එක්සත් ජාතික පක්ෂය තුළ නව නායකත්වයක් ගොඩනැංවීම සඳහා තිස්සමහාරාම මැණික් විහාරයේ සිට කෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානය දක්වා හම්බන්තොට දිස්ත්‍රික්කයේ දහස් සංඛ්‍යාත ජනතාවගේ සහභාගිත්වයෙන් පාගමනක් ඉදිරි දෙසතිය ඇතුළත පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව දකුණු පළාත් සභා හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රි ටී.වී.කේ. ගාමිණී පවසයි.

ගාල්ල කලේගානේ පිහිටි දකුණු පළාත් සභා සංකීර්ණයේදී ඊයේ මාධ්‍යයට අදහස් දක්වමින් මන්ත්‍රිවරයා එසේ පැවැසීය.

පක්ෂයේ නව නායකත්වය ගොඩනැංවීම සඳහා වූ මේ දැවැන්ත පාගමනට ශ්‍රී ලංකාවේ අනිකුත් පළාත් සභාවල බහුතර එජාප මන්ත්‍රි සංඛ්‍යාවක්ද සහභාගි කරවීමට නියමිත බව ඔහු වැඩිදුරටත් පැවැසීය.