නිර්මාතෘ පෝල් ඇලන් ජිවිතයෙන් සමුගනී මයික්‍රෝසොෆ්ට් සම නිර්මාතෘ පෝල් ඇලන් ජිවිතයෙන් සමුගනී 2018-10-17 - මයික්‍රෝසොෆ්ට් සම නිර්මාතෘ වන පෝල් ඇලන් පසුගිය සදුදා (15) මිය ගිය බව විදෙස් ව... More detail
හැරී සහ මේගන් දරු සුරතල් බලන්න සුදානමින් හැරී සහ මේගන් දරු සුරතල් බලන්න සුදානමින් 2018-10-16 - මහා බ්‍රිතාන්‍යයේ සසෙක්ස් හි ආදිපාදවරිය හෙවත් මේගන් මර්කල් කුමරිය ලබන වසරේ... More detail
27 වෙනි තට්ටුවෙන් පහතට ඇද වැටී මියගිය සුරුපිණිය (PHOTOS/VIDEO) 27 වෙනි තට්ටුවෙන් පහතට ඇද වැටී මියගිය සුරුපිණිය (PHOTOS/VIDEO) 2018-10-15 - සෙල්ෆි ජායාරුපයක් ගැනීමට උත්සහ කළ 27 හැවිරිදි තරුණ කාන්තාවක් සුපිරි මහල් නිවාස... More detail
ට්‍රම්ප් අතහැර මෙලනියා ගිය ගමන ට්‍රම්ප් අතහැර මෙලනියා ගිය ගමන 2018-10-11 - ඇමෙරිකා ජනාධිපති ආර්යාව අප්‍රිකා රටවල නිල සංචාරයක යෙදී තිබෙනවා. More detail
ඉන්දියාවේ දුමිරිය අනතුරින් පුද්ගලයින් හතක් මරුට ඉන්දියාවේ දුමිරිය අනතුරින් පුද්ගලයින් හතක් මරුට 2018-10-10 - ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින්... More detail
ලෝකයේ පළමු වරට සියදිවි නසාගැනීම් වළක්වාලීමේ අමාත්‍ය ධුරයක් ලෝකයේ පළමු වරට සියදිවි නසාගැනීම් වළක්වාලීමේ අමාත්‍ය ධුරයක් 2018-10-10 - දිනෙන් දින ඉහළ යමින් තිබෙන සියදිවි නසා ගැනීමේ ප්‍රවනතාවය වලක්වා ගැනීම සදහා... More detail