ඇමරිකාවේ කැලිෆෝනියාහි සැන් බෘනොහි පිහිටි සුපුසිද්ධ ගුගල් සමාගමට අයත් යු ටියුබ් මුලස්ථානයේ තමන්ට එල්ල කරගත් වෙඩි තැබීමකින් කාන්තාවක මියගොස් තිදෙනෙකු තුවාල ලබා තිබේ.
මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ ඇමරිකාවේ වේලාවෙන් දහවල් 12.40 ට පමණ එම කාර්යාලයේ දිවා විවේකය පැවති අවස්ථාවේ දිය.
කාර්යාලය තුළ පිහිටා තිබෙන බාහිර අයටද ඇතුළු විය හැකි ආපන ශාලාවේදි මෙම වෙඩි තැබීම සිදු කර ඇත.
ඇයත් යුටියුබ්හි සේවය කරන ඇගේ පෙම්වතාත් අතර පැවති ආරවුලක් මත මෙම මරා ගෙන මැරෙන වෙඩි තැබිම සිදු කරන්නට ඇති බවට පොලිසිය සැක කරන අතර මෙම වෙඩි නැබීම නිසා පෙම්වතාට ද දරුනු ලෙස තුවාල සිදුව තිබේ.
ඇය එතැනම මිය ගොස් ඇති අතර වෙඩි තැබිමෙන් බේරන්නට ගිය තවත් 2 නෙකුව සුළු තුවාලද සිදුව තිබෙනවා.
සිද්ධිය පුද්ගලික ආරවුලක් පමණක් බවත් ත්රස්ත ක්රියාවලියකට සම්බන්ධ නැති බවත් පොලිසිය පවසා ඇත.