මුදලට හැමදේම විකිණෙන අද කාලේ අදහාගන්න බැරි දේවලුත් සිද්ධ වෙනවා.

පුංචි කාලේ ඉඳන් තමන් ආදරයෙන් හදපු දියණියව මව්පියන් විසින්ම පොලකට ගෙනත් විකුණනවා කිව්වොත් ඒක විශ්වාස කරන්න පුළුවන් ද?.

ඇත්තටම එහෙම දෙයක් සිද්ධ වෙනවා.

මේ අමුතුම පොල තියෙන්නේ බල්ගේරියාවේ ‘Stara Zagora’ නම් ප්‍රදේශයේයි.

සෑම වසර 04කට වරක්ම පැවැත්වෙන මෙය වඩාත් ප්‍රචලිත වන්නේ roma bride market ලෙසයි.

නව යොවුන් වියට පා තැබුවට පස්සේ ගැහැණු දරුවන් සිය දෙමාපියන් විසින් එම පොලට කැදවා ඔවුන්ව ගැනුම්කරුවන් සඳහා විකුණනු ලබන බවයි වාර්තා වෙන්නේ.