මීට බොහෝ කලකට පෙර ලෝක රූ රැජිණ ලෙසින් කිරුළු පැලඳි අයිශ්වර්යා රායි තවමත් සුන්දරත්වයෙන් ප්‍රමුඛ ස්ථානය දිනා සිටිනා සුරුපිණියක්.

නමුත් වසර කිහිපයකට පෙර සිය දරු උපතත් සමඟ ඇයගේ ශරීරය විශාල ලෙස මහත් වී තිබුණා.

නැවතත් රංගන ක්ෂේත්‍රයට පිවිසී සිටින ඇය සිරුර කෙට්ටු කරගැනීමට කටයුතු කරනමින් සිටිනවා.

අයිශ්වර්යාගේ මෙම සිරුර කෙට්ටු කරගැනීමේ රහස හෙළිකර ගන්නට බොලිවුඩ් පැපරාසීන් සමත් ව සිටින බව වාර්තා වනවා.

කේරළයෙන් ගෙනෙන පාරම්පරික ඖෂධ වට්ටෝරුවක් නිසා ඇය සිරුර හැඩකරගන්නා බවයි ඔවුන් පවසන්නේ.

ප්‍රසිද්ධ පාරම්පරික ඖෂධයක් වන සමාගමකින් ඒවා ඇණවුම් කර තැපෑලෙන් ගෙන්වා ගන්නා බවට තැපැල්කරුවන් සාක්ෂි සපයන බවත් පැපරාසීන් වාර්තා කරනවා.

මෑත මාස කිහිපයක සිටම සෑම මසකට වරක්ම අයිශ්වර්යාගේ ගෙදරට මෙම ඖෂධ පාර්සලය ලැබෙන බවත් සඳහන්.