අවුරුද්දක් පාසා අවුරුදු කුමරියක් වෙන්න හැමෝටම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. නමුත් එම අවස්ථාව හිමි කරගන්න බුද්ධිට නම් හැකියාවක් ලැබිලා තියෙනවා. මේ වන විට නිරූපණ ශිල්පිනියක් ලෙසින් කටයුතු කරන බුද්ධි ජයවර්ධන ශ්‍රී ලංකා නිව්ස් වලට අදහස් දැක්වුයේ මෙලෙසිනි. 

"මම 2012 අවුරුද්දේ සියත මිස් ශ්‍රී ලංකා අවසාන 12 දෙනා අතරට තේරුණා. එතැනදී තමයි මට රොසෑන් අක්කිව හම්බ වෙන්නේ. ඉන් පස්සේ මට අවස්ථාව ලැබෙනවා මේ ක්ෂේත්‍රයට යොමු වෙන්න. මේ වෙද්දී අවුරුදු 3ක් මම ක්ෂේත්‍රයට එකතු වෙලා. 2014 වසරේ නෙත් FM  අවුරුදු කුමරිය වෙන මම 2015 අවුරුද්දේ ITN  අවුරුදු කුමරිය ලෙස කිරුළු පළදිනවා. ගිය අවුරුද්දේ (2016) දෙරණ අවුරුදු කුමරිය විදියට තේරෙන්නෙත් මමයි. මේ වසරේ "Miss Eco International -2017" ලෙස ජයග්‍රහණය ලබන්නටත් මට හැකියාවක් ලැබෙනවා. 

"තවම අධ්‍යාපන කටයුතු හදාරන නිසා කලා කටයුතු වලට දායක වෙන්න ඉඩකඩ ප්‍රමාණවත් නැහැ. මේ වෙනකොට මම ව්‍යාපාර කළමනාකරණ අංශයෙන් අධ්‍යාපනය ලබමින් ඉන්නේ. නිරූපණ කටයුතු වලට අමතරව මියුසික් වීඩියෝ සහ වෙළද දැන්වීම් කිහිපයකටම මම දායක වෙලා තියෙනවා. අධ්‍යාපන් කටයුතු අවසන් වූ පසු කලාවට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. දැනට නම් තියෙන කාලය මදි." 

 සුනෙත් බ්‍රයිඩ්ල්ස් වෙතින් හැඩගැන් වූ ඉමේෂ් නුවන්දිකගේ කැමරා කාචයේ සටහන් වූ බුද්ධිගේ ජායා රූ සියල්ල පහතින් නරඹන්න.