ඩොනල්ඩ් සහ මෙලනියා යුවළ විවාහ වෙලා තියෙන්නේ 2005 වසරේ ජනවාරි 22 වෙනිදා.
මේ ගත වෙන්නේ ඔවුන්ගේ විවාහයේ 13 වෙනි අවුරුද්ද. 13 වනෙි විවාහ සංවත්සරය යෙදිලා තියෙන සතියේම ඩොනල්ට් ට්‍රම්ප්ට World Economic Forum එකට සහභාගී වෙන්න ස්විස්ටර්ලන්තයට යන්න සිදු වෙලා තියෙනවා.
ඔහුත් එක්ක ඒ ගමන යන්න මෙලනියාත් තීරණය කරලා තිබුණේ ලෝකයා මොනවා නොකියයිද කියන සිතුවිල්ලෙන් නමුත් අවසානයේ ඇය මේ ගමන ප්‍රතික්ෂේප කරලා. ඒකට හේතුව තමයි මේ කියන කාල වකවානුවෙම ස්ටෙෆනි ක්ලිෆර්ඩ් කියන නිල් චිත්‍රපට නිළියත් ස්විස්ටර්ලන්තයට යාම.
ස්ටෙෆනි කියන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දීර්ඝකාලීන පෙම්වතියක් බව නොදන්න කෙනෙක් නැහැ. මෙලනියා එක්ක විවාහය සිදු වෙන්න කලින් ඉදලාම ඩොනල්ඩ් ස්ටෙෆනි සම්බන්ධයක් පැවතුණා. කොහොම වුනත් ඩොනල්ඩ් මෙලනියා විවාහ සංවත්සරය ඩොනල්ඩ් ස්ටෙෆනි දෙදෙනා ස්විස්ටර්ලන්තයේදී සමරනු ඇති බව විදේස් මාධ්‍ය වාර්තා කරලා තියෙනවා.